Friday, September 3, 2010

ලොව ගිම්හානයේ දැවෙමින්...

ලෝකය අසාමාන්‍ය ලෙස උණුසුම් ගිම්හානයකට මුහුණ දෙමින්... ජපානය 1898 දි කාළගුණ වාර්තා තැබීම ඇරඹුමෙන් පසුව ම මුහුණ දෙන උණුසුම්ම ගිම්හානය මේකලු..ටොක්යෝව සෙල්සියස් අංශක 37 ක උපරිම උශ්ණත්වය ට ළඟා වුණ බව කියවෙනවා...

මේ වෙද්දි ලෝකයේ රටවල් 18 ක ඉහළ ම උෂ්ණත්වයන් 2010 වසරෙදි වාර්තාගත වෙලා තියෙනවා... ඒ රටවල් අතර
1942 දි තැබුණ උෂ්ණත්ව වාර්තාව බිඳ හෙලන පලස්තීනය - 51.4 ක උෂ්ණත්වයක් වාර්තා කරල ...යුක්‍රේනය,සයිප්‍රසය , ‍ෆින්ලන්තය, කටාර්, කුවේට් හා රුසියාව ද මේ රටවල් අතරට අයත් වෙනවා...

දකුණු ආසියාතික රටවල් අතරින් පකිස්ථානයේ මොහෙන්ජොදාරෝ නගරයේ සෙල්සියස් අංශක 53.5 ක උපරිම උෂ්ණත්වයක් වාර්තා වෙලා...ලැව්ගිනි, උෂ්ණත්වය නිසා සිදුවන මරණ ආදී බොහෝ ව්‍යසනයන් මේත් එක්කම එන්න ඇති...වාර්තාගත ලෙස ශීත ශිශිරයකට මුහුණ දීමෙන් අනතුරුව එළඹුණ වාර්තාගත උණුසුම් ගිම්හානයකටත් මුහුණ දෙන්නට සිදුවීමේ හේතු නම් පැහැදිලි නෑ...
ඒත් අධි උණුසුමට හේතු සොයා බැලූ රුසියානු වාර්තාවලට අනුව නම් ස්වභාවික වායුගොලීය වායු සංසරණ ක්‍රියාවලියේ වෙනස්වීම් මේකට හේතු වුණා කියල කියවෙනව..කොහොම වුණත් ඊට ම එකතු වුණ නාගරීකරණය, හරිතාගාර වායු මුදාහැරීම, වනාන්තර විනාශය ආදී දේවල් මේකට අනුබල දෙන්න ඇති කියන මතය ඒ වාර්තාවලින් ප්‍රතික්ෂේප වෙන්නෙත් නැති බවක් තමා පේන්නෙ...

අද දවසෙදිත් මෙහි ඉදිරි දින දහයේ කාළගුණ අනාවැකිය උෂ්ණත්වය අඩු වීමේ ලකුණක්වත් පෙන්නන්නෙ නෑ... දැන් නම් ගිම්හානය ඉවසගන්න බැරිම තරම්... දකුණු ආසියාවෙන් ආව හැමදාමත් හිරු රශ්මිය විඳල පුරුදු අපිට මේ ගිම්හානය මේ තරම් අපහසුවක් ගේනව නම්...? අපිට වඩා මේකට ඔරොත්තු දෙනව අඩු අනිත් ජාතීන්ට මොනතරම් නම් අපහසුවක් දැනෙනව ඇත්ද ?


Source:
http://www.mercurynews.com/nation-world/ci_15971316?nclick_check=1
http://climatesignals.org/2010/08/18-national-heat-records-set-so-far-in-2010/
http://en.wikipedia.org/wiki/2010_Northern_Hemisphere_summer_heat_wave


20 comments:

  1. අපේම වැරදි....අපේම හිස්මතට කඩා වැටෙන දිනය අත ලඟ වත්ද?.....:(

    ReplyDelete
  2. ආ ඇයි ජර්මනිය..
    මේ වසරේ ගිම්හානයේදී බර්ලීනය ඇතුළු සමස්ත ජර්මනිය වාර්තා කලේ ඔවුන්ගේ ආදිතමයින්(කාලය මතක නැත)උශ්නත්වය සටහන් කිරීම ඇරඹුවාට පසුව වාර්තා කල වැඩිම උශ්නත්වයලු.ඒ සේල්ශියස් අංශක 38 ක්

    ReplyDelete
  3. අපොයි මෙහෙත් එහෙම තමයි..
    එහෙන් මෙහෙන් වැස්සට මොකද..පායන දවසට ඉන්න හිටින්න බැහැ.
    මම ගෙදර ඉන්න දවසට අඩුම ගානේ හතර වතාවක්වත් ෂවර් එක යට.

