Sunday, April 11, 2010

මා දු‍ටු ජපානයෙන්... Kobe

Akashi Kaikyo-The longest suspension bridge in the world

මේ දවස් ටිකේම දුක් ගැනවිලි ම ලියවුන නිසා අද හිතුන වෙන මොනාහරි ලියන්න ඕනෙ කියල, අද ලියන්න යන්නෙ කෝබේ කියන ජපන් නගරය සහ එහේදි දැක්ක හොන්ෂු සහ ෂිකෝකු කියන ජපන් දූපත් දෙක යා කරන අදිවේගි මාවතේ ලොව දිග ම එල්ලෙන පාලම (suspension bridge, එල්ලෙන පාලම කියන වචනෙ හරිද කියල මම හරියටම දන්නෙ නෑ..) ගැන පුංචි විස්තරයක් කියන්න...
කෝබේ කියන්නෙ ජපානයේ වෙරළබඩ වරාය නගරයක්...ජපානයේ අගනුවර Tokyo ඉඳන් 600 km විතර දුරින් තියෙන්නෙ..
මේ එක දවසක් තුළ එක පැත්තකට 600 km බැගින් 1200 km වුනු ඒ දුර ගෙවා ගිහින් මේ ගමන සම්පූර්ණ කරගන්න උදව් කළ, ඇසූ දා පටන්ම මගේ හීනයක් වුනු "Nozomi " කියන ෂින්කන්සෙන් (bullet train) දේවතාව තමයි ඉතින්..




Rokko කඳු වැටියේ කන්දක් මුදුනෙ ඉඳන් බැලුවම පේන කෝබේ නගරය හරිම දර්ශනීයයි…..අපි ගියේ තරමක් වැහිබර දවසක වුනත් ඒකත් සුන්දරත්වයක් එක් කළා..


ඒ කතාවෙ පිවිසුම... දැන් ඉතින් කතාව, අකාශි කයික්යො ලොව දිගම එල්ලෙන පාලම.. මේකට "Pearl bridge" කියලත් කියනව…. හොන්ෂු සහ ෂිකෝකු යා කරන අදිවේගි මාවතේ කොටසක්... හොන්ෂු හා අවජි Awaji දූපත යා කරමින් පාලම ඉදිකරල තියෙන්නෙ... පාලම ගැන විස්තර දැනගන්න, දැක බලාගන්න ස්ථාන දෙකක් තියෙනව.. කොබේ නගරය පැත්තෙන් පාලම ට පිවිසුම ආසන්නයේ.. එකක් Akashi Kaikyo Bridge Exihibition Center…පාලම ඉදි කිරීමේ විවිධ අවස්ථා... එය ඉදි කිරීමට පෙර ලබාගත් දත්ත ගැන විස්තර ලබාදෙනවා සේම පාලම පර්යේශනයට ලක් කළ ආකෘතිය එහි තිබෙනව තාමත්...අනික Maiko Marine Promenade.. මේක පාලම යටින් පාලමේ ඇතුල බලාගන්න ලබාදෙන පිවිසුමක්..වතුරට 50 m වගේ උඩින් තියෙන්නෙ... පාලමේ පාදමේ සිට මේක ඇතුලට යන්න පහසුකම් සලස්වල තියෙනව... අවුරුදු 20 ක භූමිකම්පා හා සුළං පිළිබඳ දත්ත එක ‍රැස් කිරීමක් හා විශ්ලේශනයක් මේ පිළිබඳව සිදුකළා කියල තමයි ඔවුන් කියන්නෙ...
ඒ විශ්මයජනක විශාලත්වයත් ඊට කැපවුනු මිනිසුන්ගේ වෙහෙසට ඇතිවුනු ගෞරවයත් නිසාම ආකාශි කයික්යො මගේ හිතේ ගෞරවයක් ඇති කළා..

යට පින්තූරවල තියෙන්නෙ ඒ මගේ හිතේ සත්තකින්ම මිනිසා ගේ හැකියාව පිළිබඳව ගෞරවයක් ඇති කළ අකාශි කයික්යො පාලම….





සොඳුරු කෝබේ වෙතින් සමුගෙන එද්දී මගේ කැමරාවෙ සටහන් වුනු තවත් ඡායා රූපයක් සටහනට එකතු කරනව...ඒ අතරෙම මාත් එක්ක මේ ගමන ගිය මගේ ආදරණීය මිතුරිය ට මගේ ස්තුතිය....



කෝබේ දුම්රියපළ..

28 comments:

  1. ලස්සන ඉදිරිපත් කිරීමක්.
    බොහෝම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට.

    ReplyDelete
  2. ම්ම් .. ස්තුතියි අය්යෙ..
    තියෙන දහසකුත් වැඩ අතරෙ ඇවිත් බලල දිරිමත් කරල යනවට...

