Monday, November 25, 2013

මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද එදා මගේ හිත පිරිමැදපූ...




නිල් අහස පුරාවට තරු ඉහිරෙද්දි
රහස් කතා කර සිනාසුනු
ගගන එකළු කර සඳ පායද්දී
සඳ සෙවණැල්ලට මුවාවුණු
නුඹ කතා නොකර ඉන්නා එක දවසට
කල්ප කාලයක් සේ දැනුනු
මේ එදා තුරුළු වී අනන්තයට ගිය
රාත්‍රියද සිහිනය රැඳුනූ

එක නිමේෂයක දිලි දිලී මැකී යන
රන් රේඛාවක් සේ ඇඳූනු
නෙතු පියන් වැසූන එක නිමේෂයක
සිත ගෑ අඳුනක් සේ මට දැනුනු
ගල කෙටූ ලෙසින් මා හදේ නිදන් කර
සදා රකින්නට හිත රැඳුනු
මේ රිදුම් නැගෙන්නේ මිහිරි මතකයද
එදා මගේ හිත පිරිමැදපූ

5 comments:

  1. කාලෙකට පස්සේ චේජනා ඇවිත් !

    ReplyDelete
  2. නියමයි.දිගටම කරගෙන යන්න සුභ පතනවා.අපිත් බ්ලොග් අඩවියක් ආරම්භ කරා.ගිහින් බලන්න
    http://tv-sinhapedia.blogspot.com/

    ReplyDelete
  3. රිදුමකින සිත පත්ල පිරිමදින එසඳ සඳ,
    පිරියතින මත්ගාන අඳුරු ගැබ එකලු වෙත,
    නෙතුඅගට ඉනු කඳුළු බිඳු සිසිල එක පැහැර,
    මතකයක සොඳුරුතම සුවඳක්ය හද පිරෙන,

    ReplyDelete
  4. අනේ සංසාරේ... . මේ හැකියාවද ? නිකන් වචන ටිකක්

    ReplyDelete
  5. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...