තරහ අවසර රන්කඳේ
ආල හිතක් හැදී ඔත්පල වුණු
අහිංසකී මං...
රනේ කිරුළ ඉහේ
තුන්ගව් උස ඔටුන්න දාගෙන
පයේ නාග සලඹ ලීනි හඬින්
මන්තර මතුරන
අපේ පැල වටේට ඇවිදිනවා
රෑ මං අහගෙන
ඇලමංකඩ ඉසදිය නාන්න
මංපියවෙනකොට
රුක්අත්තන ලන්දේ ඉඳගෙන
දිවැස් වදාරන
ඒ ආලහිත ට කැමතියි මං
දෙයියෝ අවසර...
දීපිකා ප්‍රියදර්ශනී ශිල්පිනියගෙ හඬින් ගැයෙන ගීයක්...
සුන්දරයි...
ඒත් අද ඒ ගීය මෙතෙන්ට එකතු වෙන්නෙ නම් ලස්සන නිසා විතරක් ම නෙවෙයි...
රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගෙයි මේ යුවතියට පහල වුණ ආල හිතෙයි සම්බන්ධතාව හා ගැලපීම මට මාසයක් විතර ගත කරලත් හිතාගන්න බැරි වුණ නිසා...
පුළුවන් වෙලාවක ඉඩ තියෙන විදියට මේ ගීතය අහල යන්න කියල ඒ හින්ද ම ඉල්ලනව...
සුලා අය්යගෙන්, ගල්මල් අය්යගෙන්, තිස්ස අය්යගෙන්, ඉඩක් ලැබිල ආවොත් දුකා අය්යගෙන් සහ චේජනාගෙ පිටුවට ගොඩ වදින හැමෝගෙන්ම මේ ගීතයෙ පද පෙල වටහාගන්න මට උදව්වක් ලැබේවි කියල තමා මේ ගීය සහ පද පෙල මෙතෙන්ට එකතු කරන්නෙ...
ආයෙ අහන්න ආස නම් ගීය අරගෙන යන්න...
Photo : https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhLh0-ivmRhwnL3t4FBGeTMnCJTn7RvtULKDbulQnW95eGWaHIpv5CGe7XpbmAkeUE-sEsc9eVAbhT9m3DgMNzzl7go_bYbR9M1p2ihCV_L0M1pPwR6iZgl7apiSZG6KWd6TOOvfO6ZBpo/s400/lord+shiva+with+trishul+damru+wallpaper+image+pic+photo.jpg
http://www.lakehouse.lk/budusarana/2009/09/26/tmp.asp?ID=fea02
ReplyDeletehttp://www.lakehouse.lk/budusarana/2009/03/04/tmp.asp?ID=temp01
ReplyDeleteරජ්ජුරු බණ්ඩාර දෙවියන් මොරවක් කෝරලයේ උපන් බව තමයි පවසන්නේ... මම ඉන්න ගෙදර ඉදල කිලෝමීටර් 30 ක් විතර දුරක තියන ගැටබරුව ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් නිසයි... ඒවගේම ඒ තරම්ම දුරකින් තියෙන ලස්සන මහ කැලෑවක් මැද තියන එළමල්දෙණියත් අයිති රජ්ජුරුබණ්ඩාර දෙවියන්ට ලු....
මම හිතන විදිහට මේ ගීතයේ කියවෙන්නේ ගම් කරේ තරුණ ළඳක සිතේ ඇතිවුන ආදර හිත පිළිබඳව අවසර ගන්න හිතන ගිතයක් වගේ.
සමහර විට ආලය කියන හැගීමට ඇති බිය නිසා අවසර ගන්න හිතනවද දන්නේ නැහැ...
ආලය හිතේ ඇතිවෙන්නේ හොර රහසෙන් නිසාත් ඒ රහස රජ්ජුරුබණ්ඩාර දෙවියන්ට රහසක් නොවන බව දන්නා නිසාත් ඇය එහෙම පවසන්න ඇති.
ගේ වටේ සැරිසරනව කියන එකෙන් මට හැගුනේ ඇගේ රහස රජ්ජුරු බණ්ඩාර දෙවියන් දන්වදෝ කියල ඇගේ සිතේ බයක් හට ගෙන ඇති බවයි.
අනේ මන්ද ගීතය නම් ලස්සනයි...
තේරුම නම් .. අනේ මන්ද...
