Monday, May 31, 2010

බලන් පත් ඉරු නෙක රටා මවමින්....



නෙක රටා විල මත ලියූ
එළිය අඳුරින් රසකැවූ
සිතක් නැති,
කාච නෙත මත මැවූ
ජීවිතේ රටාවයි මග කියූ



අඳුර පරයා
හිරුඑළිය සොයමින්
ගං දියේ පත් පාකෙරූ...
දිලෙන පත්,
හිරු ‍රැසින් තැවිලා...
පසුකරන් ආ
ක‍ටුක මග සඟවා...
පිපෙන කැකුලක්
බිහිකෙරුනු දා
මලේ මිහිර ම
විඳින නෙත් හැර...

-- බලන් --

පත් ඉරු නෙක රටා
මවමින්....
දිලෙන 'යුරු
සැලෙමින්..

------------------------------------------------------------------------------------

Photos :http://www.facebook.com/lishwebber

සොයුර,ඔබ අන්තර්ජාලයට එක්කළ මේ සේයා රූ කිහිපය ඉතාම සොඳුරු හෙයින්,
ඒ දු‍ටු මා සිත නැගුනු සිතිවිල්ල මෙහි සටහන් කරන්නට මා සිතුවා..
ඔබ ලබාගත් සේයා රූ මෙහි එක්කිරීමට ඉඩ ලබාදීම වෙනුවෙන්
ඔබට බොහෝ සෙයින් ස්තුතියි..

22 comments:

  1. ම්ම ගොඩාක් ලස්සනයි අක්කා...පින්තූරත්....ඒ ගැන ඔයාගෙ හිතට දැනුනු අදහසත්

    ReplyDelete
  2. හරිම ලස්සන අදහසක් සහ කවි පෙළක්.

    ReplyDelete
  3. සොබාදහමේ සුන්දරත්වය වෙනස් කෝණ වලින් දුටු කාලා සිත් දෙකක නිර්මාණ සංකලනය. විශිෂ්ඨයි!

    අපූරු පද පෙල.

    ලිෂ් මල්ලී සොබා සුන්දරත්වය කාචය තුලින් ග්‍රහණය කරන්නේ හරිම අලංකාරව, දක්ෂ ලෙසින්.

    ReplyDelete
  4. තිස්ස දොඩන්ගොඩ යන මොඩයා බ්ලොග් අවකාශයෙන් පන්නා දමන්න මා හා එක්වන්න

    ReplyDelete
  5. @මාමයිට් බට්ටා:
    ඔයාට හරිහමන් ඇඩ්‍රස් එකක් වත් නැහැ නොවැ. එක් වෙන්නේ කොහේදිද?

    ReplyDelete
  6. @මාමයිට්: නොදැනී හිත රිදවීමක් වුනානම් සමාවෙන්න...

    @ගල්මල්: අදහසක් ගත හැකි මේ තැන්වලින්...
    පොඩ්ඩක් පහලට ගිහින් බලන්න මේකේ http://d2online.blogspot.com/2010/05/blog-post_30.html
    මෙතැනත් ඉන්නවා වාගේ.... http://www.blogger.com/profile/00264771726891884358

    ReplyDelete
  7. මමයිට් බට්ටා
    ඔයා කවුද කියල මම දන්නෙ නෑ, ගල්මල් අය්ය කියනව වගෙ profile එක accessible නෑ නෙ.. ඒත් කරුණාකරල අනිත් අයට තමන් කැමති දේ ලිවීමේ අයිතිය ඔයාට උදුරගන්න බැරි බව තේරුම් ගන්න..
    මේ බ්ලොග් එකේදි ඒක ලියන මට අනිත් අයගෙ කමෙන්ට් සම්බන්දයෙන් නැති ප්‍රශ්නයක් ඔයාට තියෙන්න බෑ නෙ..

    ReplyDelete
  8. සොයුරනේ...සොයුරියනේ...

    නොසැලෙන්න...

    "දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ"

    සුභාශිතය

    සුලා..

    ReplyDelete
  9. සොයුරනේ...සොයුරියනේ...

    නොසැලෙන්න...

    "දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ"

    සුභාශිතය

    සුලා..

    ReplyDelete
  10. සොයුරනේ...සොයුරියනේ...

    නොසැලෙන්න...

    "දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ"

    සුභාශිතය

    සුලා..

    ReplyDelete
  11. @මමයිට් බට්ටා
    මාත් එකතු වෙන්නං .. කලිං පොඩි වැඩක් කරමු. ඔයාගෙ නම ලියල තියනවත් වැරදී නේද ? මාමයිට් බට්ටා විය යුතුයි මයෙ හිතේ.
    "මොඩයා" නෙවෙයි "මෝඩයා" කියලයි ලියන්නෙ සාමාන්‍යයෙන් අඩුම ගානෙ පහවසරට වත් ඉගෙනගත්තු කෙනෙක් නං..කමන්නෑ.
    ඔයා පොඩ්ඩක් පන්තියකට ගිහිං සිංහල ටිකක් ඉගෙනගෙන එන්න.
    නැත්තං සැබෑ මෝඩය කව්ද කියල පේන්න ගන්නවනේ..

