පොල්කරටිවලට ඉහළින් මහවරුසාව ඇද හැලේ. අතරින් පතර අකුණුසරයක සේයාවක් ඇඳී මැකීයයි. ගහකොළ අඹරවමින් ඇද හැලෙන තද වර්ෂාව නිසා පරිසරය සිසිල්ය. නොතෙමී හිඳ වර්ෂාව නරඹන රිසි නමුදු ඒ වර්ෂාවම එළියට යන්නට හරස් වේ. බොහෝ කලකට පසු මා පුටුවක මේසයක වාඩිවී කොළයක් මත පෑනෙන් සටහනක් තබමින් සිටිමි. නොලියූ සටහන පරිගණක තිරය මතම සටහන් තබන්නට හුරුවී සිටිය ද කෙමෙන් පරිගණකය හා මා අතර සබඳතාව බිඳී යමින් පවතින නිසා දෝ වරින් වර කපා කොටමින් වුව ද කොළය මතම සටහන තබන්නට සිත් දේ. මා හිස ඔසවා බලමි. ඉදිරිපස ජනෙල් වීදුරුව මත මගේම ඡායාවක් පිළිඹිබු වේ.
කාලය විසින් ජීවිත පොතේ තවත් අළුත් පිටුවක් පෙරලා ඇත. බොහෝ හැලහැප්පීම් මැද්දේ දිගු මාවතක් ඔස්සේ ගිය අධ්‍යාපනයේ ගමන තවත් නැවතුම්පළක් සොයා ගොස්ය. එය එහි සුන්දර වූද සාර්ථක වූද නිමාව දුටුවෙන් මා නැවත මව්බිමට ද නිවසට ළඟාවී සිටිමි. ඉපල් මතින් ඇද හැලෙන් හිම වැස්ස නොව පොල් කරටි මතින් ඇද හැලෙන නිම්හිම් නැති මහ වැස්ස දකින සිත සතුටින් ඉපිළේ. ජපානය පසිගිය යුගයක මතක සටහනක් වී මතක පොතේ තවත් පිටුවකට උරුමකම් කියයි. මගේ නෙත්මානයෙන් ඔබ්බේ ලෝකයේ ඇත ඉමක ජපානය තවමත් ජීවමාන බවද තදින් සිත බැඳුනු මිතුදම් කෙරේ ඇති ආශාව හා සබඳතා ද හැර, දමා ආ කිසිවක් කෙරේ ආශාවක් ද මගහැරුණු හෝ දමා ආ කිසිවක් ගැන පසුතැවිල්ලක් ද නොවේ.
උණුසුම් දකුණු ආසියාවේ ජීවන සුසුමක උණුසුම වඩාත් තදින් දැනෙන, ජීවිතය බදා වැළඳ ජීවත් වන මිනිසුන් අතර ජීවත් වෙමි. බස් රථය පුර පැතිරෙන රේඩියෝවක පාලනයෙන් තොර නාදය අපහසුවක් වූව ද ගමන කෙළවර නිවසට ළඟාවන හෙයින් ඒ ඉවසා දරන්නට හුරුව සිටිමි. උණුසුම් සෙනෙහස පිරුණු, තනිකම නොදැනෙන නිවසක විඳින, පොළවෙන් අහසට ඔසවා තැබුවාක් මෙන් දැනෙන, සුවිසල් සතුට හා සැනසුම අත්විඳිමින් සිටිමි. පෙරදා තනිකම අකුරු කරනට ලියූ 'චේජනාගේ පිටුව' වසා දමනු නොරිසියෙන් ඉඳහිටවත් සටහනක් තබන බලාපොරොත්තුවෙන් පණපොවා මේ සටහන නිමවමි.

"පෙරදා තනිකම අකුරු කරනට ලියූ 'චේජනාගේ පිටුව' වසා දමනු නොරිසියෙන් ඉඳහිටවත් සටහනක් තබන බලාපොරොත්තුවෙන් පණපොවා මේ සටහන නිමවමි."
ReplyDeleteමේකට කරුණු දෙකක් නිසා කැමතියි... එකක් බ්ලොග් එක වහන්න අදහසක් නැතිකම... දෙවැන්න අළුත් ආරංචියක්ද? :D
කාලෙකින් යමක් එක් වූ චේජනාගේ පිටුවේ සුබ ආරංචි කිහිපය සතුටකි. අපෙන් සුබ පැතුම්! ජය!
ReplyDeleteසතුටුයි අක්කේ... වැස්සක මැද්දකට වෙලා හරි පෝස්ට් එකක් දාපු එකට.
ReplyDelete"උපන් බිමට වැඩිය තැනක්...
ReplyDeleteකොහෙද තියෙන්නේ....?"
අර තිස්ස අයියගේ කතාවට මාත් එකඟයි චේජනා..." උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ..."
