විහඟ ගීයේ තනුව ඔබ සෙනෙහේ...
හමන පවනේ රිද්මයත් සෙනෙහේ...
සරා සඳ රැස් සිහිල කීවෙත්
මිහිරි බව සෙනෙහේ..
දිලෙන තරු කැට මුමුණනා වදනේ..
දැවටුනා ලූ රහස අප සෙනෙහේ...
පුළුන් වළාසළු දැවටිලා ගුවනේ..
මිමිනු වදනෙත් රැඳුනි ඔබ සෙනෙහේ...
මල් කැකුළු සමනළුන්ට ද කී...
රහස ඒකළු අපට හොර රහසේ...
ඉරිතැලුන කෙම් බිමට
පොද වැස්ස වී වැටුණ
නුඹෙ නමට පණ පෙවුණු
ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනාවයි මේ...
හමන පවනේ රිද්මයත් සෙනෙහේ...
සරා සඳ රැස් සිහිල කීවෙත්
මිහිරි බව සෙනෙහේ..
දිලෙන තරු කැට මුමුණනා වදනේ..
දැවටුනා ලූ රහස අප සෙනෙහේ...
පුළුන් වළාසළු දැවටිලා ගුවනේ..
මිමිනු වදනෙත් රැඳුනි ඔබ සෙනෙහේ...
මල් කැකුළු සමනළුන්ට ද කී...
රහස ඒකළු අපට හොර රහසේ...
ඉරිතැලුන කෙම් බිමට
පොද වැස්ස වී වැටුණ
නුඹෙ නමට පණ පෙවුණු
ස්නේහයේ සොඳුරු ප්‍රාර්ථනාවයි මේ...
අදයි මේ ඉසව්ව ඇහැ ගැටුනේ,කතන්දර බ්ලොග් එකේ ඉඳන් තමයි මේ කවි පිටුවට ආවේ..
ReplyDeleteමං අඩවිවාසි අල්තයීර් කොලුවා.
මේ පදපෙළ හරිම සුන්දරයි
ReplyDeleteප්‍රාර්ථනාව ඉටුවේවා !!
ReplyDeleteමමත් අද තමයි ඔන්න මෙහෙට ගොඩ උනේ :D
ReplyDelete