Saturday, May 8, 2010

සීමා මායිම් නැත මේ උඩු ගුවනේ..


ගුවන අරා
පියා සලා යන
කුරුළු රෑන්
අතරේ

කිරිල්ලියයි ඈ
ගගන අරා ආ
මේ ජීවිත
කතරේ

අහසයි සීමා මායිම
අපගේ..........
සීමා මායිම්
නැත මේ උඩු ගුවනේ..

පියාසලන් රිසිසේ..........



Photo :http://www.dancewithshadows.com/aviation/srilankan-airlines-appoints-first-lady-captain/

මේ අහම්බෙන් නෙත ගැ‍ටුන පුවතක්..Sri Lankan Airlines හි පලමු ගුවන් නියමුවරිය....ඇය මුළු කාර්ය මණ්ඩලයම කාන්තාවන් වූ ගුවන් ගමන් දෙකකට නියමුවරිය වෙලා තියෙනව..
ඉදින් ඒ දිරිය දියණිය අනුෂා සිරිරත්න වෙනුවෙන් කුඩා හෝ සටහනක් තැබිය යුතුයයි සිතුනා..

(ගුවන්යානා කාර්ය මණ්ඩලය ගැහැණු හෝ පිරිමි වීම විශේෂයෙන් අවදානය යොමු විය යුතු කරුණක් යයි මා සිතන්නේ නෑ.. ඔවුන් කවුරු වුනත් ආරක්ෂාකාරී ගුවන් ගමනක් මගීන්ට ලබාදීමයි වැදගත්.. එහෙත් ගුවන් ගමනකදි ගුවන් නියමුවාගෙ නම කියද්දි ඔහු හෝ ඈ ශ්‍රී ලාංකිකයෙක් නම් කුමක් දෝ සියුම් සතුටක් දැනෙන බව නම් මා සිතනවා..)

19 comments:

  1. "එහෙත් ගුවන් ගමනකදි ගුවන් නියමුවාගෙ නම කියද්දි ඔහු හෝ ඈ ශ්‍රී ලාංකිකයෙක් නම් කුමක් දෝ සියුම් සතුටක් දැනෙන බව නම් මා සිතනවා"
    ඔය හැඟීම මටත් තියෙනවා නගේ. . .

    ලස්සනයි නගේ කවි පෙලත් . . .. අපි මේ කාන්තාවටත් සියලුම දිරිය කාන්තාවනටත් සුභ පතමු . . . මේ සටහන එවන් කාන්තාවන්ට උපහාරයක් වේවා . ..

    ReplyDelete
  2. ගුවන් නියමු අසුන දරන්න නොයෙක් කඩඉම් සීමාවන් පසුකර යුතු වෙනවා. වෘත්තීය සුදුසුකම් සමුදායක් දැරුවද නියමු Air Transport Pilots Licence (ATPL) බලපත්‍රය ලබා සුදුසුකම් සපුරන තුරු සිවිල්/මගී ගුවන් යානයක් හසුරවන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.

    ගුවන් නියමුවා සුදුසුකම් ලත් අයෙක් නම් ඒ ඔහු ද ඇය ද යන්න වෘත්තීය ලෙස බලපාන්නෙ නැති බවයි මගේ අදහස.

    සීමා මායිම් පසුකර,තටුලත් ඒ ලක් දියණියට සුබ පැතුම්!
    ඇය නිරතුරුවම විවිධ මට්ටමින් ATPL කඩඉම් පසුකර යුතුව ඇත, ඒ දිරිය සොයුරියට දිගු ගමනකට ආසිරි.

    මෙවන් දේ අවධානයෙන් හා සංවේදීව ඉදිරිපත් කරන ඔබට තුතිය.

    ReplyDelete
  3. දුකා අය්යෙ,
    දිරිය කාන්තාවන් නම් එමට... කිසිදා ඇගයෙන්නෙ නැති..
    මම ත් ඔයා එක්කම එකඟයි ඒ නිසා...

