Saturday, March 6, 2010
ආදරණීය අම්මා-4 මම දැන් ලොකුයි..
කුඩා දියණිවරුන් කාලයටත් හොරාම නව යොවුන් දියණියන් වෙනවා.. නව යොවුන් වයස කියන්නෙ ළමයෙකුත් නොවෙන, ඒත් වැඩිහිටියෙකුත් නොවෙන, ඒත් තමන් දැන් වැඩිහිටියො කියල දරුවො හිතන කාලෙකට, ඒ කාලෙදිම දරුවන්ගෙ ජීවිතවල බොහෝ කඩඉම් පසුවෙන නිසාම ඒ කාලෙ හරිම සුවිශේෂයි, යොවුන් ආදරය හිත් ඇතුළට කාන්දු වෙලා හිතේ නවාතැන් ගන්න හදනවා, ඒ අතරෙම දරුවො තමන් වැඩිහිටියො කියල හිතන නිසා ටිකක් හිතුවක්කාරත් වෙනවා.. දූ දරුවො දෙමව්පියො අතරෙ වැඩිම මත ගැටුම් ප්ර්මාණයක් ඇති වෙන්නෙ මේ කාලෙදි තමයි..
ඒත් දරුවො ඒ වෙද්දිත් පුංචි නිසා දෙමව්පියන්ටම තමයි මේ කාලෙදි කල්පනාකාරීව හැසිරෙන්න වෙන්නෙත්.. අම්මා දරුවන්ගෙ සිත් තුළ විශ්වාසය ගොඩ නග්ගගෙන හිටියොත් මේ කාලෙ හසුරුවන්න ටිකක පහසුයි..
මායි අම්මයි අතරත් මේ කලෙදි පුංචි පුංචි මත ගැටුම් ඇති වුනා.ඒත් අපිව නිවැරදි මගේ හසුරුවන්න ඒ දෙන්න ටිකක් උපක්රමශීලී වුනා ඒ කාලෙ. එක සැරේට අම්මයි තත්තයි දෙන්නම අපිත් එක්ක ගැටුනෙ නෑ, අම්මත් එක්ක ටිකක් හිත නොහොඳින් නම් තාත්ත අපිත් එක්ක හොඳින්, ඒකෙ අනිත් පැත්තත් එහෙමමයි.. අපිට තේරුනේ නෑ ඒ කාලෙ මේක හිතාමතා කරන දෙයක් කියල. කොහොම උනත් ඒ නිසා ම ලොකු ප්රශ්න නම් ඇති වුනේ නෑ.
අනික අපි පොඩි පොඩි ප්රශ්න හදා ගත්තත් අපේ ඕනම ප්රශ්නෙකට අම්ම තාත්ත ළඟ උත්තර තියෙනව කියන විශ්වාසය අපේ හිතේ තිබුන. ඒක තියෙනකොට දරුවන්ට පුදුම සුරක්ෂිතබවක් දැනෙනව. ඒ සුරක්ෂිත බව ඒ වයසෙදි හරිම ශක්තියක් වෙනව ජීවිතේ හැමදේටම..
අපි අද ජීවත් වෙන්නෙ මොනා හරි දෙයක් අම්ම තාත්ත දැනගනියි කියල බයේ දරුවන් සියදිවි නසා ගන්න සමාජයක.. මට හිතා ගන්න බැරි මොන වරදක් උනාට පස්සෙ වුනත් ලෝකෙ හැම දෙයක්ම නැති වුනාට පස්සෙදිත් අම්මට තාත්තට දරුවන්ව එපා වෙන්නෙවත් එයාලව අපිට නැති වෙන්නෙවත් නෑ කියල දරුවනට ඒත්තුගන්වන්න ඒ අම්මල තාත්තලට බැරි වුනෙ ඇයි කියල..
අද වුනත් ප්රශ්නෙකට විසඳුම් හොයාගන්නම බැරි වුනාම මම අම්මයි තාත්තයි එක්ක කතා කරනව. මගේ ලෝකය එදාට වඩා වෙනස් නිසා මගේ ප්රශ්නෙට උත්තරේ දෙන්න බැරි උනත් ඒක දිහා එයාලගෙ ජීවිත අත්දැකීම් තුළින් බලල මතු කරල දෙන පැති කඩවල් ජීවිතේ තීරණ ගන්න පහසු කරනව.
මේ ඔක්කොමත් අතරෙ ආපසු ඇය පසුකර ආ ඇගේ නව යොවුන් වියට ඇවිත් අපිත් එක්ක සතුට බෙදා ගන්නත් අම්මට පුළුවන් වුනා, අපිත් එක්ක විනෝද ගමන් යන්න ඒ ගිහින් අපිව රැක බලගන්න ගමන්ම අපේ සතුටත් තහවුරු කරන්න අම්ම දැක්වුවෙ පුදුම දක්ෂකමක්,
ඒ විතරක් ද, පිළිවෙලට අඳිනව, රෙදි මදිනව, කියන දේවල්වලට පුදුම තරම් කම්මැලි මාව ලස්සනට අඳවන්නත් අම්ම මහන්සි වුණා,
අනේ මන්ද අම්මෙ, මෙහෙම ලියද්දි තමයි හිතෙන්නෙ කොයිතරම් නම් දේවල් ඔයා අපි වෙනුවෙන් කළා ද කියල...
සේයා රුව:http://fcs.osu.edu/hdfs/stages-of-life/img/mother_and_daughter.jpg
Subscribe to:
Post Comments (Atom)
මෙහෙයවන සෙනෙහස...
අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්රපට, ගීත ස...
අපොයි මටත් ආසා හිතෙනව ඒ අම්මව බැහැ දකින්න..රස කර කර කියන හැටියට...
ReplyDeleteඅනේ හරිම සංවේදියි
ReplyDeleteදවසක ඒ අම්මව දකින්නත් පුළුවන් වේවි,
ReplyDeleteඅපි ඔක්කොම අපේ පුංචි රටේ නෙ ඉන්නෙ අය්යෙ..
@තරිඳු
ස්තුතියි මල්ලි
හරිම ලස්සනට ලියලා.
ReplyDeleteමොකෝ නංගී ලියන්නේ නැද්ද? කොමෙන්ට්ස් ගැන නම් හිතන්න එපා. කොමෙන්ට්ස් නැහැ කියන්නේ ඔයාගේ ලියැවිල්ල රස නැහැ කියන එක නොවෙයි. අනික අම්මාට කරන උපහාරය මොන හේතුවකටවත් නවත්තන්න එපා. දිගටම ලියන්න
ReplyDelete