Monday, July 11, 2011

සත්‍යය පරිකල්පනයෙන් ඔපවත්ව...The man in the iron mask

 වර්ෂ 1669 ජුලි මාසයේ අග භාගය ගෙවී යයි. දහහතර වන ලුවී රජුගේ අමාත්‍ය මාර්ක්වීස් ඩි ලුවිස් වෙතින් පිග්නෙරොල් බන්ධනාගාර ප්‍රධානියා සේන්ට් මාර්ස් වෙත ලැබුණ ලිපියකි.
එස්ටාච් ඩෞගර් නම් වූ සිරකරුවෙක් ඊළඟ මාසයේ බන්ධනාගාරය වෙත ළඟාවීමට නියමිත බව හේ දන්වා එවා ඇත. බන්ධනාගාරයකට එය අමුත්තක් නොවන නමුත් ඒ සමග ඇති අනිකුත් නියෝග ඔහු තුළ තරමක විශ්මයක් ඇති කිරීමට සමත් ය. ළඟාවීමට නියමිත සිරකරු වෙනුවෙන් එකිනෙක පසුපස එකිනෙක වැසීයන දොරවල් කිහිපයකින් යුත් කුටියක් සකස් කිරීමට ඔහු අණ කරයි. පිටස්තර කිසිවෙකුට සිරකරු පවසන කිසිවක් නොඇසෙන පිණිසය ඒ.  තව ද දිනකට වරක් බන්ධනාගාර ප්‍රධානියා වන සේන්ට් මාර්ස් විසින් ම සිරකරුට ආහාරපාන හා අනෙකුත් අවශ්‍යතා සැපයිය යුතුය.
ලිපිය දෙස හොඳින් බැලූවිට තවත් කරුණක් පැහැදිලි වේ. ලිපිය ලියන්නෙකු ලවා ලිය වූව ද සිරකරුගේ නම ඩි ලුවිස් අමාත්‍යවරයාගේ අත්කුරින්ම ලියවී ඇත.

---------



ඩන්කර්කෙ හි අණ දෙන නිලධාරී කැප්ටන් ඇලෙක්සන්ඩර් ඩි වෙරොයි තමා විසින්ම අත්ඩංගුවට ගත් සිරකරු ද සමග අගෝස්තු මාසයේ අග භාගයේ පිග්නෙරොල් බන්ධනාගාරය වෙත ළඟාවේ. කළු විල්ලුද රෙද්දකින් කළ මුහුණු ආවරණයකින්, බන්ධනාගාරයට රැගෙන ආ මේ විශේෂ සිරකරුගේ මුහුණ ලොවෙන් සඟවා තිබේ.

එදින සිට වසර 34 ක් සේන්ට් මාර්ස් බන්ධනාගාර පාලකවරයා යටතේම බන්ධනාගාර කිහිපයකට මාරු වෙමින් ඔහුගේ සිරකරු දිවිය ගතව ගිය අතර ඒ මාරුකිරීම් සියල්ලේදීමත් සිරකරුගේ මුහුණ ආවරණය කිරීමට පාලකයන් වගබලාගත්හ. වර්ෂ 1703 දී සිරකරු මියගියේය.

රජුගේ සොහොයුරෙක්, නීත්‍යානුකූල නොවන පුත්‍රයෙක්, ජනරාල් වරයෙක්, රහස් දැන සිටි සේවකයෙක්, ආදී බොහෝ උපකල්පන බාහිර ලෝකය තුළ කට කතා ලෙස පැතිරිණ. එහෙත් සත්‍ය වශයෙන්ම ඔහු කවරෙක් ද යන්න කිසිදා ලොවට හෙළි නොවීය.

-------------------------
මේ සත්‍ය කතාව වටා බොහෝ ප්‍රබන්ධ බිහිවිය. ඒ අතර වර්ෂ 1840 අග භාගයේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ පරිකල්පනය තුළ,  බලහත්කාරයෙන් යකඩ මුව වැස්මකින් මුහුණ ආවරණය කර, බැස්ටිල් බන්ධනාගාරයේ රඳවා තබන ලද දහහතර වන ලුවී රජතුමාගේ නිවුන් සොයුරා Philippe ලෙස ප්‍රතිනිර්මාණය වූයේ (Three Musketeers නවකතාවේ දී) ඔහුයි. 

