සෞම්‍ය වූ ප්‍රේමයේ
අනුරාගි රාත්‍රියයි මේ
සඳවත වසංගනා
මේකුළු සළුව මුදා
සඳ ගනඳුර දුරලා
වඩිනුය සඳ වරංගනා
තුන්යම දැවටී
ඉමිහිරි ආලිංගනයක
සඳකඳුළු නොසලන්
වෙන්වෙන මොහොතට
හෙටත් නුඹ එනකන්
මග බලන්නම් මං
සඳ වරංගනා
ගිරිශිඛරයයි මා
අහිමි මිහිතල
මතු මතින් හිඳ
නුඹට පෙම් බඳිනා
කල්පයක් වූ නිමේශයකට
නුඹ පහස යදිනා
"හෙටත් නුඹ එනකන්, මග බලන්නම් මං"........ සුන්දර පද පෙළක්............
ReplyDeleteකල්පයක් වූ නිමේශයකට...???
ReplyDeleteසොබාදහමේ අසිරිය කැටිවූ පදපෙලක් මොනතරම් නම් අලංකාරද...
ReplyDeleteමෙ පදපේලිය කීපවරක්ම කියෙව්වා, ගොඩාක් රසවින්ඳා. හරිම ලස්සනයි පදපෙල.
සොඳුරුයි.... අපූරු පද පෙලක්..
ReplyDeleteපෙරුම් පිරුවෙමි..
ReplyDeleteදිනක්ද..දෙදිනක්ද..
පුරා දින විසි අටක්..!
නහවන්න නුඹ..
දෙගොඩ තලා යන..
මේ සඳ දියෙන්..
ඉඳින් හිනැහියන්..
ගිරිශිඛර මහිමි මිහිතල..
රාත්‍රිය තවම තරුණයි....!
සුලා..
Shadow හැමදාමත් හැම බ්ලොග් එකක ම වගේ කමෙන්ට් එකක් සටහන් කරල යන ඔයාට බොහොමත් ම ස්තුතියි..!!
ReplyDeleteතිස්ස අය්යෙ,
කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්...?
සාරසංඛ්‍ය කල්ප ලක්ශයක්........
("කල්පයක් වූ නිමේශයකට" කියල ලිව්වෙ නම් ළඟ ඉන්න ලැබෙන පුංචි වෙලාව
පුළුවන් තරම් දිග වෙන්න කියන අදහසින්.. ඒක පැහැදිලි නැත්ද මන්ද..?)
ගල්මල්/ ජීවිතේ මල්
ReplyDeleteස්තුතියි ඔයාල දෙන්නටත්..
සුලා අය්යෙ,
ReplyDeleteමේක මට කවියක් වෙනුවෙන් ම ලැබුන පින්තූරයක්..
ඒ වගෙම මම ඔයා මේ කවිය වෙනුවෙන් කවියක් ලියයි කියල බලාපොරොත්තු වුණා..
මේක ලියද්දිම...ඉතින් ස්තුතියි.. ඒ බලාපොරොත්තුව ඉටුවුන නිසා...සතුටුයිත් එක්ක..
මගෙ නංගියේ...
ReplyDeleteබෞද්ධ සාහිත්‍යයට නවමු පොත් රැසක් එක්කල ජයසේන ජයකොඩි ශූරීන් සමු අරන්....මට මතකයි..පිච්චමල,ගෝතම ගීතය,අමාවැස්ස,අස්වැන්න අපේ හිත් නිව්වා...
ජීවිතේ හැටි එහෙම තමයි...සත්‍යයට අපි මුහුණ දියයුතු වෙනවා..
අපි ප්‍රාර්ථනා කරමු එතුමාට නිවන් සැප අවබෝධ කරගැනීමට හැකිවේවා..! කියල..
සුලා..
අය්ය කියන පොත් ඔක්කොම මාත් ආසාවෙන් කියවපු පොත්...
