දිල් ලිව්ව අල්තිනායිගෙ ලියමන කියවල මගෙ හිතත් දුයිශෙන් ගැන දොඩමළු වුණා.
ඒ සටහනට ලැබුණ සුලා අය්යගෙ ප්‍රතිචාරය වුණේ "ඇහි පිල්ලමක් යට"
සුන්දර කතාවෙ රසය ගැන ඉඟියක්...
"ඇහි පිල්ලමක් යට" කතාන්තරේ මාව අරගෙන ගියේ මම නොදැකපු ඒත් බොහෝ වාරයක් අහල හිතේ මවාගෙන රස විඳි හුඟක් ඈත කාලෙක අතීත කතාවක ට...
අවුරුදු හතක පුංචි දුවගෙ කතා ඇහිමේ පිපාසය සංසිඳවන්න මුළු උම්මග්ග ජාතකය ම, කුස ජාතකය ම කතාවල් විදියට ටික ටික කිව්ව ඔහු වතාවෙන් වතාව මම ලොකු වෙනවත් එක්ක ම ටික ටික මගෙ ජීවිතාවබෝධය වැඩි කරමින් කොටසින් කොටසින් කිව්ව ඔහුගෙ ජීවිත කතාවෙ කොටසක් ඒ...
මම හිතන්නෙ මේ 1969 හැත්තෑවෙ විතර වෙන්න ඇති...
නු/බෝපත්තලාව රජයේ පාසල....
බෝපත්තලාව ගොවිපලේ සේවකයන්ගෙ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩ නැගුනක්...
හැන්දෑවෙ ඩයගම යන අන්තිම බස් රථය ළිඳුල යන බස් එකේ හිටපු මට පෙනුනෙ සිරීපාදෙ යනව වගෙ..ඒ ඔහු ඔහුගෙ ජීවිත කතාව සැකසුණ පරිසරය දකින්න මාව එක්කගෙන ගිය දවසෙ...
ඒ 1993 දි විතර...
1969 දි... මම කොහොමද මවාගන්නෙ...
ජාතික ඇඳුම ඇන්ද ඔහුත් ඒ කාලෙ තරුණයෙක් වෙන්න ඇති මේඝ වගෙම...
ගුරුනිවාසෙ ගුරුවරු 5 දෙනෙක්.. හිම වගේ සීතල වතුර... චමරියක් දාගෙන උයාගෙන කාල සති අන්තයට ගෙදර යනව කියලවත් නැතිව, මාස තුනකට වරක් නිවාඩු කාලෙට විතරක් ගෙවල්වල ගිහින් ගතකළ ජීවිත කතාව...
බෝපත්තලාවෙ කිරි ගොවිපලේ සේවකයන්ගෙත් තවත් අහල පහළ දරුවන්ගෙත් ඇස් පෑදුව කතාව ඒ...
මේඝ අත්විඳින සියල්ල ඔහුගෙ සැබෑ ලෝකෙ ඔහු අත්විඳල තියෙනව...මේ හැත්තෑ එකේ කැරැල්ලෙ පසුබිම සැකසුන කාලෙ..
කතාව සවිස්තර ව කියන්න මට බෑ...අහන් ඉඳල, මගේ හිත ගත් තැන් හිතේ ඇඳගෙන රස විඳපු කතාවක් විතරක් නිසා...
ඒ කතාවෙ තවත් එකම එක සිදුවීමක් මගෙ මතකය අතරින්....
එදා ළිඳුලෙ ඉඳල එද්දි මුනගැහුන එක සිසුවෙක් .. අපි වගෙම කොළඹ එනව "උඩරට මැණිකෙ".. අපි එන්නෙ නිවාඩුව ඉවර කරල ගෙදර... ඔහු ආවෙ රැකියාවට... අවුරුදු 20 කට විතර පස්සෙත් ඒ සිසුවා ඔහුට අකුරු හුරුකළ ගුරුතුමා ව අඳුනගත්ත....මේ කතාවෙ මා දුටු එකම ජීවමාන සාක්ෂිය එපමණයි..
