Saturday, September 11, 2010
දෙකේ පන්තියෙ ටීච...
'හෙට එනකොට තාත්ත ගැන රචනයක් ලියන් එන්න... අද අම්ම ගැන ලියන හැටි කියල දුන්න නෙ...'
කොහොමටත් මම නම් තාත්ත ගැන ලියන්න කැමතියි...
ගෙදර ගිය ගමන් ම මම රචනෙ ලිව්ව... මම දන්නව පහුවදා රචනෙ බලන බව...පුළුවන් තරම් හොඳට ලිව්ව ඒ නිසා....
ගොඩක් දෙනෙක් රචනෙ ලියල තිබුණ, එක්කෙනෙක් දෙන්නෙක් බොරුවට පේළි දෙකක් විතර ලියාගෙන ඇවිත් තියෙනව දැක්ක ම ටීච ට තරහයි... ඒත් අමිල, අමිල රචනයක් ලියාගෙන ඇවිල්ල තිබුණෙ ම නෑ....
'ඇයි අමිල රචනෙ ලිව්වෙ නැත්තෙ...'
'තාත්ත නෑ නෙ ටීච...'
'ම්ම්... '
ටීච හරිම අකමැතියි ගෙදර වැඩ නොකර එනවට, වෙනදට නම් ටීච ට හරියට තරහ යනව ඔය වගෙ උත්තරවලට... ඒත් අද නම් ටීච පොඩ්ඩක්වත් තරහ ගත්තෙ නෑ...
ඒක නියම උත්තරයක් නෙ...රචනෙ ලිව්වෙත් නෑ, බැනුම් ඇහුවෙත් නෑ....
-----------------------------------------------------------------------
හතර විතර වෙන්න ඇති , දවස ම ඇවිදල ඇවිදල මහන්සියට හොඳට ම නින්ද ගියා... නින්දෙන් ඇහැරුණාට අම්මට කතා කරන්න විදියක් නෑ, ගෙදර කවුරුහරි පිට කෙනෙක් කතා කර කර ඉන්නව වගේ ඇහෙන්නෙ....
'අපේ කෙල්ල කොහොම පැටලුණා ද මන්ද ඔය කොල්ල එක්ක...'
ගෙදර සාලෙ කෙරීගෙන යන කතාවෙ කොටසක්, එතෙන්ට ගිහින් ඕක හොඳට අහගෙන ඉන්න ගියොත් නම් කොහොමටවත් අහන්න වෙන්නෙ නෑ, මෙහෙම ඉඳගෙන ඇහෙන විදියට අහගෙන ඉන්න එක තමා හොඳ...
------------------------------------------------------------------------
'උඹ හිතුවද උඹෙ ඔය අවජාතක කොල්ලට මගෙ දුව දෙයි කියල...', නිලන්තිගෙ අම්ම, අමිලගෙ අම්මට හොඳටෝම බනිනව, මහ පාරෙ...
එදා අමිල දුන්න අපූරු පිළිතුර විදුලියක් කෙටුව වගේ මගේ හිතේ ඇඳිල මැකිල ගියා... ඒත් ඒ උත්තරේ යට තිබුණ කටුක ඇත්ත දෙකේ පන්තියෙ ටීච නිහඬ කළ බව මට තේරුණේ එදා...
අමිලගෙ අම්ම හරිම හොඳයි, හරි ම කරුණාවන්තයි... පුංචි කාලෙ ඉස්කෝලෙ පඩි පෙළ බහිද්දි අමිලගෙ අම්ම මාවත් බස්සවනව, මට හරියට දුක හිතුණ අමිලගෙ අම්ම නිහඬව ම එතනින් ඇත්වෙලා යන හැටි දැක්ක ම...
නිහඬව ඈත් එක්ක එතන ඉඳන් ඉස්සරහට ඇවිද ගෙන ගියා මිස නිහඬ බව බිඳින්න මට හිතුණෙ නෑ...
ගෙදර ළඟ ට හැරෙන පාර ළඟදි, පුරුදු විදියට නැන්දේ මම යනව කිව්වම 'පරෙස්සමින් යන්න දුව' කියල කියද්දි අමිලගෙ අම්මගෙ කටහඬේ වෙනසක් අඳුනගන්න මට පුළුවන්කමක් වුණෙ නෑ....
ජීවිත කාලෙ පුරා ම ඈ වින්ද දුක් කරදර කන්දරාව ඇගේ වෙනස මගෙන් වසන්කරන්න ඇති...
---------------------------------------------------------
කාලෙකින් ගෙදර ආවෙ...