අය්යෙ, ලින්ක් එකට නම් ගොඩක් පිං, ඒත් මගෙ ප්‍රශ්නෙට උත්තරයක් ඒකෙ නෑ නෙ..:-(
ReplyDeleteඅක්කෙ, එළමල්දෙනිය පංසලට නම් මම ගිහින් නෑ... ගැටබරු පංසලට ගිහින් තියෙනව...
ReplyDeleteඒත් රජ්ජුරු බණ්ඩාර දෙවියො ගැන වැඩිය දැනන් හිටියෙ නෑ නෙ...
සින්දුව හරිම ලස්සනයි නිසා තමා ගොඩක් සැරයක් අහල අහල තේරුම දැනෙන්නෙ නැති තැන බ්ලොග් එකට දැම්මෙ...
ගොඩක් ස්තුතියි ගොඩාක් වෙලාව අරන් මෙච්චර දේවල් පැහැදිලි කළාට...
ඔක ඔච්චර හිතන්න දෙයක්ද..?
ReplyDeleteඇයි ඒ?
ReplyDeleteකිසිම අදහසක් එන්නෙ නැත්නම් හොයන්න වෙනවනෙ..
ඒ අදහසක් එන්නේ නැත්නම්නේ..
ReplyDeleteමෙකේ මට නම් අමුත්තක් හිතෙන්නේ නැහැ.
දෙයියෝ ගාව ගත්තට හරි සරලයිනේ..
දෙවියො ගෑවිල නැත්නම් හරි සරලයි...
ReplyDeleteඒත් ඇයි දෙවියො එතෙන්ට ගැවුනෙ කියන එක තමා මගෙ ප්‍රශ්නෙ
රජ්ජුරු බණ්ඩාර දෙවියොන්ගෙ උපත වගෙ දෙයක් මෙතෙන්ට සම්බන්ධ නැතිව ඇතිද.. සාමාන්‍ය ලෝකෙ බලපරාක්‍රමය පතුරව ගෙන ජීවත් වුණ
මනුෂ්‍යයෙක්ද මේ දෙවියො විදියට වැඳුම් පිදුම් ලබන්නෙ..
එතකොට ඒ පෙම්පුරාවත ද මේ කියන්නෙ
ඒව තමා මගෙ හිතට ආව අදහස්...
ඒකයි මේක ගැන එච්චර හිතුවෙ...
කොහොම වුණත් ගොඩක් ස්තුතියි අය්යෙ...
නංගියේ....
ReplyDeleteරජ්ජුරු බංඩාර දෙයියො රුහුණු මාගම් පත්තුවේ උදවියගෙන් වැඳුම් පිදුම් ලබන දෙවි කෙනෙක් කියනවනෙ....ලංකාවෙ දේවත්වයට පත්වෙච්ච තවත් මනුස්ස පරාණයක්...මේ දෙවියන්ගෙ ඔටුන්න ගව් තුනක් උසයි කියනවනෙ...මේ සිංදුවෙත් ඒ බව කියනවා...
සිංදුවේ හැබෑම අරුත නම් මම් දන්නෙ නැහැ...
ඉසදිය නෑමක් ගැන කියනවනෙ...ඒ කියන්නෙ මල්වර වෙච්ච නව යොවුන් තරුණියක් තම හිතේ පැලපදියම් වුණු ආලවන්ත කමක් ගැන "සපථ"කිරීමක් නැත්නම් දෙවියන් ඉදිරියේ හිත නිරාවරණ කිරීමක් කියලයි මට හිතෙන්නෙ...
ඇත්තටම නංගියේ දීපිකා මහත්මියගෙ සිංදු අපූරුයි...අර කළු කුමාරයටත් සිංදුවක් කියල තියෙනවනෙ..
"හීං ඇඳිරියේ..දොලේ මංකඩේ..
මං ඉන්නවා දැක්කෙ නැත්ද..කළුකුමාරයෝ..."
දීගෙකයන වයස් සීමාව පසුකරණ මානවිකාවකගේ යාදින්න...
සුලා..
වත් අක්කගෙ අදහසයි සුලා අය්යගෙයි අදහසයි ගොඩක් සමානයි ඒ කතාව ගැන...ගොඩක් වෙලාවට එහෙම වෙන්න ඇති...
ReplyDeleteකවදත් මම ඔය දෙවිවරුන්ගෙ උත්පත්ති, පෙම් පුරාවත කතා වගෙ ඒව අහන්න හරිම ආසයි.. ඒව ප්‍රබන්ධ වුණාට හරිම ලස්සන නිසා..
