Saturday, July 31, 2010

විසිරෙන මල්...


උඩු හුළඟේ
අයාලයේ
ගියත් ඉතින්
මල් පිපුණේ
විසිරී යන්නමයි
නිතින්

හිත ගත් තැන
‍රැඳියන්
තණ ගොල්ල
යටින්
වසන්තයේ
දළු ලන තුරු
පරිස්සමින්

Photo:  http://www.universaltimer.com/Images_Gallery/dandelion.jpg



Friday, July 30, 2010

හිත පරෙස්සමින්...


සැඳෑ අහස රටා මවන
රෝස වළා වියමන් මැද
නිල් තරු කැට රහස් කියයි
නෙතු විමසිල්ලෙන්

මල් මුවරද මිහිර උරා
ළදළු සලන මද පවනේ
වරා මලක් සේ පාවෙයි
හිතත් ඇසිල්ලෙන්

කන්ද උඩින් ගලන අඳුර
සඳ කිරණින් රටා අඳින
නිමේශයක රුසිරු ලඳුන්
බැලුවත් හො‍රැහින්

කප්පරකට පෙරුම් පුරා
හීන පැතුම් දෝත දරා
‍රැක ගන්නට නුඹට දුන්න
හිත පරෙස්සමින්


 Photo : http://images.artwanted.com/large/07/30501_464807.jpg


Thursday, July 29, 2010

ගිම්හානය අතරමැද...


ලතා මඬුළු මැදින් එබී
කිරණ පෙරා ගත දවනා
දිවයුරු තෙද බිඳ හෙලනා
වළා හෙවිල්ලෙන්

බිඳ බිඳ දිය කර එවනා
වැහි බිඳුවක දැවටීගෙන
හිරු කිරණක් රටා මවා
ඉන්ද්‍රචාපයෙන්

ගිම්හානයෙ ගිනි රස්නේ
මුවා කරන් මේඝය අද
මුළු අහසම අයිති කරන්
රටා මැවිල්ලෙන්

දේදුන්නේ ගොළු තානම
සුසරකරන් මගේ හිතත්
වළාකුලක පා වී යනවා
සැනසිල්ලෙන්

Photo : http://www.natures-desktop-hd.com/images/wallpapers/1440x900/clouds/rainbow-blue-sky.jpg

Saturday, July 24, 2010

පුංචි දුවේ...



අම්ම අප්ප නැති අතරට
කැමරාවක සටහන් වුණ
නුඹ රුව රසඳුන වුණාළු
නුඹ කිසිදා අහලත් නැති
 වෙබ් අවකාශයෙ, දිනයක

නුඹෙ ඇස් යට වාං දාන
දුක් ගින්දර පුංචි දුවේ
උන් දෑහට වහංවෙච්චි
කඩමළු ඇඳි රුව දැකලා
දෙනෝ දහක් වශී වෙච්චි

ඉන්දියානු එඬේර දැරියක්... මාර්තු මාසෙ දවසක National Geographic වෙබ් අඩවියේ දවසේ සේයා රුව ලෙස සටහන් වූවක්... සේයා රුවේ දැරියගේ අවිහිංසක බව, කුලෑටි බව සටහන් වෙලා තිබුනත් දීප්තිමත් දෑසකින් ඇය බලා සිටිනවා...

ඇය කිසිදා අසාත් නැති බොහෝ විට කිසිදා අසන්නෙ දකින්නෙත් නැති වෙබ් අවකාශයෙ මේ රුව සදහටම සටහන් වුණාට අද ඈ...කොහේ මොනව කරනව ඇතිද ? 


Photo: http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/young-india-nomad/

පසු සටහන් : 
ඩෙස්ක් ටොප් සේයා රුව වෙනස් කරන්න සේයා රුවක් සෙවීම මෙච්චර දිග ඉතිහාස කතාවක් කියන ලියමනක් වේවි කියල මට පොඩ්ඩක්වත් හිතුණෙ නෑ...


