Friday, June 25, 2010
ඛේදාන්තයක කතාවක්..
ඛනිජ තෙල්...
මානවයා ජීවත් කරවන ඉන්ධනය එයයි...
ඛනිජ තෙල් නැති ලොවක ජීවත් වීමට මිනිසා ට නොහැකියි කීවත් එය අතිශයෝක්තියක් නම් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ...
විකල්ප බලශක්තින් සෙවීමේ පර්යේෂණ මොනතරම් කෙරුණත් තවමත් ලොව සුපිරි බලවතුන්වත් සිය අවශ්‍යතා සපුරාගැනීමට ප්‍රමාණවත් තරමින් නිපදවිය හැකි ආරක්ෂිත වෙනත් විකල්ප සොයාගෙන නෑ...
ගොඩබිම ඛනිජ තෙල් නිධි එහි නිමාවට අතවනද්දී ගැඹුරු මුහුදේ ඛනිජ තෙල් නිධි සොයා යන්න මානවයාට සිදුවුණේ එ නිසාම වෙන්න ඇති...
"Deepwater Horizon" ඒ ගමනේ ඛේදාන්තය සනිටුහන් කරනව ද?
Deepwater Horizon, මෙක්සිකෝ බොක්ක ආශ්‍රිත ඛනිජ තෙල් නිධියේ, කැණීම් යන්ත්‍රයක පිපිරුම සිදුවුණ අප්‍රේල් 20 වනදා සිට අද දක්වා ම ඉන් බොරතෙල් කාන්දුවෙනවා... සාර්ථක විසඳුමක් අද දක්වාත් නැහැ..වර්ග කිලෝමීටර් 6500 ක් පමණ ප්‍රදේශයක් තෙල් තට්‍ටුවෙන් වැසිලා...
සාගර ජීවින් එහි වන්දි ගෙවනවා..ක්ෂණික ප්‍රථිපලය ලෙස..
ඒත් මිනිසා ඇතුළු අනිත් ජීවින්ටත් එහි වන්දිය ගෙවන්න සිදුවේවි... එහි ප්‍රථිපල ආහාරදාම හා පාරිසරික පද්ධති හරහා සම්ප්‍රේෂණය වෙද්දි...
ප්‍රථිපලය දකින නමුත් බොරතෙල් කැණීම නවතාලීම ගැන මොහොතකටවත් සිතිය හැකි තත්වයකට ලෝකය පැමිණී නැහැ...තවත් ස්ථානයක බොරතෙල් සෙවීමට කැණිමට අපට සිදුවේවි...
මෙවන් සිදුවීමක් සිදුවූ පසු එහි වැරදිකරුවන් සෙවීමෙන් පලක් නෑ.. සිදුවීමේ හේතු සොයා ඒවා අවම කරගැනීමට අපට හැකිනම්...එය මිහිතලයට කරන සෙතක් වේවි...
ක්ෂණික විසඳුම් නැති මේ දිහාවෙ ටිකක් අවධානයෙන් බැලුවොත්...
අවදානම නැති කරන්න බැරි වුණත් මෙවන් සිදුවීම්වල අවදානම අවම කරගැනීම දක්වාවත් යන්න මිනිසාට පුලුවන් වේවි...
Subscribe to:
Post Comments (Atom)
Enjoying the Glory of a Star
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්‍රපට, ගීත ස...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
මෙයින් සිදුවූ පරිසර හානිය සම්බන්ධ ව ඉතාම සවිස්තරාත්මක ලිපියක් මෙවර විදුසර පුවත්පතේ පළවෙලා තියෙනව..http://www.vidusara.com/ ඇත්තෙන්ම මේ ගැන යමක් ලිවීමට මට සිතුනේත් එය දුටු නිසා...
ReplyDeleteතවත් බොහෝ තොරතුරු wikipedia ඇතුළු බොහෝ වෙබ් අඩවිවලත් පළවෙනව..ඔබ වැඩි විස්තර කියවීමට කැමති නම්..
