Monday, May 23, 2011

මා දුටු ජපානයෙන්... අසිරිමත් පුරවර...

ජපන් භූකම්පනය හා බැඳුනු සිදුවීම් අවට ලෝකය කොයිතරම් කම්පනයට පත් කළත් නියොන් එළියෙන් දිදුලන මේ අසිරිමත් පුරවරය, ටෝක්යෝව එදා වගෙමයි...
සතිය පුරාම සිය ජීවන අරගලයේ යෙදිලා සතිඅන්තය බොහෝවිට අවන්හලකින් යමක් කා බී සතුටුවන ටෝක්යෝ වැසියන්ගෙ ජන ජීවිතයත් එහෙම්මයි...

භූ කම්පනයට සාර්තකව මුහුණ දෙමින් ලොව උසම කුළුණත් ටෝක්යෝවේ උසම ඉදිකිරීමත් වන ස්කයි ට්‍රී එහි මුළු උස ලබාගෙන..., මාර්තු 18 වෙනිදා...මීටර් 634 ක්... තවම ස්කයි ට්‍රී නරඹන්නන් සඳහා විවෘත නෑ... ඒත් ටෝක්යෝ ටව‍ර් සිට බලන විට තරමක් ඈතින් රාත්‍රී අහසේ වළාකුළු අතරින් ස්කයි ට්‍රී හි දිදුලන රතු ආලෝකය පේනව දැන්...

Sky tree

Tokyo tower

මේ එක සතිඅන්තයක ටෝක්යෝවේ මේ වනවිට ඇති දෙවන උසම ඉදිකිරීම වන ටෝක්යෝ ටවර් ඉඳන් දැකපු මේ අසිරිමත් පුරවරයේ දසුන්... වෙනදා තරම්ම නියොන් එළි නොදැල්වුණත්...


ටෝක්යෝ ටවර් සිට බලනවිට පැයවිසිහතරක් ඇතුලත වෙනස්වන දසුන... ඩිජිටල් තිරයක...


මෙහෙම බලද්දි නියොන් එළි දිදුලන අපූරුව පමණක් ම පෙනෙන මේ පුරවරයේ අපි දකින පදික වේදිකාවෙ කුඩා අවන්හල් සේම පුංචි දේවල් විකුණන කුඩා කඩ ද රාශියක් මේ නියොන් එළියෙන් සැඟවිලා ගිහින්... මේ කුඩා කඩ අතර පාවිච්චි කළ විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික් උපකරණ ආදී දේ විකුණන කඩ සාප්පු බොහෝමයක් තියෙනව...පාවිච්චි කළ දේ විකිණීම සාමාන්‍ය දෙයක් වුණු ජපානයෙ පාවිච්චිකළ ඇඳුම් පවා විකුණන්න පුළුවන්.

ලෝකයේ වැඩිම ජීවන වියදමක් ඇති නගරයක් ලෙස පිළිගැනෙන ටෝක්යෝවෙ නවාතැන් ගාස්තු ඉතාම ඉහළ අගයක්... පැයකට යෙන් 600 සිට 1100 දක්වා වගෙ ගණනක් පාට් ටයිම්වලින් උපයන්න පුළුවන් ටෝක්යෝවෙ දි... ඒ වගෙම ටෝක්යෝව ආසන්නයෙ පවා නවාතැන් ගාස්තු අවම වශයෙන් යෙන් 50000 වගෙ වෙන විදුලිය ගෑස් වතුර සියල්ල ඉතා ඉහළ අගයක් වෙන ටෝක්යෝවෙ ජීවත් වෙන්න මාසෙකට යෙන් 100000 කිනුත් අමාරු තරම්...

ටෝක්යෝව කිසිසේත්ම මිහිබට සුරපුරයක් නෙවෙයි...

11 comments:

  1. ටෝක්යෝවත් ජපානයත් ගැන මට වඩා බොහෝ අත්දැකීම් ඇති ඔබට මේ සටහනට යමක් එක්කළ හැකිනම්, එය බොහෝ සෙයින් අගයනවා.

    ReplyDelete
  2. Well..haven't been to Tokyo Tower yet, even though I am living here more that two years now. But what you have said about cost of living is absolutely true. BTW, what are you doing in Japan???

    ReplyDelete
  3. නියමයි අක්කේ... මටත් ජපානෙට ඇවිත් යන්න හිතෙනවා.