ReplyDeleteකනගාටුයි ඒ වගෙ ලේඛකයෙක් අහිමිවීම ගැන...
ඔහුට නිවන් සුව ප්‍රාර්තනා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද ඒත්...
තුමුළ ගිරි හිස
ReplyDeleteසෙමින් සිඹිමින්
හැමදාම මඟ බලා සිටියෙම්
නොලැබෙනා නමුදු
පෙම් කරමි
බොහෝ දුර සිට වුව
මුළු හදින් ඔබට මම් ..
මේ කවිය කොච්චර කියෙව්වත් පුදුමයිනේ ලියන්න දෙයක් හිතුනේ නෑ දැන් දවස් ගානක්ම.. ;-(
මට මතක් උනේ මෙන්න මේ කවිය..
http://kankuna.wordpress.com/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%91%E0%B6%BD%E0%B7%92/
මේකටත් ඒ වගේම කිසි දෙයක් ලියන්න බැරි උනා තාමත් මට..
ඒත් මේ කවි දෙකටම මම ඇත්තටම කැමතියි..
අක්කෙ,
ReplyDeleteමම ඔයා දීපු ලින්ක් එක බැලුව, කවදාවත් සූරියකාන්ත මලක් දැකල ඒ අදහස මට ඇති වෙලා නෑ...
ඔය කන්ද උඩින් නගින හඳ ගැනත් එහෙමයි.. ඔය පින්තූරෙ දැක්කම ඔය අදහස ආව...
හැබැයි මම පෙරේදා ජපානෙදි පළවෙනි වතාවට ඔය වගෙම හඳ කන්ද උඩින් පායනව දැක්ක... හැබැයි අඩහඳ....
ගොඩක් ස්තුතියි ගොඩාක් සැරයක් ඇවිත් බලල ගියාට...ඔයා ලියල තියන කවිය දැක්කම මට මතක් වුණේ,
තුමුළ නමුණුකුළ ගිරිහිස
උදුල සඳ මඬල දුටු නෙත
රැවටුනා තමයි
කිමද මේ තරම් ඒ ගැන
හිනහෙන්ට කාරණා..
මුහුණ රතු වෙලා දෙනෙතින්
කඳුලු පනින තුරු එළියට
ඔහොම හිනා වෙනකොට
නුඹ ලස්සනයි උමා...
(මේක සිංදුවක්.. අර "ඔය උණුසුම මට ඇසුණේ දෝස නසා..."
කියල කටිටිය කියනව වගෙ දුකට කියන කවියක් නෙවේ...:D :D )
හරිම ලස්සන පදපෙලක්.....මාව මොහොතකට නතරකලා වගේ දැනෙනවා
ReplyDeleteස්තුතියි මොහොතක් නතර වෙලා ගියාට..
ReplyDeleteඅනේ දරුවෝ හී හී හා හා හා මට හිනාව නවත්ත ගන්න බෑ.
ReplyDeleteමට එදා ඒක දැක්කාම මතක් උනේ මොකද්ද දන්නවද??
ගැස් ලිපක් උඩ දැලි බැඳුණු කලු පාට කේතලයක් තියලා ..ඒක උණු වෙලා නටන කොට සද්දෙ ඇහෙන එකද මේ කියන්නේ කියලා..
ඇත්තමයි මේ කියන්නේ..ඒකනේ මම ඒ විදියට ඇහුවේ..
'තුමුළ නමුණුකුළ ගිරිහිස'මම හරිම ආසා සිංදුවක්. ඒක නම් මම අහලා තියනවා :-))))
අය්යෝ අක්කෙ... අය්යට කිව්වෙ නෑ නෙ ඉතින් ඔයා ඕක...
ReplyDeleteඅපරාදෙ... එදාම ඔයා ඕක කිව්ව නම් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න තිබ්බ...
ඒක දැක්කම මට නම් නවත්තගන්න බැරිව හිනාගියා... ඔයාට මාර දේවල් නෙ හිතෙන්නෙ...