
සියල්ල දවා හළු කරන ගිනිගත් හිරු ද, ඊට ම ඔබින ගිනිගත් දුහුවිලි සුළඟ ද කිසිදු සහනයක් නොගෙනේ...
ගස් කොලං අතීතයට එක් වූවේ කවදාදැයි මට මතක නැත...
හිරු එළියේ පහස මෙන් ම ...මුහුදු රළ පහස ද ඒ ලෙසම අහිමි විය...
....................................................................................
මට ඉවසා ගත නොහැකි තනිකම ක් දැනේ...වචනයක් දෙඩීමටවත් කිසිවෙක් නැත....
ස්වාධීනත්වය සොයා ගිය තාරුණ්‍යයෙන් මත් ව සිටි මා සුපිරි තනි නිවහනක ට පැමිනි දා තිබූ සතුට අද සී සී කඩ විසිරී ගොසිනි...
...................................................................................
ගහක් කොලක් පේන මානයක නැත...
උස් ව නැගි නානාවිධ මාදිලියේ කොන්ක්‍රීට් කණු හා ගොඩනැගිලි පමණක් ම නෙත ගැටේ...
මා ද මේ ගණන නොදන්නා මහල් නිවෙස් සංකීර්ණයේ එක් මනුෂ්‍ය ප්‍රාණියෙක් පමණක් ම වේ...
...................................................................................
එකම සිතුවිලි සමුදාය මා සිත තුළ ඇතිවී නැතිවී යයි...
.....................................................................................
මරණය කෙතරම් සොඳුරු අපේක්ෂාවක් දැයි මට දැන් සිතේ..
හහ් හහ් හා..
මරණය....
මරණය...
නැත...
මා අමරණීයත්වය සොයා ගෙන ලොවෙන් ම පිදුම් ලද වසර දෙසීයක් ආයු වැළඳූ තවත් නොදන්නා කාලයක ජීවිත අපේක්ෂා ඇති ගෞරවනීය විද්‍යාඥයා වෙමි...
......................................................................