Monday, May 10, 2010

සිත්තම් කරනෙමි... ලස්සන මගෙ හිත..



ලයතුර දැවටී උණුසුම් සෙනෙහස
විඳින්න මා රිසියෙම්...
කිරිල්ලියක වී ගගන අරා මුදු
පියා සලනු රිසියෙම්...
සමනළ හීනෙක දැවටී නුඹ සිත
අරා සිටිනු රිසියෙම්...
නිශා ගගන තල සඳවත සේ...
ඒ සිත හිමිකරගනු රිසියෙම්...

මුදු පවනැලි සේ දැවටෙන මාසිත
පහස විඳිනු රිසි බවද දනිම්...
මුදු හස‍රැල්ලක නෙතු කඳුලැල්ලක
මිහිර විඳිනු රිසි බව ද දනිම්...
මා අතැඟිලි අග දැවටී සෙනෙහස
විඳින්න ඔබ රිසි බව ද දනිම්...
මා සිත ‍රැකගෙන දිවිමග යන්නට
රිසිද නොරිසිදැයි කියන් ඉදින්...

වැලපෙන සිතකට හස‍රැලි දෝත දරන්
ඔබ ආ බව මතකයි...
සිනා කඳුල මිස දුක් කඳුලැල්ලක්
මෙතුවක් නොගෙනා බව සත්තයි...
රකිනු නොහැකි නම් ඔබට පුදා සිත
රිදවා ගනු නොරිසියි...
සිත්තම් කළ සිත ඔබට එවමි මම
මතු ඒ සිත ඔබ වෙත ම ‍රැ‍ඳෙයි...

මුදු හස‍රැල්ලක මිහිර ලෙසින්...
සැමදා මාසිත ළඟම ‍රැ‍ඳෙන්...

30 comments:

  1. හරිම ලස්සනයි.අනේ කොහොමද අප්පා ඔයා මේ තරම් ලස්සනට කවි ලියන්නේ ආ.... කොච්චර try කලත් මට බැහැ අක්කා.

    ReplyDelete
  2. බලන්නකො පොඩි උත්සාහයක් දරල..
    ඔයා ගොඩක් ආස නම් කවි ලියන්න මම පුළුවන් උදව්වක් කරන්නම්...
    ඔයා කැමති නම් මට ලියන්න නංගො..

    ReplyDelete
  3. ඔයා පුදුම කාතාවක් නේ අක්කේ අහන්නේ.දෙන දෙයියෝ ගෙට ගෙට ගෙනවිත් දෙනවා කියන්නේමේකටනේ.මං කැමතියි මං කැමතියි අක්කියෝ....

    ReplyDelete
  4. ලස්සනයි ආ...................

    ReplyDelete
  5. අද නම් බ්ලොගර් එකේ කවි දවසක්ද කොහ්ද. මම නිතරම ගොඩ වෙන බ්ලොග් තුනකම අද දාල තියෙන්නෙ ලස්සන කවි ටිකක්. අනිත් කවි දෙකම කියවල ටිකක් බර වෙලා තුබුණු මගේ හිත මේ කවිය කියෙව්වහම හරියට ලස්සන මල් වත්තකට අරගෙන ගියා වගේ.
    බොහෝම ලස්ස්න පද පේලි ටික.

    ReplyDelete
  6. අනේ මන්දා... මේක දෙතුන් සැරයක් කියවද්දි මට එක පාරටම මතක් වුනේ නෙලූ අධිකාරීගේ ගීතයක්... හේතුවක් දන්නෙ නැහැ. හිතුනු දේ ලිව්වා...

    " සිනාවකට වඩා ඔබේ කඳුලු වලට මං ආසයි
    මා වෙනුවෙන් නැගෙන කඳුලු නම්
    කඳුලු ව්ලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
    මා වටකර නැඟෙන සිනා නම්..."

    ලස්සනයි චේජනා !

    ReplyDelete
  7. මතක මංපෙත ට...
    අයියේ ඔයා ගියෙනැද්ද මාරයා අයියාගේ බ්ලොග් එකට.හප්පා බලන්න එපැයැ.එයා බරටම කවි ලියනවා.හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ හරිම ලස්සන කවි ටික අයියා...ගියෙනැත්තම් මතක් කරලාම දැන් යන්න හොදේ...

