තුරුඅගිස් නැගී
මා වවුල් පියා සැරි
කණාමැදිරි එළියත් නැගෙනා
තුරු වදුලු මැදින්
රැස් කිරණ හලා
සඳ සිතුවම් රැය අඳිනා
මේ නියොන් එළි
නෙකවනින් දිලී
නෙක නෙක රූ නෙත මවනා
කළු සුදුත් හලා
කණමැදිරි එළිත් ලා
ඇඳි සඳ සිතුවම් මකනා
දිලි දිලී රැයේ
දේදුනු ප්‍රභාවන්
අරුම රටා වියනා
කළු සුදෙන් ඇඳී
සිත මිහිර විඳී
සඳ සිතුවම් සම නොවෙනා
ඉර එලිය ණයට ගෙන
ReplyDeleteRecondition කොරලා දෙන
සඳ එළියේ ලස්සන දිහාට
ඇස් ඇදිලා ගියාට.....
අමතක කොරන්නට
තරම්වේද
තනිවම එලිය වී
අඳුර මකාලන
සුමිතුරු
නියොන් එලිය.........
අවලස්සන වුනු පලියටම.......
ඉර එළිය අරන්
ReplyDeleteසඳ කිරණ මවා
සිහිල දෙවා සනහා
රෑ අඳුර මකා ලූ
සඳ සිතුවම් අඳිනා
ඒ නියොන් එළී
තනිවම ත් නොවේ
පරමාණු බිඳී
ලොව වනසන එළියයි මවනා
හිරුගෙ ප්‍රභාවට
විලිවැදී ගියත් සඳ
මේ නියොන් එළී
සඳ තරම් නොවේ
කිම ඔබ ඒ වෙත පෙම් බඳිනා
මම කොහේ දෝ සොදුරු ලොවක අතරමන් කලා මේපද පෙල.....
ReplyDeleteචේජනා මගෙ නංගියේ.....
ReplyDeleteමේ ඉසව්වට ඒවාගේම "ගල් මල්" මහත්තයාගෙ ඉසව්වට ගොඩවදින්නෙ හිතේ පුදුම ගෞරවයකින්....ඒ හැඟීම දිනෙන් දින වැඩිවෙනවා බං... (තරහ නැහැනෙ උඹ,බං බොළං කීවට නේද??)ජීවිතය,සමාජය,සෞන්දර්යය,තාක්ෂණය ඒ වාගෙම ස්වාභාවධර්මය ගැන ඔයාල දකින විදිහ හරිම අපූරුයි...
සුලා
නියොන් එළි මතින් ඇඳෙනා
ReplyDeleteනෙක් විසිතුරු වෙත් විසකුරු
සඳ සිතුවම් සම නොවේ
පෙළින් පෙළට නුඹ අඳිනා
කව් සිත්තම් වෙත් පිවිතුරු
සඳ සිත්තම් වැනිම වේ...
හ්ම්ම්... තුන් හතර ගමනක් කියෝපුවහම හිත නිවන ගතියක් දැනුනා...
ReplyDeleteඉලංදාරියා
ReplyDeleteඔයාට දැනුන සොඳුරු ලොව අපි පුංචි කාලෙ දැක්ක සඳ සිතුවම් වෙන්න ඇති
සුලා අය්යෙ,
ReplyDeleteකාලෙකින් හිතට කවි මුකුත් ම නෑවිත් තිබිල අද උදේ පාන්දර හිතුන දේ තමා ඔය ..( චේජනා මගෙ නංගියේ කිව්වට පස්සෙ මොනා කිව්වත් ඉතින් තරහ වෙන්න බෑ නෙ...:) )
වළාකුළු
ReplyDeleteඔයා ලියල තියල ගිය කවියත් හරිම ලස්සනයි...
මේ නියොන් එළි විතරක් දැකලම දැන් සඳ සිතුවම් දකින්න ආසයි ත්...
තිස්ස අය්යෙ,
ReplyDeleteහිත නිවෙනව නම් සතුටුයි...