    ReplyDelete
  4. ඒකෙන් තේරෙන්නෙ පැරණි මායා වරුන්ගෙ අනාවැකිය හරියන බවද ...?

    ReplyDelete
  5. මටත් හිතෙන්නෙ 2012 movie එක ඇත්ත වෙන්න යනව වගේ....

    ReplyDelete
  6. මිනිස්සු කරන දේවල් වලට ඔහොම නොවුනොත් නේද පුදුම?අනේ මන්දා මේ දේවල් කොහෙන් කෙලවර වෙයිද,ලෝක විනාශෙන් මිසක්.නේද සහෝදරී?අපිත් ඔය ගැන පොත් පිටින් පාඩම් කරා.ඒත් හිතට දැනෙන්නේ කාටහරි රිදුනාම තමා.

    ReplyDelete
  7. ෂඩොව්/හේමලයා

    අපි කරන දේවල්වල ප්‍රතිපල අපිට විතරක් නම් කමක් නෑ... අහිංසක සත්තුයි ගහකොලයිත් ඒවට වන්දි ගෙවන එක තමා

    ReplyDelete
  8. nimanthi,

    මුළු උතුරු අර්ධගෝලයට ම වගෙ මේක පොදුයි නේද අක්ක,මට නම් දැන් එපා වෙලා..දවල්ට එළියට බහින්න තියා හිතන්නවත් බෑ...වැරදීමකින් හරි යන්න වුණොත් ඔළුවෙකැක්කුමත් එක්ක ගෙදර එන්න වෙන්නෙ

    ReplyDelete
  9. මාරයාගේ හෝරාව

    කොළඹ පැත්තෙ නම් රස්නෙ ටිකක් වැඩි ඇතියි, ඒත් අපේ ගෙදර එහෙම නම් එච්චර ම ප්‍රශ්නයක් නෑ..ගාල්ලෙ උෂ්ණත්වය නම් ගොඩක් වෙලාවට තියෙන්නෙ 27 C කියල...

    ReplyDelete
  10. කුමාරයා / දිනෙශ්

    මායාවරු ලොඅකය 2012 දි විනාශ වෙන බව විශ්වාස කළෙ මොකද මන්දා... ඒත් මේ යන විදියට නම් ඒ වගේ තමා

    ReplyDelete
  11. ප්‍රාර්ථනා

    ගෝලීය උණුසුම, හරිතාගාර ආචරණය කියල පොත් ගණන් ඉගෙනගත්තට අපිට ඉන්න බැරි වෙනතුරු අපිට දැනෙන්නෙ නෑ.. අනිත් අතින් සම්මේලන වැඩමුළු තිය තිය තවත් බලශක්තිය නාස්ති කරන මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙත් නෑ....

    ReplyDelete
  12. Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with Imagesharingsites.com

    ReplyDelete
  13. "ගිම්හානය ගත දවමින් වියලි මිහිතළේ...
    පවස නැගේ, මා රඳවයි ලොවක නිසසලේ..."

    ReplyDelete
  14. හ්ම්... මේ කටාර් වල ‍ප්‍රතිඵලය...
    මෙහෙනං පහුගිය දවස් වල 50.4 C තිබුණා කියලා පත්‍තරේ දාලා තිබුණා. නමුත් ඇත්තටම 55 වුණා කියලා තමයි දැනගන්න තියෙන්නේ. 50 ට වැඩිවුණොත් කම්කරුවන්ට නිවාඩු දෙන්න වෙන හින්දා රජයෙන් ඇත්ත එළි කරන්න‍නේ නැහැ කියලා තමයි කියන්නේ...
    කොහොම වුණත් අව්වේ තත්පර 10 ක් උන්නොත් ලංකාවේ අව්වට වෙලා පැයක් හිටගෙන උන්නා හා සමානයි...

