Friday, August 13, 2010
අවුකන බුදුන්ට දෑස් දුන් මිනිසා සොයා ගිය ගමනක්...
ටික දවසකට කලින් මුල්ම වතාවට ඇහුව සින්දුවක් මේක, ඒ වෙලාවෙම ඒ ගායනය මගේ හිතේ නතර වුණා... සින්දුව ට ආසවෙයි කියල හිතුන යාළුවො කීප දෙනෙක්ට share කලත්, සින්දුව මීට කලින් අහල නෑ ඒත් ලස්සනයි කියල තමා ප්‍රතිචාරය වුණේ...
ඒත් ඒක අහල නැති පරණ සින්දුවක් ද එහෙම නැත්නම් අළුත් සින්දුවක් ද කියල ඒ වෙලාවෙ මම දැනගෙන හිටියෙ නෑ...
පහුගිය සතියෙ සිළුමිණ පත්තරේ ශාස්ත්‍රීය කොටසේ ගීය ගැන විවරණයක් තියෙනව දැක්කෙ ඒ අතරෙ...
ගීත රචනය: රජී වසන්ත වෙල්ගම
සංගීතය: දර්ශන දිසානායක
ගායනය: සුනිල් එදිරිසිංහ
එහෙමයි ගීයෙ විස්තර සටහන් වෙන්නෙ...
අළුත් ම සින්දුවක්...වර්තමානයේ කෙරුණ සොඳුරුම නිර්මාණයක්...
නවක ගී පද රචකයෙක් හා සංගීත නිර්මාණ ශිල්පියෙක්ගේ නිර්මාණයක් ප්‍රවීණ ගායකයෙක්ගෙ හඬින්...
අවුකන බුදුන්ට දෑස් දුන් මිනිසා සොයා ගිය ගමනක්....
මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...
කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරු මුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තාම තනිකඩ යැයි කියා...
අහල බලන්න ගීතය...
Subscribe to:
Post Comments (Atom)
Enjoying the Glory of a Star
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත ස...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
ලස්සන සින්දුවක්.....ස්තුතියි....
ReplyDeleteඔය සින්දුව ලියපු රචකයා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ඉගෙන ගත්ත සිසුවෙක්.ලස්සන නිර්මාණයක්.සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ හොදම ගිතයක්!!!
ReplyDeleteමාත් අද දවසෙම මුමුණ මුමුණ හිටියෙ ඕකම තමයි.
ReplyDeleteසංකල්පනාව, පද රචනය හොඳයි, ගායනය අතරමැද සංගීත ඛණ්ඩ තව ටිකක් සරල උණානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. රස වින්දනයට බාධාකාරී ලෙස යෙදුණු වයලීන් ඛණ්ඩ අඩු වුණානම් හොඳයි.
කොහොම උණත් කල් පවතින නිර්මාණයක් වේවි.
blog gadol
ReplyDeleteමම ඒක දැනගෙන හිටියෙ නෑ මල්ලි, නියමයි නෙ ලස්සන පද රචනයක් නීති පීඨ සිසුවෙක අතින් ලියවුනා කිව්ව ම.
උන්නැහේ (පිලේ පැදුර)
ReplyDeleteසංගීතය ගැන නම් මට ඒ හැටි අදහසක් නෑ... කොහොමටත් මගෙ හිත යන්නෙ පද රචනයට... මොකද මන්ද ඒ..
ඒත් ගොඩක් කල් පවතින සින්දුවක් නම් වෙයි තමා.
ම්ම්ම්ම් මට මතක විදිහට මේ සිංදුව බ්ලොග් කරුවෙකු විසින් මීට පෙර කතා බහට ඇදල අරන් තිබුණා.මට ඒ අඩවියේ නම නම් මතක නෑ.සමාවෙන්න.එදා තමයි මම ඉස්සෙල්ලම ඒ සිංදුව ඇහුවේ.ඇත්තටම ගොඩක් ලස්සන සිංදුවක්.
ReplyDeleteමතකය අළුත් කරල බෙදා හදා ගත්තට බොහෝමත්ම ස්තූතියි.
ඒකෙන් මේකෙන් ඔන්න ටික දවසක් යනකන් මගේ තොල් අග මේ සිංදුව දුක් විදීවී. ;-)
මේ පදපෙල මාස කිහිපයකට කලින් කියෙව්වා, රචකයා නොදනී කියා ලියා තිබුණා. නැවත මාස කිහිපයකට පසුව ෆ්‍රීඩම් නංගී ගේ සටහනක ද ඒ පදපෙල ගැන සඳහනක් තිබුණා මතකයි.
