Sunday, April 25, 2010

ප්‍රේමය පුද දී අවසානයි..




අසම්මත බැඳුම් ලෝකය දවා හළු කරනව..ඇතැම් විට පිපෙන කැකුලු පවා....
ඒත් සොඳුරු ගීයක ගැයෙන පරිදිම සිනමා පටය මත හා සත්සර අතර එහි මිහිර හා අමිහිර කැටි කරගත් නිර්මාණ බොහෝමයක් බිහිවෙනව...සත්සර අතර ඒ සොඳුරුයි..
මේත් ඒ වගෙම අසම්මත බැඳුමක් සත්සර අතර ගැයෙන අයුරු.. එහි සංවේදී පද මාලාවත් එය ගැයෙන සංවේදි ස්වරයනුත් මසිත එයට ඇද ගත්තා..
සත්සර අතර මා විඳි ඒ මිහිර ඔබටත් විඳිය හැකිදැයි බලන්න....

ප්‍රේමය පුද දී අවසානයි..
ඔහු සතු වී කාලය බෝමයි..
නොලැබෙන මා නොපතන්න..
තහනම් සෙවණින් යන්න...

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි..
තහනම් සෙවණේ... ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න..

එක වදනක් පවසන්නම්... එය හදවත හඬවයි නම්...
මා වෙනුවෙන් නොහඬන්න... ජීවිතයට ඉඩ දෙන්න...
ඔය කී ලෙස මතු ඉන්න…. දිවුරුම් නම් බෑ දෙන්න....

ආදරයක් තියෙනව නම්.... දෙනෙතින් පිළිතුරු දෙන්නම්....
මට නොපෙනී පිට වෙන්න.... නොහඳුන කෙනෙකුන් වෙන්න...
ගත ගෙනයන්නම් දුරක.. සිත නම් බෑ ගෙනයන්න..


අහන්න මෙතනින්...



ගීතයට දායක වූවන් ගැන මා දන්නේ නෑ, සමාවෙන්න... ඔබ දනී නම් සටහන් කර යන්න..

52 comments:

  1. මේ ගීතය දවස් දෙකක්ම වාහනේ යන ගමන් ඇහුණ.බෙහෙවින් හිත් ගත්තා මෙම ගීතය.
    ගායකයා නම් චාමර වීරසිංහ. ගායිකාව නම් දන්නේ නැහැ අක්කේ.

    ReplyDelete
  2. මල්ලි, රාජිකා කියල clip එකේ තියනව.. ඒත් මම මුකුත් ම දන්නෙ නෑ.. සින්දුව නම් මගේ හිතේ නැවතුනා...

    ReplyDelete
  3. ඔව් අක්කේ. මමත් දැක්කා එහෙම නමක් සටහන් වෙලා තියනව. සමහර විට නවක ගායිකාවක් වෙන්න ඇති. බලමු ඒ ගැන දන්න කවුරු හරි ඉඳීද කියල.

    ReplyDelete
  4. කලිනුත් ඇවිත් ඔයා ලියපුව කියවල ගියාට ඔයාගෙ පි‍ටුවට එකට එකතු වෙන්න ලින්ක් එකක් දැක්කෙ නැහැ. සමාවෙලා කියල දෙන්න. මගෙ මෙ ගැන දැනුම හරිම අඩුයි.
    ගීතය නම් අහුවෙ අදයි නංගී. නංගියෙක් කියල හිතනවා. ඔය තිස්ස අය්යගෙ පි‍ටුවෙ හරි හරියට වාද වෙනවා දැක්කා. නියමයි.

    ReplyDelete
  5. හරිනෙ. මේ දැන් හොය ගත්තා.

    ReplyDelete
  6. අක්කි,
    හරිම සතු‍ටුයි, මට තවත් අක්ක කෙනෙක් ලැබිල..
    මම ත් සින්දුව ඇහුවෙ අද..:) ලස්සන නිසාම තමයි share කරගන්න හිතුවෙ...
    (අපෝ.. තිස්ස අය්යත් එක්ක වාද වෙලා නම් දැන් ඉවරයි...)
    පුළුවන් වෙලාවට එන්න... ස්තුතියි ආවට...

    ReplyDelete
  7. පද මාලාවනම් ගොඩක් ප්‍රබලයි..
    ඒත් බොහොම සාම්ප්‍රදායික මනුස්සයෙක් වෙන මට ඒ සංගීතයත් ගායනයත් පදමාලාවට සාධාරණයක් කළා දැයි සැක හිතෙනවා..

