උඩු හුළඟේ
අයාලයේ
ගියත් ඉතින්
මල් පිපුණේ
විසිරී යන්නමයි
නිතින්
හිත ගත් තැන
රැඳියන්
තණ ගොල්ල
යටින්
වසන්තයේ
දළු ලන තුරු
පරිස්සමින්
Photo: http://www.universaltimer.com/Images_Gallery/dandelion.jpg
මම ඔහුව විවාහ කරගන්නා විට, ජීවිතය බොහෝ සෙයින් අත්විඳ තිබුණා... වසර තුනක් දන්නා සියල්ලන්ගෙන් ඈත් ව දුරු රටක ද ගත කර සිටි මා අවබෝධයෙන් විවාහයක...
අකීකරු ලෙස....
ReplyDeleteඋපන් ඇකයෙන්.....
බිඳී සුලඟට මුහුවෙලා.....
අලුත් ලොවකට....
රැගෙන උරුමය.....
පිපි කැකුළු යයි වෙන්වෙලා.....
දුකක් දැනුනත්
වැදු තුරුලට.....
නැතිව උණුහුම තනිවෙලා.....
එයයි පවතින
ලොවේ ධර්මය.....
ගලයි කාලය එක්කලා.....
එක් සුළං පොදක් විත්,
ReplyDeleteහොරෙන්, සීරැවෙන් හමායන...
රැගෙන ඔසවා ගනී නම්,
ඒ පුංචි පොහොට්ටුව,
කෙසේ සැගවී රැඳී ඉන්නද ?
මොකද අප්පේ බ්ලොග් මැරතන් එකක්ද...?
ReplyDeleteහැඟීම් දෝරේ ගලායන කාලයක් ඇවිල්ලා වාගේ...!
එහෙම නැත්නම් වැඩවලින් ඉසිඹුවක් ලැබිලද...?
වෙන් ව යද්දී
ReplyDeleteලෝ දහම දැන
මැදිහත් සිතින් ඒ ඉවසලා...
පරිස්සම් වී රැඳී
ඉන්නට විතර ක් ම
මම ඉඟිකළා...
හරිය ට ම මගේ අම්ම වගේ...
පුංචි පොහොට්ටුව
ReplyDeleteසුළං රැල්ල එක්ක
යන්නමයි නෙ පිපුණේ...
වැඩවල විරාමයක් නම් නෙවෙයි, ඒත් හිත ටිකක් සැහැල්ලුවෙන් අය්යෙ...
ReplyDeleteවිසිරුණු මල්පෙති දෝතට ගත් තුණු වී..
ReplyDeleteඒ පෙති එක්කොට මලක් සොයන බොළඳී..
සරදම් නොකරමි ආදරයෙන් කියමී...
විසිරුණු පෙති යළි මලක් නොවේ නැගණි...
සුලා...
මටත් ඔය සින්දුව මතක් වුණා සුලා අය්යෙ මේක ලියද්දි...
ReplyDelete