    ReplyDelete
  8. @ මම
    මම ඒකටත් හමදාම යනව. ඒත් අද තාම යන්නබැරි උනා. කොහෙද, ඔයාලගෙ කවි කියවල කමෙන්ට් දාල මගෙත් අලුත් පෝස්ට් එකක් දාල ඒකෙ කමන්ට් වලට රිප්ලයි කරල ඉස්පාසුවක් නෑනෙ අප්ප

    ReplyDelete
  9. අමුතුම ලස්සනක් තියෙනවා නංගී පදපෙලේ, කීපවරක්ම කියෙව්වා. එතරම් ලස්සනයි.

    ඔබේ සාර්ථක අත්හදා බැලීම් වලට සුබපැතුම්.

    ReplyDelete
  10. ලියනා වටින දේ සැමගේ දෑස තෙමූ
    ඔබ වට සරන අපි හොඳ රසිකයන් වෙමූ
    හිතනම් නොදේ කවදාවත් ගන්න සමූ
    කවි මඩුවේදි අක්කේ අපි වෙමුද හමූ

    ReplyDelete
  11. මල්බර වෙසක් මස...
    නාඳුනනා අහස යට....

    ආදරණීය සොයුරු සොයුරියනේ...

    චේජනා ගේ පි‍ටුවට සය මස සපිරේ..එසේම මේ චේජනා ගෙ පි‍ටුවේ 50 වන පි‍ටු පෙරලුමයි.... අද එය බිඳක් විවරණය කරන්නට මට සිතේ.. සුපුන් සුදාරක සොයුරාගේ මොර‍ටු සරසවි ගමන පිළිබඳ ලියමනින් බ්ලොග් අවකාශය හඹා ආ මසිත එහි ලැගුම් ගත්තේය..එය අරඹද්දී මා ඔබ කිසිවෙකුත් දැන නොසිටියෙමි..මම කෙමෙන් කෙමෙන් එහි මට ද ඉඩ කඩක් ලබාගන්නට උත්සාහ දැරීමි..කිසිවෙක් එහි පැමිණෙන නොපැමිණෙන බවද නොදැන සිටිද්දී දසුන් මදුසංඛ සොයුරා එහි සටහනක් තබා ගියේය..කිසිවෙක් මෙහි ගොඩ වදින බව මා දැන ගත්තේ එයිනි..කෙමෙන් එහි එන මිතුරන් ගණන ඉහළ යද්දී ඔවුහු මගේ ජීවිතයට පා තබමින් එහිද ලැගුම් ගත්හ..
    මගේ ජීවිතයේ දුක් සංකා සතුට ආදී සියලුම සංවේදනා මා සමග බෙදාහදාගනිමින් මා වෙත ‍රැඳුන ඔබ සැමට ම මා බොහෝ සේ ආදරය කරමි..

    චේජනා

    ReplyDelete
  12. 'මම' නංගි,
    chejana.s@gmail.com වලට මට ලියන්න පුලුවන්..
    ඒ වගෙම 50 වෙනි post එකේ පලවෙනි කමෙන්ට් එක දුන්නටත් ස්තුතියි..

    dinesh ස්තුතියි..

    මතක මංපෙත.. ස්තුතියි මල්ලි, මට ඕනෙ උනොත් සැහැල්ලු හිතින් කියවන්න පුළුවන් පද පෙළක් ලියන්න..

    ReplyDelete
  13. මින්දද..

    "සිනාවකට වඩා ඔබේ කඳුලු වලට මං ආසයි
    මා වෙනුවෙන් නැගෙන කඳුලු නම්
    කඳුලු වලට වඩා ඔබේ සිනාවකට මං ආසයි
    මා වටකර නැඟෙන සිනා නම්..."

    මටත් මේකට ආසයි..

    ReplyDelete
  14. ගල්මල් අය්යෙ,
    මගේ අතින් ආදරය ගැන කවි ලියවෙනව අඩුයි නෙ..
    මගෙ යාළුවෙක් තමා මේ පින්තූරෙ එවල තිබුනෙ e-mail එකක..
    ඉතින් මට හිතුන ඒකෙ ලස්සන සැහැල්ලු ගතිය ‍රැකෙන කවි පද පෙළක් ඒකට ලියන්න.

    ස්තුතියි අය්යෙ.. හැමදාම මම ලියන දේ කියවල
    මගේ සතුට බෙදා ගන්න එනවට..

    ReplyDelete
  15. අනුරාධ මල්ලි,

    ලියනා සොඳුරු දේ කියවා ලියන කවී
    තව කවි ලියන්නට මා සිත ගෙනෙයි දිරී
    මා වට ‍රැඳුනු ඔබ මට මුතු මැණික් වැනී
    සමුගෙන නොයන බව ඇසුවෙමි සතුට දැනී..

