Tuesday, July 26, 2011

නෝ රැඟුම්



කබුකි සහ නෝ රැඟුම් අතරින් වඩා පැරණි නෝ රැඟුම්,නෝ රැඟුම්වල ඉතිහාසය වර්ෂ 1336 දක්වා දිවෙනව... අශිකග සමුරායිවරුන්ගේ පාලන කාලය තුළ, රාජ්‍ය අනුග්‍රහය සහිත ව ඇරඹුණු නෝ රැඟුමට වසර හයසියයක පමණ ඉතිහාසයක්  හිමියි...නෝ රැඟුම්වලත් කාන්තා චරිත පිරිමි අය විසින් රඟන සම්ප්‍රදාය රැඳෙනව...නෝ රැඟුම්වල විශේෂ්තවයක් විදියට කියවෙන්නෙ සම්ප්‍රදායානුකූලව නෝ රැඟුම් කණ්ඩායම එක්ව පුහුණුවීම් කරන්නෙ රැඟුම් ඉදිරිපත් කිරීමට දින කිහිපයකට පෙර එක් වතාවක් පමණයිලු... නළුවන් විසින් ගුරුවරයෙකුගේ හෝ ජ්‍යෙශ්ට නළුවකුගේ සහයෙන් තනි තනිව තමන්ගේ කොටසේ පුහුණු කටයුතු කරගන්නවලු...


නෝ වේදිකාවෙත් කබුකි වේදිකාවෙ වගෙම  ඊට ආවේණික ලක්ෂණ පවතිනව... ගොඩනැගිල්ලක ඇතුලත ඉදිකලත් වහලය වෙනම පෙන්නුම් කෙරෙන ලෙස නෝ වේදිකාව ඉදිවෙනව... ජපන් සය්ප්‍රස් දැවයෙන්...  කබුකි වේදිකාවෙ වගේ වරින්වර දර්ශන පසුතලය මාරු කිරීම නෝ වේදිකාවෙ දි සිද්ද වෙන්නෙ නෑ... වේදිකාවෙ පසුපස අඳින පයින් ගස (kagami-ita) නෝ වේදිකාවට ආවේණිකයි... වේදිකාවට නළුවන් පිවිසීම සඳහා වේදිකාවෙ දකුණු පසින් පටු වේදිකාවක් (hashigakari) තැනෙනව... කබුකි රංගනයේදි හනමිචි වෙලා විකාශය වුණේ මේ හශිගකරි වේදිකාව කියල මතයක් පවතිනව...



නෝ රැඟුම්වල අමනුෂ්‍ය, භූතාත්ම පෙනී සිටින කතා බොහොමයි... නෝ රඟපාන්නන් අතරින් ශිටෙ (shite) කියල හැඳින්වෙන්නෙ මුලින් මනුෂ්‍යයෙකුත් පසුව භූතාතමයක් විදියටත් පෙනීසිටින චරිත... ශිටෙ හැමවිටම වෙස්මුහුණක් පැළඳල වේදිකාවෙ පෙනී සිටිනව... වයස්ගත චරිත, කාන්තා චරිත හා අමනුෂ්‍ය චරිත සඳහා වෙස්මුහුණු භාවිතය නෝ රැඟුම්වල විශේෂ ලක්ෂණයක්... අනෙකුත් චරිත වෙස්මුහුණු භාවිතා කරන අවස්තා හිඟයි...එයාල පියවි මුහුණින්ම පෙනී සිටිනව... මුහුණ සෙලවීමෙන් හා ආලෝකය වැටෙන අයුරු වෙනස්වීමෙන් මේ වෙස්මුහුණුවල භාව ලීලාවන් වෙනස් කරගන්න පුළුවන්ලු...

කබුකි වගෙම ඉතිහාස කතා නෝ රැඟුම්වලත් ඇතුලත් වෙනව... නෝ සංගීතයත් සම්ප්‍රදායික ජපන් වාද්‍ය භාණ්ඩවලින්, විශේෂයෙන්ම නෝ රැඟුමේදි සංගීතය සපයන බටනලාව noh-kan කියලයි හඳුන්වන්නෙ, ඒ ඇරුණම ජපන් සම්ප්‍රදායික බෙර වර්ගත් යොදාගන්නව...නෝ රැඟුමෙදි සංගීතය සපයන්නන් වේදිකාවෙ පසුපස කොටසෙ රැඳෙනව...

