Saturday, May 29, 2010

මා දු‍ටු ජපානයෙන්...කමකුරා(Kamakura)

කමකුරා ජපානයේ කනගාවා ප්‍රාන්තයට අයත් නගරයක්..ඒ වගෙම වෙරළබඩ නගරයක්..එක් යුගයක පාලන කේන්ද්‍රය වශයෙන් තිබුන නගරයක්..
පුරාණ වැදගත් නගරයක් නිසා ම බොහෝ බෞද්ධ විහාරස්ථාන කමකුරා නගරයේ පිහිටල තියෙනව...මේ මම දු‍ටුව කමකුරා නගරය ගැන පුංචි සටහනක්..

මේ නගරයෙදි මා දු‍ටු විශේෂත්වය නම් වෙරළට ඉතාම ආසන්නයේත් කඳු පිහිටා තිබීමයි.. මට එය අපේ රටට වඩා තරමක් වෙනස් යයි සිතුනා..

Tsurugaoka Hachimangu විහාරස්ථානය.. පියගැටපෙලට ඉහලින් ඔබ දකින්නෙ විහාරයයි..


එහි වහලේ කොටසක් මේ.. එහි ඇති සුන්දර කැටයම් හා වර්ණ ගැන්වීම නිසාම එය මෙහි ‍රැ‍ඳෙව්වා.




කමකුරා නගරයේ දී මම දු‍ටු ජපන් ජාතිකයන්ගේ බුදුන් වැඳීමේ රටාව ද මේ සේයා රූ අතර සටහන් වෙනව..




ජපන් ජාතිකයන් අපි වගේ මල් පුදන්නේ නැහැ... ඔවුන් මල් පොකුරක් එලෙසම
මල්බඳුනක රඳවා තබා යනව...බුදුන් ඉදිරිපිට හා විහාරස්ථානයේ
ඇතුල් වෙන තැන්වලමත් (ඇතැම් විට) හඳුන් කූරු දල්වන ස්ථානයක් තිබෙනව.. ඒ කරා ගොස් දැතින් ඒ සුවඳ දුම තමා වෙත යොමුකිරීම ඔවුන් කරනු මා දැක තිබෙනව.


මේ Daibutsu (Great Budhdha) බුද්ධ ප්‍රතිමාව...




මේ විහාර බිම තුල එක් විශේෂත්වයක් තිබෙනව, ශ්‍රී ලාංකිකයනට..
මේ විහාර බිමෙහි පසෙක පහළ දැක්වෙන සිහිවටනය ඉදිවී තිබෙනව.. හිටපු ශ්‍රී ලංකා ජනපති J.R. Jayawardhane මැතිතුමා වෙනුවෙන්...



ඉතින් මේ කමකුරා වෙරළ... බැලූ බැල්මට නම් හරිම අපිරිසිදුයි කියල ඔබට හිතේවි.. ඒත් මේ ඉවත ලූ කැලි කසල නෙවෙයි... මුහුදෙන් ගොඩට ගහගෙන ආ මුහුදු පැලැටි..







වෙසක් පෝය ගෙවී ගියා පමණක් වන මේ මොහොතේ ජපානයේ බෞද්ධ වෙහෙර විහාර ගැන තැබූ මේ සටහන මා මෙහි රඳවන්න හිතුවා...ජපානයේ මාදු‍ටු තවත් නගරයක් ගැන කුඩා විස්තරයක් ගෙන ඒමට මා දැරූ තවත් එක් උත්සාහයක් මේ..

11 comments:

  1. ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අක්කේ කරුණු බෙදා ගත්තට.
    J.R ජයවර්ධන ජනාධිපතිතුමා වෙනුවෙන් හදපු සිහිවටනේ මම දැකලා තිබ්බ ඒක තියෙන්නේ මේ පන්සලේ කියලා අද දැනගත්තේ :)

    ReplyDelete
  3. කම කූරා නොදු‍ටු අපී
    එහි ගෙන ගොස් අත ඇරපී
    තවත් රටක් හැදින ගතී
    ඇවිද්ද පය දහස් වටී

    ReplyDelete
  4. ඔබේ මතකයේ රැඳුන තැන් ගැන අපිත් එක්ක බෙදාගත්තාට බොහෝම ස්තුතියි නංගී.

    දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානය ජාත්‍යන්තර වශයෙන් කොන්කිරීමකට මුරපුරමින් තිබීඇත. මෙ පිලිබඳ පැවැති ජගත් සමුළු වලට ශ්‍රී ලංකාව නියෝජනය කලේ එවකට රජයේ ඇමතිවරයෙකු වූ JR ජයවර්ධන මහතා. ජපානයට සමාව දී ලෝක ප්‍රජාවට බඳවා ගතයුතු බව ගෙනහැර දක්වමින් කල කතාවක් පිලිබඳ මෙතුමා ජපාන ජාතිකයින්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ අයෙක්. 1952 ජිනීවා සම්මුතියෙන් ජපානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇත. එතැන් පටන් ජපන් ජනයා කල අනුපමේය කැපවීම තමා ඔවුන් ජාතියක් සේ අද දක්වා ඇවිත් ලබා ඇති දියුණුව.

    කෘතගුණ දැක්වීමක් සේ ජපන් රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගයන් බොහෝමයකි. විශේෂයෙන් JR රජය කාලයේදී.

    ReplyDelete
  5. අපූරුයි නංගි .. තුති

    ReplyDelete
  6. චේජනාගෙ සටහනට ස්තූතියි. ජපානය කියන්නෙ ලංකාව වගේම ලස්සන රටක්..

    අර ඩීන් අයියගේ සටහනට යමක් එකතු කලොත්,

    ජේ.ආර්. මහත්තයා එදා කරපු ඒ ඉතිහාසගත කතාවෙදි ධම්මපදයේ එන "නහී වේරේන වේරානී..." කියන ගාථාවත් කියලා තියෙනවා. ඒ ගාථාව රාමු කරලා ජගත් සංවිධාන ගොඩනැගිල්ලේ රදවලා තියෙනවලු තාමත්...

    ReplyDelete
  7. මා උත්සාහ ගත්ත ද ධම්මපදය මතකයට ආවේ නැහැ, බොහෝම ස්තුතියි මින්දද මල්ලී.

    ReplyDelete
  8. ස්තුතියි අක්කා මේවා අපිටත් බලන්න පොස්ට් කරපු එකට..ඔයා මේ දවස් වල කාර්යබහුල වෙලද..?

    ReplyDelete
  9. කදිම දේශාටන සටහන්...
    අර ස්මාරකයේ එක හරිම වටින පොටෝ එකක්...
    ස්තූතියි නංගී...

    ReplyDelete
  10. මා වෙනුවෙන් සටහනක් රඳවා ගියාට ගොඩක් ස්තුතියි..හැමෝටම..
    (මේ දිනවල මගේ කාර්යබහුල බව බොහෝ සෙයින් ලිවීමට ඉඩ නුදුන්නත් සිත සැහැල්ලු කරගැනීමට හා ඒකාකාරී බවින් මිදීමට මෙහි සටහනක් තැබීම සඳහා මා දිරිගන්වන්නේ ඒ සටහන් සහ මෙය කියවන පිරිසක් සිටීමයි..)

    J.R. ජයවර්ධන ජනපතිතුමා පිළිබඳ ඔබ සටහන් කර ඇති ඉතිහාස කතාව මාත් අහල තියෙනව... ඔය ස්මාරකය හොයාගෙන යන්න හේතු වුණේ එයයි..
    මා හිතන්නේ එහි ලියා ඇති සිංහල අකුරු ඔබ දකින්නට ඇති කියල..

    එහි ලියා ඇත්තේ වෛරය වෛරයෙන් නොව මෛත්‍රියෙන් සංසිඳේ කියල..

    ReplyDelete
  11. චේඡනා අක්කෙ...
    ඔයා ඉන්නෙ කනගවා වලද? මම ඉන්නෙ කනගවා වල සගමිහරා කියන සිටි එකේ.
    ඒත් තාම කමකුරා වලට නම් යන්න බැරි උනා. මේ සමර් එකේ යන්න කියලයි හිතාගෙන ඉන්නෙ.
    මෙච්චර පරක්කු වෙලා කමෙන්ට් කරනවට සොරි වෙන්න ඕන.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...