    සමාවෙන්න. ඔබේ රසිකත්වයට බාධාකළානම්. ඒ මගේ පෞද්ගලික අදහසක් පමණයි.

    උදේ ඉඳන් මේක දිහා බල බලා ඉන්නවා .. මොකද්ද ලියන්නේ කියලා හිත හිතා. අන්තිමේදී හිතුවා හිතේ තියෙන ‍ඇත්තම දේ ලියල යනවා කියලා. ඒකයි.

    ගීයට ඔබේ පූර්විකාවනම් සිතට දැනෙන ලෙස ලියැවී තියෙනවා චේජනා.ඒකෙ ආයෙ දෙකක් නෑ.

    -ජය

    ReplyDelete
  8. @නෙතු :
    පොඩි නිවැරදි කිරීමක්.. ඔයා 1975 ට මෙහා ඉපදුන කෙනෙක් නම් තිස්ස අයියා නැතිව තිස්ස මාමා හරි අන්කල් හරි කියන්න..
    නොදන්න හිංදයි කියාදුන්නේ.

    ReplyDelete
  9. යෝගි,
    සංගීතය ඒ පද මාලාව ට එතරම්ම සාධරණයක් ඉ‍ටු කර නෑ. එතනදි මා ඔබට එකඟයි.. මම "එහි සංවේදී පද මාලාවත් එය ගැයෙන සංවේදි ස්වරයනුත්" කියල ලිව්වෙ ඒ නිසා..ඒ කටහඬවල් දෙක නම් ඒ පද වගෙම සංවේදියි කියල විතරයි මම එතනින් කිව්වෙ..
    කොහොම වුනත් ඔයාට හිතෙන ඇත්තම දේ ලිව්ව ට නම් මගෙ කිසිම අමනාපයක් නෑ.. අද වගෙම හැමදාමත් ඒක ට නම් මම කැමතියි... මම අහන්න කැමති කෙනෙකුට හිතෙන ඇත්තම දේ...

    ඒත් මට නම් පලමු වතාවෙම හිත ගන්න මොකක්දෝ ආකර්ශනයක් ගීතයෙ ඇති බව දැනුනා....ඒ මට දැනුන හැටි..

    ReplyDelete
  10. යෝගි,
    සමාවෙන්න කියන්න එපා, ඔබේ විමසුම මට ඇසිය නොහැකි නම් මම විමසුම්වලට ඉඩ නොදිය යුතුයි..
    මම ඊට ඉඩ දෙන්නේ ඕනෑම විමසුමක් මට පිළිගත හැකි නිසා..

    ReplyDelete
  11. වේජනා අක්කේ,
    මේ ගීතය මං අහම්බෙන් එකම එක දවසක් ඇහුවෙ.එත් එකේ මුල් පද හතරම මට මතක හිටියා.මේක හොයා ගන්න ඔනා කියලා මං හිතාගෙනමයි හිටියේ.දැන් ඉතින් ඒක හරි.ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ...

    ReplyDelete
  12. මේ වගේ ගීතයක් දෙන වෙලාවකදී ලොකු අයිය කරනවා වගේ මොකක් හරි player එකක් Embed කලොත් කට්ටියට ‍ගීත ටික මෙතැනම ඉඳලා අන්න පුළුවන් වේවි නේද ?

    ReplyDelete
  13. නංගි,
    කණට වැටෙනවත් එක්ක ම හිත ට යන මේ යයි කිව නොහැකි ආකර්ෂනයක්
    මටත් දැනුන.......ඒ නිසා තමයි මේක මෙතනට දැම්මෙ..

    ReplyDelete
  14. යෝගි, මම ඒක download කරල මෙතන paste කරන්න උත්සාහ කලා.. ඒත් ඒක download කරන්න බැරි වුනා..ඉතින් අන්තිමට මම link කළා..

    ReplyDelete
  15. යෝගි, player එකක් එම්බෙඩ් කරන්නෙ කොහොමද? කරදරයක් නැත් නම් ඉඩ තියෙන වෙලාවක කියන්නකො..

    ReplyDelete
  16. චේජනා අක්කා- Youtube Video එකට යටින් Embed කියලා බොත්තමක් ඇති. ඒක එබුවහම එන code එක අවශ්‍ය තැනින් paste කරන්න.

