Friday, April 26, 2013

දෝරෙගලන සිතිවිලි ...

ලියන්නට බොහෝ දේ ඇතත් ඒ සියල්ල එකම මාතෘකාවකට ගොනු කරගන්න අපහසුයි... කම්මැලිකමත් කළකිරීමත් තවත් පුංචි පුංචි හේතුත් නිසා හිතේ එකතුවෙන සිතිවිලි පිටාර ගලන්න ඉඩ නොදුන්න නිසා හිත බරයි...ඒ හින්දා ආයෙමත් හිත ඇතුලෙ දෝරෙගලන සිතිවිලි ගොන්න පිටාර ගලන්න ඉඩ දෙන්න මට හිතිලා...

බොහෝ දේ දිහා පිටින් ඉඳන් බලද්දි අපි දකින්නෙ මායාවක්...කියවන්න කිසිම දෙයක් නැතිව ඉන්දැදි මට බ්ලොග්ස් පෙනුනෙ නිමා නොවෙන කතාවක් වගේ... ඒත් ඒ නිමා නොවෙන කතාව ඇතුළෙ තවත් කොයිතරං නොකියන කතා හැංගිල තියෙද කියල  දකිනකොට මම දුටුව මායාව මගෙ ඇස් ඉදිරිපිට බොඳවෙනව...

බොහෝ දේවල් ඇතුළෙ මායාව සැඟවිලා තියෙන්න "සියල්ල නිශ්ඵලයි" කියල හිතෙන තරමට... සියල්ල අවසන ඉතිරි වෙන්නෙ මායාවෙන් මිදුන මනස ලබාගත් අවබෝධය පමණයි...

සමහර වෙලාවට මට ලැබෙන අවබෝධය, මම අවබෝධ කරගැනීමේ තවත් අවධියක් පසුකරගෙන බවට ඉඟියක් වෙන්නත් පුළුවන්... මට වඩා ඉදිරියෙන් ගිය බොහෝ දෙනෙක් මේ අවබෝධය මට වඩා කලින් ලබාගන්නත් ඇතියි කියලත් මට ආයෙමත් හිතෙනවා...

යථාවබෝධයත් එක්ක කළකිරීමත් බිඳෙන් බිඳ එකතු වෙනවා... අවබෝධයේ අනේක පියවරයන් කාලයත් සමග සමගාමීව පසුකර එන නිසා කළකිරීමත් එකතු වෙන්නෙ බිඳෙන් බිඳ... කළකිරීම ලොකු මාත්‍රාවක් දරාගන්න අමාරු  තිත්ත බෙහෙතක් වගේ... බිඳෙන් බිඳ එකතුවෙන නිසා කළකිරීම ජීවිතයත් එහි අනෙකුත් කටයුතුත් පවත්වාගෙන යත හැකි සීමාවෙ පවතිනවා...

මම බ්ලොග් එක පාවිච්චි කරන්නෙ විවිධ අරමුණුවලට... අද මගේ අරමුණ සිතිවිලි හිත ඇතුලෙ බුබුළු දැමීම නවත්තල පිටාර ගලන්න දෙන එක...සමහර වෙලාවට හිතිවිලිවලට එහෙම පිටාරගලන්න දුන්නම කළකිරීමත් ඒත් එක්කම නැතිවෙලා යනව... හරියට වැවක් වාං දැම්මම ගං ඉවුරෙ තියෙන සේරම කුණුකන්දල් ඒත් එක්කම හේදිලා යනව වගේ...


17 comments:

  1. හිතේ තියෙන දේවල් ඔක්කොම පිටාර ගලන්න දෙන්න එපා. ටිකක් ඉතුරු කරගන්න... ඒ ටික වෙලාවකට මාර රසවත් වෙනවා....!

    ReplyDelete
    Replies
    1. මම නං සිතුවිලි ඔක්කොම ටිකට පිටාර ගලන්න දෙන්න කැමතියි... ඒත් සිතුවිලි කැමති නෑ එහෙම පිටාර ගලල යන්න...
      :)

      Delete
  2. බොහොම ඉස්සර කාලෙ අවුරුදු පහක් විතර මම තට්ට තනියම ජීවතුනා. ඒකාලෙ බ්ලොග් තිබ්බෙ නෑ. ඉතිං මං මගෙ සිතිවිලි පොතක ලිවුවා දැන් ඒක කියෙවුවම මට පුදුම හිතෙනවා මෙවුව ලිවුවෙ මමද කියල.. ඒ වගෙ හොඳම මිතුරෙක් නැත්නම් හිත අකුරට හැරවීම තමයි හොඳම සහනය..

    ReplyDelete
    Replies
    1. ම්ම්... මේකත් ඒ වගේ තමයි...සමහර දේවල් ලිව්වෙ මම ද කියල මට හිතෙනව...
      අනිත් අතින් සමහර දේවල් තියෙනව ආයෙ කවදාවත් මටමවත් ඒක ලියන්න බෑ ඒ විදියට....

      Delete
    2. සරත් අංකල් කියපු දේ ඇත්තක්.මටත් හොඳ මිතුරෙක් නැත. මමත් හිත අකුරු කරමි.

