Wednesday, December 16, 2009
Friday, December 11, 2009
නිදහස..
Tuesday, December 8, 2009
පියාණනේ මම පුංචිම කාලේ ..

මේ දවස්වල ආපහු ගෙදර යන්න ළං වෙලා නිසා අමාරුවෙන් අමතක කරල යටපත් කරගෙන හිටිය අම්මගේ තාත්තගේ ආදරේ ගෙදර මේ හැමදෙයක්ම නිතරම ආපහු මතක් වෙන්න අරන්...
ඕනම ප්‍රශ්නෙකට අම්මයි තාත්තයි ළඟ විසඳුම් තිබුනු ඒ කාලෙ මොනතරම් නම් සැහැල්ලුවෙන් ගෙවුනද..ඒ වගෙම තමයි කාලෙකට පස්සෙ ඒ දෙන්නව දකින එකත්.. අම්මගෙයි තාත්තගෙයි මුහුණෙ ඇඳෙන සිනහව මතක් වෙද්දි ආපහු පුංචි කාලෙට හිත පියාඹනව..
අපි කොච්චර ලොකු වුනත් පුංචිවුන් වගේ හුරතල් වෙන්න පුළුවන් ලෝකෙ එකම තැන
එච්චරයි නෙ...
රෝස වලාකුළු ගෙනල්ල ඉල්ලුව ඒ ලස්සන අතීතෙට ආයම එකම එක දවසක්
යන්න තියෙනව නම්..
ඉර බැස යද්දී සැන්දෑ අහසේ
රෝස වළාකුළු පාවෙනවා..
පුංචි දවස්වල නින්දට යද්දී
අහපු කතන්දර සිහිවෙනවා..
දුව ලොකු වෙනවා ඔබ සැනසෙනවා..
සිහින පැතුම් මල් පීදෙනවා..
පුංචි පා නගා පියමැන යන්නට
ඔබ දුන් වාරුව හැරයනවා..
යොදුන් ගණන් සිත පියඹා ඇවිදින්
ඔබේ තුරුල්ලේ සැනසෙනවා...
පියාණනේ මම පුංචිම කාලේ
ඔබ දුන් සෙනෙහස සිහිවෙනවා...
නුඹ මුව සිනහව දුටුවම
මා සිත සහසක් අරුනළු දැල්වෙනවා..
ඉස්සර වාගෙම පුංචිම කාලෙට
ආපහු යන්නට සිත් වෙනවා...
Subscribe to:
Posts (Atom)
මංගල මුදුව
මීට සති කිහිපයකට පෙර සිට මට මගේ මංගල මුදුව සොයාගත නොහැකි වී තිබිණ. එය පැළඳගෙන සිටින අතරතුර, නිතර නිතර ගලවා ඇඟිලි අතර කරකවමින් සිටීම මගේ පුරු...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
අසම්මත බැඳුම් ලෝකය දවා හළු කරනව..ඇතැම් විට පිපෙන කැකුලු පවා.... ඒත් සොඳුරු ගීයක ගැයෙන පරිදිම සිනමා පටය මත හා සත්සර අතර එහි මිහිර හා අමිහිර ක...
-
පංසල් මළුවෙදි පයට නොපෑගෙන මහ මග වැටුනොත් තැලී පෙලී යන සුදු අරලිය මල... http://farm4.static.flickr.com/