    ReplyDelete
  17. හරිම බලගතු පද පෙළක්... නමුත් මට පොඩි ගැටලුවක් තියෙනවා. ගීතය සදහා යොදා ගෙන තියෙන සංගීතය කොයි තරම් දුරට ගැලපෙනවද කියන එක... වචන ටික ගැන හිතන එක නැවත්තුවොත් මටනම් හොදට නටන්න පුලුවන් ඔය සිංදුවට... නමුත් විරහව, බලාපොරොත්තුව කියන්න්නෙ නටන්න ඕනේ කාරණයක්ද...

    ReplyDelete
  18. රේවන් මල්ලි,
    ඒක කළා... හරි thank you

    ReplyDelete
  19. මින්දද,
    ඔයා හරියටම හරි...ඒත් මොකක් හරි හේතුවකින් සංගීතය අබිබවා පද වැල මගේ සිත හරහා ගමන් කළා..පද වැල සංවේදී නිසාම වෙන්න ඇති ගීතයට මගේ හිතේ නවතින්න පුළුවන් වුණේ....මොනව කරන්නද.. ඔයා මතු කරන තර්කයෙදි මම නිරුත්තරයි..

    ReplyDelete
  20. මේ ගීතය ගැන මටත් රේවන් දවසක් කිවුවා අක්කේ...... පද පෙල කියෙවුවට පස්සෙ අහන්න ඉතුරු වෙන්නේ එකම එක දෙයයි..... ප්‍රේමය සම්මත හෝ අසම්මත විය හැකිද? මට අනුව නම් ප්‍රේමය ප්‍රේමයමයි....... එහි සම්මතයන් අසම්මතයන් සමාජය විසින් ඇති කල ඒවා පමණයි...... ලස්සන ගීතයක් අක්කේ... ස්තුතියි ඔයාට......... විරහව දැනෙන විදිහ අපූරුවට ලියපු ගීතයක්......

    ReplyDelete
  21. me sinduwa maru... maat hoya hoya hitiye... nitarama wage Ridam fm eke yanawa.
    ah. Chamara Weerasinha da kiyanne? mama danan hitiye nee ne...
    Sati keepayakata kalin mama online dl sites walin mehi lyrics & .mp3 hewwat hamba une nee.

    2nd verse eka kiyanna boy neda? (1st verse eka kiyanne girl.)Aaadaraye duka ohuge hadinma danenawa..
    gaanu kohomat polu tiyanna dassayi ne... (Mama aadaraya kala kenat giya awrudde di banda; itin mama duk wunaa.aduwa...mama tani wunaa kiyalaa... namut dannam ehema nee; peraluna patta hodayi kiyala satutin innawa... dan tamaa NIDAHASA rasa widinne...)
    Kohoma unat aadaraya andayi!
    So beware of Love!!! Hikz...

    ReplyDelete
  22. සිංදුව හරිම ලස්සනයි චේජනා..
    මම හෙව්වට මට හම්බවෙන්නේ නැහැ අලුත් සිංදු
    බොහෝම ස්තූතියි!!!!! ඒ නිසා ඔයාට
    @යෝගී
    අලුත්ම රස්සාවත් හොදයි..

    ReplyDelete
  23. විශ්මි නංගො, ප්‍රේමය සම්මත හෝ අසම්මත නෑ.. ඒත් බැඳීම් නම්....
    මමත් හිතන්නෙ පද පෙළ තමයි බලෙන්ම හිත ළඟ නවතින්නෙ..

    ReplyDelete
  24. නිරන්ජන්, lyrics නම් මම ලිව්ව.. ඒත් mp3 නම් මම දන්නෙ නෑ..
    දෙවනි කොටස ඔහු ගයනව.. ඉන්පසු දෙදෙනා මාරු වෙමින් ගයනව...

    ඔබේ කාන්තාව ගැන අදහස නම් මම බොහෝ සෙයින් විවරණය කරන්නෙ නෑ...

    'සිව්මැලි මාසිත තලා පෙලා රවටා...
    සිව්සැට මායම් ඔබයි කියා දුන්නේ...
    මියුලඟනක වූ මා මුදු හද රිදවා
    වෛර කරන්නට ඔබයි කියාදුන්නේ...'

    ඇය එසේ නොකියයිද කියල නම් මම අහනව....
    ‍රැවටීම මිනිස් වර්ගයා ම ගැහැනු හෝ පිරිමි වශයෙන් භේදයක් නැතිව කරනව...එහි වරද කොතනද කියල විමසන්න මට බෑ...