ගැටෙමින් බිඳෙමින් නික්මෙන
ReplyDeleteසැර තියුනු දුර යන
එළිය දුන්න ද
පැහැ ගෙන
නියෝන්
සුමුදු
සඳ කැලුම්
ගලා එන දුර
පරයමින් සුවහස් තරු
නිමි නිමි දිලෙනා නුබ ගැබ
නෙක හැඩගෙන සරසන
වන්ද්‍ර වාරය මනරම්
විසකුරු නැහැ
නොවැ සේ
නියෝන්
සුවහස් තරු රටා අඳිත්
ReplyDeleteගුවන් ගැබේ අඳුරු
සඳ කැළුමන් රටා අඳිත්
පොළෝ ගැබේ සොඳුරු
සොබාදමේ ගොළු ගීයකි
ලොව නැලවූ මියුරු
නියොන් එළිය මේ සියල්ල
මකා නැගුන අයුරු
වලා අතරින් එබී..
ReplyDeleteනෙක සිතුවම් ඇඳී...
හිත තුටින් තැබී...
නුඹයි මගෙ සඳවතී..
නියොන් එළි දහස්..
එළි කලද නෙක රහස්..
හද මැදුරෙ සිතුවම්..
මැව්වෙ නුඹමැයි සඳවත්..
සුවිසල් මහල් පුරයේ..
නෙක දනන් අතරේ..
ඇයිද අහෝ නොදැනේ..
තනිකමයි උරුමේ.....
පාළු හද ගැබ පුරා...
නෙක හැඟුම් සරහා..
සඳ සිතුම් අතුරා..
හෙටත් හිනැහෙමි කඳුළු පිසදා..
සුලා..
නියොන් එළි දහසක්
ReplyDeleteඑළි කළත් තුන් යම් කල්
හද මැදුරෙ සිතුවම්
අඳින්නට නොසමත්
සුවිසල් මහල් පුරයේ
සඳ සිතුවම් නොඇඳේ
තනිකමේ අරුමේ
නිවයි සනහස් සිතක උරුමේ
සොඳුරු හද ගැබ පුරා
සෙනෙහස පුරා අතුරා
සඳ සිතුවම් සරා
හිනැහෙන් සඳවත බලා
සඳ සිතුවම් මවා
ReplyDeleteලොවට සිරි ගෙන දෙන්නා
එයට කවි ගොතනා
ඔබේ සිත සඳක දැයි සිතුනා
මැණික්(සුළඟ)
අමාවක සැඟවී
ReplyDeleteපුරපෝයදා දිලෙනා
උදුල සඳවත සේමා
සිතත් සඳකී
රිදවුමෙන් හඬනා
සැනසුමේ දී
හසකැලුම් දිලෙනා
චේජනා ..
ReplyDeleteසමාවෙන්න බොහොම කාලෙකින් මේපැත්තෙ එන්න බැරි උනා.
ඔබේ පුංචි කවි සිත්තම් එන්න එන්නම ගොඩක් හරවත් වෙනව කියලයි හිතෙන්නෙ. කාලෙකින් හිතට ආපු කවියක් කිව්වනේ.
ගොඩක් සතුටුයි.
-ජය
කෝ මේ නංගියා කොහේ ගිහිල්ලද???...වැඩත් වැඩි වෙන්ඩෑ....??
ReplyDeleteසුලා..
@සුලා...
ReplyDeleteනෑ නෑ.. අපිට නං ආරංචිය කේක් ගෙඩියක් තියාගෙන කපන්ට සූජානං වෙනව කියල.
ආපුවාම අහලම බලමුකෝ.
යෝගි, පළවෙනි කමෙන්ට් එකට නම් බොහොම ස්තුතියි,
ReplyDeleteඒත් ඉතින් දෙවෙනි එක දැක්කම හිතෙනව ඔයා තව පොඩ්ඩක් වැඩ වැඩි වෙලා නෑවිත් ම හිටිය නම් හොඳයි කියල :D
සුලා අය්යෙ,
ටිකක් වැඩත් වැඩියි, ඒ වගෙම තරමක් කරදර කාලයක් ගත වෙන්නෙ, හිත නිදහස් නෑ මුකුත් ලියවෙන්න...බොහෝමත් ම ස්තුතියි ඇවිත් හොයා බැලුවට,
This is the best what I read in your blog..its creative
ReplyDelete