    "අපි මේ කාන්තාවටත් සියලුම දිරිය කාන්තාවනටත් සුභ පතමු . . . මේ සටහන එවන් කාන්තාවන්ට උපහාරයක් වේවා . .. "

    ReplyDelete
  4. ගල්මල් අය්යෙ,
    ගුවන් නියමුවරියක් වීමට සපුරන්න ඕනෙ සුදුසුකම් ගැන නම් මට ඒතරම් වැටහීමක් නෑ..ඒත් ඒ බොහෝ සුදුසුකම් සපුරා පළමු නියමුවරිය වීමට ඇය බොහෝ කැපවෙන්න නම් ඇති..
    අනෙක් අතින් ඒ සුදුසුකම් සියල්ල ලබාගත් පසුත් ජීවිත දහස් ගණනක වගකීම දරාගෙන ගුවන අරා යන ඇය ගැන මට පුංචි ආඩම්බරයකුත් සතුටකුත් දැනුන..
    ඒ ඔහු හෝ ඇයද යන්න නම් නොවැදගත් බව මම ත් හිතනව.. ඒ ජීවිතවල වගකීම අවදානයෙන් දැරීමයි වැදගත්..

    ReplyDelete
  5. තව දෙයක් අමතක වුනා,
    ඒ පුවතේ කියවෙන විදියට මේ යුවල ලංකාවෙ ප්‍රථම ගුවන් යානා නියමු යුවල වෙනව..ඇගේ සැමියා හේමන්ත සිරිරත්න ද ගුවන් නියමුවෙක් ම නිසා..

    ReplyDelete
  6. ඇයත් සමගින් ඇයවන් හතර දෙනෙක් ඉන්නවාලූ ශ්‍රී ලන්කන් එකට. කොච්චර අගේද..

    ඇත්තටම දැන්නම් ගැහැණු පිරිමි කියලා වෙනසක් නැති තරම්. මම ගෙවන නාගරික කාර්යාලීය ජීවිතයේ ලබන අත්දැකීම් අනුව මටනම් හිතෙන්නෙ තියෙන්න කාන්තාවන් තමන්ගේ වාසියට කරන බොරු මවා පෑම විතරයි. අනේ මන්දා මම හරිද කියලා. ඒත් මේ මම දකින විදිහ.

    ReplyDelete
  7. සැබෑ වෙනසක්... හොඳා... හොඳා...

    ReplyDelete
  8. මින්දද, ස්තුතියි ඔයා ලියද්දිම මම මේක හද හද හිටියෙ,

    පෝස්ට් එක සම්බන්ධයෙන් නම් ඇත්තටම ලංකාවට ගුවන් නියමුවරියන් සිටීම සහ ඒ කරා ගිය ප්‍රථම කාන්තාව වෙනුවෙන් කුඩා ඉඩක් වෙන් කිරීම පමණයි මගෙ අරමුණ වුනේ..

    කාන්තාව සමාජයේ දරන ස්ථානය පිළිබඳව නම් මම ඔබේ අත්දැකීම් විග්‍රහ කරන්නෙ නෑ.. මගේ ලිවීමේ අරමුන එය නොවන බැවින්..

    ReplyDelete
  9. හප්පට සිරි ....අපේ ගෙවල් පැත්තෙත් හිටිය කෙල්ලෙක් ගෙදරට කවුරු හරි ආවම කිසි ගේමක් නැතිව ගහට නැගල කුරුම්බ කඩල දෙනව....දැන් නම් එයා අම්ම කෙනෙක්...අපි ඒ කාලෙ කිව්වෙ කොලු බාගෙ කියල....ගැහැනු කියල වෙන්වීමක් මේ සමාජෙ මම දකින් නෑ....එයා හරි දස්ස කෙනෙක්....එහෙම නැතිව එයා දස්ස ගෑනියෙක් නෙමෙ....ඕ .කේ

    ReplyDelete
  10. 100% මම ඔයා එක්ක එකඟයි.. indi

    "එයා හරි දස්ස කෙනෙක්....එහෙම නැතිව එයා දස්ස ගෑනියෙක් නෙමෙ...."

    ReplyDelete
  11. දස්ස කෙල්ලෙක්............
    අහස අල්ලං
    දෙබැකරාගෙන....
    වලාකුලු ඉරගෙන..
    අහසින් යනකොට...
    ලක්මව හිනැහෙනවා....

