සැඳෑ අහස රටා මවන
රෝස වළා වියමන් මැද
නිල් තරු කැට රහස් කියයි
නෙතු විමසිල්ලෙන්
මල් මුවරද මිහිර උරා
ළදළු සලන මද පවනේ
වරා මලක් සේ පාවෙයි
හිතත් ඇසිල්ලෙන්
කන්ද උඩින් ගලන අඳුර
සඳ කිරණින් රටා අඳින
නිමේශයක රුසිරු ලඳුන්
බැලුවත් හොරැහින්
කප්පරකට පෙරුම් පුරා
හීන පැතුම් දෝත දරා
රැක ගන්නට නුඹට දුන්න
හිත පරෙස්සමින්
Photo : http://images.artwanted.com/large/07/30501_464807.jpg
"රැක ගන්නට නුඹට දුන්න හිත පරෙස්සමින්"...ලස්සනම ලස්සන පද පෙළක්......:D
ReplyDeletethank you...
ReplyDeleteබලාසිටියෙමි දෙනෙත් රිදෙන තුරැ,
ReplyDeleteමහමෙරටත් උඩින් පායා එන තුරැ,
හදවතේ සොඳුරැම ඉසව්වක,
අහිතක් නොහිතාම තබා ගිය...
නුඹේ සියුමැලි සිත,
රැක ගනිමි මා ආදරෙන්,
මේ ආත්මය නිවෙන තුරැ...
ලස්සන නිර්මාණයක් සහෝදරී.
ලස්සන පිළිතුරක්.. මගේ කවියට.. ස්තුතියි..
ReplyDelete"මුවා වුනා සඳක් සිනා සලා..." :-)
ReplyDeleteඋනා දමා දුහුල් සැඳෑ වළා... :-)
ReplyDelete