පංකාව කැරකෙද්දි
ඒත් එක්ක ම දුවන
අවුල් වුණ කඩදාසි
රඳවගන් ජිරාෆි
විඩාබර දිනය අග
විසිරිච්ච සිතිවිල්ල
එක් තැන්ව තියන්නත්
සුන්දරයි ඒ වගෙම
ඒත් ඒ කඩදාසි
විසිර ගිය සිතිවිලි
එක්ක හුළඟ ට ගිහින්
වැටෙන්න ට නම් එපා...!!!
නුඹ වීදුරු...!!!
ඒත් එක්ක ම දුවන
අවුල් වුණ කඩදාසි
රඳවගන් ජිරාෆි
විඩාබර දිනය අග
විසිරිච්ච සිතිවිල්ල
එක් තැන්ව තියන්නත්
සුන්දරයි ඒ වගෙම
ඒත් ඒ කඩදාසි
විසිර ගිය සිතිවිලි
එක්ක හුළඟ ට ගිහින්
වැටෙන්න ට නම් එපා...!!!
නුඹ වීදුරු...!!!
Photo : http://www.tamersgifts.org.uk/
වෙනස් පදපෙළක්.....මට මෙහෙමත් හිතුනා හැමදාම දකින අපිට ලඟින්ම ඉන්න අජීවි දේකට පණ ලැබුනොත් මොනවා වේවිද ඇත්තට.....
ReplyDeleteතම තරම දැන,
ReplyDeleteකරන යහපතම යෙහෙකි,
පනින වැටකඬූළු,
නොසලකා නොහඟිමින් සීමා,
බිඳී යනු ඇත
සිහිනයක් සේ...
අලුත් ආකාරයක සිතුවිල්ලක්, හොඳ පද ගැලපුමක්.
හැමදාමත් වගේ ව්‍යාංගාර්ථය මුසුවේච්ච පද ටිකක්. ඇත්තටම අපූරුයි අක්කේ. පහුගිය කාලේ ගොඩවදින්න නම් බැරිවුණා. ඒකට සමාවෙන්න.
ReplyDeleteShadow,
ReplyDeleteඅපෝ, පණ ආවොත්... කියෝල ඉවරයක් නැති වෙයි... ළඟට වෙල අහන් ඉඳපුව...:D
හෙළයා, මට ඔයාගෙ කමෙන්ට් එක තේරුනෙ නැත් ද මන්ද..
ReplyDeleteකොහොම වුනත් ස්තුතියි..
සතුටුයි මල්ලි, ඔයා ආයෙ දැක්ක ම...
ReplyDeleteලස්සනයි පද පෙල.......
ReplyDeleteරස වින්දෙමි
ReplyDeleteකඩදාසි ගොඩ උඩින් තිබ්බ වීදුරු ජිරාෆ්...
ReplyDeleteරස විඳල ඒ බව කියල යන්නත් හිතුව
මල්ලිල දෙන්නට ම ස්තුතියි...
Careless whispers....!!!
ReplyDeleteමං සටහන් කලේ, මේක කියවනකොට මගේ හිතට නැගුන දේ සහෝදරී.
ReplyDelete" කොච්චර හොඳ කෙනෙක් වුනත් විනාශයට යන්න තියෙන්නේ බොහොම පොඩි ඉඩක්. එතනට නොයා ඉදිරියට යෑමට තම දක්ෂත, දුබලතා දැනගත යුතුයි යන්නයි.
හෙළයා,ගොඩක් ස්තුතියි, ඒ පැහැදිලි කිරීමත් එක්ක නම් ඔයා කිව් දේ තේරුනා...
ReplyDeleteඔයා අමුතුම විදියකට වීදුරු ජිරාෆි දිහා බලල...
@sansarasidu...
ReplyDeleteඅනුන්ගේ තැනක උනත් දැක්කාම පුදුම සතුටුයි.
කොහොමද දැන්..?
@චෙජනා...
තරහා අවසර...
සජීවී අජීවි වස්තූන් විෂයෙහි හැඟීම් දිවවීම අපූරුයි නංගියේ....
ReplyDelete======================================
තවත් දැවැන්තයෙක් සමු අරන්...ආර්.ආර්.සමරකෝන්..
නංගියේ...මටනම් හිතාගන්නවත් බැහැ එතුමා කැළණි පාලම,ගේ කුරුල්ලෝ තුළින් මතුකළ සමාජ කතිකාවත..! මනුස්සකොමට වඩා යමක් මෙලොව නැතිබැව් එතුමාගේ නිර්මාණ අපිට කියාදුන්න...
කොහොමනමුත් එතුමාගෙ මෙහෙවර නිමාකරල යන්න ගිහින්...ලෝකධර්මතාවය..මක් කොරන්ඩදෑ...ඒත් හදවතේ පැත්තක් හිස්වුණාවගේ දැණුනා...
සුලා..
බිඳුණු කලට අමතක කළ නොහැකිනම් සිතින්...
ReplyDeleteබිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්....
ගායනය; පුන්සිරි සොයිසා..ගේය පද රචනය ; නොදනිමි..
සුලා..
