Thursday, June 3, 2010

නූල් පටින් නුඹ තැනුවෙ ජීවිතයද..

සිකුරාද හැන්දැවෙ ගෙදර යන්න බස් එකට නැග්ගම මම නගින තැනේ හැටියටත් මගේ විඩාබර මුවේ නැගෙන බලාපොරොත්තුවත් සහ තවත් මොන හේතු නිසාද මන්දා බොහෝ ගැහැනු ළමයි මගෙන් අහල තියෙනව...
ගාමන්ට් එකක නම කියල.. "............. එකේද වැඩ කරන්නෙ" කියල...

ඔවුන්ගෙ හිතේ තියෙන වේදනාව, කරදර ඔවුන් හා සමානව ඒ දුක විඳින කෙනෙක් එක්ක බෙදාහදා ගන්න බලාපොරොත්තුවෙන් අහන ඒ ප්‍රශ්නෙට නෑ.. කියල උත්තර දෙන මට කොහොමවත් හිතෙන්නෙ නෑ...ඉතින් මම ඔව් කියනව.. එතනින් එහාට ඔවුන්ගෙ දුක් බර ජීවිතය මගේ ඉස්සරහ ඔවුන් මුදා හරිනව අනන්තවත් අවස්තාවලදි...ඒක අහගෙන ඉ‍ඳෙද්දි ඒ දුක්බර ජීවිතෙන් කොටසක් බෝඩිමේ ඉඳගෙන හැම සති අන්තෙම ගෙදර යන මටත් උරුම නිසාම මම ඇය සමග බෙදා ගන්නව..

ඒ නිසා එක අතකින් මේ මගේ කතාව... තවත් මම වගෙම තවත් බොහෝ නැගණිවරුන්ගේ කතාව..
අනිත් අතින් ලෝකයෙ පැවැත්ම...

නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද.
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද

අදහන්නට පුළුවන්ද...

දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...

තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..

---------------------------------------------------------

නූල් පටින් නුඹ තැනුවෙ ජීවිතයද..



මම ගොඩක් ආස ගීතයක් නිසා එක් කරනව මෙතනට..ගැයෙන්නේ දීපිකා ප්‍රියදර්ශනී ගේ හඬින්..

17 comments:

  1. අද තමයි නංගියේ මේක මුලින්ම ඇහුවෙ.. දැක්කෙ.. හරිම සංවේදී ගීයක්... සහ ගීයටම ගැලපෙන රූප පෙලක්... කුරුම්බැට්ටි මැෂිමක් කාලෙකින් දැක්කා....

    ReplyDelete
  2. මං ඔය සිංදුවට වගේම අර තව ලස්සන සිංදුවක් තියෙන්නේ...... අයියෝ අමතක උනා....... ආහ්හ්....... වික්ටර් රත්නායකයන්ද කොහෙද කියන"සන්නාලිය ....." ඒකටත් ආසයි........
    (අනේ ඉතුරු ටික ශුවර් නෑ....)

    ReplyDelete
  3. චේජනා අක්කෙ ඉතින් කොහොමද ජිවිතෙ.. හරිම මහන්සි වෙලා පාටයි.. ඔයාගෙ සින්දුව දැන් අහන්න බැහැ වෙන වෙලාවක අහන්නම්.

    ReplyDelete
  4. මම ත් ගොඩක් ආසයි නෙතු අක්කෙ ඔය සින්දුවට...
    වැඩිපුරම ආස

    "මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
    නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර..." කියන තැනට...

    මේ වගෙ සින්දු කීපයක් ම තියෙනව හා පැටික්කි
    ටිකක් නිදහසෙ මතක් කරන්න ඕනෙ ඒත් ඔයා කියන්න එක නම්.. මොකක්ද කියල
    මේ වෙලාවෙ නිදිමත ට නම් මුකුත් මතක් වෙන්නෙ නෑ...:-)

    ReplyDelete
  5. මල්ලි, ඔයා ආයෙ ඉන්නව නේ.. campus වහල ද? තාම..
    පස්සෙ අහන්නකො.. සින්දුව..

