Tuesday, May 18, 2010

මිහි බට දෙව් දූ නොදු‍ටුවෙ නම්......


මට ඉන්නෙ එක ම එක මල්ලියෙක් විතරයි.. මල්ලිටත් තාත්තටත් අම්මට වඩා සමීප නිසා ද මන්ද මගේ ලෝකෙ යෙහෙළියන් හිටියෙ අතලොස්සයි...දෙදෙනෙක් මා එක්ක හිටියෙ ජපානෙදි... අනිත් කෙනා ලංකාවෙදි...
ඇය අක්කා කෙනෙක්..
ඉස්සෙල්ල ම සොයුරියකගෙ සෙනෙහස මගෙ හිතට දැනෙන විදියට ගෙනාවෙ ඇය...
ඇය මගේ 'තරු' අක්ක...

කොහොම ඇය මගේ ජීවිතයට ඇතුලු වුනාද කියල නම් මතක නෑ....ඒ කාලෙ මම සැලකිලිමත් නොවුන නිසා වෙන්න ඇති ඇය ගැන..

ඒත් ඇය ටිකින් ටික ළං වෙද්දි නම් සොයුරියක් මොන තරම් නම් සොඳුරුද කියල ඇය මට තේරුම් කරල දුන්න,

සොයුරියක මොන තරම් සම්පතක්ද කියල මට ඉගැන්නුව....

ඈ සමග මා ඇගේ නිවසේ ගතකළ දිනවල ඇය මා ඇහැරවන්නෙ උදේට නැගිටල උයල කෑමත් බෙදල ඉවර වෙලා... මෙ වර ගත කළ මාසෙක නිවාඩුවෙ ඇය ළඟ ගතකළ දිනයෙදි ත් ඇය එසේමයි...

මම ලංකාවෙන් එන දවසෙ ගෙදර ඇවිත් මා සමග හිටියෙත් ඇයමයි....

ආපහු ගිහින් ඈ බලන්න ගියාම ඒ සෙනෙහසින් ම බාර අරගෙන, අවුරුද්දක් ම තනියම මෙහේ ඉඳල තනියම ම ලංකාවට ත් ගිය මට තනියම මරදාන දුම්රියපළ ට ගිහින් ඇය දවසේ වැඩ නිම වෙලා එනතුරු විනාඩි කීපයක් පරෙස්සමින් ඉන්න බැරි වෙයි කියල තිස්සෙම දුර ඇමතුම් දිදී බැලුවෙත් ඇයමයි..

මට දැනුත් ඇය ගැන දැනෙන හැඟීම පැහැදිලිව අකුරු කරන්න බැරිත් ඒකයි....

තරු අක්කෙ... ඔයා නැති අඩුව මට දැනෙනව...තාමත්....

ඒත්........

තරු අක්කෙ, ඔයා කියා දුන් පාඩම මම දැන් ඉගෙනගෙන...හොඳට ම ...
සොයුරියක් අතිශයින්ම සොඳුරු බව....

මට දැන් හිතෙන්නෙ දෙවියන් විසින් මට නුදුන් නමුත් වාසනාවන්ත නැගණියනට
ඔවුන් වෙනුවෙන්ම දුන් දෙව් දූවරුන් සොයුරියන් ලෙසින් පෙනී සිටිනව කියලා..

මිහි බට දෙව් දූ
නොදු‍ටුවෙ නම්......
දකින්න ඈ
සොයුරියක ලෙසින්....
දයාව සෙනෙහස
එක ලෙස කැටි කර
මැවීය ඈ හද
මුදු විලසින්...

මගේම සොයුරිය
ලෙස ලැබගන්නට
පින් මද නැගණිය
මා......

පෙරුම් පුරන්නම්
මතු අත්බවයක
ලබන්න මා
සොයුරිය විලසින්..
ඔබෙ සෙනෙහස
පිය සටහන් මා හද
එතෙක් ‍රැඳේ
ඔබ මගේ ලෙසින්..