----------------------


1909 සිට 1998 දක්වාම මේ කතාව පාදක කරගෙන කෙරුනු චිත්‍රපට හා ටෙලිනිර්මාණ බොහොමයකි.
චිත්‍රපටයත් නවකතාවත් එකට බැඳුනු කතාපුවතක් ඉදිරිපත් නොකරන නමුත්, ලෙනාඩෝ ඩි කැප්‍රියෝ නවවන ලුවිස් රජතුමාට හා ඔහුගේ නිවුන් සොයුරා Philippe ට රඟන Randall Wallace විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද  "The man in the iron mask" චිත්‍රපටය ඇලෙක්සන්ඩර් ඩූමාගේ පරිකල්පනය තුළ බිහිවූ ච‍රිත භාවිතා කරමින් වඩාත්ම මෑතක නිරමාණය වූ චිත්‍රපටයයි.

----------------------------------
 Source:
http://en.wikipedia.org/wiki/Man_in_the_Iron_Mask
http://en.wikipedia.org/wiki/The_Man_in_the_Iron_Mask_%281998_film%29
http://www.gutenberg.org/files/2759/2759-h/2759-h.htm

15 comments:

  1. මේකෙ ටොරන්ට් ෆයිල් 1 කුත් දුන්න නං කියලා වැඩක් නෑ....

    ReplyDelete
  2. ස්තුතියි සත්ය කතාවට. මා මෙහි සත්‍ය කතාවක් ඇති බව දැන හුන්නේ නැහැ. කාලයක් ප්‍රංශ කතා පිස්සුවෙන් හුන් කෙනෙක් හැටියට එය අඩුවක් දෙන්න ඇති.

    ලෝකයේ රාජාවලි අතර අතිශයින් ම ගුප්ත රට ප්‍රංශය ද මන්දා. එකයි ඔවුන්ගේ කලාවේ මෙච්චර ඉස්සරහ තියෙන්නේ.

    ReplyDelete
  3. හරි රසවත් ..මමත් කැමතියි ඔය සත්‍ය ඉතිහාස යේ අහු මුළු අවුස්සන්න .

    ReplyDelete
  4. "යවෙස් ලූ මිනිසා"
    ඉස්සර ටීවී එකේ ඔය කතාව බලල තියනව...

    ReplyDelete
  5. මම නම් ප්‍රංශ කතා වලට හරි කැමතියි. එහෙත් පොත් වශයෙන් කියවා ඇත්තේ මනුතාපය හා මොනත ක්රිස්තෝ පමණයි. මටනම් ප්‍රංශය කියන්නේ ගුප්ත භාවයේ උපත. ඩූමා තමයි ඒ හැඟීම දුන්නේ.

    නැවත උනත් කියවන්න කැමතියි. මොනත ක්රිස්තෝ නම් පොත් සීරිස්‌ එක පුරා ම එකම සස්පෙන්ෂන් එකෙන් ලියවුනු කතාවක්.

    ඔව්වයේ අතුරු කතා තමයි පට්ට සිරා. බොනපාට් ආපහු එනවා කියලා මොනත ක්රිස්තෝ පාටකයෝ ඇත්තටම කලබල උනාලු [හැබැයි බොනපාට් ඇත්තටම ආපහු ආවා]. ප්‍රංශ ඉතිහාසයයි, රෝම ඉතිහාසයයි කියෙව්වොත් ඒක බොහෝ දුරට යුරෝපා ඉතිහාසය මැ කියෙව්වා වගේ. පිස්සු හැදෙන ලෝකයක්.