    ReplyDelete
  6. ඇත්ත ජීවිතයක දුකක් බෙදාගන්න එකත් ලොකු පිනක්

    ReplyDelete
  7. හරිම ලස්සනයි. සන්නාලියන්ගේ ගීතය...රටේ ජාතික ආදායමට සෑහෙන කොටසක් එකතු කරන මේ අහිංසක ජීවිත , බොහෝ දෙනෙකුට "ගාමන්ට්/ ජුකී කෑල්ලක්" විතරයි. පවුලක බර කරට ගත්ත සොහොයුරියක් විදිහට ඔවුන්ගැන හිතන්නේ කීයෙන් කී දෙනාද?

    ReplyDelete
  8. කවද හරි බැන්දොත් ඒ ජුකී කෙල්ලෙක්වම තමා.

    ReplyDelete
  9. ඔන්න හාපැටික්කි කිව් සිංදුවත් හොයාගත්ත..
    උදේ ම.. link එක දානව මෙතන
    සප්ත සයුරෙන් එහා.... වික්ටර් රත්නායකයන්ගේ ගීයක් තමා නංගි..
    http://www.infolanka.com/miyuru_gee/tt/t414.ram

    මහසෙන්, සිරිබිරිස්, dinesh
    එයාල ගත කරන්නෙ ගොඩක් දුක්බර ජීවිතයක්.. ඒ මදිවට ‍රැවටීම් නින්දා අපහාස.. ඔය ඔක්කොමත් විඳ දරාගෙන..
    ඒත් ඉතින් බොහෝ විට තමන්ගෙ දිරියෙන් ම ඔවුන් තමන්ගෙ ජීවිත ස්සර්ථක කරගන්නව...
    ඒ විතරක් නෙවෙයි රටේ ජාතික ආදායමෙන් විශාල කොටසක් උපයනව.. සිරිබිරිස් කියනව වගෙම..
    "කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
    අදහන්නට පුළුවන්ද..." කියල ආයෙ ම හිතෙනව එහෙම හිතද්දි ඇය ගැන..

    ReplyDelete
  10. මමත් මීට කලින් ඇහුව කීප පාරක්ම මේ ගීතය නගේ . . හරිම සංවේදී . . දෙනෙතට කඳුලු උනන පද පෙලක් සහ ගානය ශෛලියක් තමයි මේ ගීතයේ තියෙන්නේ . .ව වගේම රූප රචනයත් හරි ඉහලයි . . ස්තූතියි නගේ මේක දැම්ම එක ගැන ඒ වගේම දුක් වේදනා විඳින අපේම සොයුරියන් කැලකගේ වේදනාවට සංවෙදී උනු ඔයාගේ හිතට මගේ අචාරය . . .

    ඒ වගේම සුනිල් එදිරිසිංහ මහතාගේ ත් සංවෙදී ගීයක් තියෙනවා මේ සොයුරියන් වෙනුවෙන් ගැයුනු . . .
    රෑ වැඩ මුරය අවසන් වන කනිසමට . .
    නුඹ මුව පෙනෙයි පරවුනු කුසුමක් ලෙසට . .
    අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
    නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට . .

    තින් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
    නිල් එලියටයි පෙති ගෝමර දැවෙන්නේ
    මල් විය නොවේද මේ දිය කර හරින්නේ
    මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ . . .

    නුඹේ කඳුලැලිද සයුරේ රළ නගන්නේ
    හද සුසුමන්ද පවනක් වී හමන්නේ
    තනි නොතනියට හෙවනැල්ලද සිටින්නේ
    ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ . ..

    http://meemessa.com/MP3/playerMultipleMenuPackage/Sunil_Edirisinghe.html

    ReplyDelete
  11. මමත් ආස කරන ගීතයක්.ඇත්ත මේ අය සමහරකට මුළු පවුලක්ම බලාගන්න වෙලා. ඉස්සර පිරිමි ලමයි ගත්ත පවුලක බර දරන්නෙ මේ සමහර සොයුරියන්.

    ReplyDelete
  12. අපේ රටේ ආර්ථිකයට උරදෙන නිමිඇඳුම් කර්මාන්තයේ ජීව රුධිරය මෙ සොයුරියන්. එවන් පිරිසකගේ දොඩමළු බවට කන්දීමට තරම් මහඟු හිතක් තිබූ ඔබ ගැන ඇති වූයේ ගෞරවයකි. ඉන් ඔවුන්ගේ තැලුන පෙලුන සිත්වලට සහනයක් ලැබෙන්න ඇති.