ReplyDeleteඒ ලස්සන පදපෙලට සුනිල් එදිරිසිංහයන්ගේ හඬ එක්වීමෙන් මොනතරම් නම් හැඟුම් බරවෙලාද...
වටිනා පොස්ට් එකක් නංගී, බොහෝම ස්තුතියි.
මට මග ඇරිල වෙන්න ඇති හසිය ඒක එහෙනම්, මම දැක්කෙ නෑ... මම සින්දුව ඉස්සෙල්ලම දැක්කෙ FB ලින්ක් එකක් විදියට.. අහපෞ පලවෙනි සැරේම හිතුන හරිම ලස්සනයි කියල.. ඒකයි ඒක මෙතෙන්ට එකතු කළෙ.
ReplyDeleteමම ඒක ඉස්සෙල්ලම දැක්කෙ FB, ඒත් සින්දුවෙ විස්තර දැක්කෙ පත්තරේ...
ReplyDeleteටිකක් කල් වෙන්න ඇති සින්දුව හැදිල, සමහර වෙලාවට SLBC නාලිකාවල යනව ඇති...
පද පෙල නම් පට්ට. වෙන වචන නෑ කියන්න. මීට ටික කාලෙකට කලින් සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් කරපු ගාන්ධර්වයාණෙනි කියන ප්‍රසංගයක් තිබුනා කොළඹ විශ්ව විද්‍යාලෙ. මගෙත් ආසම ගායකයා නිසා මාත් ගියා බලන්න. ඔය සිංදුව කියන්න කලින් වේදිකාවෙන් ආරාධනය කලා රචකයා නරඹන්නන් අතර ඉන්නවනම් වේදිකාවට එන්න කියල. එතකොට මට පිටිපස්සෙන් හිටපු කෙනා නැගිටලා වේදිකාවට ගියා. ඔහු තමයි රජී වසන්ත වෙල්ගම. මේ තරුණ අය අතරිනුත් මේවගේ නිර්මාණ බිහිවෙනවා කියන්නෙ නිර්මාණ බිහිවීමෙ ප්‍රශ්නයක් නෙමෙයි අද තියෙන්නෙ. ජනමාධ්‍ය තමයි තීරණය කරන්නෙ මොනවද ජනප්‍රිය කරන්නෙ නොකරන්නෙ කියල. උන්ගෙ ඔල මොට්ටල කම් නිසා තමයි හොඳ නිර්මාණ මිනිස්සු අතරට යන්නෙ නැත්තෙ.
ReplyDeleteමටත් මතකයි මේ ලඟදී කොහේදී හරි ඇහුවා කියා... හිතේ තිබුනේ නංගීම එවාපු ලින්ක් එකකින් වාගේ... මොනව වුනත් දුක හිතෙන ගීයක්... ස්තූතියි...
ReplyDeleteසුසිත, ඒව ගැන කතා කරල නිකන් අපි තරහ ගන්නව විතරයි... ඊට වඩා හොඳයි අපි පුළුවන් විදියට share කරගෙන අහල රස විඳින එක...
ReplyDeleteඔව් අය්යෙ, මම ඕක මුලින්ම අහපු දවසෙ link එක ඔයාට එව්වා...
ReplyDeleteපළමු වතාවටයි අක්කෙ මේ ගීතය අහන්න ලැබුණේ. ඇත්තටම හරිම අපූරු පදවැලක්... ගීතයට වඩා මගේ හිත ගියෙ පද වැලට...
ReplyDeleteලස්සනට ගලාගෙන යන සොඳුරු පද නිසා පද වැල මගෙ හිතෙත් ලැගුම් ගත්තා...
ස්තූතියි ඔයාට...
මෙ සින්දුව අහන්න සැලැස්වීම ගැන ගොඩාක් ස්තුතියි.
ReplyDeleteගීතය නිර්මාණය කල නව යොවුන් රචකයාට හා දායක වූ අන් ශිල්පීන්ට කරන ලොකු උපහාරයක් ගීතය අඩංගු CD එක මිලදී ගන්න එක. ඒ නිසා නංගී Downloading පහසුකම නවත්වනවා නම් හොඳයි යන්න මගේ පෞද්ගලික අදහස.
ගීතය ලඟ තියාගන්න ඇති කැමැත්තට වඩා ඒ ගීතරචකයා රැකගන්න කැමැතියි.