ඇගේ දෑස්වල දීප්තිය විසින් හා ලාංකික අපට හුරු පෙනුම විසින් ඈ ගැන යමක් ලියවෙන්න ඕන කියන අදහස ගෙනාවත්...සටහන මේ තරම් දිග කතාවක් හෙළි කරාවි කියල නම්....

ඒත්...

සටහන  ලියද්දි ඔහුගේ නම මගෙ අතින් නොලියවුණත්
මේ සේයා රුව ගත් ශිල්පියාත් Steve McCurry  මයි...


A Life revealed ලෙස සටහන් වන ඇෆ්ගන් ග(ර්)ල් සේයා රුවට පෙනී සිටි යුවතියගේ National Geographic  හි සටහන් වන සේයා රූ දෙක සහ එහි ලින්ක් එකත් මෙතනට ම එකතු කරනව ඒ නිසාම...

සමහර විට අනාගතයේ දවසක  Punkti කියන මේ දැරිවියගේත් තවත් සේයා රුවක්  National Geographic වලට එකතු වෙලා තවත් මේ වගෙ දිග කතාවක් ලියා විද කියල අපිට කියන්න පුළුවන්ද?













Tuesday, July 20, 2010

ඒ ආලහිත ට කැමතියි මං දෙයියෝ අවසර...


රජ්ජුරු බණ්ඩාර දෙයියනේ...
තරහ අවසර රන්කඳේ
ආල හිතක් හැදී ඔත්පල වුණු
අහිංසකී මං...

රනේ කිරුළ ඉහේ
තුන්ගව් උස ඔ‍ටුන්න දාගෙන
පයේ නාග සලඹ ලීනි හඬින්
මන්තර මතුරන
අපේ පැල වටේට ඇවිදිනවා
රෑ මං අහගෙන

ඇලමංකඩ ඉසදිය නාන්න
මංපියවෙනකොට
රුක්අත්තන ලන්දේ ඉඳගෙන
දිවැස් වදාරන
ඒ ආලහිත ට කැමතියි මං
දෙයියෝ අවසර...

දීපිකා ප්‍රියදර්ශනී ශිල්පිනියගෙ හඬින් ගැයෙන ගීයක්...

සුන්දරයි...

ඒත් අද ඒ ගීය මෙතෙන්ට එකතු වෙන්නෙ නම් ලස්සන නිසා විතරක් ම නෙවෙයි...

රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගෙයි මේ යුවතියට පහල වුණ ආල හිතෙයි සම්බන්ධතාව හා ගැලපීම මට මාසයක් විතර ගත කරලත් හිතාගන්න බැරි වුණ නිසා...
පුළුවන් වෙලාවක ඉඩ තියෙන විදියට මේ ගීතය අහල යන්න කියල ඒ හින්ද ම ඉල්ලනව...
සුලා අය්යගෙන්, ගල්මල් අය්යගෙන්, තිස්ස අය්යගෙන්, ඉඩක් ලැබිල ආවොත් දුකා අය්යගෙන් සහ චේජනාගෙ පි‍ටුවට ගොඩ වදින හැමෝගෙන්ම මේ ගීතයෙ පද පෙල වටහාගන්න මට උදව්වක් ලැබේවි කියල තමා මේ ගීය සහ පද පෙල මෙතෙන්ට එකතු කරන්නෙ...




ආයෙ අහන්න ආස නම් ගීය අරගෙන යන්න...

Photo : http://3.bp.blogspot.com/_NjdBzKI5nYs/SaDYomhSzvI/AAAAAAAABWc/LTfQ1dmqj2U/s400/lord+shiva+with+trishul+damru+wallpaper+image+pic+photo.jpg

Friday, July 16, 2010

සඳ වරංගනා



සෞම්‍ය වූ ප්‍රේමයේ
අනුරාගි රාත්‍රියයි මේ
සඳවත වසංගනා
මේකුළු සළුව මුදා
සඳ ගනඳුර දුරලා
වඩිනුය සඳ වරංගනා

තුන්යම දැවටී
ඉමිහිරි ආලිංගනයක
සඳකඳුළු නොසලන්
වෙන්වෙන මොහොතට
හෙටත් නුඹ එනකන්
මග බලන්නම් මං
සඳ වරංගනා

ගිරිශිඛරයයි මා
අහිමි මිහිතල
මතු මතින් හිඳ
නුඹට පෙම් බඳිනා
කල්පයක් වූ නිමේශයකට
නුඹ පහස යදිනා




Thursday, July 15, 2010

Once upon a time...