    ඒත් අතීතය කාලයේ වැලි තලාවෙන් වැසී යද්දි වර්තමානයේ සතුටින් ජීවිතයට ඉඩ දෙන්න...

    ReplyDelete
  25. නිමන්ති අක්කෙ,
    සතු‍ටුයි....සින්දු වැඩිය අහන්න වෙන්නෙ නෑ කියන ඔයාට අලුත් සින්දුවක් හොයා දෙන්න ලැබුනට

    අක්කෙ, යෝගිගෙ අලුත්ම රස්සාව නම් ශෝක්, අනුන්ගෙ වයස ගැන සාස්තර කියන එකයි... ඒ අනුව ඒ අයට කතා කරන්න ඕන විදිය කියල දෙන එකයි...

    (යෝගි මම මෙහෙම කිව්වට ඔයා ලොකු අය්ය වගෙ පළිගන්න එකක් නෑ නෙ..:D )

    ReplyDelete
  26. යෝගියා කිව් දෙයක් වැරදුනේ නැත !
    මේ ඒක නෙමේ.. හැබෑටම කෝ මේ දඩිං බිඩිං දොඩං ඈ..
    අධික වැඩ කියලනං කිව්වා. ඒත් ඉතිං මට බැන බැන පුෂ්ප වන්දනාවේ යනවද මංදා.

    පොලිස් නිවේදන
    =======================
    ගී ලියන මුදියන්සේලාගේ දොන් තිස්ස ‍දොඩන්ගොඩ නැමැත්තා දින දෙකක සිට ආගිය අතක් නොමැත. අවසන් වරට දකිනවිට හැඳසිටියේ අත් නැති රතුපාට බැනියමකි.කලිසමක් හෝ සරමක් ඇඳසිටියේදැයි අනුමාන ව‍ශයෙන් කිව නොහැකිය.

    රටඉඳි බීමක් බී පාර පුරා බෙලෙක් ටින් වලට පයින් ගසමින් , ගල්මල් සූරමින් "පරණ සිංහල සිංදු" කියමින් අබුඩාබියේ වීදිවල ඇවිදිනු දැක ඇති මුත් ඊ‍ට පසුව කිසිදු ආරංචියක් නැත.

    දත් බුරුසුව ගේන්නට ‍අබුඩාබියේ සමූපකාරයක් සෙවූ බවට දැන් තොරතුරු ලැබෙමින් පවතී..

    වයස අවුරුදු 58ක පමණ වූවද වයස නොපෙනේ.. උඩු රැවුල වවා ඇත. වම් කම්මුලේ ලපයක් ඇති අතර සිනාසෙනවිට හක හක ගාමින් එක දේකට පැය බාගයක් පමණ සිනාසේ.
    තොරතු‍රක් වෙතොත් මහරගම පොලිස් ස්ථානය‍ට හෝ පහත දුරකතන අංකයට දැනුම් දෙන්න.
    00941122222222

    ReplyDelete
  27. @යෝගී...:
    අනේ?

    තොරතුරු වලට තෑගි මුදල් එහෙම නැද්ද?

    ReplyDelete
  28. මහරගම පොලිසියට ලැබෙමින් පවතින තොරතුරු.....කවි කොළකාරයෙක් කවි කළ අයුරු මෙසේයි...

    ඔය වගෙ මිනිහෙක් යෝගියො කිය කිය පෙරේද රෑ නම් කැගැහුවා..
    බීලා හිටියේ වැටෙන තරමට ම ඒත් කෙක්ක නම් තිබුනෙ අතේ..
    රන්මැලි සෑයයි මිරිසවැටිය දෙක කඩපු මල්වලින් දැනුත් වැසේ..
    අනේ මහත්තයො අරගෙන යන්නකො පුදුම වදයක් නෙ මේක අනේ..

    ඒ අතර ම තවත් දුරකතන ඇමතුමකින් කියවුනේ ...
    සොහොයුරන් බවට හොඳින්ම අඳුනා ගත හැකි දෙදෙනෙකු ම අවේලාවේ මල් කඩමින් සිටිනු දු‍ටු බවයි...

    මේ තොරතුරු සියල්ල විශ්ලේෂනයෙන් පසුව මහරගම පොලිසියේ තීරනය මෙසේයි..

