Thursday, August 26, 2010

අතථ්‍යයක් තුළ තථ්‍යය අතගා

 අතථ්‍යයක් තුළ තථ්‍යය අතගා
අදිසියි ගිනිදළු - අතැඟිලි දවනා
තිගැස්සුන අතින් බිම අතහැරුනා
වීදුරු හැර අන් සියල්ල බිඳුණා...

සී සී කඩ විසිරුණු කැබලිති යළි
එක්කොට නිමවනු නොහෙනා
අතථ්‍ය ද තථ්‍යය ද අතරමැද
සිත ඉකිලනු ඇසුණා...

---------------------------------------------------------------------------------------


ඉර ගින්නේ දැවුණා- දරාන උන්නා
අරුමයක් නොවෙන හින්දා
සඳ ගිනිගෙන සඳ ගින්නෙත් දැවුණා
දැවුණා...දැනුණා... දැනුණා...

15 comments:

  1. වෙනස් නොවන එකම දේ...වෙනස්වීම පමණි......:(

    ReplyDelete
  2. සැගවෙන වේදනාවක කදුලු සටහනක්ද මංදා චේජනා.....

    ReplyDelete
  3. "අතථ්‍ය ද තථ්‍යය ද අතරමැද
    සිත ඉකිලනු ඇසුණා..."

    මේ දෙකෙන්ම ඈත් වෙන්න හැකිනම් ඉවරයි...

    ReplyDelete
  4. Shadow/හේමලයා
    වෙනස්වීමත් වෙනස් වේගෙන යනව ද මන්ද?

    ReplyDelete
  5. හසියා, දුක හිතුන ද කියෙව්වම..?

    ReplyDelete
  6. අභීත,
    තථ්‍යය අවබෝධයේ වේදනාව...

    ReplyDelete
  7. ``` Outsider```
    අතථ්‍යයත් තථ්‍යයත් දෙකම එකක් මට දැන් දැනෙන විදියට...

    ReplyDelete
  8. මොකද්ද මේ තථ්‍ය / අතථ්‍ය කියන්නේ...? තාත්වික අතාත්වික කියන එකද... ඇත්තටම දන්නේ නෑ... ඒ හින්දා තේරුම දැනුනේ නෑ නෙව... :-(|

    ReplyDelete
  9. අතථ්‍ය- Virtual
    තථ්‍ය - Real

    දැන් තේරෙයි නේද අය්යෙ...?

    ReplyDelete
  10. මෙ පදවැලේ අදහස කැටි කර ඇති ආකාරය අපූරුයි.

    මට හැඟුනේ හිතකට දැනෙන වේදනාව, කලකීරීම ආදි සංවේදීතාවයන් හිත දැඩි කර දරා ගන්න වෙර දැරීම. එය ව්‍යාර්ථ වුනොත් ඇතිවන සිත නම් වීදුරුව බිඳීම. ඒත් තාත්වික නොවන (virtual) ලෝකයේ බිඳීමක් ඒවගේ වෙත්ද යන ප්‍රශ්ණාර්ථය.

    ReplyDelete
  11. වීදුරු හැර අන් සියල්ල බිඳුණා...

    සඳ ගිනිගෙන සඳ ගින්නෙත් දැවුණා...

    තථ්‍ය හරියට හැමදාම දකින කුකුළගේ කරමල වගේ...
    අතථ්‍යක් නිසා නෙව.. මේ තරමට දැනෙන්නෙ...

    ReplyDelete
  12. Virtual ලෝකයකදි බිඳුනත් බිඳෙන්නෙ හිත නිසා බිඳීමෙන් දැනෙන වේදනාව එකම වගේ අය්යෙ...

    ReplyDelete
  13. "අතථ්‍යක් නිසා නෙව.. මේ තරමට දැනෙන්නෙ... " ඒක නම් හරියට ම හරි මල්ලි...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...