    ReplyDelete
  6. සුජීව,

    ඔයා ප්‍රංශ කතාවලට කාලයක් පිස්සුවෙන් හිටිය කිව්වට තාමත් එහෙමයි වගේ. :)
    එමා බෝවාරි එහෙමත් ලංකාවෙ ගොඩක් පුස්තකාලවල සිංහල පරිවර්තනය තියන ප්‍රංශ පොතක්...
    ඒ ඇරුණම මම නම් e-books කියවනව, ඩූමගෙ හුඟක් පොත් ඒ අතරෙ තියනව. ඔය මම අන්තිමට දාපු ලින්ක් එකේ...
    ආයෙම ඔය වගේ කතා තියෙන්නෙ රයිඩර් හැගාර්ඩ්ගෙ, ඊජිප්තුව ගැන. ඒවත් බොහොමයක් ඉතිහාසකතා ආශ්‍රයෙන් කරපු නිර්මාණ...
    මම නම් ඔය ඔක්කොටම පිස්සුවෙන් වගෙ ආසයි. අමාරුවෙන් උනත් e- book කියවන්නෙ ඒ හින්දා,

    ReplyDelete
  7. bindi,
    ආය ඔය වගෙ අහුමුළු අවුස්සන්න තියෙන්නෙ ඊජිප්තු කතාවල තමයි.

    හේරත්, "යවෙස් ලූ මිනිසා" මට බලන්න ලැබිල නෑ, දුකයි.

    ReplyDelete
  8. it should be Louis XIV as to the legends. Louis VII ruled france in the middle ages a couple of centuries ago his descendant Louis XIV was ever born.

    ReplyDelete
  9. thanks Nipuna, I have wrote it wrong and I corrected it, thanks again.

    ReplyDelete
  10. "යවෙස් ලූ මිනිසා", මමත් පොඩි කාලේ හරිම ආසාවෙන් බලපු එකක්. මට මතක විදියට ටය්ටස් තොටවත්ත මහත්තයා සිංහලට හඬ කවපු ෆිල්ම් එකක්.
    -露

    ReplyDelete
  11. සිංහල හඬ කවපු යවෙස් ලූ මිනිසා මම බලල නෑ, ඒත් ඒ Randall Wallace ගෙ 1998 ෆිල්ම් එක නෙවෙයි නේද?

    ReplyDelete
  12. නැහැ, සිංහල හඬ කවපු "යවෙස් ලූ මිනිසා ", 1998 ෆිල්ම් එක නෙමෙයි. මට මතක විදියට සිංහල හඬ කවලා, ජාතික රූපවාහිණියෙන් පෙන්නුවෙ, 1977 ෆිල්ම් එක.
    මට ඒකෙ යු-ටියුබ් ලින්ක් එක හම්බුවුණා.
    http://www.youtube.com/watch?v=kj4QuPsSfxk

    http://en.wikipedia.org/wiki/The_Man_in_the_Iron_Mask_%281977_film%29

    -露

    ReplyDelete
  13. ඩූමාස් කියන්නෙ ඇත්තටම පුදුම පරිකල්පන ශක්තියක් තිබුනු ලේඛකයෙක්.....චේජනා, මම මුලින්ම" Count of Monte Christo" සිංහල පරිවර්තනය කියෙව්වෙ මට මතක විදිහට වයස 13,14 වගෙ කාලෙදි....පරිවර්තනය මම හිතන්නෙ ඩේවිඩ් කරුණාරත්න මහත්මය වෙන්න ඕන.....එඩ්මන් දාන්තේ නිරපරාදෙ කසාදය හෙටයි කියල තියෙද්දි හිරේට නියම උනාම මම ඇඬුව...ඇත්තටම නම මට ඇඬුන.....ඒ තරමට දක්ෂ අයුරින් ඩූමාස් කතාව ගොතල තියනව, ඒ වගේම අපූරුවට සිංහලට පරිවර්තනයක් කරලත් තියනව.

    තව ඩූමාස්ගෙම අපූරු කතාවක් තමයි " The Black Tulip "

    රයිඩර් හැගාර්ඩ් කියන්නෙත් ඒ වගේම දක්ෂ ලේඛකයෙක්...ඊජිප්තුව ගැන ඔහු ලියපු " She " කථා මාලාව කවදාවත් කියවල එපාවෙන්නෙ නම් නෑ.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...