Thursday, August 5, 2010

මතකය වළලන සුසානයක් නැත...

මතකය වළලන
සුසානයක් නැත...
සුසානයක ඔබ
තනි කෙරුවත්...

නිහඬ නිසංසල
සුසානයේ ඔබ
සැතපේ
සමගින් අතීතයත්...

නොරිකෝ ඇවිදින් ගියා අදත්...
සුසානයේ ඔබ දකිනු රිසින්....
මිහිදන් කරනට නොරිසි හෙයින්
මතකය අරගෙන ගියා යළිත්...



මළවුන්ගේ අවුරුදු දා- OBON  ළඟ ළඟ ම එනව.. මළවුන් වෙනුවෙන් ජීවත්වන්නවුන්ගේ ආදරය හා ගෞරවය පුද දෙන මළවුන්ගේ අවුරුදු දා...ඔබොන් ලංකාවෙ අපිට දැනෙන්නෙ නම් නොරිකො සං නිසා... නොරිකො සං එදාට දෙවෙන්දරා සං එනතුරු තාමත් බලන් ඉන්නව ඇති කියල හිතෙන නිසා...

මතක පොතේ පි‍ටු අතරෙ නොරිකෝ සං ඒ තරම් තදින් සටහන් කළ ඒ මහා ගත්කතුවරයා එදිරිවීර සරච්චන්ද්‍රයනුත් මතකයෙ ජීවත් වෙයි හැමදාටම...

21 comments:

  1. හරියටම බැලුවොත් අපේ මතකයත් එක්තරා ආකාරයක සුසානයක් නෙව.....අතීත අත්දැකීම් වලදමා ඇති...

    ReplyDelete
  2. දෙනෝ දාහක් මලවුන් සැතපෙන..
    පාළු සුසානයෙ කොත් අතරින්..
    අතීත සැමරුම්..නටඹුන් සෙනෙහස..
    ඉකිලන හදවත තුරුළු කරන්..
    බලා උන්නෙමි නුඹ යළි එනතුරු..
    පිවිසුම් ද්වාරයෙ අගුළු හැරැන්..
    දින සති ගැන්නෙමි අවුරුදු එනකම්..
    නොරිකෝ මං උඹෙ දෙවොන්දරා සං..

    සුලා...

    ReplyDelete
  3. හේමලයා , ඒකත් ඇත්ත තමා බලාගෙන ගියාම...

    outsider, ස්තුතියි

    ReplyDelete
  4. දෙනෝදහක් මළවුන් හා සැතපෙන
    පාලු සුසානයෙ තනි කෙරුවත්...
    මා නැති තනිකම දැනෙනු ඇතැයි මට
    සිතුනා ඒකයි ආවේ මං...

    ආවොත් යා හැකි හින්දා ඇවිදින්
    ගියා යන්න මම අදත් ඉතින්
    ආයෙත් දවසක ඉන්නම ඉන්නට
    පාළු සුසානෙට එනවා මං...

    ReplyDelete
  5. මාවත දිගේ සැතපුම් ගණන්
    ඇවිද ගොස්
    හැරී බැලුවෙමි මදකට...
    මිහිරි මතකයන් කැටි කොටගත්
    ආත්මයන් අතවනයි තවමත් මට...
    පසු කර යන මතක සොහොන අභියස...
    මාවත දිගුයි ඉදිරියට,

    මා තවමත් සුසානය පසුකොට නැත..........

    ReplyDelete
  6. "නෑවිත් යන්න බැරි නොගොසින් එනු නොවිනි"
    මාගේත් මතකයට නොරිකෝ එකතුවිනි
    ආයෙත් "මළවුන්ගේ අවුරුදුදා " පැමිනි
    තාමත් නුඹව එනතුරු මෙහි මම පමනී

    ReplyDelete
  7. හෙළයා
    මතක අතීතය දෝත දරන්
    සුසානයේ අද්දරින් තවත්
    බෝ දුර පියමැන ගියත් අපී...
    තාම සුසානය පසුකර නෑ...

    ReplyDelete
  8. විහඟ ගීතය
    නෑවිත් යන්න බැරි හින්දා අද දිනයෙත්
    නොරිකෝ ඇවිත් ගිය හින්දයි දුක තාමත්

    ReplyDelete
  9. චෙජනා අක්කෙ කාලෙකට පස්සෙ ආවෙ, අදත් වෙනදා වගෙම ටිකක් දැනන කවියක්..

    ReplyDelete
  10. හරි අමුතුයි, ඒ වගේම නියමයි

    ReplyDelete
  11. රවා, ඔයා කරදරයක් නැතිව ඉන්නව නේ මල්ලි, studies ටිකත් කරගෙන...

    ReplyDelete
  12. හසිත, thanks මල්ලි

    ReplyDelete
  13. නොරිකෝ සහ දෙවෙන්දරා අපි ජීවත් වන තුරාවටම අපි එකක් ජීවත් වෙන බව විස්වාසයි නගේ . ..

    කලින් ලිපි වලට කමෙන්ට් එකක් දාන්න ලබුනේ නෑ නගේ . .

    දන්නවනේ මගේ ප්‍රශ්නේ . .

    අපේ කොල්ල එක්ක බෑ ඒ වැඩේ ගෙදරදි කොරන්න . . ඔෆිස් එකේ වැඩ නිසා ඒත් අමාරුයි . .

    ඒත් මේකට මොකුත් නොකියා බැරි උනා . .

    ReplyDelete
  14. "මතකය වළලන සුසානයක් නැත..."

    ඒක නම් ඇත්තම ඇත්ත අක්කෙ... අනේ මේ මතකයන් වළදාලා ඒ වළ සිමෙන්ති වලින් කොන්ක්‍රීට් කරලම දාන්න හැකිනම්...!

    පද වැල ඇත්තෙන්ම අපූරුයි !

    ලොව ඇත්තත් යාම සහ ඊමය..
    නෑවිත් යන්ට බැරිය..
    නොගොස් එන්ට බැරිය..

    ReplyDelete
  15. වැඩත් එක්ක මේ දේවලුත් කරන්නෙ ගොඩක් අපහසුවෙන් කියල හොඳට ම තේරෙනව අය්යෙ...

    ReplyDelete
  16. ඔයා දිගට ම ලියද්දි සතු‍ටුයි මල්ලි, මේ දවස්වල ජපානෙට ඔබොන් නිවාඩුව අත ළඟ, ඒකයි නොරිකො මතක් වුනේ.

    ReplyDelete
  17. අනිච්චාවත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ,
    උප්පජිත්වා නිරුජ්ජන්ති – තේසං වූපසමෝ සුඛෝ

    මම දැක්කා තවත් මේ වගේම ලිපියක්.
    ඒකෙ මාතෘකාව "මතකය නෑ තව මැරුණේ!"
    මෙතනින් කියවන්න

    http://taboosubjects.wordpress.com/2010/08/09/172/

    ReplyDelete
  18. thanks Chanaka, මම ඒක කියවල තිබුනෙ නැ, ඔයා එව්ව ලින්ක් එකෙන් තමා ඒක දැක්කෙම,

    ReplyDelete
  19. නොගියොත් යළිත් ආ නොහැකිය
    යාම හොඳයි
    ගොස් ඊම ද හොඳයි
    ලොවැ ඇත්තේ යාම ඊමය
    නෑවිත් යන්ට බැරිය
    නොගොස් එන්ට බැරිය

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...