.....................................................................................
සොයුරියක් අතිශයින් ම සොඳුරු බව මට නිමන්ති අක්ක මේ ළඟදි මතක කරල දුන්නනෙ..

ඒ වගෙම මට හැම වෙලෙම තරු අක්කව මතක් කරවන 'වත් අක්ක' දැන් සතුටින්..

දිලුත් මේ දවස්වල සොඳුරුම මතක අහුලනව අතීතයෙන්..

ඒ අතරෙ තවත් නංගෙක් ජීවිතේට ඇවිත්...මගේම ඇරයුමින්...

තවත් සොයුරියක් මට බොහෝ සමානවීම නිසා සැකය, ප්‍රශ්න, හිත රිදවීමුත් එක්ක ම සෙනෙහසත් අරගෙන නොහිතුව මොහොතක ආව..මුලින් අකමැත්තෙන් වුනත් වාසනාවකට කිසිවිටක ඇගෙ හිත නොරිදවමින්...දැන් නම් කැමැත්තෙන්ම හා බොහෝ සෙනෙහසින් ම, කොන්දේසි විරහිතව ම ඇගේ මාත්තරා නැති තාත්වික සෙනෙහසත් මම මගේ ලෝකෙට බාර අරන්..

ආදරණීය විශ්මි නංගි, මේ සොයුරියන් අතරෙ ඔයත් මගෙ හිතේ ‍රැඳිල ම ඉන්නව.. ටිකක් දවසකින් නම් නොදැක්කත්...

මොන දේ වුනත් කිසිම සොයුරියක් හිත රිදෙව්වෙ නම් නෑ, ඒ හින්දම තමයි අද බ්ලොග් අවකාශයෙ සොයුරියන් ගැන මේ පසු සටහන තිබ්බෙත්...

ඉතින් මේ සටහන සොයුරියන් ලබන්න පින් නොකළ මට ආදරණීය සොයුරියන් වුණු ඒ මිහිබට දෙව්ලිය වෙනුවෙන්..


Photo:http://i143.photobucket.com/albums/r140/momoftobus/Fairy/fairies-6.jpg

37 comments:

  1. ජීවිතය සුන්දරයි! අගනා සටහනක්.

    ReplyDelete
  2. හිතට දයාබර සොයුරියක් කොයි තරම් වටිනවද කියලා මම තරම් දන්න තවත් කෙනෙක් නැතිව ඇති චේජානා...මගෙ දයාබර මිනූ නංගාත් මාත් අතරෙ තියෙන්නේ ඒ වගේ පුදුමාකාර බැදීමක්.තරු අක්ක ඔයාව බාලාගත්තා වගේම තමා මම මගෙ මිනූ නංගව බලාගත්තෙ. හරියම අවුරුදු 12ක්...දුකේදි..සතුටෙදී අපි අපි දෙන්නට මොන තරම් ඕනෙද කියලා දැනුන තරම් .....

    ස්තුතියි චේජානා...තරු අක්කගෙ මතකය තුලින් අපි ගැනත් සටහනක් තැබුවට

    ReplyDelete
  3. "මොන දේ වුනත් කිසිම සොයුරියක් හිත රිදෙව්වෙ නම් නෑ"

    ලොකුඅයියේ...
    මෙන්න මෙයා අපිට ඒව මේව කියනවා..

    ReplyDelete
  4. @ යෝගී: මොනවා කලත් මල්ලියේ අපට ඔච්චර තමා...

    @චේජනා: නංගියේ අද පොස්ට් එක ඇහැට කඳුලක් ගෙනාවා....

    ReplyDelete
  5. චේජනා නංඟා .....
    ඔයා කොච්චර කිවත් මම නම් ඔච්චර හොඳ කෙනෙක් වෙන්න බැහැ. ඔයාගේ තරු අක්කා හරිම වාසනාවන්තයි...