මම ආයෙ මේ සටහන තියද්දි කිසිම දෙයක් ආයෙ ම ඇහුවෙ නෑ, මට ආස මම මවාගත් රූපය අකුරු කරන්න.. ඒක මට මතක් වුණේ "ඇහි පිල්ලමක් යට" දැක්කම... ඒක මගෙ චිත්ත රූපයට ගොඩක් සමාන නිසා...
කැඩි කැඩි ඇඳෙන මගෙ චිත්ත රූපය හුඟක් පැහැදිලි නෑ... බොඳ වෙලා... ඒත් මම ඒකට ආදරෙයි... ඒ මම වඩාත් ම ආදරේ කරන පුද්ගලයගෙ අතීතය නිසා....
"ඇහි පිල්ලමක් යට" රැඳුන
ඔබේම දෙනෙතින් මා දුටුව
ඔබේම අතීතයෙ
සැබෑම කතාව
හැම නවකතාවකට ම වඩා
සුන්දරයි මට...
මම දුටු "ඇහි පිල්ලමක් යට"
ජීවමාන 'මේඝ' වුණු
ඔහු
මගේ ම තාත්තා...
--------------------------------------------
Photo: http://www.tealeaftrust.com/USERIMAGES/website%20image%201.jpg
ඉතාම හැඟුම්බරව ලියාපු ලියැවිල්ලක්....:)
ReplyDeleteචෙජනා අක්කා ඔයා එක එක වචන වලින් හදන්න හදන දෙ ඔයා ලස්සනට හදලා අපෙ හදවත් තුල, ලස්සන මිනිස්සුන්ගෙ ලස්සන දරුවො කියලා විතරක් කියන්නම්. මගෙත් තියනවා ලස්සන කතන්දරයක්. මම එක දවසක ලියනවා එ මගෙ එක අම්මා කෙනෙක් වට ගෙතුන කතන්දරයක්.
ReplyDeleteචේජනා,
ReplyDeleteගුරුවරයෙක් විඳින මානසික තෘප්තිය වචනයෙන් කියල නිම කරන්න බෑ. මේ ලිපිය මට හුගක් දැනුනෙ මගේ මවත් ඒ වගේ ගුරුවරියක් නිසා. ඇය නිසාමයි මමත් ගුරුවරයෙක් උනේ. පළමු වතාවටයි ඔබේ ලිපියක් කියෙව්වෙ. මන්දාකිළණියට නම් නිතර යන එන බව දැකල තියෙනව. ඔබට ජය!!!
මන්දාකිළණිය කියල ලියැවුණේ වැරදිලා. මන්දාකිණියට කියල ඒක නිවැරදි වෙන්න ඕනෙ.
ReplyDeleteමං දැනගත්ත මගෙ නංගියේ උඹ "ඇහිපිල්ලමක් යට"ජීවත්වෙයි කියලා....ඒ පරිසරය...විශේෂයෙන්ම ගස්වැල්..කඳු..තැනිතලා...අඩිපාරවල්..ම්..ම්..ඒවාගේම අපූරු චරිත හරි ලස්සනට මවල තියෙනවා නේද...??
ReplyDeleteනංගියේ ..මම් ඔය පරිසරය විඳලා තියෙනවා...හීන් හිරිපොද එක්ක කකියවන සීතල..මීදුම..ගොවිපොලවල්..ලෙංගතු මිනිසුන්...මට අවුරුදු ගානක් අතපසුවුණා නෙව "මගේ ජීවිතය"
උඹ සටහන්කරල තිව්න වගේ ගුරුදෙවිවරු..හදවත බරවෙනවා නංගියේ මතක්වෙනකොට...(මට උඹේ තාත්තගෙ මූන මැවිලා පේනවා ...මං නොදැක්කත්..)