    මේ දෙදෙනා ම එකිනෙකාට හොරෙන් රාත්‍රියේ මල් කඩන අතරම එය දැන් අන්තර්ජාතික ප්‍රශ්නයක් බවට පත්ව ඇත.. එක මල් වට්ටියක් කැනඩාවේ සිට චේජනා නම් වන කෙනෙකුට ජපානයට ද ලැබී ඇත.. ඒ නම් මේ ගී ලියන මුදියන්සේලාගේ දොන් තිස්ස ‍දොඩන්ගොඩ නැමැත්තා විසින් කඩන ලද්දක් බවට පැහැදිලි සාක්ෂි ඇත...
    ඒ නිසාම මේ පැමිණිල්ල මින්පසු අන්තර්ජාතික පොලිසිය විසින් මෙහෙයවන අතරම..
    මේ දෙදෙනා දු‍ටු සැනින් අතඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ..
    කිසිවිට ජංජාලයට ඇතුල් විය නොහැකි කුටිය දෙකක් මේ දෙදෙනා වෙනුවෙන් සූදානමින් පවතී..
    දෙදෙනා එකට සිටියහොත් නැගෙන ඝෝශාව නිසා පොලිසියේ අනෙක් කටයුතු ඇනහිටින බැවින් එය කළේ යයි දත යුතුය..

    ReplyDelete
  29. නංගී, මේ ඉදිරිපත් කිරීමෙන් කර උත්සාහය ගැන සතුටුයි. ලස්සන පදමාලාවක් ඇති ගීතයක් (තවම හරියට අහන්න ඉඩක් ලැබුනේ නැහැ)

    ReplyDelete
  30. ඉඩ තියෙන විදියට පස්සෙ අහන්නකො අය්යෙ, කවදාවත් පාඩමක් ඉගෙන නොගන්න මමයි, මේ අය්යල මල්ලිල ටිකයි ලියවන් දේවල් ටික කියෙව්වම ආයෙ කොහෙද සින්දු අහන්න වෙලාවක් නේ... :)

    ReplyDelete
  31. යෝගි, මම ලියපු විදියට ම ඔයා සිනා මලක් නම් ගෙනාවා..
    මේ සිනා මල් නිසා.. මට අලුත්ම පාඨකයෙක් ලැබිලා.. බංගලාදේශ ජාතිකයෙක්..
    මම මේව කියවල හිනා වෙනව දැකල දැන් හැම post
    එකක්ම සහ මම හිනාවෙන කමෙන්‍ටුත් ඉංග්‍රීසියට පරිවර්තනය කරල ඔහුට තේරුම් කරන්න වෙලා..
    ( ඒ හින්දා මීට පස්සෙ මම දන්න ඉංග්‍රීසි ටිකෙන් පරිවර්තනය කරන්න පුළුවන් දේවල් විතරක් ලියන්න හොඳේ..)

    ReplyDelete
  32. හහ් හා චේජනා දැන්නම් ඉතින් මට නම් මොනවත් නොලියම බැහැ..මහරගම පොලිසියේ වාර්තාව ශෝක්..
    මෙන්න මට හිතෙන දේ

    දැන්වීමයි..!!
    1. යෝගියා තිස්ස අයියාට කියන්නේ අයියාය..
    2. 1975 මෙහා ඉපදුන අයට තිස්ස අයියාට මාමා හෝ අන්කල් ලෙස කථාකරන්නට යැයි යෝගියාම පවසයි ..
    3. මමද 1975 ට මෙහා ඉපදුන අයෙක්මි.
    4. තිස්ස අයියාට අයියා කියන යෝගියාට මට මල්ලී කිව නොහැකි බව එවිට හොඳින්ම පෙනෙන කාරණයකි..

    එම නිසා යෝගියාටද මම මින් පසු මාමා කියමි.:D
    කැමති නම් අයියා වුවද කිව හැක..ඒ මගේ කැමැත්ත පරිදිය

    ReplyDelete
  33. යෝගි අංකල් පැමිණ නිමන්ති අක්කාට පිළිතුරු දේ යයි සිතමි.
    දැනටමත් මහරගම පොලිසියට ගෙන ගොස් නැත්නම්..

    ReplyDelete
  34. පළවෙනි රූපෙන් පෙනෙන්නේ දෙන්නා අත් බැඳ ඉන්නව...
    දෙවනුව ගීයෙන් කියන්නෙ තහනම් ගස් ගෙඩි බුදිනව...
    දෙකක් දාල ඉන්න මෙමට ඉන්න නොදී අවුස්සනව...
    තොරණෙ විස්තරේ කියනව ඕං ඉතින් අහගන්නව...