    ReplyDelete
  3. නියමයි නගේ . . . සරච්චන්ද්‍ර මහත්තයා දේවේන්ද්‍ර (දෙවෙන්දරා සං) හා නොරිකෝ සං යොදාගෙන ඇඳපු ජපන් චිත්‍රය ඔයා වර්තමාන පාට ගාල නව නිමැවුමකින් අපිට දෙනවා වගේ . . ..

    ReplyDelete
  4. අම්මෝ.. දුකා අය්යෙ.. එච්චර දෙයක් කරන්න මට බෑ.. පුලුවන් විදියට මම දකින ජපානය ගැන පොඩ්ඩක් කතා කළා විතරයි..
    (ඔයත් තිස්ස අය්ය මුණගැහුන වෙලාවෙ මුරුංග ගහක් ඉල්ලගත්තද? ම්ම්..:-)) )

    ReplyDelete
  5. අගේ ඇති චාරිකා සටහනක්.
    දිග පාලමේ සේයාරුව මගේ හිත් ගත්තා.
    ස්තූතියි අක්කේ මේ දේවල් අපිට සමීප කරනවට.

    ReplyDelete
  6. thanks මල්ලි, ඇත්තටම ඒ දිග පාලම මගේ හිතේ ඇති කළේ මිනිසා ගැන ගෞරවයක්..

    ReplyDelete
  7. චේජනා අක්ක මං නැති ටිකට වෙනස් වෙල තියෙන තරමක්...

    හරි අපූරුයි අක්කේ...
    ඇත්තටම හරිම අපූරුයි...
    ඇත්තටම මං අහන්න හිටියේ...
    කවි ලියනව වගේම අක්කට බැරිද ජපන් ජන ජීවිතය ගැන ලියන්න...
    මං දකින අපේ මිනිස්සු ගැන මං ලියනව වගේ අක්ක දකින, ඇසුරු කරන ජපන් මිනිස්සු ගැන....
    ජපන් මිනිස්සු ගැන මගේ හිතේ තියෙන්නෙ ගොඩාක් ලොකු ගෞරවයක්...
    ජපනා හපනා කියන්නේ නිකන්යැ.. නේද ?

    ReplyDelete
  8. ආහ් කියන්න අමතක වුණා...
    පින්තූර ටික නම් පංකාදුයි...
    හරියට වෘත්තිය කැමරාශිල්පියෙක් ගත්තු ඒවා වගේ...
    ඇත්තමයි ...

    ReplyDelete
  9. මල්ලි, මගේ මෙහේ ජීවිතේ නිකන් පැසි‍ෆික් සාගරේ තනියම යන නැවක් වගේනෙ.. යාලුවො ටික ගියාම ඉතින් කුනා‍ටුවකට අහුවුනා වගේ එහෙට මෙහෙට පැද්දුනා. දැන් නම් ඉතින් ගොඩක් හරි...වැඩිය damage නෑ.. ;) එක යාලුවෙක්ගෙ හිත රිදවලා විතරක් ගොඩ ගියා..යාලුවගෙ හොඳකමට යාලුකමත් ඉතිරි වෙද්දි :)

    බලමුකො මල්ලි, ජපන් ජන ජීවිතේ ගැන මට ඒ හැටිම අවබෝදයක් නෑ.. දන්න විදියට බලමුකො..

    thank you පින්තූර ලස්සනයි කිව්වට නම්..

    ReplyDelete
  10. ලස්සන ෆොටෝස් ටික...

    ReplyDelete
  11. නියම විස්තර ටික අක්කේ. ජපනා හපනා කියන්නේ කට කට කහනවට නෙමෙයි නේ

    ReplyDelete
  12. අපූරු සටහනක් අක්කෙ..... ඡායාරූප ටිකත් ලස්සනට අරන් තියෙනවා....

    ReplyDelete
  13. අක්කෙ කැල ගස් ඉතුරු කරගෙන නගරෙ හොදට සැලසුම් කරලා හදලා.. සොබාව ධර්මය රැක ගෙන නෙද...? දකිද්දි හරි ආසයි..

    ReplyDelete
  14. ඔව් මල්ලි,මටත් එතනදි හිතුන ජපනා හපන කියන එක නම් ඇත්තම කියල..

    ස්තුතියි විශ්මි නංගි..

    රවා, මේ රටේ ඒක නම් හරිම විශ්මයජනක විදියට කරල තියෙනව..පරිසරය ‍රැක ගනිමින් නගර සැලසුම් කරල..

    ReplyDelete
  15. මේ කිසිම පින්තූරයක පණ ඇති යමක් දක්නට නැත්තේ මන්ද..? ඔවුන් සියල්ල ඔබ පි‍ටුපසින්ද...?

    ReplyDelete
  16. නෑ අක්කේ ඇත්තටම පින්තූර ටික ලස්සනයි...

    අක්කට බැරිද මග තොටේ හමුවෙන දසුන් ටිකත් සේයාරුවට නගන්න..?
    තිස්ස අයිය කිව්ව වගේ පණ ඇති දේවල් ද සමඟින්...