මේ සින්දුවෙත් මම දන්නෙ නැති වුණාට ඒ වගෙ කතාවක් තියෙන්න පුළුවන් කියල සැක හිතුන නිසා තමයි හොයන්න ආස හිතුනෙ..
මට නම් හිතෙන්නේ මේ ගීය රජ්ජුරු බණ්ඩාර දෙයියන් ගැන පහල වුන ආල හිතක් ගැන කියවෙනවා කියලයි. ඒක ඇඟවෙන්නේ "තරහ අවසර රන්කඳේ" සහ "රුක්අත්තන ලන්දේ ඉඳගෙන දිවැස් වදාරන ඒ ආලහිත ට කැමතියි මං" කියන පද වලින් කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteමැණික්(සුළඟ)
එදත් අදත් මේ ගීය අහද්දි මට මැවිල පේන්නෙ මෙහෙම දෙයක්.
ReplyDeleteගමේ ලොකුම බලවතෙක් ඉදිරියේ දණ ගහගෙන, වැඳගෙන ආයාචනා කරන ගැහැණියක්.
ඈ තනිකඩයි.කළිං බහ දුන්නු කෙනා මැරිල හරි අතෑරල ගිහිං හරි වෙන්න ඕනෙ. "ආල හිතක් කැඩී ඔත්පල වුණු අහිංසකී මං"-(මෙතන 'හැදී' නෙවෙයි 'කැඩී'. මොකද ඔත්පල වෙන්න නම් කැඩෙන්න ඕනෙ.)
මේ බලවතා ඇගෙ ආලය ලබා ගන්න ඔහුගෙ බලපුළුවංකාර කම පාවිච්චි කරල නොයෙක් බලපෑම් කරදර කරනව."අපේ පැල වටේට ඇවිදිනවා රෑ මං අහගෙන"
"රනේ කිරුළ ඉහේ, තුන්ගව් උස ඔටුන්න, පයේ නාග සළඹ" බලවත් සහ පොහොසත් බව පෙන්නනව.
ඒත් ඒ බලවත් කමට පොහොසත් කමට වඩා, දුප්පත් අහිංසක බවට බහ දෙන්න ඈ කැමතියි. "ඇල මංකඩ හිස දිය නාන්න මං පේ වෙන කොට, රුක් අත්තන ලන්දේ ඉඳගෙන දෙවැස් වදාරන, ඒ ආල හිතට මං කැමතියි දෙයියෝ අවසර"
ඈ ආලය කරන්න තරුණයෙක් තෝර ගත්ත බවත්, බලවතාට අකමැති බවත් බොහොම බය පක්ෂපාතීව, ඔහු ඉදිරියෙ වැඳවැටිලා කියා හිටිනව.
මේ මට හිතුණු හැටි බොහොම කෙටියෙන්. දේව යාතිකා වලදි ඇහෙන ආකාරයේ සංගීතයක් යොදාගෙන තිබීමත් මගේ අදහස තීව්‍ර කළා කියල මං හිතනව.
ඔව්..ඔව්..ෆ්‍රී නංගියේ....ඒ අදහසටත් එකඟ වෙන්න පුළුවන්...ආලය වැඩි උනාමත් ඔත්පල වෙන්න පුළුවන් නෙව...ඔය සමහරු තනියම කතා කරන්නෙ..හිනාවෙන්නෙ..බැළු අත බලාන ඉන්නෙ...
ReplyDeleteචේජනා නංගියේ...
කෝ හැබෑටම අපේ සොඳුරු දාර්ශණිකයා...ගෙවල්පැත්තෙ ඇවිල්ලත් නැහැ සතියකින් විතර(ගල්මල් අඩවියට ).උන්නැහැත් ආවනම් මොකක් නමුත් දාර්ශණික අදහසක් දෙන්නෙ නැතෑ..
සුලා..
මැණික්, ඒකත් හරි සුන්දර සිතිවිල්ලක් එහෙම නම්.. කොහොමටත් හුඟක් දෙවිවරු අපි අතරෙම ජීව්ත් වුන මිනිස්සුන්ගෙ චරිත ඇසුරෙන් මැවුන අය නෙ...
ReplyDeletefreedom නංගි,
ReplyDeleteඔයාගෙ අදහසත් මේ සින්දුව ගැන බලන්න පුළුවන් හොඳ විදියක් තමයි..ඒක ගොඩක් ගැලපෙනවත් එක්ක... මොකද ඒ දෙන්නම මිනිස්සු නෙ... බලවතාත් දුප්පතාත් දෙන්නම... ඒත් අර දිවැස් වදාරන කියද්දි මට ටිකක් අමුතුවට දැනෙනව.