    සකුරා මල් සුදු පාටින් දිලිසෙන්නෙ ඇයි කියල හොයා ගන්න නොරිකොටත් පුලුවන් වුනේ පහු වෙලා....

    මටත් හැමදෙයක්ම තේරුම් ගන්න ගොඩක් කල් යනවා.

    මගේ පුංචිම නඟා 21 වෙනිදට වෙන කූඩුවක් හදා ගෙන යනව. එයාගේ හිතේ වත් මට මේ වගේ ආදරයක් නැතැව ඇති.

    ආදරේ කරන අය මුණගැහෙන කොට පරණ ආදරේ කරපු අය අමතක වෙනව ඇති නේද..

    කැළුම් විදා කඳුළින් බර නිල් දෑසේ
    යොමා සවන් නිකලැල් හඬ අසනා යාමේ
    නැග‍ණියෙ නුඹේ දිවි මඟ සුවඳින් නැහැවේ..
    නොහඩන් නැඟනි සැමදා ඔබ හා යාවේ ..

    ReplyDelete
  6. ගල්මල් අය්යෙ.. සුන්දරම බැඳීම් අතරෙ ජීවිතය සුන්දරයි..

    දිල්, තරු අක්කගෙ මතකය අලුත් කරල මේ සටහන තියන්න හේතු වුනේ දුකට සතුටට සංවේදී බ්ලොග් අවකාශයෙ සොයුරු සොයුරියන් ම තමා...
    ඔයා නම් මිනු නංගට හොඳ අක්ක කෙනෙක් වෙන්න ඇති කියල මමත් හිතනව..මොකද ඔයා ලියන දේවල්වල මිනු නංගට තියෙන ආදරේ තැවරිල තියෙනව කියල මට දැනෙන නිසා.

    ReplyDelete
  7. යෝගි,
    ඔයාටයි අය්යටයි නම් මම මුකුත්ම කිව්වෙ නෑ මේකෙන්..දෙන්න ම එකතු වෙලා දුක බෙදා ගත්තට..ඔයාල දෙන්නට ම මම මුකුත් කියන්නෙත් නැති නිසා 'කිව්ව කියල හිතාගන්නකො..'

    අය්යෙ, ඔයා නම් කාලෙකින් ආපහු 'Back to Earth'

    ReplyDelete
  8. වත් අක්කෙ,

    තමන්ගෙම සොයුරියකට කොහොමත් ආදරෙයි නෙ.. ඒ හින්දා ඒක වැඩිය අගයක් නැතිව ඇති.. ඒත් ඉතින් මම දන්නවනෙ මට ලැබෙන්නෙ තරු අක්කගෙ කරුණාවන්තකම නිසා ම විතරක් ලැබෙන ආදරයක් කියල..ඒ හින්ද වෙන්න ඇති මම එයාට ගොඩක් ආදරේ..

    අනික මට තවත් සොයුරියන්ට ආදරේ හිතෙන විදියෙ හරි පුදුම හැඟීමක් තරු අක්ක දුන්නෙ... ඒක එයාට විතරක් තියෙන ආදරේකුත් නොවෙන විදියට.. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ..

    මේක එයා කියෙව්ව නම් එහෙම එයත් කියයි මේ කියන තරම් නම් දෙයක් එයා කලෙ නෑ කියල... ඒ ඉතින් අක්කලගෙ හැටි නෙ..ඔය දෙන්නගෙ තව සමානකමක් තමයි ඔය..:)

    ආදරේ කරන අය මුණ ගැහෙනකොට පරණ ආදරේ කරපු අය අමතක වෙන එක මට නම් කවදාවත් වෙන්නෙ නෑ අක්කෙ...එයාල මතකෙ ඉ‍ඳෙද්දිම තමයි තව අය එන්නෙත්..මම තාමත් තරු අක්කට ඉස්සර ආදරෙන්ම කතා කරනව..ඒක නෙ අවුරුද්දක් ඉඳල මාසෙකට ගෙදර ගිහිනුත් දවසක් තරු අක්ක බලන්න ගියේ..

