Thursday, July 18, 2013

මායාවේ ගැලෙන මිනිසා...

දෑසින් දකින ලෝකය මනසින් අර්ථ දක්වන්නෙකි මිනිසා...
මිහිතලය මත ජීවත් වන වඩාත් බුද්ධිමත්ම සත්වයා ද මිහිතලයේ එකම හිමිකරු ද ලෙස ඔහු තමා අර්ථ දක්වා ගත්තෙකි....
මිහිතලයෙන් එපිට ද දකින්නට දැල්වූ අපේක්ෂාවන්ගෙන් ඔද වැඩුනු ඔහු, සිය මසැස ඒ සඳහා ප්‍රමාණවත් පරිදි පරිණාමය නොවන කල, සිය මසැස ද මනස ද සිරුරෙන් පරිබාහිර පරිණාමයකට ලක් කරමින් දුරේක්ෂ හා පරිගණක නිපදවමින් ඒ හරහා....
මිහිතලයෙන් එපිට විශ්වය සිය දර්ශනපථය තුළට ඇතුළු කරගැනීමේ අපේක්ෂාව ඉ‍ටු කරගත්තේය...

විශ්වය දු‍ටු නමුදු, ඔහු මායාවෙන් මිදුණේ ද?

හිරු බැස යන සැඳෑවක වෙරළේ හිඳ සිටින අප හිරු සයුරේ ගිලෙනයුරු නරඹන්නෙමු... එහෙත් හිරු දෙස නොව ක්ෂිතිජ රේඛාව දෙස බලා හිඳිමින්, පෘථිවිය කැරකෙමින් හිරු අපේ දර්ශන පථයෙන් ඉවත්වන බව වටහා ගන්නට මායාවේ සුන්දරත්වය විඳින මනස සූදානම් ද?

මිහිතලයේ එක ම හිමිකරු ලෙස ස්ථාපිතවන්නට තැත් දරන මිනිසා ජාන ඉංජිනේරු විද්‍යාව යොදා ගනිමින් අනෙක් ජීවීන්ගේ ජාන සැකැස්මට බලපෑම් කරයි...
නිල්පාට අහිමි රෝස මලට නිල්පාට දායාද කළේ ඔහුයි...
මිහිමත ජීවත්වන ජීවීන් කොපි කළේද ඔහුයි...
තමා කැමති අයුරින් සැකසුණු, එකාකාරී ලෙස සුපිරි අනාගත පරපුරක් බිහිකරන්නට තැත් දරන්නේද ඔහුයි...

මේ මහා විශ්වය තුළ මිනිසා වන අප ජීවත්වන මිහිතලය ජීවත් කරවන හිරුගේ ස්ථානයයි මේ.......

 විසල් ක්ෂීරපථයේ තිතක්වත් ව නොපෙනෙන හිරු සෙවණේ ද අප විසල් ලොවක් නොවෙමු...

එහෙත්...
ඒ මහා විශ්වයේ අප හැර තවත් ජීවින් සොයන නමුත්...
ලොව වඩාත්ම ලස්සන ගැහැණිය ලෙස අප දකින්නිය, විශ්වයේ සුන්දරම ගැහැණිය ලෙස නම් කරන්නේ ද අපමයි...

ගහ කොළ ද ඇළ දොළ ද, අනෙක් සියළු සත්වයෝ ද සිය සුඛ විහරණය වෙනුවෙන් සියල්ල ඔහු වෙනුවෙන් බිහිවූ බව සිතමින් ඔහු යන ගමනේ කෙළවර කොහිද?

ලෝකය මිනිසාට ජීවත් වීමට ප්‍රමාණවත් නමුදු ඔහුගේ කෑදරකම සංසිඳුවීමට ප්‍රමාණවත් නැති බව ඔහු වටහාගනීවි ද?

7 comments:

  1. ඔවුන්...
    දවසෙම දවාලුවත් බැස යන හිරු පසුදා උදයේ නව හිරු ලෙස පිළිගන්න සූදානම්
    සිතිජය හිතලුවක් බව දැන දැනත් එතැනට ඇදෙන්න සූදානම්

    එය සංකීර්ණ මනුසතාගේ සරළ ඕනෑකම (eager) කියලයි මං හිතන්නේ. එසේ නොවෙන්න ඔවුන්ට අලුත් දෙයක් සොයාගන්න ඇති උවමනාවත් එය තමන්ගේ කරගන්න තරම් කෑදර (greed) ගතියත් නොවෙන්න තිබුනා කියලා හිතන්න පුළුවන් නේද?