ReplyDeleteදිල් රටවක් කීපයකට ගිය කෙනෙක්..ඒත් අපේ මහ පොළොවේ සුවඳ ඒ එකකින්වත් විඳින්න බෑ...
සුබ පතනවා අලුත් ජිවිතයට . ජපානයේ සුන්දර මතක වගේම මව්බිම අලුත් සිතිවිලිද අකුරු කෙරේවා
ReplyDeleteමේ පොළොව හොඳ වැඩියි. ස්වභාව ධර්මයෙන් අභියෝගයක් නැති තරම්. (ඒක නිසාමද මන්දා හැමදාම ඇණ කොටා ගන්නව මිසක් මේ පොළොවෙ ජීවන මට්ටම ඉහළයෑම වෙනුවට තව තවත් පහළටම ඇද වැටෙනව).මෙහෙන් පිට ගිහින් පැමිණෙන අයට එහි වටිනාකම පෙරටත් වඩා දැනෙනව ඇති.
ReplyDeleteDear Chejana,
ReplyDeleteIts really happy to see you back with your blog.
-from 東大
ඔබගේ අධ්‍යයන කටයුතු නිමවී යලිත් මව්බිමට පැමිනීම සුබ ආරංචියක් නෙව. මේ පිටුව වසා නොතබනු ඇතැයි සිතනවා. ඉදහිට හෝ මේ වගේ යමක් ලියන්න. ඉතින් නංගියේ ඔයගෙ ඉදිරි ජීවිතය ඉතා වාසනාවන්ත වේවා! කියල සෙනෙහසින් පතනවා.
ReplyDeleteහුග කාලෙකින් චේජනා ගෙන් පෝස්ට් එකක්.
ReplyDeleteසතුටුයි නැවතත් ලංකාවට පැමිණීම ගැන.
චිත්ත රූප මැවෙන භාෂා විලාශයකින් ලියැවුන අපූරු ලිපියක්...
ReplyDeleteවෙල්කම් බැක් එහෙනම්.
ReplyDeleteමටත් ඔය අත්දැකීම ඔය විදිහටම මතකයි, හැබැයි කාලෙකට කලින්. මටත් දැනුනේ ඔයාකාරයෙන් ම තමා. අනික මගේ ඔක්කොම ලාංකීය යාළුවන් එහෙ ජොබ් වලට දාද්දි මං විතරක් ආපු නිසා මගෙත් මුළු හිතම මේ පොළොවේ පැලවුනා .
දැන් ඒ කාලය ගෙවී ගිහින් අපි මේ රටේ හැම අහුකොනක් දුක සැපක් ම විඳලා ජයේදී සතුටත් පරාජයේදී වේදනාවත් මේ පුංචි දෙවයිනත් එක්ක හැඟීම්බර ව බෙදාගෙන අද වෙනස් රටක සුන්දරත්වයක් දකින ආසාවකින් මං ඉන්නේ. කාලය මැව් වෙනසක අරුමේ.
කොයි හැටි වෙතත් ඔබට රිවර්ස් කල්චරල් ෂොක් එකකට බොහෝ විට මුහුණ දෙන්න වෙයි. ඒ වගේම ටික දිනකින් මව් බිමේ නැවුම් සුවඳ මැකී ගිහින් ඔබත් අප වගේ ජීවන සටනට ඇතුළු වුනොත් [ආපහු නොයා] ඔබට කතා කරන්නට සීයක් දේවල් තියේවි. එදාටත් මේ පිටුව ඔබ ළඟ ඉඳීවි සීතල සකුරා සමයේ හුන්නා වගේම.
ඔබට සුබ පැතුම් නංගියේ ජීවිතේ ඊළඟ ජවනිකාවට.
I read your blog after long time..It is a wonderful thought. I hope you are having the most of life there in Sri Lanka. Its happy to hear that. Good Luck with your new life, new job. Theruwansaranai
ReplyDeleteමම මේ සටහන කී වාරයක් කියෙව්වද කියල මට මතක නෑ.හිතට කියා ගන්න බැරි අමුතු හැගීමක් දැනෙනවා.සමහරවිට මමත් ඔය අත්දැකීමට මුහුණ දෙන්න ඉන්න නිසා වෙන්න ඇති.හැබැයි මගේ හිත සසල කලේම "මගේ නෙත්මානයෙන් ඔබ්බේ ලෝකයේ ඇත ඉමක ජපානය තවමත් ජීවමාන බවද තදින් සිත බැඳුනු මිතුදම් කෙරේ ඇති ආශාව හා සබඳතා ද හැර, දමා ආ කිසිවක් කෙරේ ආශාවක් ද මගහැරුණු හෝ දමා ආ කිසිවක් ගැන පසුතැවිල්ලක් ද නොවේ. " කියන ටික. ජීවිතේ පෙරලූ අලුත් පිටුවට ඉතින් මගෙනුත් හද පිරි සුභ පැතුම් සොයුරියේ.
ReplyDelete