    ReplyDelete
  9. හුඟාක් ළඟදි ඔයාලට එකතු උනු මාව සෙනෙහසේ මේ සටහනට එක් කර ගන්න තරම් සිතක් ඔයාට තිබීම ගැනත්, සීමා මායිම් නැති මේ සෙනෙහස මටත් බෙදුවාටත් මට සතු‍ටුයි. සටහන මගේම සොයුරිය ලිව්වා වගේ.

    ReplyDelete
  10. ඒක තමා නෙතු..
    ඔයාල දෙතුන් දෙනෙකුට විතරක් බෙදුවාට අපිට කෝම වාවන්නද ...

    ReplyDelete
  11. නෙතු, පුංචි දවසක් ඇතුලත වුණත් ඔයත් මගෙ ලෝකෙට ඇවිල්ල නෙ..සටහන නම් ඉතින් ඔයාගෙ සොයුරි ලිව්ව වගෙම ඇති..ලියන දේවල් සමාන වුණ නිසා නෙ ඔයා මගෙ ලෝකෙට ටිකක් කලින්ම ආවෙ..

    ReplyDelete
  12. අනේ යෝගි කොහොම හරි වාවන්න... වෙන මොනා කරන්නද... ඔයා සොයුරියක් නෙවේ නෙ ඔයාටත් බෙදන්න..

    ReplyDelete
  13. එකම ලිපිය තුන හතරට කඩාගෙන
    කොටහක් නොකා තව කාටද තබාගෙන
    උන් චේජනා සකුරාමල් විලාසෙන
    එක නඩයකට ඇයි තනියෙං බෙදාගෙන

    වැඩක් නෑ නංගී.. සහෝදර කමට ඇහුවේ...
    දැං ඉතිං වෙන අතක් බලාගන්නවා.
    මොකටද ආයෙ.

    ReplyDelete
  14. එකම ලිපිය මට මේ ගෙන ආව වදේ
    සොයුරන් දෙදෙන මැද මම තනිවයි ඇත්තේ
    දෙදෙනා එක්ව මට රිදවන මේ යුද්දේ
    ඉවර කරනටයි අද මම අර ඇන්දේ

    ReplyDelete
  15. බර උස්සලා ලොක්කයියා පණ ඇද්දේ
    මේකී ඉඳං තව පැත්තක මර යුද්දේ
    අයියත් නැතිය අක්කත් නැත අද සද්දේ
    යෝගී මැතිඳු අද තනියම වෙල මැද්දේ

    ReplyDelete
  16. යෝගි මැතිඳු වෙල මැද්දේ ඇයි ඉන්නේ
    වහින විටදි හෙණ ගහන්ට ඉඩ ඇත්තේ
    අක්කා අය්ය දෙන්නම අද මගෙ පැත්තේ
    යන එක හොඳයි පරදියි මේ මරයුද්දේ

    ReplyDelete
  17. අයියා නැත ලොවෙත් දැං ඌ පන අදිතී
    ග්ලූකෝස් සමඟ වෙනිවැල්ගැට එකට බොතී
    උත්තර නොදී උන්නත් උඹ ගැනම සිතී
    අක්කා ‍උඹේ මායං වල නොරැවටෙතී

    ReplyDelete
  18. සෝයුරියනට මායම් නෑ මගේ ලඟ
    ඒ සෙනෙහස සොඳුරු, අගයමි නැවත මම
    මායම් දුන්නෙ අය්යයි මල්ලියි දෙදෙන
    දැන් එහි පලද ඒ දෙන්න ම යළි විඳින

