වසන්තය සැඟවී යද්දින්
ගිම්හානයේ මිහිරෙන්
හරිත තුරුපත් දිදුලනාවෙන්
කුල්මත්ව සිටියෙන්
සමු යදින කෙඳිරිල්ලෙන්
සිත් අහස හැඬුවේ නෑ...එ නමුත්
ගිම්හානයත් අයදී දැන්
සමුගන්න අවසරයක්
මිදිය යුතුළු හරිත තුරුපත්
ගැලවෙන්න ශීතෙන්
කෙම්බිම් සොයායන
විහඟ ගී ගොලුයෙන්
ඉදින් පියඹා යන්න ආසලු
නාඳුනන මෙදෙසින්...
සෙනේ සිත් මග බලා ඇතිලූ
එන තුරා අහසින්...
Akke kaalekin awe blog kiyawanna..
ReplyDeleteonna issellama aweth oyawa balanna hodada.me liyala thiyena dee gana man thawama hithanawa.eth hithaa ganna bariwa me inne...oya lankaawata ena dawas lagayi daa....
"mama dhanne naa"
ලංකාවට එන්න ආසයී...
ReplyDeleteපුද දී හරිත පත
ReplyDeleteගස රැක ගන්නේ කඳ
දළුලා එන්නට
සමුගෙන ගියවිට
සුදෝ සුදු හිම සේල පට
සිසිරයේ ඈතට ඇඳෙන
විහඟ රෑන ආවිට ගම රට
පුදදී පිල් රකිනවාලු
පෙල පත ගිම්හානයේ දී
ශිශිරයේ ඈතින් ඈතට
ReplyDeleteඇදෙන විහඟුන්
දකින බව මගෙ රට
කියයි මාසිත
කොඳුරා සවනට
ඉදින් ආසයි මටත්
යන්නට
දකින්නට ගම රට
පියාපත් සවිති විහඟුන් පියාසලා වී
ReplyDeleteදැකුමට සිරියෙන් පිරි රට
පියාපත් සවි අරගෙන පියාසලන්න
වැඩුමට සිරියෙන් පිරි රට
ගිම්හානය ගෙවී සිසිරය උදා වෙනවා
දිරිගන් නගේ ජයගෙන සිත
නෝ කමෙන්ට්ස්....
ReplyDeleteසරලව කියනවනම්, " හරිම ලස්සනයි".
ගොඩක් කැමති මේ අන්තිම පද හතරට,
"ඉදින් පියඹා යන්න ආසලු
නාඳුනන මෙදෙසින්...
සෙනේ සිත් මග බලා ඇතිලූ
එන තුරා අහසින්..."
මටනම් දැන් "නාඳුනන මෙදෙස" ගොඩක් හුරු වෙලද කියලා බය හිතනවා
-from 東京大学
පියාපත් සවිති විහඟුන් පියාසලාවී
ReplyDeleteබඳට පියාපත් නැති මා සුසුම් හෙලාවී
අපි කවුරුත් ආස කරන, හිත යට හැමදාම රැඳෙන බලාපොරොත්තුව තමා මේ..
ReplyDelete"ඉදින් පියඹා යන්න ආසලු
නාඳුනන මෙදෙසින්...
සෙනේ සිත් මග බලා ඇතිලූ
එන තුරා අහසින්..."
මේ "නාඳුනන මෙදෙස" ට අපි හුරු වෙච්ච තරමයි හුරු වෙච්ච හේතුයි, ඒත් ආයෙම යන්න තියෙන ආසාව ගැනයි හෙට ලියන්න හිතන් ඉන්නෙ...
great piece of writing. excellent..!
ReplyDelete