"ඛනිජ තෙල් නැති ලොවක ජීවත් වීමට මිනිසා ට නොහැකියි කීවත්..." තෙල් වලින් දුවන යන්ත්‍ර සූත්‍ර නිපදවලා පාවිච්චියට හුරු වුනහම සිතෙන දෙයක් වෙන්නෑති... ඔය නිපැයුම් කරන්න කලින් නෙයෙකුත් ශිෂ්ඨාචාර වෙනත් බල ශක්තීන්ගෙන් වැඩ ගත්තානේද... ලංකාවේ එහෙමත්...
ReplyDeleteDeepwater Horizon බලවත් ප්‍රශ්ණයක් ලෙස හැරෙමින් තිබේ.
ReplyDeleteඇමෙරිකාවේ ඛණිජ සම්පත් තිබියදී විදේශයන්හි විවිධ වෙළෙඳ ගිවිසුම් මගින් ඇමෙරිකාව අඩු මිලකට තෙල් ලබාගත්තා. ඒ සම්පත් අඩුවෙමින් පවතින අතර ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහල දමන්න ඔවුන් ක්‍රියාකරා. එතැනින් නව ඛණිජ සම්පත් මතුකරන්න වැඩ කරගෙන යන අතර තුරදී ඇතිවූ අනතුරකි මෙය.
ඇමෙරිකාව මෙලෙස කාර්ය බහුල වෙන අතර රුසියාව උත්තරද්ධ්‍රැවයේ හිම කඩාගෙන සයුර පතුලට බැහැලා අත්පත් කරගත්තා මතකද.
මෙ ඉතිං තෙලේ බලේ. විකල්ප ඇති නැති බව කෙසේවෙතත් ඛණිජ තෙලට ඇති ඇබ්බැහිය නම් කෙලෙවරක් නැහැ නේද...
මින් උගත යුතු පාඩම් ගොඩකි. මෙ තෙල් කැණීමෙ අනතුර සම්බන්ධ BP සමාගම ලොව තුන්වැනි තැන සිටින ඛණිජ තෙල් කැණීමෙ සමාගමකි. එම සමාගම මීට දස වසරකට පෙර ඇමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ ඛණිජ තෙල් කැණීම්, අපද්‍රව්‍ය අනිසිලෙස ඉවතලෑම නිසා වූ මහා ආන්දෝලනයකට තුඩුදුන් ප්‍රශ්ණ වැලකට මුහුණ පෑවා. ප්‍රමුඛයින්ටත් වැරදුන තැනක්.
අපේ රටේ ද ඛණිජ තෙල් කැණීම් ගැන සූදානමක් ඇති කලෙක උනන්දු විය යුතු මාතෘකාවක් වෙනවා ඇති.
මෙ ඛේදවාචකය ගැන මාත් නිර්මාණයක් කරමින් ඉන්නේ, නංගිගෙන් මෙ පොස්ට් එක කියවන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි.
අද ඛනිජතෙල් ටිකක් දුලභවෙලා හරිතියනවනේ ඒත් නැති උන දාට වෙන එකක් එයි,,,බයවෙන්ට එපා
ReplyDeleteවර්ශ 2006 දී ඉන්දුනීසියාවේ මෙ හා සමාන තවත් ඛේදවාචකයක් සිදුවුනා.
ReplyDeleteනැගෙනහිර ජාව ප්‍රදේශයේ ඛණිජ තෙල් හා ගෑස් කැණීමක අනිටු ප්‍රථිඵලයක් ලෙස පොලව යටින් ඝණ මඩ විදින්න පටන් ගත්තා. ඉන් සෑහෙන්න අලාබහානී සිදුවිය.
වැඩි විස්තර මෙ ලින්ක් එකමගින් බලන්න පුලුවනි.
http://news.bbc.co.uk/2/hi/science/nature/7699672.stm
බලවතා දුබලයාව පෙලන එක ගැන ස්වභාව ධර්මයේ අකමැත්ත ප්‍රකාශ කිරීමක් වගේ කියලත් හිතෙනවා . . ..
ReplyDeleteඛනිජ තෙල් නොවුන බලශක්තීන්වලින් ශක්තිය ලබාගෙන මානව ශිෂ්ටාචාර ගොඩ නැගුනත් එහි වර්තමාන යුගය නම් ඛනිජ තෙල් මත ම රැඳිල.. ලෝක දේශපාලනය හසුරවන්නෙත් ඛනිජ තෙල් කියල මම කොහේ හරි කියවල තියනව... ඛනිජ තෙල්වලට වඩා සුපිරි බලශක්තියක් ඛනිජ තෙල්වල ස්ථානය අයිති කරගන්න තුරු ඒක එහෙම්ම තියේවි කියල මට හිතෙන්නෙ...