(සින්දුව අහද්දි මට හිතුනෙ ආල හිතක් හැදී කියල මොකද අර සකුන්තලා වෙ එහෙම තියෙන්නෙ සකුන්තලා දුශ්‍යන්ත රජතුමාට බැඳෙන ආදරෙන් ඔත්පල වෙනව කියල... )
සුලා අය්යෙ, මම හිතන්නෙ වැඩ වැඩි ඇතියි කියල... දන්න තරමින් නම් හොඳින් ඉන්නව කියල තමා හිතන්නෙ... අපි බලාගෙන ඉඳිමු... හෙට විතරයි නෙ ඉතින් වැඩ... අනිද්ද නිවාඩු නෙ ඔයාල කාටත්...
ReplyDeleteසුලා අයියා,
ReplyDeleteඔව්ම නේන්නං!
චේජනා අක්කා,
දෙවැස් වදාරන නම් පොඩ්ඩක් කේස් තමා. මටත් හිතුණා ඒ රජ්ජුරු බණ්ඩාරමද කියල. ඒත් එයා හැංගිලා ගෑණු නාන දිහා බලා ඉන්න ජාතියෙ කියල මං අහල නෑ. ඒ නිසා වෙන කෙනෙක් වෙන්න ඕනෙ කියලත්, ආදරය නිසා දේවත්වයේ තියල සැළකුවා කියලත් හිතන්න වුණා.
කොහොමත් ඒ එයාම වුණත් "ඒ ආල හිතට කැමතියි මං දෙයියෝ අවසර" කියන්නෙ 'කැඩුණු ආල හිත' වෙන්න ඕනෙනෙ.
ඉතිං අන්තිමේ මං හිතා ගත්තා වඩා හොඳ මුලින්ම කියපු එකයි කියල.
ඔතනයි, 'කිරුළ - ඔටුන්න' දෙකම පාවිච්චි කරල තියෙන එකයි තමයි මට ටිකක් අවුලක් වෙලා තිබ්බෙ.
(මට නම් ඇහෙන්නෙම "කැඩී" කියල!)
අද දවසෙම ඕක තමයි අහ අහ ඉන්නෙ.
ඔයා කිව්වම මමත් කණ ලං කරලම ඇහුව නංගි.. ඒත් මට ඇහෙන්නෙම හැදී කියල... : D
ReplyDeleteඒ මම හිතන්නෙ මම අහන්න පුරුදු වුනේ එහෙම නිසා වෙන්නෑති...
නංගි අනිත් තර්කෙදි නම් ඔයා හරියටම හරි රජ්ජුරු බණ්ඩාර සැලකෙන්නෙ ගොඩක් ගරු ගාම්භීර දෙවි කෙනෙක් විදියට, ඔයා මතු කරන අදහසට එකඟයි මම...
ඒත් මට තාම හිතෙනව මේක පුංචි කෙල්ලකගෙ හිතේ ඇතිවෙන ආදරයක් ගැනද කියලත්... මොකද මට ඇහෙන්නෙම ආල හිතක හැදී ඔත්පල වුණ අහිංසකී මං.. කියල නෙ....
කොහොම වුණත් ගොඩක් ස්තුතියි නංගි, ගොඩක් වෙලාව වැය කරගෙන මේ වගෙ දෙයක් discuss කරන්න එකතු වුනාට
නංගියේ,
ReplyDeleteබුදුසරණ පත්‍රයේ තියෙන මේ සටහන බලන්න..
"එළමල්දෙණිය රාජ මහා විහාරය ඉදි කරවන අතරතුර එක්තරා පුද්ගලයෙක් මේ ස්ථානයට පැමිණ තිබේ. සද්ධාතිස්ස රජු ඔහු කවුරුන්දැයි විමසූ විට පවසා ඇත්තේ තමන් මේ වනාන්තරයේ ආරක්ෂකයා සහ අධිපති පුද්ගලයා බවයි. මොහු කෙරෙහි පැහැදුනු රජු ලෙන් විහාරය තුළ ඔහුගේ පිළිරුව නිර්මාණය කළ බව ජනප්රවාදයේ පැවසේ. මේ ආකාරයට පැමිණ ඇත්තේ රජ්ජුරු බණ්ඩාර බස්නාහිර දෙවියන් බවත් ලෙන් විහාරය තුළ වූ දහ අට රියන් බුද්ධ ප්රතිමාවේ සිරස පිටුපස නෙලා ඇති ප්රතිමාව එම දෙවියන්ගේ බවද කියැවේ."