    ReplyDelete
  4. මම නම් කලින්ම කිව්ව ඔන්න...
    "ටෝක්යෝව කිසිසේත්ම මිහිබර සුරපුරයක් නෙවෙයි..." :)

    ReplyDelete
  5. ලංකාව ගාවට මම ආසම රට ජපානය.
    කවදා හරි එහේ යන්න ලොකු ආසාවක් තියෙනවා.
    මේක කියෙව්වම ඒ ආසාව තවත් වැඩි උනා.
    මම අහලා තියෙනවා ජපන් මිනිසුන් ගාව උසස් ගුනාංග තියෙනවා කියලා.ඒ හන්දාමද මන්දා ඒ රට ගැනත්...එහි මිනිසුන් ගැනත් මගේ හිතේ තියෙන්නේ ලොකු හැගීමක්.

    ReplyDelete
  6. ඔයා ළඟකදි ඉඳල ආයෙම දකින්න ලැබුනම හරිම සතුටුයි,
    ඔයා ඉස්සරත් ඔය කතාව ඔහොම්ම කියල තියනව.. මම ජපානෙ පින්තූර අරගෙන ඇවිත් ජපානෙ ගැන ලියන්න පටන්ගත්තෙත් ඒ නිසාම

    ReplyDelete
  7. කාලයක් මම සේවය කලේ ජපන් ජාතිකයින් එක්ක හින්දද මන්දා ජපන් රට කෙසේ වෙතත් ජපන් ජාතිකයින් කෙරෙහි නම් මගේ කිසිම පැහැදීමක් නෑ චේජනා.... සේවය මිසක් මනුස්සකම් නම් ඔවුන් ලග අඩුයි කියලයි මම හිතන්නේ. හැබැයි ඔවුන් දියුණු වීමනම් ඔවුන්ගේම මහන්සියේ ප්‍රථිපලයක් කියන්න පුළුවන්. මොකද ඔවුන් තරම් සේවයට කැපවූ වෙනත් ජාතියක් මම දකින්නේ නෑ..... ගිහින් එන්න ආසම රටක්.......

    ReplyDelete
  8. තවත් ජපන් චාරිකාවක අරන් ගිය පොස්ට් එකට බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  9. දිල්,ජපන් ජාතිකයො කියන්නෙත් අපි වගෙම ශක්තිමත් හා දුර්වල පැතිකඩවල් දෙකම තියන මිනිස්සු...ජපානෙදි ආයතනවල සේවයකයන් සම්බන්ධව බොහෝදේ ක්‍රියාත්මක වෙන්නෙ සියල්ල නීතිගත කිරීමෙන් සහ නිවැරදිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන්...එයාලත් එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි නැත්නම්...

    ගොඩාක් ආදරණීය වගෙම කාරුණික ජපන් ජාතිකයන් නැතිවම නෙවේ.. බොහෝවිට ටෝක්යෝවෙන් ඈත අය හුඟක්ම හොඳයි...එයාල ටෝක්යෝවෙදි තරම් කාර්යබහුල නැති නිසා ද මන්ද.

    ReplyDelete
  10. ඔව්..චේජනා පහුගිය කාලයේ ලොකු චිත්ත අරගලයකයි මම හිටියේ. ඒ කාලයේ ‍බොහෝ දේ සිදුවුනා. මම නැවතත් යථා තත්වයට පත් වෙමිනුයි දැන් ඉන්නේ.ස්තූතියි මම ගැන විමසිල්ලෙන් හිටියට.

    සමහර වෙලාවට මම මේ තරම් ජපානයට කැමති - ඔෂින් - කියන ටෙලි නාට්‍යය හින්දද දන්නෙත් නෑ. ඒ මිනිසුන්ගේ උත්සාහවන්ත කමට හා ආචාරශීලි බවට මගේ හිතේ ලොකු ගව්රවයක් තියෙනවා. මට හිතෙනවා ඔයා හරි වාසනාවන්තයි කියලා ඒ වගේ රටක ඉන්න අවස්ථාවක් ලැබිලා තියෙන නිසා.

    ReplyDelete
  11. ඔෂින් - කියන ටෙලි නාට්‍යය මාත් නරඹලා තියෙනවා. මං බලලා තියෙන එකම මෙගා නාට්‍යය ඒකයි.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...