ජනවාරි මාසෙ පළමුවෙනිදා... කාලයක් තිස්සෙ නිහඬව තිබුන වියුණු සටහන් ආයෙමත් ලියන්න මට හිතිලා...
මෙච්චර දිග කාලයක් වියුණු සටහන් නිහඬ වුණේ හිත ගොළු වුණ නිසා... ප්‍රේමය දෙතොල් අගුළු දාන හැඟීමක් වෙලා නෑ කිසිම දවසක මගෙ හිතේ... මගේ වුණත් අනුන්ගෙ වුණත් ආදර හැඟුම්, අත්දැකීම් හැමදාමත් මගේ හිත ඇතුළෙ කවි වෙලා ලියවුණා...
ඒත් මල්ඵල දරපු ආදරය විවාහයක් වෙලා පෙම්වතා මට සදහටම අයිති වුණාම, ආදර හිත ගොළු වෙලා ආදරය වචන කරන්න බැරි අවුරුදු පහක් මම විවාහය ඇතුලේ ආදරේ කළා. ඒ කාලය ආදරය හා විවාහය ගැන මගේ හිතේ තිබුණු ගොඩක් අනුමාන කිරීම් ගැන නැවත හිතල බලල තීරණය කරන්න, ඇත්තටම මම මගේ විවාහය ඇතුළේ මම විදියටම ඉතිරි වුණාද කියල ආපහු නැවතිල්ලේ හිතල බලන්න ගත කළා.
විවාහයෙන් අවුරුදු පහකට පස්සේ අද මම අවබෝධ කරගෙන ඉන්නේ විවාහය කියන්නේ එකිනෙකාගේ සිහින සැබෑ කරගැනීමට යන ගමනේ මුහුණ දෙන දුක් පීඩා බෙදා ගන්න සහකරුවෙක්, හිතට දැනෙන දේ ඒ විදියටම කියන්න විශ්වාස කෙනෙක්, හැම දෙයක්ම නැතිවුණත් එන්න තැනක් තියනවා කියල දැනෙන මහා විශාල සවිමත් බවක් දෙන්න කෙනෙක් ජීවිතේට එකතු වුණා කියල.
ඒත් ඉතින් මේ විදියට දැනෙන්නේ, ජීවිතය පැය තුනක චිත්‍රපටියක් නොවෙන බව අවබෝධ කරගන්න තරම් පරිණත නම්, මට වගේම මගේ සහකරුටත් මේ විදියටම දැනෙන්න මම ජීවත් වෙන්න ඕනේ බව අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් නම්... ඔහුටත් මට වගේම දුක වේදනාව දැනෙන බව තේරුම් ගන්න තරම් කරුණාවන්ත නම් විතරයි...

මගේ අළුත් අවුරුදු ප්‍රාර්ථනාව පල දරාගෙන එනවද කොහෙද. සන්තෝසෙ බෑ ආයෙ ලියන්න පටන් ගත්තට, චේජනා.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි.. ආපහු ලියන්න පටන් ගත්ත ගමන්ම කමෙන්ට් කරල යන්න ආවට...
Deleteසුභ පැතුම් ආයි ලියන්නට කියන්නට දේවල් ගොන්නක් ලැබේවා.
ReplyDeleteබොහොමත්ම ස්තුතියි.. ආපහු ලියන්න පටන් ගත්ත ගමන්ම කමෙන්ට් කරල යන්න ආවට...
Deleteචේජනා පරිශුද්ධ වේනම් පෙම් සටන් පරදින්නෙ නෑ...
ReplyDeleteWelcome back Madam..welcome back! :)
Good to see you back ...
ReplyDeleteThank you both...
ReplyDelete