
කලාසොළස ගෙවුනු පුරහඳ නිශා ගගන තලය හැර ගිහින්...රිදුනු හිතේ, දුක වාං දාන නිසාම ද මන්ද....තැනින් තැන දිදුලන තරුකැට හඬාවැටෙනව වගේ....මට පේන්නෙ..
සිනා සපිරි සඳ දුර ඈතයි..
හඬා වැටෙන තරු ළඟ පාතයි..
සිනාසෙනා.... මගෙ හිතට වඩා....
හඬන සිතට නුඹ හරි ආසයි..
නිර්මලා රණතුංග ගයනව මගේ හිත ඇතුලෙ....
සිනාසෙනා මගෙ හිතට වඩා හඬන හිතට පෙම් බැන්දෙ කෝමද නුඹ... මගෙ හිත මගෙන් ම අහනව....
දුක දී සාගරය වගේ....
සතුට දේවි දිය දෝතක්..
දුකට පුරුදු හිතට මගේ...
සිනාපොදත් සාගරයක්..
දුකටම හුරුවෙච්ච්චි මගෙ හිතට සිනා පොදක් අරන් නුඹ එද්දි ඒ සතුටත් එක්ක කප්පරක් දුකත් නුඹ අරන් ඒවි කියල මම හිතුවෙ නෑ.... සත්තයි..
ගහක් වුනා හොඳ හෙවනයි
ගඟක් වුනා හරි සිහිලයි..
මලක් වුනා නුඹ සුවඳයි
ගලක් වුනා හිත පුදුමයි....
මම සන්තකව තිබුන එකම වස්තුව වුන මගේ අවිහිංසක සිත සින්නක්කරම නුඹට දෙද්දි නුඹේ හිත ගලක් බව මට අඳුනගන්න බැරි වුණේ කෝමද..මන්ද..
අහන්න මගේ හිත ඇතුලෙ ගැයෙන ඇගේ හඬ, ඒ ගායනය හිත උදුරගත්ත නම් අරගෙන යන්න..ගීතය
Photo: http://www.moviegupshup.net/data/media/18/Rani_Mukherjee_230.jpg