    ReplyDelete
  16. නංගී අර්ධ ශතකයට සුබපතන ගමන් ශතකය ඉක්මනින් බලන්න ලැබේවා පතනවා.

    Congratulations!

    march, march forward.

    ReplyDelete
  17. අක්කේ සුභ පතනවා 50වෙනි post එකට.මං ඔයාට mail එකක් දැම්මා බලන්න..

    ReplyDelete
  18. හරිම ලස්සන නිර්මානයක් චේජනා....හිතට බොහෝම අපූරු සිතිවිලි ඇතිරුව වචන ටිකක්...

    ඔබේ සුන්දර බ්ලොග් අඩවියට මගෙන් සුබ පැතුම් ! තව ගොඩාක් ඉස්සරහට යමු ...

    ReplyDelete
  19. කව්ද ඔය වාසනාවන්තයා..............

    ReplyDelete
  20. හ්ම්ම්............
    50 වෙනි ලිපිය.

    දැනුයි මේපැත්තට ගොඩවුනේ නිස්කලංකේ..
    හරියට කියෙව්වේ දැනුයි මේ ඔක්කොම.
    අද ශෛලිය ටිකක් වෙනස් කරල වගේ. සුන්දර නිර්මාණයක් හැමදාම වගේ..

    පනස්වෙනි ලිපිය වෙනකොට ඔයා ගොඩක් දුර ගමනක් ඇවිල්ලනේ චේජනා.ඉස්සරහට තවත් දුර යන්න සුබපැතුම්..

    -ජය

    ReplyDelete
  21. දැන්නෙ කාරණය වැටහෙන්නෙ... කළර් වොශ් කරලා එහෙම ගත්තෙ සිල්වර් ජුබිලී එකට එහෙනම්...

    හොඳයි.. හොඳයි... තවත් දිගු ගමනකට සුබ පැතුම් මගෙනුත්...!

    ReplyDelete
  22. ලස්සනයි...කිවයවද්දී සිතට දැනෙනවා සුන්දර ආදර හැගීමක්...

    අර්ධ ශතකයට මාගේ සුභ පැතුම්!

    තව ඉදිරියටත් සිතට දැනෙන සුන්දර කවි ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    ඔබට ජය!

    ReplyDelete
  23. අහා...!!
    අද ඊයේ හැමෝම පනහා සීය ලබලනේ ..
    ඔන්න චේජනා මගෙනුත්
    උණුසුම් සුභ පැතුම්..!!
    කවි ලියන
    ඔබේ සිතට
    ලැබේවා...!!!!
    දිරිය ශක්තිය

    ReplyDelete
  24. ඔන්න අක්කෙ ෆිෆ්ටියට මගේ සුභපැතුමත් එකතු කරගන්න.

    ReplyDelete
  25. සුබ පැතුම් ෴

    ReplyDelete
  26. “ලයතුර දැවටී උණුසුම් සෙනෙහස
    විඳින්න මා රිසියෙම්...
    කිරිල්ලියක වී ගගන අරා මුදු
    පියා සලනු රිසියෙම්....
    සමනළ හීනෙක දැවටී නුඹ සිත
    අරා සිටිනු රිසියෙම්....”

    ගොඩාක් හිතට දැනුණා අක්කේ මේ පද පෙළ....
    ඇත්තටම ලස්සන පද වැලක්...

    අර්ධ ශතකයට මගෙනුත් උණුසුම් සුබ පැතුම් !
    මේක T20 වගේ නොවුනට ඉක්මනින්ම ශතකය වාර්තා කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  27. @Sansarasidu
    හපොයි යාන්තන් ඇති ඇවිත් අපි මේ ඊයෙත් කථා උනා..

    ReplyDelete
  28. @ nimanthi,
    ස්තූතියි අක්කේ... මා ගැන සොයාබලන ඔය ලෙංගතුකමට...

    ReplyDelete
  29. හිමින් සීරුවේ කියෙව්වා...
    මතුපිටිනුත් ගැඹුරිනුත් දෙකෙන්ම ලස්සනයි නංගී...
    මගේ සුභ පැතුම්...
    ඔය විදිහට යමු...
    ගොඩා...ක් දුර ගියහැකි වෙයි ඔයාට....

    ReplyDelete
  30. 50 වෙනි පි‍ටු පෙරලුම ට ගෙනා සුබ පැතුම් වෙනුවෙන් ඔබ සියලු දෙනාට ම බොහෝමත් ම ස්තුතියි..
    (ඒ අතරෙ සන්සරසිදු මල්ලි ආයෙම දකින්න ලැබීම ලොකු සතුටක්..)

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...