    ReplyDelete
  19. බොරු කෝටියක් කියවා මේ හැමෝටම
    බලනුව එකෙක් රැවටෙන්නේ නැති අරුම
    මේවා කියෝලා හිත උණු වෙන තරම
    බොරුවට මටත් ඇඬුනා ලිපියක මහිම

    ReplyDelete
  20. බොරුවට අඬන්නට උඹ දැන් බබෙක්ද
    ඔය ඇඬුවෙ නම් හිත ඇතුලේ ඇති දුකට
    ඉ‍ඳෙද්දි අගේ නැති සොයුරියකගෙ මහිම
    දැන් දැනෙනවද ඈ නැතිවූ කල අරුම

    ReplyDelete
  21. මටත් අක්ක කෙනෙක් හිටිය නම්... කියන හැඟීම මට අනන්තවත් ඇතිවෙලා තියෙනවා...
    ඒ පැතුම ඉටුවුණේ අහම්බයකින් මේ සයිබර් අවකාශයේ සරන්න ගත්තට පස්සෙ...

    එක අක්ක කෙනෙක් වෙනුවට අක්කල තුන් හතර දෙනෙක්ම මට ලැබුණා...
    මට ඒ බව තදින්ම දැනුණෙ පහුගිය ටිකේ මං ගොඩාක් වැටිල ඉන්දෙත්දි...
    ඔයා, nimanthi අක්කා, දිල් අක්කා, RanDil අක්කා වගේම තනුජා අක්කත් මගෙ ළගින්ම ඉඳගෙන මගෙ හිත හදන්න ගොඩාක් උත්සහ කළා..

    මේ ලිපිය,
    මට නැවත නැවත සිහිපත් කළා "සොයුරියක් අතිශයින් ම සොඳුරු බව.."

    ReplyDelete
  22. ඔයාට සොහොයුරියක් නැහැ වගේම මට සොහොයුරන් නැහැ..ඒත් ඇත්තටම ඉන්න අයගෙනුත් ගොඩාක් ඈතක මේ ගෙවන ජීවීතේට ඔයාල හැමෝම ලංවෙලා ඉන්නේ හරි පුදුම විදියට කියලා මටත් හිතෙනවා.
    හරිම සංවේදී සටහනක්..
    තරු අක්කා වගේ කෙනෙක් ලබන්නත් ඔයා පින් කරලා තියනවා.ඒත් සමහර වෙලාවට අපිට එහෙම කතාකරන්නවත් කෙනෙක් නොලැබෙන්න පුලුවන් දුරු රටකදි..ඒක මම අත්දැකලා තියනවා චේජනා.
    බොහෝමත්ම ස්තූතියි..!!!!ඔයාගේ මතක එක්ක අපිටික දෙනාවත් අපූරුවට ගලපගත්තට.

    ReplyDelete
  23. සොයුරියන් ට පෑව සෙනෙහස නිසා දුකට සැපට ඉන්න මගේ සොයුරන් දෙන්නගෙම හිත රිදිල ද මන්ද, ඉතින් ඒ දෙන්න වෙනුවෙන් බැඳුනු සෙනෙහස සොඳුරු කවක ලියල තියන්න හිතුව මම..

    ඔබ සොයුරු සෙනෙහස
    අරුමයක් නොවූයෙන් මට
    නොලීමි කවි මා
    ඔබට....
    ගෙවී යන දිනයක
    හිත හඬන මොහොතක
    එකම එක ඇසිල්ලක
    හිත ළඟට ලංවෙන
    හිත හිනැහුනත් යළි
    කියමි එක මොහොතින
    නොදන්නා දුරක හිඳ
    නෙත නොගැ‍ටුනත් කිසි දින
    සිත ළඟම හිඳිනු මිස
    ගියේ නෑ ඔබ මසිත තනිකර
    ඒ සෝයුරු සිතට
    පුදමි සෙනෙහස බැතියෙන
    කවි පදවලම දැව‍ටුන
    මගේ තුති සිත
    එවමි මේ ලෙස...