    ReplyDelete
  17. ඔයාගේ ඡායරූප ටික නම් හරිම ලස්සනයි
    ස්තූතියි...!! මේවා බෙදා ගත්ත එකට අපිත් එක්ක

    ReplyDelete
  18. පණ ඇති යමක් තියෙන පින්තූරෙකට තියෙන්නෙ කෝබෙ දුම්රියපොලේ සේයා රුවක් පමණමයි...ඒකත් අගට එකතු කළා... මීට පස්සෙ ෆොටො ගනිද්දි පන ඇති දේවල් එක්ක ගන්න සැලකිලිමත් වෙන්නම්කො..

    මා ළඟ තියෙන විවිධ අවස්තාවල ගත් සේයා රූ ටික ටික ඒ විස්තරත් එක්ක මම එකතු කරන්නම් මල්ලි,

    thanks නිමන්ති..

    ReplyDelete
  19. ජපානය කියන්නේ මම ආස කරනම රට.
    sansarasidu කියනවා වගේ .. මගේ හිතේත් එයාලා ගැන ලොකු පැහැදිමක් තියෙනවා.
    ජපනා කියන්නේ හරිම උත්සාහවන්ත ජාතියක්.
    එයාලගෙන් අපේ ජීවිත වලටත් ගන්න ගොඩක් දේවල් තියෙනවා නේද...

    ඡායා රුප හන්දා ලිපියේ වටිනාකම තවත් වැඩි වුනා ..චේජනා.

    ReplyDelete
  20. නිල් අහස..
    මම ජපානෙ ගැන ලියන්න එක හේතුවකුත් ඔයා ජපානෙ දකින්න ආසයි කිව් එක තමයි..
    ස්තුතියි ඔයා ඇවිත් ගියාට..
    මට ජපන් මිනිස්සු ගැන ලොකුම අවබෝදයක් නැතත් මම දන්න දේ වතාවෙන් වතාව ලියන්නම්කො..

    ReplyDelete
  21. ඉස්සර නං මේවගේ අත්දැකීමක් යාළුවොත් එක්ක බෙදාගන්න වෙන්නේ call කරපුවාම. නැත්තං හම්බුනාම Photoes ටික පෙන්නලා විස්තරේ කියල නේ..

    බ්ලොග් කෙරුවාවට පින්සිද්ධ වෙන්න දැං චේජනා කෝච්චියෙන් බහිනකොටම මෙන්න අපිට පින්තූරයි ලස්සන විස්තරේකුයි..

    ස්තුතී අපිත් එක්ක බෙදාගත්තට ..

    -ජය

    ReplyDelete
  22. ම්ම්.. යෝගි, අවුරුද්දට ගොඩක් කාර්යබහුල නිසා මම හිතුව ඔයා මේ පැත්තෙ එන එකක් නෑ කියල..

    සුබ අලුත් අවුරුද්දක් වේවා... ඔයාටත් ගෙදර අයටත්.. වගේම අනිත් හැම ලාංකිකයෙකුටමත්...

    ReplyDelete
  23. කලු කපුටා සුදු වන තුරු...
    මොල් ගහේ දළු ලන තුරු...
    120 ට 220 ක් ආවඩා ආයුබෝ වේවා !!!

    ලැබුවා වූ සිංහල, දමිළ අළුත් අවුරුද්ද
    අක්කාටත් පවුලේ සියළු දෙනාටත්
    සාමය, සෞභාග්‍යය සපිරි,
    සියළු පැතුම් ඉටු වන
    සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  24. සුබ අලුත් අවුරුද්දක් වේවා චේජනා අක්කා සහ පවුලේ සැමට. සියලු පැතුම් ඉටුවන වසරක් වේවා.

    ReplyDelete
  25. චේජනා අක්කටත් පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ..........

    ReplyDelete
  26. මේ වම් පැත්තේ දමලා තියන කවියත් පිතූරයත් බොහොම අන්ර්ඝයි දරුවෝ... සුභ අලුත් අවුරුද්දක් චේජනා සඳතැන්න තරුණ මෙනවියටත්.... ඉක්මනින්ම තම හිතවතුන් දකින්නට හේතු වාසනා වේවා...

    ReplyDelete
  27. තිස්ස අය්යෙ,
    පින්තූරෙ ලංකාවට යද්දි මම දු‍ටු ෆුජි සන්..
    කවිය නම් ඉතින් අවුරුද්දට ගෙදර ඉන්න නැති හිතේ දුක හංග ගෙන ඒ වාසනාව ලැබූවන්ට සුබ පතන්න ලිව්වෙ...
    චේජනා සඳතැන්න තරුණ මෙනවිය ට එවපු සුබ පැතුමට ස්තුතියි..
    ඔබ සහ ඔබ ආදරය කරන සියල්ලනුත් වෙනුවෙන් මාත් ඒ ප්‍රාර්තනාව ම කරනව..
    ඉක්මනින්ම ඇය දකින්නට හේතු වාසනා වේවා...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...