    ReplyDelete
  2. "වධක බෙරේ දැක - සොරා ගන්ට මෙය - කදිමයි ලොබ සිතුවාලූ"

    ReplyDelete
  3. //ගහ කොළ ද ඇළ දොළ ද, අනෙක් සියළු සත්වයෝ ද සිය සුඛ විහරණය වෙනුවෙන් සියල්ල ඔහු වෙනුවෙන් බිහිවූ බව සිතමින් ඔහු යන ගමනේ කෙළවර කොහිද?//

    එකඟ නොවෙමි... ගහ කොළද, සත්වයෝද වෙනුවෙන් හඬනගන ඔබ ද මිනිසෙක් නොවේද? මිනිසා යනු සහජයෙන් උරුම වූ චර්යාවනට අනුව ජීවත්වන්නෙක් නොව සැමදාම අලුතෙන් යමක් ඉගෙන ගන්නා, ඒ අනුව හැඩ ගැසිය හැකි සත්වයෙකි. තමාගේ වැරදි හදාගත හැකි සත්වයෙකි.

    ReplyDelete
  4. තිසර හා එකහෙලා එකඟ වෙන්නෙමි. සර්ව අශුභවාදීව මිනිස් වර්ගයාගේ අනාගතය දැකිය නොයුතුය යන ස්ථාවරයේ මම ද පසුවෙමි. තිසර පිළිවිසියාක් මෙන්ම මේ යන ගමනේ කෙළවර කොතැනකද යන පැනය නඟන ඔබ ද මිනිසෙක් නොවන්නේද?

    එලෙසම ඔය පැනය තම සිත්තුල හටගත් එලෙසම ඊට සුදුසු පිළියමක් සොයනා අනාගතය යහපත්කොට ගැන්මට නිබඳ වෙර දරන ඔබ සහ අප වන්ම වූ මිනිසුන් සහසක් නොව සහස් සහසක් මෙදියත වෙසෙන්නෝය.එලෙසම මිනිසුන් වනාහී සහජයෙන්ම තම වැරදි නිවැරදි කොට ගැනීමෙහිලා සමත් වෙති. කාලාන්තරයක් මිනිස් වර්ගයා මිහිමත නොනැස පවතින්නේ එහෙයිනි.එබැවින් ඔහු ස්ව-ඝාතක ක්‍රියා මාර්ගයකට දැනුවත්ව යොමුවීමේ හැකියාව නොසලකා හැරිය හැකි පමණ සුළු බව හඟිමි.

    ReplyDelete
  5. රවි අය්යයි තිසරයි දෙන්නම මානවයාගෙ පැවැත්ම ගැන සුබවාදීව දැක්කට මට ඒක සුබවාදීව දකින්න අමාරුයි...මිනිස්සු නිපදවල තියෙන අවිආයුධ ප්‍රමාණෙ, එකිනෙක අතරෙ සීතල යුද්ධ, මේව ඔක්කොම මට ගේන්නෙ අපේ පැවැත්ම ගැන ඍණාත්මක අදහසක්... ඒක තමයි මට ඔහොම හිතුනෙ...

    "ලෝකය මිනිසාට ජීවත් වීමට ප්‍රමාණවත් නමුදු ඔහුගේ කෑදරකම සංසිඳුවීමට ප්‍රමාණවත් නැති බව ඔහු වටහාගනීවි ද? " කියලා...

    ReplyDelete
    Replies
    1. නෑ චේජනා..ඇත්තටම කල්පනා කරල බැලුවොත් අපි පොඩි කාලෙ..ඒ කිව්වෙ හැටේ , හැත්තෑවෙ දශකවල තිබුණට වඩා මට හිතෙන්නෙ අද තියෙන්නෙ පරමාණුක අවි ගැන එහෙම සලකල බැලුවම මහා විනාශයකට සිදු වීමට අඩු අවදානමක්. මොකද අන්යෝන්ය විනාශකර ගැනීම ( Mutual Self Destruction ) කියන එක සහ එහි ආදීනව ගැන හොඳට දන්න නිසා මම හිතන්නෙ නංගි අද ඒ වගේ දේකට තියන අවකාශය ඉතා අඩුයි.

      ඒ නිසා සර්ව ශුභවාදීව කොහොම වෙතත් ශුභවාදීව අපේ අනාගතය දෙස බලන්නයි මම වඩා කැමති.

      Delete
  6. Copied from some where.....Universe is not a place which we should try to change as we want...

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...