    ReplyDelete
  24. මොකෝ මේ අද අලුත්ම දෙන්නෙක් මොනාද මේ කරන්නේ මෙතන..
    හපොයි මෙහෙම ඊරිසියාවක මහත
    අමතක වෙලා වගෙ ඉස්සෙල්ලා දුන් ටොපිය
    මේ අයියයි මල්ලියි ඇත්තට මෙහෙම
    තරහ මොකද මේ තරමට අපි එක්ක ;P

    ReplyDelete
  25. මළා...

    තනියම බෑ සටන්
    අක්කත් එහෙට හරවං
    මොනව කරන්නද බං
    හොඳට ගුලිවී දැං නිදාගං

    ReplyDelete
  26. චේජනා..
    ලොකු අයිය මට තරයේ අවවාද කළා දැං (චේජනාගේ නිදාගන්න වෙලාව පහුවෙනව කියලා ).. අනික ඉතිං මේ බොරුවට මරාගත්තට හැමදේම විහිළුවක් විතරයි නේ... වෙලාවත් ගිහිං නේද?
    එකොළහයි වෙලාව ඔයාට. නිදාගන්න දැං. හෙට කතාකරමු..

    (ඔන්න කව්රුත් කියනව එහෙම නෙමේ යෝගියාට එක කවියයි ලිව්වේ සැට සතර එකට සිඳවා.. ලෙඩේ එකෙන්ම සනීපයි කියලා )

    ReplyDelete
  27. @යෝගී
    කවුරුත් කිවයුතු නොවේ
    ඇස්පනා පිට එය පෙනේ:D

    ReplyDelete
  28. කිවයුතු නොවේ.
    නමුත් බැලිය යුතු දෙයකි
    එක පෝස්ට් එකකින්
    අක්කා විරුද්ධ පක්ෂයට ගන්නට
    කුමන්ත්‍රණ කරුවන් ක්‍රියා කර ඇති සැටි
    පුදුමයි..
    එය එසේ වූ කළ
    මට මෙසේ වීම
    ගණන් ගතයුතු ම නැත..

    ReplyDelete
  29. මටත් ඉස්සර ගොඩාක් වෙලාවට හිතෙනවා අනේ මට අක්කා කෙනෙක් හිටියනම් කියලා.මගේ හොදම යලූවො දෙන්නා නිඹුල්ලු.ඒ දෙන්නට අක්කාලා 2න්නෙකුත් ඉන්නවා තව.මං එහෙ ගියාම ඒ ගොල්ලො දැක්කම මට අනන්තවත් දුක හිතිලා තියෙනවා.මොනා කරන්නද ඉතින් අක්කෙක් ලබන එකත් එච්චර ලේසි නෑ...ඒකටත් පාරමී පුරන්න ඕනා...ඒත් චේජනා අක්කා ඔයා නම් වචනයෙ පරිසමප්ත අර්තයෙන්ම හොද අක්කා කෙනෙක් ...හ්ම්ම්ම් හොදම හොද අක්කා කෙනෙක්...

    ReplyDelete
  30. සන්සරසිදු, මල්ලි
    මටත් ආපහු ඔයාට කියන්න තියෙන්නෙත් "සොයුරියක් අතිශයින් ම සොඳුරු බව.."
    ඕනම වෙලාවක ඒ සොයුරියන්ට කියන්න.. ඔයා ගෙ හිතේ දුක , සතුට දෙක ම ළඟ අපි ඉන්නව..

    ReplyDelete
  31. නිමන්ති අක්කෙ,
    ඉස්කෝලෙ යන කාලෙ එහෙම girl school එකකට ගියත් මට වැඩිය යාලුවො හිටියෙ නෑ.. මේ ප්‍රශ්නෙ නිසා... ඒ කියන්නෙ සොයුරියන්ට ආස නැති නිසා, ඒත් මේ තරු අක්ක ඇත්තට ම මේ දේ කලා අක්කෙ..

