වැඩ කරන අතරෙ 'මිහිල රේඩියෝව' අහගෙන ඉඳෙද්දි එහි විකාශය වුණ ගීතයක්.. මේ දවස්වල මම අතින් ගීත ගැන ලියවුණා වැඩියි කියල හිතුනත් ගීතය මගෙ හිත ඇතුලෙම ගිහින් නතර වුණ නිසා මට ඒක ගැන ලියන්න ම හිතුන...
බාහිර ලෝකෙ මොනතරම් බෙදීම් ප්‍රශ්න ගොඩ ගැහිල තිබුණ යුගයක වුණත් සරසවිය ඇතුලෙ ආදරණීය ම මිතුරු මිතුරියන් වුණ, ඒත් අද ඈත්වෙලා ගිහින් කාලෙකින් මුණ නොගැහුන සත්‍යා, උමා ඇතුලු ආදරණීයම යහළුවන් කිහිප දෙනෙක් හිත ඇතුලෙ සක්මන් කරන්න ගත්ත.. ගීතය අහද්දි..ගීය හිතේ නතර වුණෙත් ඒ හින්දම ද මන්ද..
විශේෂ අවස්ථාවක සත්‍යා ගෙ දිගු කෙස් කළඹෙ රැඳෙන පිච්ච මල්දම ආපහු මැවිල පේනව ගීය අහද්දි මට...
කාලය මොනතරම් නම් දේවල් වෙනස් කරල ද..
සුනාමි ඛේදවාචකය අත්විඳි දියණියක් ගැන ගැයෙන ගීයක්.. ඒ වගෙම සිංහල දරුවෙක් ඇගේ දුකට සංවේදි වන හැටි ගැයෙන ගීතයක්..
සෝමතිලක දිසානායකයන්ගෙ ගී පද රචනය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හර්ෂණ දිසානායකගේ සහ කස්තුරි සූර්යකුමාර් ගෙ හඬින්
පිච්ච කැකුළු මල් මාලය
කොණ්ඩෙ පලන්දා සුවඳට..
වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ...
අම්ම අප්ප කොයි ගිහින්ද
ඇයි තනියම පංසලේ..
අර සුවඳ හමන පිච්ච කැකුලු කෝ අද උඹෙ කොණ්ඩයේ...
අම්ම අප්ප ගියා උදෙන් වැඩට මාලු වාඩියේ
මහ මුහුද ඇවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
වෙච්ච කරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ
ලොකු හාමුදුරුවො අපට ඇවිත් ඉන්න කිව්ව පංසලේ..
කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ
අපි බුදුසාදුට වැඳල අහමු අම්ම අප්ප ගැන නුඹේ..
මෙච්චර කල් කවදාවත් පංසලටකට නෑ ගියේ
අපි හැමදාමත් දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ
දෙවියො බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ..
අපි බුදුසාදුට වැඳල පස්සෙ කෝවිලටත් යමු නගේ..
ඒ නම් මට කියාදෙන්න වඳින විදිය පංසලේ..
බුදුසාදුට පූජා කරන්න පිච්ච මලක් වෙයි අගේ..
අත්පොඩි දෙක එකට තියල වඳින ලෙසම කෝවිලේ
සුදු අරලියමල් පූජා කරමු ඒවත් සුවඳයි නගේ..
Subscribe to:
Post Comments (Atom)
Enjoying the Glory of a Star
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත ස...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
හරිම සංවේදී සිංදුක්ව නංගී.
ReplyDeleteලස්සන මතකයක් අවදිකරලා තියෙනවා. ඇත්තෙන්ම වැලලීගිය යුගය හරිගස්සන්න බැහැ. ඒත් අපිට පුලුවන් නම් හැම අහිංසක ජන් කොටසක්ම යා කර මිනිස් පාලම හදන්න, එදාට මොනතරම් ලස්සන වේවිද අපේ පුංචි රට.
බොහෝම ස්තුතියි අපිත් එක්ක සිංදුව බෙදාගත්තාට.
ඇත්තටම ලස්සනයි...
ReplyDeleteමම හරිම කැමති සින්දුවක්. කාලෙකින් ආපහු ඇහුවා. ඒ වගේම ලස්සන පෝස්ට් එකක්.
ReplyDeletereally like the song and your presentation.. too..
ReplyDeleteසින්දුව අහද්දි මට ඇත්තට ම මතක් උනේ මගේ යාළුවො ටික.. එදා තිබිච්ච කරදර රැසත් එක්ක මාස 6 කටවත් ගෙදර යන්න නොලැබුනාට ගෙදර ගියාම ආයෙ එද්දි අපි ආස නිසාම අපිට වඩේ,මුරුක්කු එහෙම හදාගෙනත් එනව.. අද නම් ගොඩ දෙනෙක් ලංකාවෙ නෑ, ඒත් ඒ මතකය මං ළඟ වගෙම එයාල ළඟත් ඇති මම හිතන්නෙ..
ReplyDeleteසින්දුව මාත් එක්ක එකතු වෙලා රස විඳල මම වෙනුවෙන් සටහනක් තියල ගියාට ගොඩක් ස්තුතියි..
ඔව්...චේජනා..සිංදුව හරිම ලස්සනයි..මේ සිංදුව මම මුලින්ම ඇහැව්වෙ ටීවී ලංකා එකේ වැඩසටහනකදි...ගීතය ගායනා කරපු..රංගනයෙන් දායකවුණු දරුවන්ගේ දක්ෂතාවය උපරිමයි...කොහොමවුණත් අපේ මව්බිමට අත්විඳින්නටවුණු ඒ කේදවාචකයන් කාලයක් යනතුරු අප අතර රැඳී තියේවි...අපේ ජාතීන් අතර බැඳීම ආයෙත් ඇතිවෙනවානම්..පෙර වාගෙම...ගල්මල් සහෝදරයා කීවාවගේ අපි ඒ පාලම නැවත ගොඩනගමු...!
ReplyDeleteසුලා
චේජනා
ReplyDeleteස්තූතියි බොහෝම ..!!
හරිම ලස්සනයි..අනේ මම මේ සිංදුවත් අහලා නැහැ...ඒ දවස් වලම නේද මේක කියලත් තියන්නේ ..
මේකයි අර 'ප්‍රේමය පුදදී අවසානයි' සිංදු දෙකම මම copy කරගන්න ඕනේ.. :-)
දෙවුන්දරින් යාපා පටුනට එක ම බතක් ඉදෙනා දිනක්
ReplyDeleteඅපට උදා කළ මැනවි යළිත්.......
රත්නපුරෙන් ගෙන ආ සමන් මල් සුවඳින් හද පුරවා
කලා වැවේ සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා
රුහුණු පුරෙන් නෙලලා කෑල මල් සුවඳ කොකුම් තවරා
අලිමංකඩ තොටමුණට වෙලා අපි බලාහිඳිනවා
නාගදීපයේ දොරගුලු හැරෙන තුරා..
යුග යුග ගනන් විසුවත් එකමත් රටක
ReplyDeleteමඟ හරුනා අපිට අත් වැල මුල සිටම
මදි නොකියන්න ගෙව්වෙන් වන්දිය සැවොම
පය පටලවා ගත යුතු නැහ මේ ගමන