Once upon a time I was working as an Engineer …only for four months… not more…

It was just after the Tsunami catastrophe. The site was a big housing project at Southern province. It was a sudden bloom of construction field. So, there was a lack of skilled workers everywhere…four engineers at the site. Three of us were not experienced…just passed out... only one Engineer with experience… Though there was a Project manager, the position was vacant most of the times. A project manager comes… he gets a better offer within few weeks…he leaves…like that.

Other staff also same… consultant even try to steal staff from contractor to another site where he works… the owner of the construction company also same…(This worked very well for around 2000/+) it was such a struggle … not much experienced people… some technical officers were at their training period… still it was like that. It was about the site staff.

Work force…

It was also same… sub-contractors were not professional...most of them had no experience about work sites…some had, still in small scale. One I can never forget, from the far end of Southern province, he is very hot tempered, still a very good man… one I have ever seen. He is a traditional mason and a carpenter both, with his deep knowledge of our heritage of construction…, when I had a little bit of relax; I used to grasp little bit of his knowledge. Anyway he was the worst person to get adapted for a site.
All were more or less like this…they just want to work five or six days per week, in their rhythm, get money, go home and again start work in the next week… how awful for a site.. We were hardly struggling to go for construction target

Masons and carpenters from my village were working there, among the other sub contractors. The nicest experience is that…they used to tell me “chuuti noana”, when I was a kid… still if they see me at home…even today… if they meet me…
They worked for my instructions at the site… yes, it was very well ok… but if they work at my home and ask for my idea…

Oh My God…

My father thinks that they knows it better than me…he says “Do it in your way.., she does not know… these things…much”

What a nice experience…

My father was so happy when I became an Engineer… at my convocation… but still I m the baby girl who played with extra cement and sand making any of the structure I could make with various small small cups I had…in his point of view...

I don’t know why I got these things into my mind suddenly today… and what s the reason it made me to write in English… Anyway it came into my mind… and made me to write in English…

This was the first time I moved in the real world of construction other than my training period; probably last time too... But that good old memory still makes me please…


Photo:  http://www.crcna.org/site_uploads/uploads/crwrc/images/relief/SriLanka_4yearson.jpg

Saturday, July 10, 2010

සඳ සිතුවම් සම නොවෙනා...


තුරුඅගිස් නැගී
මා වවුල් පියා සැරි
කණාමැදිරි එළියත් නැගෙනා
තුරු වදුලු මැදින්
‍රැස් කිරණ හලා
සඳ සිතුවම් ‍රැය අඳිනා

මේ නියොන් එළි
නෙකවනින් දිලී
නෙක නෙක රූ නෙත මවනා
කළු සුදුත් හලා
කණමැදිරි එළිත් ලා
ඇඳි සඳ සිතුවම් මකනා

දිලි දිලී ‍රැයේ
දේදුනු ප්‍රභාවන්
අරුම රටා වියනා
කළු සුදෙන් ඇඳී
සිත මිහිර විඳී
සඳ සිතුවම් සම නොවෙනා




Saturday, July 3, 2010

මේඝ වළා මුදාලන්න

මේඝ වළා මුදාලන්න
මන්දාරම් වැහි වැටෙන්න
ගිනියම් වූ දිවි කතර ට
පොද වැස්සක අසිරි පලක් නෑ...

අහස දෙබෑ කර නැගෙන්න
විදුලි අකුණු මවාලන්න
මොර සූරන මහ වැස්සක
තෙමුණු දිනක් මතකයෙවත් නෑ...

