Friday, July 16, 2010

සඳ වරංගනා



සෞම්‍ය වූ ප්‍රේමයේ
අනුරාගි රාත්‍රියයි මේ
සඳවත වසංගනා
මේකුළු සළුව මුදා
සඳ ගනඳුර දුරලා
වඩිනුය සඳ වරංගනා

තුන්යම දැවටී
ඉමිහිරි ආලිංගනයක
සඳකඳුළු නොසලන්
වෙන්වෙන මොහොතට
හෙටත් නුඹ එනකන්
මග බලන්නම් මං
සඳ වරංගනා

ගිරිශිඛරයයි මා
අහිමි මිහිතල
මතු මතින් හිඳ
නුඹට පෙම් බඳිනා
කල්පයක් වූ නිමේශයකට
නුඹ පහස යදිනා




16 comments:

  1. "හෙටත් නුඹ එනකන්, මග බලන්නම් මං"........ සුන්දර පද පෙළක්............

    ReplyDelete
  2. කල්පයක් වූ නිමේශයකට...???

    ReplyDelete
  3. සොබාදහමේ අසිරිය කැටිවූ පදපෙලක් මොනතරම් නම් අලංකාරද...

    මෙ පදපේලිය කීපවරක්ම කියෙව්වා, ගොඩාක් රසවින්ඳා. හරිම ලස්සනයි පදපෙල.

    ReplyDelete
  4. සොඳුරුයි.... අපූරු පද පෙලක්..

    ReplyDelete
  5. පෙරුම් පිරුවෙමි..
    දිනක්ද..දෙදිනක්ද..
    පුරා දින විසි අටක්..!
    නහවන්න නුඹ..
    දෙගොඩ තලා යන..
    මේ සඳ දියෙන්..
    ඉඳින් හිනැහියන්..
    ගිරිශිඛර මහිමි මිහිතල..
    රාත්‍රිය තවම තරුණයි....!

    සුලා..

    ReplyDelete
  6. Shadow හැමදාමත් හැම බ්ලොග් එකක ම වගේ කමෙන්ට් එකක් සටහන් කරල යන ඔයාට බොහොමත් ම ස්තුතියි..!!

    තිස්ස අය්යෙ,
    කල්පයක් කියන්නේ තත්පරෙන් බිඳක් නම්...?
    සාරසංඛ්‍ය කල්ප ලක්ශයක්........

    ("කල්පයක් වූ නිමේශයකට" කියල ලිව්වෙ නම් ළඟ ඉන්න ලැබෙන පුංචි වෙලාව
    පුළුවන් තරම් දිග වෙන්න කියන අදහසින්.. ඒක පැහැදිලි නැත්ද මන්ද..?)

    ReplyDelete
  7. ගල්මල්/ ජීවිතේ මල්
    ස්තුතියි ඔයාල දෙන්නටත්..

    ReplyDelete
  8. සුලා අය්යෙ,
    මේක මට කවියක් වෙනුවෙන් ම ලැබුන පින්තූරයක්..
    ඒ වගෙම මම ඔයා මේ කවිය වෙනුවෙන් කවියක් ලියයි කියල බලාපොරොත්තු වුණා..
    මේක ලියද්දිම...ඉතින් ස්තුතියි.. ඒ බලාපොරොත්තුව ඉ‍ටුවුන නිසා...සතු‍ටුයිත් එක්ක..

    ReplyDelete
  9. මගෙ නංගියේ...

    බෞද්ධ සාහිත්‍යයට නවමු පොත් රැසක් එක්කල ජයසේන ජයකොඩි ශූරීන් සමු අරන්....මට මතකයි..පිච්චමල,ගෝතම ගීතය,අමාවැස්ස,අස්වැන්න අපේ හිත් නිව්වා...
    ජීවිතේ හැටි එහෙම තමයි...සත්‍යයට අපි මුහුණ දියයුතු වෙනවා..
    අපි ප්‍රාර්ථනා කරමු එතුමාට නිවන් සැප අවබෝධ කරගැනීමට හැකිවේවා..! කියල..

    සුලා..

