අතථ්‍යයක් තුළ තථ්‍යය අතගා
අදිසියි ගිනිදළු - අතැඟිලි දවනා
තිගැස්සුන අතින් බිම අතහැරුනා
වීදුරු හැර අන් සියල්ල බිඳුණා...
සී සී කඩ විසිරුණු කැබලිති යළි
එක්කොට නිමවනු නොහෙනා
අතථ්‍ය ද තථ්‍යය ද අතරමැද
සිත ඉකිලනු ඇසුණා...
තිගැස්සුන අතින් බිම අතහැරුනා
වීදුරු හැර අන් සියල්ල බිඳුණා...
සී සී කඩ විසිරුණු කැබලිති යළි
එක්කොට නිමවනු නොහෙනා
අතථ්‍ය ද තථ්‍යය ද අතරමැද
සිත ඉකිලනු ඇසුණා...
---------------------------------------------------------------------------------------
ඉර ගින්නේ දැවුණා- දරාන උන්නා
අරුමයක් නොවෙන හින්දා
සඳ ගිනිගෙන සඳ ගින්නෙත් දැවුණා
දැවුණා...දැනුණා... දැනුණා...
අරුමයක් නොවෙන හින්දා
සඳ ගිනිගෙන සඳ ගින්නෙත් දැවුණා
දැවුණා...දැනුණා... දැනුණා...
වෙනස් නොවන එකම දේ...වෙනස්වීම පමණි......:(
ReplyDeleteහ්ම්......
ReplyDeleteසැගවෙන වේදනාවක කදුලු සටහනක්ද මංදා චේජනා.....
ReplyDelete"අතථ්‍ය ද තථ්‍යය ද අතරමැද
ReplyDeleteසිත ඉකිලනු ඇසුණා..."
මේ දෙකෙන්ම ඈත් වෙන්න හැකිනම් ඉවරයි...
Shadow/හේමලයා
ReplyDeleteවෙනස්වීමත් වෙනස් වේගෙන යනව ද මන්ද?
හසියා, දුක හිතුන ද කියෙව්වම..?
ReplyDeleteඅභීත,
ReplyDeleteතථ්‍යය අවබෝධයේ වේදනාව...
``` Outsider```
ReplyDeleteඅතථ්යයත් තථ්යයත් දෙකම එකක් මට දැන් දැනෙන විදියට...
මොකද්ද මේ තථ්‍ය / අතථ්‍ය කියන්නේ...? තාත්වික අතාත්වික කියන එකද... ඇත්තටම දන්නේ නෑ... ඒ හින්දා තේරුම දැනුනේ නෑ නෙව... :-(|
ReplyDeleteඅතථ්‍ය- Virtual
ReplyDeleteතථ්‍ය - Real
දැන් තේරෙයි නේද අය්යෙ...?
මෙ පදවැලේ අදහස කැටි කර ඇති ආකාරය අපූරුයි.
ReplyDeleteමට හැඟුනේ හිතකට දැනෙන වේදනාව, කලකීරීම ආදි සංවේදීතාවයන් හිත දැඩි කර දරා ගන්න වෙර දැරීම. එය ව්‍යාර්ථ වුනොත් ඇතිවන සිත නම් වීදුරුව බිඳීම. ඒත් තාත්වික නොවන (virtual) ලෝකයේ බිඳීමක් ඒවගේ වෙත්ද යන ප්රශ්ණාර්ථය.
වීදුරු හැර අන් සියල්ල බිඳුණා...
ReplyDeleteසඳ ගිනිගෙන සඳ ගින්නෙත් දැවුණා...
තථ්‍ය හරියට හැමදාම දකින කුකුළගේ කරමල වගේ...
අතථ්යක් නිසා නෙව.. මේ තරමට දැනෙන්නෙ...
This comment has been removed by the author.
ReplyDeleteVirtual ලෝකයකදි බිඳුනත් බිඳෙන්නෙ හිත නිසා බිඳීමෙන් දැනෙන වේදනාව එකම වගේ අය්යෙ...
ReplyDelete"අතථ්යක් නිසා නෙව.. මේ තරමට දැනෙන්නෙ... " ඒක නම් හරියට ම හරි මල්ලි...
ReplyDelete