
විහඟ ගීයක් ගයන්නට
තුඩගින්
මියුරු තත්සර
අතර මුහුකොට
පිපී මල් කැන්
වසන්තය ඇවිදින්
පුංචි කුරුල්ලෙක් මං
තුඩගයි රැඳුනේ
පද වැල්
අද

වසන්තය ගිනිගත්
ගිම්හානය ට බියවී
එදා පිපි චෙරි මල්
මිහිරියි රතුයි
දැන් චෙරි ගස්
චෙරි රසය විඳිමින්
ගයමින් අතුඅග
රැඳෙන්නම් මං
පුංචි කුරුල්ලෙක් මං
හෙට

ගිම්හානයත් ඉගිලී
ශිශිරයට අතවනනා
චෙරි ඉපල් අතරේ
බෑ.. රැඳෙන්නට
මොහොතක්
විහඟ ගී ගොලු වී
සමුදුර මතින් ඉගිලී
සොයා යනවා මා කෙම්බිම්
වසන්තය සමගින්
ගයන්නම් ආයෙත්
විහඟ ගී මිහිරී...
Photo:
http://media.photobucket.com/image/cedar%20waxwing/hobbsmail/CedarWaxwing1copy-1.jpg
http://www.hnhs.org/uploads/image/Waxwing%20310109%20web.jpg
http://www.funzug.com/index.php/wildlife/beautiful-wild-song-birds.html
හ්ම්...... මගේ විහඟ ගීයත් මේ දවස් වල ගොළු වෙලා....
ReplyDeleteචේජනා නංගියේ ලස්සන පද ගෙතුම...
හ්ම්... ලස්සනයි නේන්නම්. ආයෙ කතා දෙකක් නෑ.
ReplyDeleteඒ සොයා එන කෙම්බිමක වැසියෙක් වෙන්න ලැබුන එකට සංතෝශයි..
ReplyDeleteලස්සනයි කවිය චේජනා...
සුන්දර විහග ගීයක ගයන්න තිබුනානම්...ජීවිතය මොනතරමක් ලස්සන වේවිද චේජනා......මම බලාගෙන ඉන්නේ...
ReplyDeleteහරිම ලස්සනයි පද ටික
වියැකුන කළු දුමින්
ReplyDeleteසුරැකුන ගස් පෙලින්
පීදුන රතු චෙරි බුදින්
පෑරුන චූටි විහඟ තුඩින්
අමොරා එන මීදුමින්
තටු සලා මිදීයන්
ආයෙ ඇවිත් බලන්
මා දම් පිරි ඕවිටියන්
මා නම් නැතත් පුන්චි ගැටව්
ඉන්නේ බලන් රෑනින් වරෙව්
පෙලී ගැසී රඟා ගීයක් ගයව්
සත්තුවත්ත දුර උන්ට වරමක් දියව්
ලස්සන පද සංකලනයක් නංගී
වත් අක්කෙ,
ReplyDeleteවිහඟ ගී ගොළු වී
මොහොතක ට...
ආයෙමත් ගැයේවී
සවන ට ළං ව...
ඉවසපන්
මොහොතක්
පබඳින තෙක්
ගී පද වැල්...
ස්තුතියි අනුරාධ
ReplyDeleteමින්දද...
අපි කෙම් බිමක වැසියො...
හැමදාමත් වසන්තය ම රැඳුන...
ඉතින් ආඩම්බර වෙන්න පුළුවන්...
කෙම්බිම රැකගත්තොත්...
විහඟ ගී අහන්නත්...
දිල්,
ReplyDeleteවසන්තයෙ ගිම්හානයේ
එක සේ...
ජීවිතේ විහඟ ගීයයි
ගැයෙන්නේ මේ...
සුන්දරයි මේ මායිමේ
රැඳි යෞවනේ...
කිමදෝ ඉතින් විහඟ ගී
ගොළු වුනේ...
ඔයත් අහල ඇති නෙ දුක් වෙල ඉවර වෙල හිනා වෙල ඉන්න හිටියොත්
කවදාවත් හිනා වෙන්න ලැබෙන්නෙ නෑ කියල...
ඒ නිසා ජීවිතේ විහඟ ගීය දැන්ම ම ගයන්න පටන්ගන්න..
ගල්මල් අය්යෙ,
ReplyDeleteකළු දුමින් දූවිලි වලාවෙන්
වැසිලා...
නොයන් චෙරි ගස්...
ගැයෙනා විහඟ ගී
ගොළු වී ගොසින්
නිහඬ වසන්තය
විඳ ගනු බෑ...
කාච නෙත සුරැකී
සේයා රුවක් නොම වී...
විහඟ ගී ගයනා...
විහඟුන් නෙත් ගැටෙනා...
සීමා මායිම්වලින්
මිදිලා...
වෙලේ බඩවැටි අතර
දිවයන...
වසන්තය හිමි වේවා...
මෙහි රැඳෙන පළමු සේයාරුව සහ
ReplyDeleteතවත් එවැනි ම වූ වසන්තයේ
ගයන..කුරුල්ලන්ගේ සේයා රූ
රැඳුනු E-mail පණිවිඩයකින්
මේ අදහස මසිතට ගෙනා
යෝගි...
ස්තුතියි...
හ්ම්...ජීවන චක්‍රය.....ලස්සනයි...උපරිමයි..
ReplyDeleteසුලා..