    මනුස්සයෝ නින්දට ගිය වෙලාව ආවම හැංගී...
    ගත්ත, කෙක්ක, වට්ටිය, යයි ඇඟිලි තුඩින් මූ නංගී...
    මෙච්චර මේ තරුණ මෙමට කියයිනෙ මූ මාමන්ඩී...
    උඹටත් කාලය ඇවිල්ල, දාගන් හොඳ කන්ණාඩී...

    අනුන්ගේ රූ කොපි කරලා විකුණයි මූ මුගේ කියා...
    ඇල්ලුව දවසක් පොලිසියෙ ගල්කිස්සේ හිරේ ගියා...
    අහල, අහල, හිරේදි ඔය නිවේදනම පොලිස් මෙයා...
    බෝ පැලයක් වාගේ මෙමට ගහනව කුණු කාඩ් ඔයා...

    ඇල්ගි කියා වවලා තණකොල ජපන්නු රවට්ටනව...
    බොරුවට පෙන්නා සෝකය අප සැම රවටනු හදනව...
    ඔයිට වඩා පත්තිනි අම්මලා මං යස දැක තියෙනව...
    මීට පස්සේ මල් වෙනුවට උණු උණු ලෑතර එවනව...

    දෙයියංපා නිමන්තිගේ මොලේ යසට මෝදු වෙනව...
    පෙනුමෙන් ඕකා අපහට මාම නෙමෙයි මුත්ත වෙනව...
    අන්තිමේදි මගෙ නොම්මර එක මා වෙනුවෙන් ඉන්නව...
    තොරණෙ විස්තරේ ඉවරයි, පුවක් නැතුව විටක් කනව...

    ReplyDelete
  35. මම මෙලෙස කිව්වේ
    මම යෝගියා අමතන ආකාරය පිලිබඳව මට සිතුනදේ මිස
    අන් කිසිවකුට එසේ කරන්නැයි බල කර සිටීමට නොවේ..
    ඒ බව සියලුදෙනාම කරුණාවෙන් සලකත්වා..!!!!!!!!!!

    ප.ලි. මට ඉතාමත්ම හොඳ මල්ලී කෙනෙකු ලැබී ඇත..ඒ ගැන මම සතුටු වෙමි..!!!!!!!

    ReplyDelete
  36. @යෝගියෝ
    මේ අර මල් මන්දිරේ අංකය නෙවෙයි කියලා හොඳටම විශ්වාසද.??
    මෙහෙම තියන්නේ..එහෙම මන්දිර වල අංක..
    පරිස්සමෙන්

    ReplyDelete
  37. දෙකක් දාල ඉන්න ගමන් අය්යා අද කවි කියනව
    මේව දැකල හිනා වෙද්දි රට්‍ටු පිස්සුදැයි බලනව
    එකා දෙන්න හොරෙන් හොරෙන් තොරණ ළඟට දැන් ඇදෙනව
    මෙහෙම ගියොත් ඔක්කොමලට රස්සාවල් නැතිව යනව

    අය්යත් නංගිත් දෙන්න ම කරන්නෙ එක රස්සාවයි
    විදිය වෙනස් ඒත් ඉතින් දෙන්නම ජපනුන් රවටයි
    යක්කු ඉතින් කොහොම කළත් කැතම කැතයි කලුම කලුයි
    මල් මොකට ද ආයෙත් මට උණු උණු ලෑතරම හොඳයි

    ReplyDelete
  38. චේජනා අක්කේ....... බැඳීම් වලට නම් දීල තියෙන්නෙත් සමාජයමයි අක්කේ........ ප්‍රේමය විවාහය කියන සමාජ රාමුවට කොටු වුනාම ඒක සම්මත බැඳීමක්....... ඒත් ඉන් එහා දේවල් අසම්මතයි..... සම්මතයන් අසම්මතයන් වගේම හොඳ නරක කියනදේත් සාපේක්ෂයි නේද අක්කේ...... නරකයි කියල දෙයක් ඇති වෙලා තිබුනේ නැත්නම් හොඳට පැවැත්මක් තියෙයිද? මේ ගීතය අහද්දි මින් කියවෙන පෙම්වතුන් ගැන ඇති වෙන්නේ අනුකම්පාවක්..... සමාජ සම්මතයන්ට හිර වෙලා ප්‍රේමය දුක් විඳිනවා......