    ReplyDelete
  10. අය්ය කියන පොත් ඔක්කොම මාත් ආසාවෙන් කියවපු පොත්...
    කනගා‍ටුයි ඒ වගෙ ලේඛකයෙක් අහිමිවීම ගැන...
    ඔහුට නිවන් සුව ප්‍රාර්තනා කරනව ඇරෙන්න වෙන මොනා කරන්නද ඒත්...

    ReplyDelete
  11. තුමුළ ගිරි හිස
    සෙමින් සිඹිමින්
    හැමදාම මඟ බලා සිටියෙම්
    නොලැබෙනා නමුදු
    පෙම් කරමි
    බොහෝ දුර සිට වුව
    මුළු හදින් ඔබට මම් ..
    මේ කවිය කොච්චර කියෙව්වත් පුදුමයිනේ ලියන්න දෙයක් හිතුනේ නෑ දැන් දවස් ගානක්ම.. ;-(

    මට මතක් උනේ මෙන්න මේ කවිය..
    http://kankuna.wordpress.com/%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%9A%E0%B7%91%E0%B6%BD%E0%B7%92/
    මේකටත් ඒ වගේම කිසි දෙයක් ලියන්න බැරි උනා තාමත් මට..
    ඒත් මේ කවි දෙකටම මම ඇත්තටම කැමතියි..

    ReplyDelete
  12. අක්කෙ,

    මම ඔයා දීපු ලින්ක් එක බැලුව, කවදාවත් සූරියකාන්ත මලක් දැකල ඒ අදහස මට ඇති වෙලා නෑ...
    ඔය කන්ද උඩින් නගින හඳ ගැනත් එහෙමයි.. ඔය පින්තූරෙ දැක්කම ඔය අදහස ආව...
    හැබැයි මම පෙරේදා ජපානෙදි පළවෙනි වතාවට ඔය වගෙම හඳ කන්ද උඩින් පායනව දැක්ක... හැබැයි අඩහඳ....

    ගොඩක් ස්තුතියි ගොඩාක් සැරයක් ඇවිත් බලල ගියාට...ඔයා ලියල තියන කවිය දැක්කම මට මතක් වුණේ,

    තුමුළ නමුණුකුළ ගිරිහිස
    උදුල සඳ මඬල දු‍ටු නෙත
    ‍රැව‍ටුනා තමයි
    කිමද මේ තරම් ඒ ගැන
    හිනහෙන්ට කාරණා..

    මුහුණ රතු වෙලා දෙනෙතින්
    කඳුලු පනින තුරු එළියට
    ඔහොම හිනා වෙනකොට
    නුඹ ලස්සනයි උමා...

    (මේක සිංදුවක්.. අර "ඔය උණුසුම මට ඇසුණේ දෝස නසා..."
    කියල කටිටිය කියනව වගෙ දුකට කියන කවියක් නෙවේ...:D :D )

    ReplyDelete
  13. හරිම ලස්සන පදපෙලක්.....මාව මොහොතකට නතරකලා වගේ දැනෙනවා

    ReplyDelete
  14. ස්තුතියි මොහොතක් නතර වෙලා ගියාට..

    ReplyDelete
  15. අනේ දරුවෝ හී හී හා හා හා මට හිනාව නවත්ත ගන්න බෑ.
    මට එදා ඒක දැක්කාම මතක් උනේ මොකද්ද දන්නවද??
    ගැස් ලිපක් උඩ දැලි බැඳුණු කලු පාට කේතලයක් තියලා ..ඒක උණු වෙලා නටන කොට සද්දෙ ඇහෙන එකද මේ කියන්නේ කියලා..
    ඇත්තමයි මේ කියන්නේ..ඒකනේ මම ඒ විදියට ඇහුවේ..

    'තුමුළ නමුණුකුළ ගිරිහිස'මම හරිම ආසා සිංදුවක්. ඒක නම් මම අහලා තියනවා :-))))

    ReplyDelete
  16. අය්යෝ අක්කෙ... අය්යට කිව්වෙ නෑ නෙ ඉතින් ඔයා ඕක...
    අපරාදෙ... එදාම ඔයා ඕක කිව්ව නම් සෑහෙන ප්‍රයෝජනයක් ගන්න තිබ්බ...
    ඒක දැක්කම මට නම් නවත්තගන්න බැරිව හිනාගියා... ඔයාට මාර දේවල් නෙ හිතෙන්නෙ...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...