ReplyDeleteලෝකයේ බලශක්ති නිශ්පාදනයේ ප්‍රමුඛයෙක් කියල සැලකෙන ජපානයත් න්‍යශ්ටික ශක්තිය හා ඛනිජ තෙල් දෙකම විදුලි උත්පාදනයට භාවිත කරනව.. ඉතින් අපි වගේ රටවල් ගැන මොනව කියන්නද...(අනිත් අතින් න්‍යශ්ඨික විඛන්ඩණයෙන් ශක්තිය නිපදවීම ඊට වඩා අනතුරක් ලෝකයට ගෙනේවි මම හිතන්නෙ දවසක මේ විදියට හොරෙන් හොරෙන් න්‍යශ්ඨික අපද්‍රව්‍ය සැලසුමක් නැතිව බැහර කළොත්..)
බලවතා දුබලයා පෙලීම ට ස්වභාව ධර්මයවත් විරුද්ධ වෙලා වෙන්න ඇති ඇමරිකාවට ආසන්නයේ ම මේ වගෙ දෙයක් සිද්ද වෙන්න ඇත්තෙ ටිකක්වත් ඇස් ඇරෙන්න... මේ මුළු ලෝකය එකම පද්ධතියක් කියල නොහිත තමන් ගැන විතරක් හිතන බලවතුන් තමන් ජීවත් වෙන්න නම් අනිත් පද්ධති ත් සමතුලිත විය යුතුයි කියල තේරුම් ගන්න දා වෙනකොට ලෝකයෙ විනාශය ආපසු හරවන්න පුළුවන් තැනක තිබුනොත් මානව වර්ගයා වාසනාවන්තයි..
නැත්නම් පරිනාමයේ බුද්ධිමත් ම සත්වයා මිහිමතින් අතුගාල දාල අනිත් සත්ව විශේෂත් සමගින් තමන්ගෙ පැවැත්ම රඳව ගන්න මිහිකත තීරණය කරයි ද දන්නෙත් නෑ...
මේ අයියයි නඟයි දෙන්නා (ගල්මල් සහ චේජනා ) කාලීන මාතෘකා ඔස්සේ පණිවිඩයක් සමාජගත කරන්න දරන උත්සාහයට හිස නමා මගේ ආචාරය පුදකරා ඕං....
ReplyDeleteනංගියේ....මම ජීවත්වන සරල විදිහ දැකලා සමහර උදවිය අහනවා මට පිස්සුද කියලා...ඒ ඈයොන්ට මම දෙන උත්තරේ තමයි මම ජීවත්වන්නෙ දහනවවන සියවසේ මුල්භාගයේ කියලා...මම හරි ආදරෙයි ඒ පරිසරයට..සතා සිව්පාවාට ගහටකොලට...විශිෂයෙන්ම සරළ බවට...
මේවාගේ විනාෂයන් දකින්න මමත් පව්කලානේ....
සුලා..
සුලා අය්යෙ,
ReplyDeleteසරල ව ජීවත් වෙද්දි විඳින සැහැල්ලුව වෙන මොන දේකින්වත් ගන්න බැරිව ඇති මම හිතන්නෙ...අනිත් අතින් සරල ව ජීව්ත් වෙන මිනිස්සු ටික දෙනා හරි මේ පරිසරයට ගහකොළට අවංකව ම ආදරය කරන නිසා මේ දේවල් මෙහෙමවත් රැකිල තියෙනව.. නැත්නම් මෙච්චරවත් නැතිව යාවි..
බොහොම ස්තූතියි චේජනා... කොච්චර බලවත්තු උනත් තාම තෙල් කාන්දුව වල්ක්වාගන්න බෑ... අපිට හිනා වෙන්න බෑ මේක දිහා බලලා (මේක අපේ දෙයක් නොවන නිසා) මොකද අපිටත් මේකේ අනිටු ප්‍රතිඵල විඳින්න වෙනවා අනිවාර්යෙන්ම... :(
ReplyDelete