ඒ කියන්නෙ මේ දෙවියො, උඹ,මම,ගල්මල් උන්නැහැ සහ මෙතනට යන එන අනෙක් යාළුවො වගේම ස්වාභාව ධර්මයට ආදරය කරන්නෙක්..
සුලා..
නංගී මං ප්‍රමාදයි. මෙ සින්දුව දෙතුන්වරක් අසා තිබුණද ඔයාගේ සටහන කියවා තවත දුරටත් විමසන අදහස ආවා. තිස්ස සොයුරා දී තිබූ සබැඳියත් (එවේලේ තිබූ එකම කොමන්ට් එක) දෙවරක් කියවා, ගෙදර ඇවිත් සින්දුව අහන්න කිහිප වරක් උත්සාහ ගත්තත් ඊයේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්ණයක් නිසා බැරිවිය.
ReplyDeleteඔන්න අද බලන කොට අදහස් ගොඩාක් තියෙන්නේ. බොහෝම සන්තෝසයි.
මාත් තේරුම් ගත් විදියට බලවත් අයෙකුගේ බැල්ම කියාපාන්න ප්‍රදේශයේ පවතින ජනප්‍රවාද, දේව භක්තිය යොදාගෙන තියෙනවා. ඒ අනුව ෆ්‍රීඩම් නංගිගේ අදහසට එකඟ වෙන්න පුලුවනි.
සැකයට බදුන් වූ "හැදී" වචනය හරි යැයි සිතනවා. ආල සිතක් "හැදී" අසරණ වූ කිසි දෙයක් කරකියා ගත නොහැකි යන්නේ තරම දක්වන්න "ඔත්පල වුණු" කියමන යොදා ඇතැයි හිතේ.
හරවත් විමසුමක්, ඒ අවස්ථාව උදාකල ඔයාට තුතිය.
@සුලා මහත්තයා, බොහෝම ස්තුතියි සොයා බැලුවාට. වැඩ ටිකක් වැඩි වුනා ඒ අතරම ස්වේච්ඡා සේවා පැත්තත් ටිකක් බර වැඩිවුනා.
ReplyDeleteපරක්කු නම් නෑ අය්යෙ...
ReplyDeleteගීතයෙ පද රචකයා සොයා ගන්න මගෙ උත්සාහය නම් අසාර්ථක වුනා
ඒත් සින්දුව බොහෝ පැතිවලින් දකින්න පුළුවන් විදියට ඔහු හෝ ඇය අතින් ලියවිලා තියනව...
ගීය විමසන්න මට දැනුන ආසාවත් එක්ක රැඳිල වෙලාවත් අවධානයත් දෙකම යොමු කරල ලස්සන සංවාදයක් නිර්මාණය කල හැමෝටම ස්තුතියි...
ReplyDeleteඅපූරු ගීතයක්..
ReplyDeleteගැමි ළඳකගෙ හිතේ ඇතිවුණ ආදරයක් ගැන කියවෙන හොඳ ගීයක්. මටනම් දැනෙන්නෙ සාමාන්‍ය ප්‍රදේශයට ආවේණික බස්වහරින් ප්‍රදේශයේ දෙවියන්ට තමන්ගෙ ආදරයේ වගතුග පවසල ඊට රැකවරණය ආයාචනය කිරීම ගේය පද රචකයා අදහස් කල බවයි. බස් වහරේ ආගන්තුක බව විචිත්‍ර රසයක් මෙන්ම නුහුරු අර්ථයක් ගෙනෙන බැවින් වෙනස් වින්දනයක් ගෙන එනව. එබැවින් බරපතළ අර්ථයක් සෙවීමට සිතීම ස්වභාවිකයි.
ReplyDeleteAnsh, අපූරු ගීයක් තමා, ගොඩක් සැරයක් අහන්න පුලුවන් පොඩ්ඩක්වත් එපා නොවී.. :)
ReplyDeleteපිටස්තරයා, ඔයත් අලූත්ම අදහසක් ගෙනත්, මේ ගීතයට යෙදෙන බස්වහර නුහුරු එකක් නිසාම පද රචකයා කවුද කියල හෙව්වත් හොයාගන්න බැරි වුණා නෙ..
ReplyDelete