ජීවිතයේ නියංසාය
නිමාකරන මන්දාරම
මග බලනා මගෙ දෑසට
මහ වැස්සක නිමිති පලක් නෑ..

නෙත සැඟවූ කඳුළු බිංදු
වැහි ඇල්ලක දියකරන්න
කල් බලනා දෑස රිදේ
මාරුත මිස මේඝය තව නෑ...

Friday, July 2, 2010

පහන් ටැඹක් වී මා දිවි ගමනේ...

තාත්ත මම දැක්ක දවසෙ ඉඳල ම ඒ වගෙමයි කියලයි මට හිතෙන්නෙ...
වෙනසක් පේන්නෙ ඒ දෙන්නගෙ wedding photo එකත් එක්ක සංසන්දනය කළාම විතරයි..
ඒ හින්ද ම ඒ පින්තූරෙ ඉන්න තාත්තව තමා මට තාත්ත තරුණ කාලෙ කියල මතක් කරගන්න පුළුවන් එක ම විදියත්...

කොහොමටත් මම තාත්තට හුඟක් ආදරෙයි... මම ගොඩක් ම තාත්ත වගෙ කියලයි කියන්නෙත්.. තාත්තගෙ  වගෙම පියවෙන දෙතොලකුත් ඒ වගෙම නාහෙත් මට එහෙම්ම පිහිටල තියෙනව... ඒ හින්ද වෙන්න ඇති...

"ඇහි පිල්ලමක් යට" මාව ගෙනගිය අතීතයත් එක්ක පිළිමතලාව ගුරු විද්‍යාලයෙත් නුවරඑළියෙ බෝපත්තලාවෙ ඉස්කෝලෙත් ඔහුගෙ ගුරු ජීවිතයෙ එක යුගයක් ගත වෙලා තියෙනව..
අනික් යුගය ගාල්ලෙ දිස්ත්‍රික්කෙ, ගාල්ලෙ කිව්වට ගාල්ලෙ ඉඳන් ගොඩක් ඈත අපේ ගමේ...ඒ ඉස්කෝලෙ නම් මමත් ඉගෙන ගෙන තියෙනව...

ඔහුගෙ අවුරුදු 32 ක විතර ගුරු ජීවිතේ ඔය පාසල් දෙකේ විතරයි.. දෙකම දුෂ්කර පාසල්.. ඒවට ආවම දිගටම ඒවයෙ ‍රැඳිල මිස කිසිම දවසක ඔහු මාරුවීම් ලබලවත් ඉල්ලලවත් දෙකම නෑ...

තාත්ත අපිට උගන්නල නැති ම තරම්.. ඒත් ඔහුගෙ ජීවිත දර්ශනය වුණේ තමන් උගන්නන අනුන්ගෙ දරුවන්ට හරියට කැපවෙලා උගන්නනව නම් තමන්ගෙ දරුවො ඉගෙනගනියි කියන එක...ඔවුන් දෙන්නගෙ ම විශ්වාසය වුනේ එහෙම...ඒ හින්ද ඒක ඉශ්ට කරන්න ම ද මන්ද මම මගේ අධ්‍යාපනයේ දි ප්‍රාතිහාර්ය සිද්ද වෙනව දැකල තියෙනව...

ඒත් තාත්ත අපිට ආදරය කළා... අපිව සංවේදි කළා... අපිට ජීවත් වෙන්න ඉගැන්නුව...


මේ ඔක්කොම දේවල් ලිව්වෙ අද ඔහුගෙ ජීවිත ගමනෙ තවත් විශේෂ දවසක්...

ඔහුගෙ උපන්දිනේ...අදත් ළඟ නැති මගේ ආදරේ දුරකථන ඇමතුමකිනුත් මේ සටහනෙනුත්... සයිබර් අවකාශය මගේ සටහන් ‍රැක ගනීවි.. මම ගෙදර යනකන්...

මගේ පැතුම ඔහු වෙනුවෙන්...

නිරෝගී සුවය හා දීර්ඝායුෂ...!!!


Photo: http://www.nvo.com/beaulier/nss-folder/scrapbook/FL_31.JPG