Tissa ayye,
ReplyDeleteThis is not careless whispers...!!!
It is caring whispers...!!!
මාරයාගේ හෝරාව,
ReplyDeleteමටත් හදිස්සියෙ සන්සරසිදු මල්ලිව දැක්කම සතුටු හිතුන අය්යෙ, අපි බලමු අපිත් එක්ක රැඳෙයි ද කියල ආපහු.. නේද?
සුලා අය්යෙ,
ReplyDeleteවේදනාකාරී වුණත්,
ඔයා මේ වගෙ දේවල් දැකල තියල යන සටහනෙන් තමා මම ඒව දැන්ගන්නෙ, ගොඩක් වෙලාවට...
ඒ හින්දා ස්තුතියි...
ඔහුගෙ නිර්මාණ ගැන මට හොඳ අවබෝධයක් නෑ... ඒත් ලෝකෙට යමක් එක් කළ ඔහු හැමදාම මතකයෙ නම් රැඳේවි...
අපි කඩදාසි බරුවක් ගැන කොච්චර විශ්වාසෙ තියනව ද...
ReplyDeleteඒත් ඒකත් කඩදාසිත් එක්ක හුළඟෙ යන වෙලාවලුත් එනව...
ඒත් මේ වීදුරු ජිරාෆ් බිම වැටුණොත්...
බිඳෙන්නෙ විශ්වාසයක්...
ඒකයි මම අරෙහෙම ලිව්වෙ...
....................
එක්ක හුළඟ ට ගිහින්
වැටෙන්න ට නම් එපා...!!!
නුඹ වීදුරු...!!! කියල...
ඒ හින්ද මේ වීදුරු ජිරාෆ්ව බිම වැටෙන්න දෙන්න බෑ..,
නංගී, ඔයාගේ පොස්ට් කිහිපයක්ම කියෙව්වා දින ගානකින් වචන කිහිපයක් ලියාගන්න බැරිවුණාට සමාවෙන්න.
ReplyDeleteඒකට නම් කමක් නෑ... මට හිතුන ඒත් අය්යෙ ඔයා හුඟක් වැඩ ඇති කියල...
ReplyDeleteඔන්න අක්කෙ ආයෙත් මම ඔයාගෙන් අවසර ගන්නෙ නැතුව මගේ බ්ලොග් එකේ ඔයාගෙ "කිරුල හිමි කුමරුට පෙම් බැඳ..? " කියන පොස්ට් එකකට ලින්ක් එකක් දැම්ම. අවුලක් නෑනෙ?!!! :D
ReplyDeleteඒකට නම් කිසිම අවුලක් නෑ මල්ලි, ඔයා හොඳින් ඇති කියල හිතනව, වැඩ වැඩි නිසා දකින්න නොලැබුනාට...
ReplyDelete@ මාරයාගේ හෝරාව,
ReplyDeleteඔහෙ ඉන්නව අයියෙ... වරදක් නෑ කියල බොරු කියන්න බැහැනෙ. මටත් ඔයාල කිසි කෙනෙක් අමතක වෙලා නම් නෙමෙයි. ඒත් අළුතින් දෙයක් ලියන්න තරම් හිතට නිස්කලංකයක් නෑ සහෝ..
ගොඩාක් ස්තූතියි අයියෙ.
@ චේජනා,
ඔයාලගේ මේ ලෙංගතුකම මට මහමෙරක් වගේ.. මං නිහඬව හිටියෙ ඔයාල එක්ක රැඳෙන්න අකමැත්තෙන් නෙවෙයිනෙ අක්කෙ. බලමු මං මගේ උපරිමයෙන් උත්සහ කරන්නම් ආයෙමත් දිගටම ලියන්න.. ඔයාටත් ස්තූතියි අක්කෙ...
@sansarasidu...
ReplyDeleteමොනවා හරි කමක් නැහැ ලියලා දාපං මල්ලී..මම ටිකක් හරි ඔළුව උස්සලා ඉන්නේ මෙ ලිවිල්ල හින්දා...නැත්තං මටත් මෙලාහකට මොනවා වෙලාද දන්නේ නැහැ.හැම දේම අමතක කරන්න කියලා මම උඹට කියන්නේ නැහැ මලේ..ඒත් ඒවා එහෙමම තියෙද්දී අනිත් දේවල් ඉදිරියට අරන් අපි ගමනේ යං...
ඒක නම් හොඳ අදහසක් අය්යෙ, අපි කවුරුත් එක එක හේතු නිසා ඇවිත් මේ යාළුකම්වලින් බැඳිල සතුටින් රැඳිල ඉන්නව නෙ...මම නම් ඇත්තට ම පාළුව දරාගන්න බැරිව ලියන්න අරගෙන දැන් හොඳ යාළුවො ගොඩක් එක්ක රැඳිල ඉන්නව...
ReplyDeleteපුළුවන් වෙලාවට මොනාහරි ලියල, කියවල අපිත් එක්ක ඉන්න මල්ලි, එතකොට ජීවිතේ ඉස්සරහට යන්න හිත ට පුංචිවත් සහනයක් ලැබෙයි..