මේ පොඩ්ඩ ගෙදර ළඟට ඇවිදගෙන යන්නත් අමාරු තරම් අව්ව සැරයී... ඉස්සරහ බලල ඉස්සරහින් කෙනෙක්ව අඳුරගන්න බැරි තරම්... කුඩයක් ඉහළගෙන පරෙස්සමට පුංචි බබෙක්වත් තුරුල් කරගත්ත යුවලක් මගෙ ඉස්සරහට එන්නෙ...
මම ඈ ව අඳුනන්නෙ නෑ, ඒත් ඈ එක්ක ඉන්නෙ අමිල... අමිල අතේ ඉන්නෙ පුංචි පුතෙක්....
---------------------------------------------------------
මම ආයෙම දෙකේ පන්තියට ගියා හිතින්...
මේ පුංචි පුතා නිසා නම් දෙකේ පන්තියෙ ටීච ට නිහඬ වෙන්න සිද්ද වෙන එකක් නෑ...
Subscribe to:
Post Comments (Atom)
Enjoying the Glory of a Star
රිදී තිරයේ පායන තරුවකට ඇතිවෙන ආකර්ෂණය මගේ හිතේ මුල්ම සහ අවසාන වතාවට ඇතිකළ, රිදී තිරයේ දශක හතරක කාලයක් දිදුලන තරුව ශාරුක් ඛාන් අද වෙනකොට වයස ...
-
ඔබට මතක නැති-මට අමතක නැති ඔබේ උපන්දින සමරන මොහොතේ.. මා හද පත්ලෙන් ඔබට පතමි මම අම්මේ........ඔබට දීර්ඝායු වේවා... සිහින සුරවිමන් අතරේ පාවෙන සැ...
-
මොකක් හරි කතාවක් ඉවර නොවී ඇදිල යනකොට අරාබි නිසොල්ලාසෙ වගේ කියල කියනව අනන්තවත් ඇහිල තියනව නේද.? සුන්දර රූපවාහිනී කතාමාලාවක්, චිත්රපට, ගීත ස...
-
හිසේ පසෙකින් දැනෙන වේදනාව ඉසිලිය නොහැක.. " අම්මා...." එය මා මුවින් පිට වූවා දැයි මටම සැක සිතේ... මල්ලි ඉපදෙන තුරු ම අම්මා කිරිමව්ව...
marai
ReplyDeleteහොද කතාවක්..... අවජාතක කියන්නෙ මේ වගේ දරුවන්ට නෙමෙයි චේජනා... තාත්තලා ඉන්න අවජාතකයෝ තමයි අද සමාජෙ වැඩි.......
ReplyDeleteසංවේදී සටහනක් අක්කේ.....ඇත්තටම කුදුළු ඉනුවා ඇසට....
ReplyDeleteඇත්තටම අවජාතක කියන්නේ තමන්ගේ පියාගේ තත්වයට වඩා පහලින් ඉන්න දරුවන්ටයි. ඒ විදිහට බලද්දි තමන් අවජාතකද නැත්නම් අතිජාතද කියන එක තීරණය කරන්නේ දරුව මිසක් දෙමව්පියෝ නෙමේ.
ReplyDeleteසංවේදී සටහනක්
"මේ පුංචි පුතා නිසා නම් දෙකේ පන්තියෙ ටීච ට නිහඬ වෙන්න සිද්ද වෙන එකක් නෑ.."
ReplyDeleteඒක ඇත්ත... අභීත අයිය කිව්ව වගේ තාත්තගෙ නම කියන්න බැරි දරුවෝ නෙවෙයි අවජාතක...
ඇත්තටම කඳුලු පැන්නා....!!
ReplyDeleteහ්ම්ම්.....:(
ReplyDeleteඅවජාත- දෙමාපියන්ගේ ගුණ නසන,ඔවුන්ගේ සත්පුරුෂ කම්,සිල්වත් ලක්ෂණ නසනා දරුවන්ය..
ReplyDeleteඅනුජාත-දෙමාපියන් හා සමව ගුණයහපත්කම් රකිනා දරුවන්ය..
සහජාත-දෙමාපියන්ද අභිභවා යමින් දැහැමිව දිවි ගෙවනා සත්පුරුෂ දරුවන්ය..
අනේ මන්දා අපේ මිනිස්සු වචන පාවිච්චි කරන්නේ මොන තේරුමින්ද කියලා.
මාරයෝ... සහජාත ද අතිජාත ද...?
ReplyDeleteමේ එක්තරා දුරකට මගේ විඳීමක්... ජීවිතේ පළවෙනි වතාවට 'තාත්ත නෑ' කියල මම ඇහුවෙ එදා, ගුරුතුමිය නිහඬ වීම ගොඩාක් ම පුංචි වුණත් මගේ හිතේ නොමැකෙන විදියට සටහන් වුණා...