    ReplyDelete
  12. ඒක තමයි මගෙත් හැඟීම...

    "ගුවන් ගමනකදි ගුවන් නියමුවාගෙ නම කියද්දි ඔහු හෝ ඈ ශ්‍රී ලාංකිකයෙක් නම් කුමක් දෝ සියුම් සතුටක් දැනෙන බව නම් මා සිතනවා.."

    මේ මට දැනුනෙත් ඒ ලක්මව හිනැහෙන සතුටම...

    ReplyDelete
  13. අපේ කෙල්ලෙක් නේ... හිතට සියුම් ආඩම්බරයක් දැනෙනවා නේද?
    ඒත් එක්කම චේජනාගේ කවියත් හිතට දැනුනා.

    "ගුවන අරා පියා සලා යන කුරුළු රෑන් අතරේ
    කිරිල්ලියයි ඈ ගගන අරා ආ මේ ජීවිත කතරේ"

    නියමයි...
    Short n Sweet...

    ReplyDelete
  14. බොලේ මට දවස් දෙකක් විතරනේ අක්කව බලන්න එන්න බැරිව ගියේ.ම්ම්ම් සෑහෙන වෙනසක් .අලුත් ඇදුමක් එහෙම දලා...අපේ අක්කට මොකද මේ වෙලා තියෙන්නේ....හැබැයි හරිම හරිම හරීම...ලස්සනයි මගේ අක්කියෝ

    ReplyDelete
  15. wow හරිම ලස්සනයි අක්කා..ඔයා ඉතින් කවදත් දස්සිනේ.මටත් හරිම ආසාවක් තිබුනා ගුවන් සේවිකාවක් වෙන්න.ඒත් අපේ ගෙදර අය ඒකට කැමති නෑ නොවැ.ඒ ගොල්ලොන්ගේ පටු අදහස් නිසා මට මගේ පුංචි කාලේ ඉදලා තිබුනු හීනයක් සෑබෑ කරගන්න ලැබුනේ නෑ අක්කේ...
    ඇත්තටම අක්කේ මේක දැකලා මට නම් පුදුම ආඩම්බර කමක් දැනුනේ..අනේ අපේ පුංචි රට නේ..
    ඒ අක්කාට මුලු හදවතින්ම සුභ පතනවා.ඇත්තටම එයා අපේ මුලු රටටම ලොකුම ලොකු ආඩම්බරයක් නේ අක්කා...

    ReplyDelete
  16. 'short N sweet..' it is nice..
    thanks යෝගි...


    නංගො, ඉරිද හවස හිතුන ටිකක් පෙනුම වෙනස් කරන්න..
    ටිකක් වෙලාව අරගෙන ඒක කළා ඉතින්..

    ඒ news එකක් දැක්කම මටත් චුට්ටක් හරි ඒ අක්ක ගැන ලියන්න හිතුන ඒකයි ලිව්වෙ..
    නංගො, ගුවන් සේවිකාවක් වෙන ඔයාගෙ හීනෙ සැබෑ නොවුනට දුක් වෙන්න එපා.. ගෙදර අයත් මොනව හරි හේතුවක් නිසා නේ අකමැති වෙන්න ඇත්තෙ.. අපට නොපෙනෙන දුරක් අම්මලට පේනව නංගි..

    අනිත් අතින් හීන සමහර ඒව බි‍ඳෙනව...හැම හීනයක් ම සැබෑ වෙනව නම් හීන දකින එකත් එපා වේවි නංගො....

    ReplyDelete
  17. හ්ම්ම් ඔව් අක්කගෙ කතාවත් ඇත්ත.

    ReplyDelete
  18. ඇත්තටම ඇය ගැන අපි ආඩම්බර වෙන්නඕනෙ ..
    ඇයට මමත් සුභ පතනවා..!!
    තව ඉන්නවා කට්ටියක් ..පැරෂුට් සෙබලියන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඔවුනුත් අපේ ම අය ..

    ReplyDelete
  19. ඇත්තටම ඔව් නිමන්ති අක්කෙ,
    මම දැක්ක එයාල ගැන article එකක් දවසක් නවලිය online එකේ..
    එයාල ගැන දැනුනෙත් ආඩම්බරයක් ...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...