    ඔයාල ජීවත් වෙන්නෙ මගෙ සැබෑ ජීවිතේ..මට කතා කරන්න කවුරුත් නෑ කියල හිතෙන්නෙ නෑ අක්කෙ, කතා කරල වැඩියි, මිස හැම දවසෙම.. :) ඒ තරමට ම මේ බ්ලොග් අවකාශයෙ යාලුවො සමීපයි.. සංවේදියි.. වගෙම ආදරනීයයි..
    ඔයාල මේකට ගලපගත්ත නෙවෙයි... ඔයාල නිසා තිබ්බ සටහනට මම ඔයාලට ආස වුනු හැටි එකතු කලා විතරයි මේ..

    (මේ අය්යයි මල්ලියි නම් බ්ලොග් එකේදි බැරි නම් chat එකේදි හරි හැමදාම මාත් එක්ක පැටලෙනව අක්කෙ.. දෙන්නට ම ඉතින් හිතේ හැටියට පැටලෙන්න අහු වෙන්නෙ මම නෙ...)

    ReplyDelete
  32. යෝගි,

    අක්කා කෙනෙක් සහ අය්යා කෙනෙක් නුඹේ
    ලොව සිටියා මම එන්නට පෙර දවසේ
    එ සෙනෙහස අඩක් නුඹ මට දුන් දවසේ
    නුඹේ සෝයුරු සිත ද ගත්තෙමි මා නොලසේ

    නුඹ ලං වුනේ මට සෙනෙහස බෙදාගෙන
    ඒ සෝයුරු සිතම මම ලඟ තබාගෙන
    අක්කා අය්යා දෙන්නම නැති දින ක වුව
    නුඹ මගෙ සොයුර දැන් නොහඬා ඉනු ඉතින...

    මායම් මගේ ලොව නෑ ආදර සොයුර
    නොකැලැල් සොයුරු සිත පමණක් ඇත මිතුර
    සෝයුරු සිත් මා රකිනා බව දකින
    හිරු දෙවියොවත් නොබලයි එනිසා මිතුර

    ReplyDelete
  33. 'මම' නංගි,
    පිං, මම හොඳ සොයුරියක් කියල කිව්ව පලවෙනි කෙනා ඔයා...:)

    ReplyDelete
  34. සමහරවිට පතාගෙන ආවා වගේ, අපට ලැබෙන පවුලේ සාමාජීකයන් මෙන් ම, අපට ළං වන මිතුරු මිතුරියන් සිටිනවා. ඔවුන් අපගේ ජීවිතයට එළියක්, දිවි ගමනට අත්වැලක්, සිතට සවියක්. එහෙත් හැම දෙයක් ම හැමදා ම ළඟ නැහැනේ. අප ළඟ සැමදා ම රැදෙන්නේ මතකයන් විතරයි. එ නිසයි, අවස්ථාව ලැබුණ විට එහි ජීවන මිහිර හොඳින් විඳ ගන්න ඔනේ. එයයි අපට ලැබී ඇති ලුහුඬු දින ගනණේ කළ හැක්කේ. . . දීප්තිමත් අනාගතයකට සුබ පැතුම්!

    ReplyDelete
  35. ඔව් රවින්, ඔයා කියනව වගෙම අවස්ථාව ලැබුන විට ජීවිතේ හොඳින් විඳගන්න ඕනේ... මම නම් කවද කොයි වෙලෙත් ජීවිතේ විඳින කෙනෙක්..
    ඉතින් ස්තුතියි චේජනා ගෙ පි‍ටුවට ගොඩ වැදිල සටහනක් තියල ගියාට..

    ReplyDelete
  36. අනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්...

    ReplyDelete
  37. ඔයාටත් මට වගෙම අක්ක කෙනෙක් නෑ වගේ නෙ..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...