ReplyDeleteඑදා වෙනකොට මම පියවරු නැති දරුවන් කියන දේ ගැන අහල තිබුණෙ ම නෑ...
කතාව සංවේදී සටහනක් වෙන්න ඇත්තෙ ඒ නිසා...
ඔව් ... ඇත්ත සටහන් සංවේදී... ලියන කියන මිනිස්සුන්ගෙ හදවත් හරි සංවේදීයි.. ඒකයි. මටත් ඒ දුක දැනුණා ...
ReplyDeleteසංවේදි අත්දැකීමක් ලස්සනට ලියලා තියනවා.
ReplyDelete書き続けなさい
අභීත, පියවරු නැති දරුවන් ඉතින් කොහොමටත් නැහැනෙ... මව්පියවරු සිටින ඒත් නෑ වගේ හැසිරෙන මිනිස්සු නම් බොහොමයි ඒත්..
ReplyDeleteමාරයාගේ හෝරාව, අපූරුම අර්ථ දැක්වීමක් සටහන් කරල ගියාට ස්තුතියි,
ReplyDeleteමම දන්න විදියටත් සහජාත කියන වචනෙ තේරුම එකවිටම ඉපදුණු කියන එක, ඒ නිසා අතිජාත කියන වචනෙ හරියි කියල මාත් හිතනව තිස්ස අය්යෙ...
කියවල අවසානයේ ඒක අගයල, ඒක ලියුව මම වෙනුවෙන් සටහනක් තියල ගිය හැමෝටම ගොඩාක් ස්තුතියි,
ReplyDelete(ඒත් නිර්නාමික සටහන් අතරින් මුලින් තැබුණු සටහන් දෙක තැබූවන් හඳුනාගන්න නොහැකියි අද දිනයේදී නම් මට... එහෙත් ඔබ සටහන් තබා ගොස් ඇත්තේ යහපත් චේතනාවෙන් ම නිසා මා ඔබට ගරු කරනවා, ඔබ මා පුද්ගලිකව දන්නා මිතුරන් නම් සටහන තැබුවේ ඔබ බවට ඉඟියක්වත් ලබාදෙන්න කියලා කාරුණිකව හා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා)
එක පාරක් කියෙව්වා. තේරුනේ නෑ. කමන්ට්ස් ටික කියෙව්වා. ඊට පස්සේ හිතුනා මුන්ට තේරුනා නං ඇයි මට තේරුනේ නැත්තේ කියලා. පස්සේ ආපහු හෙමීට කලබල නැතුව මුල ඉඳලා කියෙව්වා. මට දැං තේරුණා. නෝකමන්ට්ස්. කියන්න තියෙන දේවල් කට්ටිය ඔය උඩ හරි යේ කියලා ඉවරයි :(
ReplyDeleteඅපූරුයි නගේ . .. !!!
ReplyDeleteකාලෙකට පස්සෙ කමෙන්ට් කලේ. වෙනදා වගේම ඉතිං කියෝල හිතන්න තමා ඉතුරුවෙන්නෙ. නියමෙට ලියලා තියෙනවා හැමදාම වගේ...
ReplyDeleteඅප්පච්චියේ දැන් නෙව දැක්කේ..
ReplyDeleteසමාවෙන්ට ඔන..
ගුරුන්ටත් අකුරු වරදී..නම් ඉතින් මාරයාට වරදින එක අහන්ටත් දෙයක්යෑ..
තිස්ස අයියාටත් චෙජනා නංගීටත් ස්තූතියි කිවුවා ඔං...
සංවේදී සටහනක්
ReplyDeleteකුෂාන්, ඔයාට තේරුනෙ නැත්තෙ ඇයි ද මන්දා, මම හිතන්නෙ ඔයා කලබලෙන් ඉන්න ඇත්තෙ, ඒ නැත්නම් මම ටිකක් දිග කාලයක පැතිරුණ සිදුවීම් කීපයක් එකට කිව්ව නිසාද දන්නෙත් නෑ...
ReplyDeleteබුද්ධි, දුකා , පිස්සා පලාමල්ල.. ඔයාල තුන් දෙනාටත් ස්තුතියි කමෙන්ට් එකක් තියල ගියාට..
ReplyDeleteකාලෙකින් කමෙන්ට් එකක් නොලිව්ව කියල ගාණක් නෑ බුද්ධි, වැඩ ගොඩාක් අතරෙ ඔයාල ඇවිත් බලල යන නිසා ලියන්න බව දන්න නිසා ආසාවෙන් ලියන්න මට පුළුවන්...