    ReplyDelete
  39. මේ ගීතය අහන කොට මගේ ළඟම හිතවතෙකුගෙ කතාව මගේ ඇස් ඉස්සරහ මැවිල පේනව. මේ ගීතයෙ තියෙන විදිහටම විවාහ වුනු කාන්තාවක්. ඇත්තටම ඇය ඔහුගෙ ටියුෂන් ගුරුවරිය.
    ඇය සමග පෙමින් වෙළුනු ඇයට වඩා සත් අවුරුද්දක් ලා බාල කොලු ගැටයෙක්, මගේ විශ්ව විද්‍යාල සගයෙක්.
    කෙනෙක් තර්ක කරාවි මේක රාගය,ආශාව මත රැඳිල තියෙන ආදරයක් කියල. ඒත් මම ඇස් දෙකෙන්ම දැකල දෙන්නගෙම කතාබහට ඇහුම්කන් දීල තහවුරු කරගත්තු උත්තරීතර විදිහෙ ආදරයක්.
    අවසානයක් වත් අවසානයක ආරම්භයක් වත් නොපෙනෙන,නූල කැඩුනු සරුංගලයක් වගේ කාලයත් සමග ගසාගෙන යන රහස් ආදරයක්.
    ජපානය වගේ විවෘත සමාජයක් තුල උනත් අසම්මත ලේබලය ඇලවුනු දුක හිතෙන කතාවක්.
    මේ ගීතය ජපන් වලින් තිබුනනම් ඒ දෙන්නටත් අහන්න දෙන්න තිබුන. ඒ ඇහුවත් දෙන්නම අඬන තත්වෙකින් කෙළවර වෙන නිසා සමහර විට නොදෙන්නත් ඉඩ තිබුන.
    මට හිතට එන දේ වචන වලට ගොනු කරගන්න බෑ. සමහර විට මගේ Comment එක අවුල ජාලයක් වගේ හැඟෙන්න පුලුවන්. එහේ වුනොත් සමාවෙන්න.
    ඒත් යාළුවො දෙන්න වෙනුවෙන් මෙතන මොන්ව හරි ලියන්නම ඕන කියල හිතුනු නිසා ලිව්ව.

    ReplyDelete
  40. හැම දෙයක් ම සාපේක්ෂයි නෙ නංගි.....ඒත් බැඳීම් අසම්මත වුණාම ඒ හරහා තවත් ප්‍රශන් ගොඩක් නිර්මානය වෙනව.. සමහර වෙලාවට මුකුත් ම දන්නෙ නැති පුංචි දරුවො ඒවයෙ වන්දි ගෙවනව... ඒකයි ප්‍රශ්නෙ..
    ගීතයෙ කියවෙන පෙම්වතුන් දෙන්න ගැන නම් හරිම දුකක් දැනෙනව... ඒ තරම්ම ඒ ගී පද ලස්සනයි...සංවේදියි..

    ReplyDelete
  41. මතක මංපෙත, මම මේකෙ කියල තියෙනව වගෙම ජපන් මිනිස්සු ගැන මගෙ අත්දැකීම් අඩුයි.. මම ඒ අය සමග මුහු වෙනව හුඟක් අඩු නිසා...ඔය වගේ පෞද්ගලික කාරනා තේරුම් ගන්න තරම්ම්.. ඒත් ඔයාගෙ කතාව ඇහුවම නම් මටත් ඒ පෙම්වතුන් ගැන දුක දැනුන..ඒ දෙන්න ආදරේ කරන නිසා.. ඒත් ඒ බැඳීම සමහර වෙලාවට තව පුංචි දරුවෙකුට දෙන්නෙකුට ත් දුක වේදනාව ගේනවද කියල මට හිතෙනව...

    ReplyDelete
  42. චේජනා අක්කෙ!!! මගේ අලුත් පොස්ට් එකේ මේ පිටුවට ලින්ක් එකක් දැම්ම. අවුලක් නෑ නේද.

    ReplyDelete
  43. චෙජනා අක්කා මම මෙක දැක්කෙ මතක මං පෙත ගෙ බ්ලොග් එකෙ තිබිලා.. ලස්සන සින්දුවක් නිසා අහන්න ආවෙ.. එත් කමෙන්ට් ටික දැක්කහම සින්දුව බාගන්න දාලා මෙක බැලුවා.. යොගිගෙ බ්ලොග් එකත් හොයාගෙන එකතු කරගත්තා...