නෝ රංගනයත්  පාරම්පරිකව රැකගෙන එන්නක්... ඉතා කුඩා වයසෙදිම පියාගෙන් පුතාට උරුමවන්නක් ලෙස රැගෙන ආ මේ රංගනයේ සමහර චරිත වර්තමානයේදි පියාගෙන් දුවටත් උරුම වෙනවලු... වත්මන් ජපානයේ වෘත්තියමය නෝ රඟන්නන් 1500 ක් විතර ඉන්නව කියල කියන්නෙ... කබුකි වගෙම නෝ රංගනයත් කැමති අයට ඉගෙනගන්න විවෘතයි දැන්...

http://factsanddetails.com/japan.php?itemid=716&catid=20&subcatid=131
http://en.wikipedia.org/wiki/Noh
http://www.youtube.com/watch?v=ModfyW8wDvo
http://www.aug.edu/~cshotwel/2002HUMN/2002.Japan.htm
http://todaikanzeob.main.jp/kanze-e/what-is-noh/rightpage.html

12 comments:

  1. නෝ රැඟුම් දැකල නෑ. මේ හොයාගත්ත විස්තර ටිකක්.

    ReplyDelete
  2. "නෝ රැඟුම්" කිව්වම හිතුනෙ නටපු නැටුමක් නැහැ කියල... මේ තියෙන්නෙ මරු විස්තරයක්....

    ReplyDelete
  3. හරියටම අපේ කෝලම් හා නාඩගම් වගේමයි.. නැද්ද ?

    ReplyDelete
  4. බොහොම දේවල් දැනගන්න ලැබුණා.බොහොම ඉස්තුති වන්ත වෙනවා.samurai වරු ගැන විස්තර ටිකක් ලියනවනම් අගේ කරනවා.

    ReplyDelete
  5. නියමයි අක්කේ... ඇත්තටම මාත් හිතුවේ නෝ රැඟුම් කියනකොට නැටුම් නැති සංවාද වගේ යන මොකක් හරි වෙන්න ඇති කියලා. බලාගෙන යද්දී නෝ කියන්නේ නමක්නේ....

    ReplyDelete
  6. ගොඩක් විස්තර දැනගත්තා. මමත් මේව දැකල නම් නෑ නංගි. හරියට අපේ රූකඩ වගේද? කියලත් හිතුනා. සමහර රූකඩ සන්දර්ශණ වල භූත ආත්ම ඉන්න නිසා. මේවයෙ ඇත්තටම රඟනවානේ. ස්තූතියි!

    ReplyDelete
  7. කබුකි හා නෝ රැඟුම් ගැන මගේ දැණුම ඉතා අල්පයයි. ඔබේ ලිපි දෙකෙන් ඒ ගැන ලොකු විස්තරයක් දැන ගත්තා. බොහෝම ස්තුතියි නංගී.

    ReplyDelete
  8. වටිනා කරුණු සහිත ලිපියක්
    අර යට ඉඳල දෙවනි පින්තූරෙ තියන වෙස්මූන mitsubishi fuso සලකුන වගේ... :)

    ReplyDelete
  9. බලන්න එන්න ඕන දවසක.

    ReplyDelete
  10. ඇත්තටම ගොඩක් වටින ලිපියක් අක්කේ...
    ගල්මල් අයිය කිව්ව වගේ ලොකු විස්තරයක් දැන ගත්තා... අක්කා මූලාශ්‍ර ටිකත් සඳහන් කරල තියෙන නිසා තවත් විස්තර දැනගැනීමේ පහසුව ලැබුණා... නවකයන්ට ඒක හොඳ ආදර්ශයක්

    ReplyDelete
  11. හැම රටකම ඒ ඒ ජන කොටස් වලට ආවේනික වූ සාම්ප්‍රධායික කලාවන් මොන තරම් තියෙද..
    ඒත් ඒ හැම කලාවකම ඉතාම සුලු හෝ සමානකමක් පවතිනවා..රටවල් වෙනස් උනත්.
    මේ ලිපිය කියෙව්වම ...ඒ අදහස තව දුරටත් තහවුරු උනා.

    ස්තූතියි..චේජනා දැනුම අපටත් දුන්නට.

    ReplyDelete
  12. විවිධ රටවල්වලට ආවේණික සංස්කෘතික අංග අතරෙ සමහර වෙලාවට ළඟ සමානකමුත් ඇති නේද? කෝලම් හා නාඩගම්වලට මේ රංග ශෛලීන් දෙක සමානකම් පෙන්නනෙ ඒක වෙන්න ඇති.

    අරුණි අක්ක, බලන්න එනව නම් ජපානෙ අර ඔයා කියන විදියට තමන්ගෙම ප්ලැන් එකක් හදාගෙන ඇවිත් බලන්න පුළුවන්, කබුකි එහෙමනං දැන් අනිත් රටවල්වලටත් ගිහින් පෙන්නව, යුරෝපෙට ගිහින් පෙන්නන විස්තර එහෙම මම දැක්ක,

    හැම කමෙන්ට් එකකට ම ගොඩාක් ස්තුතියි,

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...