Thursday, September 16, 2010

ඈත් ඔහුත්... (ඉස්සර වගෙ... නෑ දැන්)

පායන සඳවත - නෑ නුඹ ගැන හිත
මා නොදකින ඈ -  නුඹ දකිනා හින්දා...

සුදු මුදු රළ පෙළ - නෑ නුඹ ගැන පෙම
අප පිය සටහන් - මකා දැමූ හන්දා...

දිදුලන තරුකැට -  නෑ නුඹ ලස්සන
ඇගෙ තරු ඇස් දැක - ඔච්චම් කළ හින්දා...

නීල ගගන තල - නෑ නුඹ මනකල්
ගුවන් සැතපුමක් - බොහෝ ම දිග හන්දා

නිශා ගගන තල- තරු ඇතිරිලි යට
අප හමුවන - එක ලස්සන දවසක
සුදු මුදු රළ පෙල සොඳුරුයි
ආයෙම හිතේවිදෝ මන්දා...

17 comments:

  1. නෝ කමෙන්ට්ස්......හරිම ලස්සනයි !
    (from 東京大学)

    ReplyDelete
  2. ලසනම් ලසනයි..

    ජයවෙවා

    ReplyDelete
  3. පායන සඳවත, දිදුලන තරුකැට
    සුදු මුදු රළ පෙළ ඒ ඔබමයි
    නීල ගගන තල මොන දුර වූවත්
    පෙම අභියස මම නුඹ ළඟමයි.

    ReplyDelete
  4. අදනම් මැක්සාම කවියක්...!!!
    මටනම් අපූරුයි.. කවියෙක් නොවුනත් කවි සින්දු රස විඳින්නෙක් හැටියට...

    ReplyDelete
  5. ගොඩාක් ලස්සන පදපෙලක් නංගී.

    මාත් මෙ දවස් කීපයේ පදවලින් මූදු රළ එක්ක නිසා මේ පදපෙලත් ගොඩාක් සමීපව දැනුනා.

    ReplyDelete
  6. අහසයි තරුකැට කවියට නැඟුවත්
    දුටුවේ නෑ මෙතරම් මිහිරක්

    ඇත්තට අක්කේ කොහොමද ඔච්චර
    ලස්සන ගී පදවැල් ගෙතුවේ

    ReplyDelete
  7. හැම සටහනක් වෙනුවෙන් ම ඔයාල කාටත් බොහෝම ස්තුතියි...

    ReplyDelete
  8. විහඟ ගීතය,
    ළංවෙන්න බෑ දුර ඈතයි - බැඳි සිතට නම් ළඟ පාතයි

    තිස්ස අය්යෙ, ඔයා මේ කවියට ආස වෙන බව මම දැනගෙන හිටියා...

    ගල්මල් අය්යෙ, ගාල්ල කිව්ව ගමන්ම මටත් මූදුරළ මතක් වුණා

    ReplyDelete
  9. ප්‍රාර්ථනා නංගි,

    අහසයි තරුකැට ඉස්සර වගෙමයි
    නෑ එහි කිසි වෙනසක්
    දෙදෙනා දෙතැනක ගෙවනා දිනයේ
    දුක කවිකර ලීවත්

    ReplyDelete
  10. うわー!
    どのような素晴らしい詩!
    非常に素晴らしい...

    ReplyDelete
  11. මල්ලි, මේක ඉංගිරිස්වලින් හරි සිංහලෙන් හරි ලියපු එකත් දැම්ම නම් තමා හොඳ, ඔයාට කියවන්ට පුළුවන් වුණාට මට ජපන් කියවන්න බැරිය... ;-)

    ReplyDelete
  12. චේජනා අක්කෙ මේක හරිම සිම්පල් ප්ලෑන් එකක්නෙ...
    දැන් ලෝකේ විශ්ව ගම්මානයක්නෙ...
    දැන් ඉතින් එක භාෂාවක් දැනගත්තහම ඇති...

    ගූගල් දෙයියො ඉතිරිය බලාගනියි...
    මෙන්න සබැඳිය..

    Google Translate

    ReplyDelete
  13. අක්කට ඕක කියවන්න පුළුවන් කියල මං හිතනවා...
    කමෙන්ට් එක දැම්මෙ අනෙක් අයගේ දැන ගැනීමට..

    ReplyDelete
  14. මල්ලි, මට මේ කංජි කියවන්න බෑ, සමහර අකුරු විතරයි කියවන්න පුළුවන් මල්ලි, මම ඔයාගෙ කමෙන්ට් එක නම් ඒ වෙලාවෙම කියවගත්ත translator එකකට දාල...
    තෑන්ක් යූ

    ReplyDelete
  15. You have converted the touch of love into words. this is as good as a song. again you have shown your sensitiveness.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...