    ReplyDelete
  15. "2012"
    "The Day After Tomorrow"

    මෙතෙක් කලක් නිහඬව සියල්ල විඳදරාගෙන සිටි සොබදම සිය සටන අරඹා තිබේ...
    මිනිස්වර්ගයාට එරෙහි සටන...
    සිත්පිත් නැතිව සොබාදම වෙනස් කරන්නට දත කෑ...
    පාලනයක් නොමැති මේ අහිතකර ජීවි වර්ගයා මෙල්ල කරගන්නට ඈ සිය සටන අරඹා ඇති සෙයකි...

    ReplyDelete
  16. තිස්ස අය්යෙ,
    සින්දුවක පද කියල හිතනව, අහලා නම් නැත..

    ReplyDelete
  17. හ්ම්ම්...එහෙම නම් එක එක රටවල් ඒ අතරෙත් සඟවාගත් ගොඩක් දේවලුත් තියෙනව වගෙ... එක එක හේතු නිසා...
    මෙහේ නම් ගිම්හානය ආර්ථිකය ට හොඳයි ලු.. ගිම්හානයට ගැලපෙන ඇඳුම්, කූල් ඩ්‍රින්ක්ස් වගේ ඒවයෙ අලෙවිය වැඩිවෙලා නිසා... අනේ මන්දා... ඒකත් එක එක රටේ ආර්ථිකයෙ හැටියට තමයි බලාගෙන යද්දි...

    ReplyDelete
  18. මේ ගිම්හානයෙ රස්නෙත් එක්කම සිද්ද වුණ තවත් ස්වභාවික විපත් ගොඩක් විකිපීඩියාවෙ තියනව... අනේ මන්දා ඉතින්...

    ReplyDelete
  19. අපිට නම් මෙ දවස් වල සෙන්ටිග්‍රෙඩ් 48ත් පැනලා ඇති, පත්තර කියන විදියට උපරිමය 41ක් ලු. මැයිවලින් පටන් ගෙන තත්වය මෙයයි. මෙවර නම් ඉතා දරුණුවට රශ්ණය දැණුනා, පමනක් දිනවල 50 පැනලා ඇති. වාහනයක නිතරම ගමන් කරන අය නම් කීවා 55ත් සලකුණු වෙනවා දැක්ක බව. කොච්චර රශ්ණය තිබුනත්, දැණුනත් 50 පන්නන්න කලින් රසදිය යා ආපහු බහින්නේ විජ්ජාවකින් වගේ.

    හැබැයි මැදපෙරදිග රටවල් එක විදියකින් ජය ගත්තා. ගහක් නොතිබුන පලාත් වල පවා නල ජලය සපයා මනා පිලිවෙතකට ගස් සිටුවීම කරා. ඉන් පාරිසරිකව ලොකු වෙනසක් ඇති නොකරත් අඩුම තරමින් ඇස්වලට දකින්න සෙලවෙන කොළ ඇති ගස් ලැබී තියෙනවා.

    බලවත් රටවල් මහා පරිමාණවත්, අන් අබල දුබල අය හැකි හැම අයුරකිනුත් සම්මදම් වෙලා පරිසරය වැනසුවා. ලොව හැම දෙසකම ඒ ප්‍රතිවිපාක විඳිනවා. මනුසත් අපි ඒවා දැක දැක විඳවනවා. පරිසර විද්වතුන් හරකුන්ගේ රාමතෙල් හැරීම හෙවත් බර්ප් (Burp) අධික ලෙස පරිසර දූෂණයට බලපාන බව කියමින් තවත් UN ගොන්කමක් කරාවිද?

    ReplyDelete
  20. මේ ගැන සඟවාගත් කතාවකුත් තියෙනව කියල දැන් තමා හිතෙන්නෙ...
    ජපානෙ නම් අද වෙනකොට ගිම්හානයෙ නිමාවෙ සලකුණු මතු වෙන්න පටන් අරන්... සැප්තැම්බර් අග වෙද්දි කොහොමටත්...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...