    අනිත් එක තිස්සගෙං වෙච්චි වැරැද්දත් පෙන්නල දුන්නනං හොඳයි.
    අනිත් මිනිස්සුන්ගෙ හිත්වලට පොඩි සැනසිල්ලක් ‍හරි දෙන්න බ්ලොග් අවකාශය පාවිච්චිකරන එක දරාගන්න බැරි කීපදෙනෙකුගේ හිත්වල කැකෑරෙන ඊර්ෂ්‍යාව ඇතිකරන එක ඇරුනාම තිස්සගෙන් මේ අවකාශෙට වෙච්චි අඩුපාඩුවක් මම නං දකින්නෑ.

    හැංගිලා ඉඳගෙන Anonymous comments දාන එකට වඩා ඔයා බ්ලොග් අවකාශෙට කරපු දේකුත් පෙන්නන්නකො, අපිට බලාගන්න.

    තව දෙයක් .. තිස්ස ලොකු මෝඩයෙක් තමා. ඒ වග දැනගන්ඩ ඔයා ආයෙ මේ පැත්තෙ ආවොත් ඒකත් මං කියල දෙන්නං..

    අමතක කරන්න එපා.. ඔයා කියපු දේට මං ඔයාගෙ පැත්තෙ මිත්‍රයා..

    ReplyDelete
  12. @සුලා..
    ඒ උනාට ඉතිං මේ විදියට මිනිස්සුන්ට අනුන්ගේ බ්ලොග්ස් වල ගිහිං බනින්න ඉඩ දෙන්නේ මොනාටද??
    අර චේජනා කිව්වා වගේ එයාට නැති ප්‍රශ්නයක් වෙන කාටවත් තියෙන්න බැහැ නේද..??
    @මාමයිට් බට්ටා
    ඔබ නිර්නාමික නොවී මේ වගේ දෙයක් කිව්වානම් බොහෝමත්ම වටිනවා නේද..??
    මොකද තිස්ස දොඩංගොඩ කියන්නේ නිර්නාමිකව පෙනීසිටින කෙනෙක් නෙවෙයි බව ඔබටත් හොඳින්ම පෙනෙනවනේ

    ReplyDelete
  13. අයියෝ කස්ටිය මේ බට්ටන්ව අමතක කරන්න . . .

    ඵල ඇති රුකට ලු පොලු වදින්නේ . . මගේ එකේත් දාල තිබුනා චූ කතා ලියන කතන්දර කාරයව එලවන්න එක් වෙන්න කියලා . . .

    පොඩි මොලේ අමාරු කාරයෙක් අනේ . . අනුකම්පා කරන්න . .

    හැබෑට අර පින්තූරේ ලිෂාන් ගෙන් අහන්න ඕන එඩිට් කොරපු එකක්ද කියලා . .

    "සිරාවටම මේක හොඳ කලා හදවත් දෙකක v පෑහීමක් . . ."

    මම මේ දවස්වල මහා බ්‍රහ්මයාගේ සබ් කන්ට්‍රෑක්ට් එකක් බාර අරගෙන ඉන්නේ . . හික් හික්

    ReplyDelete
  14. අයියෝ කස්ටිය මේ බට්ටන්ව අමතක කරන්න . . .

    ඵල ඇති රුකට ලු පොලු වදින්නේ . . මගේ එකේත් දාල තිබුනා චූ කතා ලියන කතන්දර කාරයව එලවන්න එක් වෙන්න කියලා . . .

    පොඩි මොලේ අමාරු කාරයෙක් අනේ . . අනුකම්පා කරන්න . .

    හැබෑට අර පින්තූරේ ලිෂාන් ගෙන් අහන්න ඕන එඩිට් කොරපු එකක්ද කියලා . .

    "සිරාවටම මේක හොඳ කලා හදවත් දෙකක පෑහීමක් . . ."

    මම මේ දවස්වල මහා බ්‍රහ්මයාගේ සබ් කන්ට්‍රෑක්ට් එකක් බාර අරගෙන ඉන්නේ . . හික් හික්

    ReplyDelete
  15. ලිෂාන් ගත්ත ඒ ෆොටෝ දෙක නම් හරිම ලස්සනයි...අය්යෙ නේද..
    මොකක් ද දුකා අය්යෙ, ඔයා මහා බ්‍රහ්මයගෙන් ගත්ත sub contract එක..:-)

    ReplyDelete
  16. "සිරාවටම මේක හොඳ කලා හදවත් දෙකක පෑහීමක් . . ."

    මම හිතුව තේරෙන්න ඇති කියලා . . අපෝ නගේ උඹ හරිම ටියුබ් ලයිට් එකක්නෙ . . හික් හික්

    ReplyDelete
  17. අය්යෝ, අය්යෙ මේවට කියන්නෙ ඉල්ලන් කනව කියල නේ...
    tube light කියන්නෙ starter එක ඇත්තෙම නැද්ද මන්ද..

    ReplyDelete
  18. දුකා...
    මාත් මේ කියන්ඩමයි හිටියේ.
    එකෙක්නං මුලිං බයඋනා. පස්සෙ හරිගියා.
    දැං මේ දෙපැත්තෙංම කැමතී කියන්නෙ.
    හැබැයි පොඩි පරහක් තියෙනව .
    උඹට මං හිමීට කියන්නංකො

    ReplyDelete
  19. ඔව් දුකා අය්යෙ,
    ඔය පැනල දීල තියෙන්නෙ ලිෂාන් මල්ලිගෙන් ෆොටෝ දෙක ඉල්ලල දීපු "පොටෝසොප් " තමා....

    ReplyDelete
  20. සිංහලෙං කියනවනං කපුකම කරපු එකා ..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...