Saturday, November 14, 2009

හිත රිදුන තැනක්...


සමාජයත් එක්ක ගැටෙනකොට සිත් රිදවීම් අනන්තවත් සිද්ධ වෙනව.. අපි ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් දිහා බලන්නෙ ප්‍රශ්න කරදර විදියට...ඒත් එක දවසක් ඒ වගේ හිත රිද්දවගෙන ඉඳපු වෙලාවක මම මගෙ යාළුවෙකුට කිව්වම එයා ඒක ගැන අපූරු අදහසක් දුන්න...
කවදාවත්ම හිත් රිදවීමක් නොවී සමාජෙ ජීවත් වෙන්න අපිට බැහැ...ඉතින් හිතන්න ඒ වගෙ අත්දැකීමකට මූණ දෙන්නෙ කොහොමද කියල ඉගෙනගන්න ඒ වගේම තවත් අවස්ථාවක වඩාත් ශක්තිමත්ව ඒ වගේ දේකට මූණ දෙන්නෙ කොහොමද කියල පුරුදු වෙන්න අවස්ථාවක් ඔයාට නොමිලෙම ලැබිල...ඒක ඔයාට සල්ලි දීලවත් ගන්න බැහැ

ඒක දිහා තවත් අලුත් අත්දැකීමක් විදියට බලන්න... ඒක ඔයාට ශක්තිමත් වෙන්න ලැබුණු උදව්වක් කියල හිතන්න

මගේ යාලුව එහෙම කිව්ව...

එහෙම හිතද්දි මගේ වේදනාව ඉබේම අඩුවෙලා ගියා..

ප්‍රශ්නයක් දිහා බලන්න කොච්චර පැතිකඩවල් තියෙනවද කියල මට හිතුනෙ ඒ වෙලාවෙ... පුලුවන් තරම් අනුන්ගෙ හිත් නොරිද්දව ඉන්නවනම් හොඳයි.. ඒත් කවුරුහරි අතින් හිත රිදුනම ඒක දිහා අර විදියට බලන්න පුළුවන් එක ඊටත් වඩා හොඳයි කියලයි මට හිතුනෙ..

හිත රිදුන තැනක්...හිතන්නට යමක්...ඉතිරි කර ගිහින්..


පසු සටහන:
අන්තිමට මේ ටිකත් ලිව්වෙ නැත්නම් ඒක අඩුවක් කියල හිතෙනව..
මායි මගේ යාළුවයි මම හිතන්නෙ දැන් අවුරුදු එක හමාරකින් දෙකකින් විතර මුණ ගැහිල නෑ..
ඒ මදිවට අපි ඉන්නෙ කිලෝමීටර් දහස් ගනණකින් වෙන්වුණු රටවල් දෙකක..
එතකොට ඉතින් වෙලාවෙ වෙනස ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ..
වෙලාව රෑ දෙගොඩහරි යාමෙ...
ඒ වගේ වෙලාවක අවුරුදු ගනණකින් හමුනොවුණු යාළුවෙක් හිත රිද්දවගෙන අඬද්දි නිදිමරාගෙන අහගෙන ඉඳපු මගේ යාළුවට ගෞරවයක් විදියට මේ පසු සටහන එකතු කළේ..

1 comment:

  1. සිත් රිදිම් මට වෙද්දි මම එව තුනි කර ගන්නෙ එක එක තියරි පාවිච්චි කරනවා. එකක් තමයි.. "මනුස්සයෙක් නෙ වැරදි වෙනවා, මගෙ අතිනුත් වෙන්නෙ"," මම මගෙ පවුලට ආදරය කරනවා වගෙ එයත් එයාගෙ අම්මලා තාත්තලට අදරෙ කරනවා ඇතිනෙ.. කමක් නැහැ".. "මහන්සි වෙලා නෙ ඉන්නෙ.. ආතතිය වැඩි ඇති එකයි බැන්නෙ"

    ඔන්න ඔය වගෙ තියරි පාට් ටිකක් තියනවා. මම ම් හදගත්තු. එක නිසා බාහිර කෙනෙක් එක්ක තරහක් යන්නෙම නැති තරම්. හැබැයි මගෙ මල්ලි ත් එක්ක මාර වලි යන්නෙ...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...