    ReplyDelete
  44. චෙජනා අක්කා.. චාමර විරසිංහව පහත් කරනවා කියලා හිතන්න එපා.. යොගි අයියා කියපු දෙ ඇත්ත... ගායනයයි, සංගීතයයි ගේය පදවලට ලොකු අසාධාරනයක් කරලා තියනවා කියලා මට දැන්නවා..මෙකට ඩාන්ස් කරහැකියි... කසුන් කල්හාරට වගෙ හම්බ උනා නම්.... අපිට ලොකු විනාශයක් වෙන්නෙ....හික්ස්.. ස්තුති අක්කා..

    ReplyDelete
  45. මතක මංපෙත

    අනේ නෑ මල්ලි, ඇත්තට ම ස්තුතියි... ඔයාගෙ බ්ලොග් එකෙන් මට ලින්ක් එකක් දුන්නට...

    ReplyDelete
  46. රවා, මල්ලි,
    ඔයාල හරි එතෙන්දි, ඇත්තටම මේ සංවේදි පද මාලාවට ලැබිල තියෙන්නෙ නටන්න පුළුවන් සංගීතයක්.. ඒත් පද මාලාව ප්‍රබල නිසාම වෙන්නැති ඒක හිතට යනව..
    ඇත්තටම චාමර වීරසිංහගෙ හඬේ නම් ප්‍රශ්නයක් නෑ කියල මට හිතෙන්නෙ සින්දුව විනාස වෙන්නෙ සංගීතයෙන්..

    ReplyDelete
  47. පද මාලාව හුඟක් ලස්සනයි.ස්තූතියි අපි එක්ක බෙදා හදා ගත්තට..

    ReplyDelete
  48. ඔව් අක්කා මෙ ගායනා කරන දෙන්නගෙ අවුලක් ගැන නෙමෙ මම කිව්වෙ, කසුන් කල්හාර මෙක සංගීතය දුන්න නම් ලොකු විනාසයක් වෙන්නෙ කියලා.. මම 26 කැම්පස් එකට ගියා.. ආපහු වැඩ පටන් ගත්තා..

    ReplyDelete
  49. නයා... ස්තුතියි ඇවිත් ගියාට...

    රවා... හරිම සතු‍ටුයි මල්ලි, ඔයා කැම්පස් ගියා කියල ඇහුවම...

    ReplyDelete
  50. "කාගෙ හරි අතින් හිත රිදුනම ටිකක් ඇඬුවත්, වෙනස්වීම්වලට ඉක්මනට ඔරොත්තු දීල ජීවිතේ විඳින කෙනෙක්.." මං හිතනවා අක්කේ ඔයත් මං වගේම කෙනෙක් කියලා මොකද මාත් ඔයා වගේම ඔයා ජීවිතේ විදින විදිහටම ජීවිතේ විදින කෙනෙක්! මං පුංචි නංගියෙක්!

    ReplyDelete
  51. මේ ගීතය ඇහුවම මට මතක් වුණේ රූකාන්ත ගුණතිලක නම් ගායකයා ගයන
    නෙලන්නට ගිහින් පළ වැල
    කියන ගීතය....
    කොච්චර ප්‍රබල පද මාලාවක් වුණත් ඒ ප්‍රබලත්වය හීන කරල දාන්න ඊට නොගැලපෙන සංගීත භාවිතයට පුලුවන්... රෑකාන්ත සංගීත සංදර්ශනවල මේ ගීතය ගායනා කරන කොට මිනිස්සු නටනව මම දැකල තියෙනව....
    ගීයන වචන ගැන ස්වභාවයෙන්ම උනන්දු වෙන ඔයා මම මේ අදහස් දක්වපු අය ඇතුලු සුලුතරයක් උවමනාවෙන් ඇහුවොත් මිසක් මේ ගීයෙ පදමාලාවටත් වෙන්නෙ ඒ ටිකමයි...

    ReplyDelete
  52. ඒක මමත් හොඳටම දන්නව හංසකිංකිණි, ඒත් ඒ පද මාලාව ගැන කතා නොකර අමතක කරන්න බැරි තරම් ඒක ප්‍රබලයි.
    චාමර වීරසිංහ ගයන බොහොමයක් පදමාලාවලට වෙලා තියෙන්නෙ ඔය දේමයි. තණමල්විල මල් පිපුණට, කිරිවෙහෙරට යන පාරේ වගේ ගීතවලත් පදමාලා හුඟක් ප්‍රබලයි,ඒත් ඒවයෙ තේරුම හිතට යන්නෙ නැති තනු ඒවට තියෙන්නෙ...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...