සුලා...
බොහෝමත් ම හිතට වදින්න සේ වචන හසුරවලා ලියූ ලියැවිල්ලක් නංගී. කිහිප වතාවක් කියෙව්වා හිතේ ඇතිවුන ලොකු භක්තියකින් (ඊයේ රෑම කියෙව්වත් සටහනක් ලියාගන්න තරම් නිදහසක් නොවිය).
ReplyDeleteඇයි ද යත්, මගේ ජීවිතයේ ගුරු පියවරු හා ගුරු මෑණියන් කිහිප දෙනෙක් ලොකු තැනක් දරණවා. ඒ උත්තමයෝ නොවෙන්න මගේ ජීවිතය ද මීට වඩා වෙනස් වෙන්න හොඳටම ඉඩ තිබුණා.
හැම දරුවෙක්ම තම දරුවා හා සමානව ගුරුහුරුකම් දී, හොඳ නරක පෙන්වා දී උසකට එසවූ ගුරුවරු සමූහයක් මා දන්නවා. ඔවුන් කර සත්ක්‍රියාව නිසාම වෙන්න ඇති ඔවුන්ගේ දුවා දරුවෝ සමාජයෙ ඉහලට ගිය අයුරුත් දෑසින් දැක ඇත.
රුපියල් සත වලට හැම දෙයම ලන්සු වෙන මේ කාලයෙත් එවැන්නන් නැතුවාම නොවේ.
එවැනි උතුම් මිනිසුන්ගෙන් පෝෂණය වූ අපි අතේ ද ලොකු කාර්යභාරයක් තියෙනවා.
සුලා සොයුරා කියූ ලෙස ඔයාගේ තාත්තාගේ රුව හිතේ ඇඳෙනවා නගේ...
රවා, අපිව හදද්දි කළ කැප කිරීම් ඒ කාලෙ දැනෙන්නෙ නෑ මල්ලි, ඒත් අද ඒවා වටිනාකම තේරෙනව තනියම ජෙවිතේ ගෙනියද්දි... ඒකයි මේව ලියවෙන්නෙ...
ReplyDeleteවළාකුළු
ReplyDeleteඔයා ලස්සන පිළිතුරු කවි මන්දාකිණියෙ ලියල යනව මමත් දැකල තියෙනව.. ඔයා ගුරුවරයෙක් කියල නම් දැනගන්න ත් සතුටුයි...
සුලා අය්යෙ.. "ඇහි පිල්ලමක් යට" මම දැක්ක පරිසරයෙ මම ජීවත් වෙන්න ගන්න ඇත්තෙ ගොඩක් පුංචි කාලෙ, ඒක බොඳ වුණු චිත්ත රූපයක්.. ඒක ආපහු පුළුවන් විදියට ලියන්න හිතුනෙ ඒක ටෙලිනාට්‍යය දැක්කම...ගොඩක් ස්තුතියි ඒක එච්චර ම ලස්සන කතාවක් කියල මාව ඒක බලන්න පෙළඹෙව්වට...
ReplyDelete(සාමාන්‍යයෙන් වෙලා මදි නිසා මම ටෙලි නාට්‍යයක් බලද්දි තැන තැන බලන්නෙ.. ඒත් ඇහි පිල්ලමක් යට චුට්ටක්වත් අඩු නැතිව ම බැලුව..)
ගල්මල් අය්යෙ, ඔයා ලියපු දේවලුත් එක්කම මේ කතාවෙ ඉතිරි ටික මම ඊළඟ Post එකේ දැම්ම..
ReplyDeleteමෙ නාට්‍ය විකාශය වෙලා අවුරුදු දහයක්....! තාමත් මට ඉදලා හිටලා මතක් වෙනව... මම හත් පාරක් විතර බලලා තියෙනවා..හැම දෙබසකම ලොකු තෙරුමක් එක්ක මහා අමුතු හැගිමක් තියෙනව..
ReplyDelete