    එවන් අහිංසක සොයුරියන් මැදපෙරදිග, විශේෂයෙන් UAE වල පිහිටි ගාමන්ට් වල රක්ෂාවට එන්නේ වැඩි මුදලක් උපයන අදහසින්. ඔවුන් බොහෝ විට ලංකාවේ සිටි තත්වයෙනුත් පහලට වැටෙන අවස්ථා එමටයි.

    මෙ දිපිරිසම පවුල් බර කරපින්නාගෙන, තම යෞව්වනය උගස්කර කරන්නේ පරිත්‍යාගයක්. ඒත් අවාසනාවට ඔවුන්ව ලේබල් කරන සමාජය මෙ දිරිය දියණියන් දෙස හෙලන්නේ වපරැහ.

    ඔවුන් වෙනුවෙන් ඔබේ හද සැලී පොස්ට් එකක් වෙන්වීම ගැන මගේ තුතිය.

    ReplyDelete
  13. ක‍ටුනායක ඇඳුම් මහන අපේ නංගිට
    හිනාවෙන්න එපා ඔහොම සමච්චලේට
    කුමාරියක් නොවුණ නිසා රාජ මැදුරක
    බමරුනි වින කරන්නෙපා ගමේ සුවඳට

    අපේ ගමේ නැති බැරිකම් නිසා කොළඹට
    ගතේ දිරිය කාසිවලට අලෙවි කෙරුවට
    සිදාදියේ සමනළයිනි යනෙන මගතොට
    හාද වෙන්න හදන්නෙපා කෑලි කිය කිය

    සීතල කාමර නොපැතු ලෑලි මැදුරක
    බෝඩින් වී කලාපයේ නිදිවැරුවාට
    ඉර හඳ තරු සහතික වී අපේ ගෙපැලට
    දීග යන්න සුබ දවසක් ඒවි නංගිට

    මංජුලා දිල්රුක්ශිගේ හඬින් මේ ගැයෙන්නෙත් ඈ ගැන..

    http://www.slhits.com/links/songs.jsp?id=421408833

    ReplyDelete
  14. දුකා අය්ය කියපු සින්දුවත් මමත් අහන්න ගොඩක් කැමති ඒ වගෙම සංවේදි ගීයක්..ඒක කියෙව්වම තමා මට හිතුනෙ අර සින්දුවත් හොයල ලියා තියන්න ඕනෙ කියල..

    අනිත් අතින් මැණික් කියනව වගෙම ඔවුන් මුලු පවුලක්ම ජීවත් කරවනව..සමහර වෙලාවට..

    ReplyDelete
  15. ගල්මල් අය්යෙ,
    මම හිතා හිටියෙ ජුකී ඔපරේටර්ස් විදියට මැදපෙරදිග එන සොයුරියන් තරමක්වත් කරදර විඳිනව අඩුයි කියල, ඒත් ඔයා ලිව් දේ කියෙව්වම මට හිතෙන්නෙ ඒකත් වැරදියි වගේ.... කොහොමටත් මම මැදපෙරදිග ඉන්න community එකක ආශ්‍රය ලබපු පළවෙනි වතාව තමයි මගෙ බ්ලොග් එක හරහා.. මැදපෙරදිග ගැන එහේ ඉන්න අය ඇත්ත කතා කරනව මම අහල තියෙන්නෙ කොහොමටත් ඔයාලගෙන් විතරමයි..ඒ නිසා...
    ලෝකය ගැන තියෙන මගෙ අවබෝධය වැඩි කරගන්න (කාටවත් ගරහන්නවත් කවුරුත් හෙලා දකින්නෙවත් නැතිව) මම මැදපෙරදිග ගැන දැන ගන්න කැමතියි.. ඒ හින්ද..

    ReplyDelete
  16. අනේ බොහොම ස්තූතියි අක්කේ.......
    මං ඒකට හරිම ආසයි.........

    ReplyDelete
  17. ලිපිය නියමයි.. මේවා ලියන එක ගොඩක් වටිනවා.. ජය වේවා !!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...