සින්දුවල මගෙත් හිත යන්නෙ පදවලට... තේරුමට, ඒකම වෙන්න ඇති මට අනිත් භාෂාවකින් ගැයන් සින්දුවකට ආස හිතෙන්නෙ හරිම හදිස්සියකින් විතරයි මල්ලි,
ReplyDeleteDownload link එක අයින් කරා අය්යෙ
ReplyDeleteමේ ගීතය මම ඇහුවෙ මීට මාස කීපයකට කලින්... ඊ මේල් එකකින් ආව පද පෙලට හිත ගිහින් ගීතය හොයා ගත්තා.
ReplyDeleteලඟකදි අහපු ගීත වලින් ඉතාමත් ඉහල තලයේ තියෙන ගීතයක්.
" හිනහුනා ඔහු තම තනිකඩ යැයි කියා.... "
පද පෙල කල්පිතයක ලිව්වට හරිම තාත්විකයි...
ReplyDeleteමටත් ඒ
" හිනහුනා ඔහු තම තනිකඩ යැයි කියා.... "
ඇහෙනකොට අහිංසක ව හිනාවෙන ඔහු ව මැවිල පේනව..
@උන්නැහේ (පිලේ පැදුර)
ReplyDeleteඕක සංගීත නිර්මාණය කරපු දර්ශණ දිසානායක කියන්නේ තාම අලුත් කොල්ලෙක්. අනුරාධපුරේ. මට හමුවෙලා තියනවා. ඒක නිසා ඔහුගේ සංගීතය ගැන පොඩි සමාවක් දෙන්න පුළුවන් සහෝ.
ම්ම්..බලද්දි මේ අලුත්ම නිර්මාණකරුවන් ව දන්න අඳුනන අයත් ගොඩක් ඉන්නව නෙ... සමහර විට සුනිල් එදිරිසිංහයන් ඒව දැනෙද්දිත් ගීය ගයන්න ඇති ඔවුන්ටත් ඔවුන්ගෙ අදහස් එළි දැක්වීමට අවස්තාවක් ලබාදෙන්න... අපි බලාගෙන ඉමු තවත් සුන්දර ගීත මේ අලුත් නිර්මාණකරුවන් අතින් බිහිවේවි කාලයත් එක්ක ම..
ReplyDelete@ ගල්මල්-Coral,
ReplyDeleteඅයියගේ අදහසට මගේ ආචාරය...
මාත් ඒ දේ ඉහළින් ම අගය කරන කෙනෙක්...
හ්ම්ම්ම්ම් මේ සිංදුවට මගේ හිත කොයි තරම් ඇඳිලා ගියාද කිව්වොත් මම googel buzz එකට දාපු පලවෙනිම පෝස්ට් එක මේ සිංදුව...
ReplyDeleteමේ හැම වචනයක්ම මට නම් හරිම නැවුම්.
නිර්මානකරුවන් කවුරුන් හෝ වේවා ඔවුන් අතින් ඉදිරියේදිත් මෙවන් වූ නිර්මාන බිහිවිය යුතුයි..!!
එය නියඟයකට වට මහා වැස්සක් වේවි නිරනුමානවම...
@නිමන්ති:
ReplyDelete"... නියඟයකට වට මහා වැස්සක් වේවි නිරනුමානවම... "
සොයුරියේ අන්න ඒකයි අපි සැවෝමගේ එකම පැතුම, ජය
@sansarasidu:
ReplyDeleteඑය බොහෝ අගයනවා සනා මල්ලියේ
බොහෝම ස්තුතියි චේජනා නංගියේ
ReplyDeleteහිතට දුක දනවන, සංවේදි ගීතයක්...
ReplyDeleteඅපේ ස්කෝලෙ සංගීත සර් මීට කාලෙකට දවසක් Media Unit එකට ඇවිත් අපිට මේ ගීතය එයාගෙ ජංගම දුරකථනයෙන් Play කරල පෙන්නුවා.එදා තමා මේ ගීතය මට අහන්න ලැබුන පළවෙනි දවස.ඇස්වලට කදුලු ආව මේ ගීතය ඇහුවම.ඒ තරම් සංවේදී ගීතයක්....
ReplyDeleteමම සිළුමිණ ලිපියත් කියෙව්වා.ඒ වගේම අක්කේ ස්තූතියි මේ වගේ ලිපියක් පළ කල එකටත්.සුභ පැතුම් මගෙන් බ්ලොග් එකටත්.