      Delete
  3. හුදකලාවට හොදම පිළියම කියැවීම හෝ ලිවිම.. අද ලියන මතක පොත හෙට රස ආකරයකි.

    ReplyDelete
    Replies
    1. මම හුදකලාව තදින්ම අත්විඳල තියෙනව...ඒත් මේ හුදකලාව නෙවෙයි...දැන් මම හුදකලා වෙලත් නෑ...

      මේ යතාවබෝධය නිස ඇතිවෙන අත්දැකීම්...මායාවෙන් මිදුන දෑස් දකින...

      Delete
  4. සිතුවිලි අකුරු කරන කොට මම මගේම හීනයක
    කාටවත්ම අයිතී නැති මම කැමති වාක්‍ය විතරක් තියෙන

    ReplyDelete
    Replies
    1. මගේමයි කියල හිතන ඒ හීනෙත්
      මගේම නොවෙන බව දැනගත්ත දවසට

      Delete
  5. සිතුවිලි අකුරුවලට පෙරලන තරම් සතුටක් තවත් කොයින්ද?නංගි. ඔයාගෙ අදහස් හරිම නිර්මලයි. ඔයාට තව බොහෝ දුර යන්න තියෙනවා. ඒ අතරේ මේ අකුරු කරන දේ ශක්තියක් වේවි. මේ සොඳුරු සිතුවම් අතර කවදා හෝ අනාගතයේ අම්මා කෙනෙක් වෙලා ඒ අත්දැකීම් ලියනකල් මම බලා ඉන්නවා. ඔබට යහපතක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. හිතෙන දේ හිතෙන වෙලාවට හිතෙන විදියට ලියද්දි දැනෙන හැඟීම වෙන්න ඇති ඔයා කියන්නෙ... අනාගතේ දවසක මම තවත් ජීවිතේ තවත් පියවර පහුකරල යාවි... එදාටත් මට ඒව කියන්න හිතුනොත් ?
      බලමු...

      Delete
  6. ඔව්. සියල්ල නිෂ්ඵලයි. බොහෝ වෙලාවට ඒ නිෂ්ඵල බව අපිට තේරෙනකොට අපි සුනංගු වැඩි වෙන්නත් පුළුවන්. කොහොම වුනත් චේජනා ඉස්සරට වැඩිය ජීවිතේ ගැඹුරින් දකිනවද කියලත් මට හිතුන මේක දැක්කම. ජීවිතේ ගැන සැබැව දකින්න පුළුවන් තරම මනස දියුණු වෙනකොට ජීවිතේ නිෂ්ඵල බව තේරෙනවා වැඩියි. මන් හිතන්නේ අපි ගොඩක් දෙනක් මේ ලෞකික ජීවිතේ ජීවත් වෙන්නේ ලෝක චාරිත්‍රය අභිබවා යන්න ශක්තියක් නැති කමින් මිස නිෂ්ඵල බව නොතේරීම නිසා නෙවෙයි කියල. කොහොම නමුත් අපේ හිතේ ආශාවන් ගොඩක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒවා තියෙනකම් නිරපේක්ෂ සත්‍යය දකින්නඅමාරුයි චේජනා .

    ReplyDelete
    Replies
    1. නිරපේක්ෂ සත්‍යය දකින්න තරම් අපේ හිත් දියුණු වෙලා නෑ නෙ... වතාවෙන් වතාව ජීවිතේ ගැන ගැඹුරින් හිතද්දි, එහෙමත් නැත්නම් මගේ හෝ අනුන්ගෙ ජීවිතේ එක අත්දැකීමක් විඳගනිද්දි නිශ්ඵල බව තේරුම් ගත්තට ආපහු ඒක අමතක කරල පුරුදු ජීවිතේ රැඳෙන්න අපි ආසයිත්...

      මටත් හිතෙන්නෙ අපි නිරපෙක්ෂ සත්‍යය දකින්න බයයි කියල....

      Delete
  7. නිවන හැර සියල්ලම සාපේක්ෂයි කියලයි දහමෙ කියැවෙන්නෙ.වෙලාවකට පලවත් කියල හැගෙන දේ තව වෙලාවකදි නිශ්පලයි.නමුත් අපිට එය මායාවක් කියලා දැන දැනම පුලුවන් නම් අපේත් සමාජයේත් යහපත උදෙසා වැඩ කරන්න... ඒක වටිනවා නේද?

    ReplyDelete
    Replies
    1. එහෙම පුළුවන් වෙලාවල් වගෙම බැරි වෙලාවලුත් එනව...

      Delete
  8. බ්ලොග් කියන්නේ හිතේ තියෙන හැමදේම පිටාර යවන්න හොඳ තැනක් නම් නෙමේ ..සරත් කිවා වගේ පොතක් ඊට වඩා විශ්වාසයි

    ReplyDelete
    Replies
    1. ඔයා හරියටම හරි අක්කෙ...
      හැම වෙලාවෙම අවශ්‍ය පමණට මගේත් අත්දැකීමේත් පුද්ගලිකත්වය රැක ගැනීම ගැන මම හොඳටම සැලකිලිමත්...

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...