Wednesday, February 27, 2013


අපේ සම්බන්ධෙ?

--ඒකට සම්බන්ධයක් කියන්න පුළුවන්ද? -- මම දන්නෙ නැහැ--
--ඒත් ඒකට  කියන්න වෙන නමක් මට නැහැ--

අපි ?

--අපි කියන්නෙ ඔහුයි මමයි--

අපි මුලින්ම මුණ ගැහුණෙ කවද්ද?
--මට නං මතක නැහැ--

ඔහුට...
මතක ද මම දන්නෙ නැහැ...
ඔහුත් මාත් ඒ ගැන කතා කරල නැති නිසා...

මම ගැන මුලින්ම උනන්දු උණේ නං ඔහු..,
කිසිම සැකයක් නෑ... ඔහු තමයි...
ඔහු මම ගැන උනන්දු නොවුණ නං ඔහු මගේ අවධානය දිනාගන්නෙ නෑ කිසිම දාක...

මගේ අවධානය ගන්න ඔහු එක වචනයක්වත් පාවිච්චි කළේ නෑ...
වචන පාවිච්චි නොකරම... ඔහු මගේ අවධානය දිනා ගත්ත...

ඊළඟට...

ඔහු මාත් එක්ක කතා කළා...
හිටි අඩියෙම හමාගෙන යන කුණාටුවක් වගේ...

මමත් ඔහුත් එක්ක කතා කළා...
කතා කරන්නෙ ඇයි කියල නොදැන ම...

-- ඊට පස්සෙ ඕගොල්ලො යාළුවො වුණා...??
--අපෝ නෑ...--
--ඉන්න ටිකක් කියනකං --

අපි විනාඩියක් දෙකක් කතා කළා...
ඊට පස්සෙ ඈත් වෙලා ගියා...

--ඊට පහුවෙනිද?-

අපි ආයෙම හමු වුණා...
අපි හිනාවුණේවත් කතා කළේවත් නෑ...
නාඳුනනව වගේ හිටිය...

දවස් හතරක් ගත වුණා...
මට ඔහුව එපාවේගෙන ආව...

පස්වෙනි දවසෙ ආයෙම ඔහු කුණාටුවක් වගේ මගේ හිත හරහා හමාගෙන ගියා...

හිතේ තිබිච්ච හැම දෙයක්ම සීසීකඩ විසුරුවල...
මගේ හිතේ ඉඩක් හොයාගත්තා...

පහුවෙනිද උදේ අපි ආයෙම හමුවුණා...
ඔහු හිනාවුණා...

මගේ හිත ගැස්සුනා...

ආයෙම කාලෙ අපි දෙන්න අතරෙ නතර නොවී ගලාගෙන ගියා...
චමත්කාරජනකයි...

-- ඉතිං--

-- ඉතින් ඊට පස්සෙ මුකුත් නෑ... කාලෙ තාම ගලාගෙන යනව...--

17 comments:

  1. හෙඩිමක් නැහැ... කියවගෙන ෆූටරේට ඇවිත්...

    ඉතිං ඊට පස්සේ... කියැවුනේ ඉබේටම.

    Share the ears also interesting, isn't it?

    ReplyDelete
    Replies
    1. මට ටිකක් අමුතු විදියකට ලියන්න හිතුන අය්යෙ අද...
      කතාවක් නැති කතාවක්... :)

      Delete
    2. ඇත්තෙන්ම ඒ උත්සාහය සාර්ථකයි නංගී.

      කෙනෙකු ලඟින් ඉඳන් කියන කතාවක් වගේ දැනුනා, සරළයි!

      Delete
  2. ලිවිල්ලත් චමත්කාරජනකයි..

    ReplyDelete
  3. හරියටම සතියකට පස්සෙ ආයෙම අපි හමු උනා...

    අපි?

    ඔව් අනේ මම කලින් කිව්වෙ...ඔහුයි මමයි,

    ඉතිං?

    ඔහු ටික වෙලාවක් මා දිහා බලාගෙන හිටිය.

    පස්සෙ?

    කල්පයක් වගෙ දැනුනු නිමේෂයකට පස්සෙ මට ඉබේටම බිම බැලුන.

    හා......ඉතිං එච්චරද?

    නෑ...අර ලියල තියෙන්නෙ මං ගැනද? ඔහු ඇහුව.

    නෑ!!!!!!

    එහෙමද හිතෙන්නෙ?...මම ඇහුව.

    ඊට පස්සෙ?

    ඊට පස්සෙ මුකුත් නෑ... කාලෙ තාම ගලාගෙන යනව……..

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ...

      ඊළඟ සතියෙ එක දවසක...

      ආයෙම නිහඬතාවය බිඳගෙන කුණාටුවක් වගේ ඔහු මගේ හිත හරහා හමාගෙන ගියා...
      නොනැවතීම අපි දෙන්න අතරින් ගලාගෙන ගිය කාලෙ එදා හදිස්සියෙම අපි දෙන්න අතරෙ නැවතුනා...

      කල්පයක් තරං දිගට දැනුන විනාඩියකදි...

      Delete
    2. අසුරුසැණින් කාලය නැවතුනු මොහොතක්....:)

      ඉතිං බොල......කාලය දැන් නතර වෙලයි තියෙන්නෙ...නෙවද?....බොහොම හොඳයි..බොහොම හොඳායි...බොහොමත්ම හොඳා....යි, හෙහ්, හෙහ්,

      Delete
    3. ඔව් ඔව්... දැන් කාලය නැවතිලා...

      ඒත් තාම නං යළි ඇරඹිලා නෑ...

      :D

      Delete
    4. ඔහෙ නැවතිල තිබ්බාවෙ අනේ ...කාලයටම හිතිච්ච වෙලාවක ආය ඇරඹෙන්නෙ නැතැයි..

      ඒක නෙවෙයි මේ දන්නවය වැඩක්..පොඩි කාලෙ මට ඔය සිංදුව ඇහෙන්නෙම කාලය නැවතී යලි ඇඹරී කියල...මට මාර ප්‍රශ්නයක් කාලය කියන එක ඇඹරෙන්නෙ කොහොමද කියල...හෙහ්, හෙහ්,

      Delete
    5. අද සිකුරාදා නිසා මම හිතන්නෙ අදත් කාලය ඇඹරි ඇඹරි වෙන්නැති ගතවෙන්නෙ ...
      නේද රවි අය්යෙ...

      Delete
  4. you are in LOVE, keep it straight and never Lie, and in 50 years you will be still happy with him, if you can do this!

    ReplyDelete
  5. අන්න බලන් සකි
    ආල වඩන රුව
    ඉරට උඩින් තල මල පිපිලා..
    සඳට උඩින් තල මල පිපිලා....

    වන බඹරාදෝ - වන බඹරීදෝ - එමලට ගී සීපද බැන්දේ
    රණ ගිරවාදෝ - රණ ගිරවීදෝ - එමලට රන් ඔංචිලි බැන්දේ

    ReplyDelete
    Replies
    1. හිටුකො..

      මටත් සින්දුවක්ම මතක් වෙනකං...

      Delete
  6. ආදරේ ඔහොම තමා එක පාරටම පෙන්නන්නෙ නෑනේ. ඔහොම යං , ඔහොම යං.

    ReplyDelete
  7. මෙහෙම කතාවක් මටත් තිබුනා..ඒත් මේ කතාවෙ අවසානෙ මගේ කතාවෙ අවසානෙ වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා.. :) ජය..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...