Wednesday, February 20, 2013

හදවත දොරගුලු වසාදමන්නද


කල්ප කාලයක් නොකී කතාවක්
එකම ඇසිල්ලක ඔබට කියන්නට
හෙටත් උදෑසන මා හමුවෙනවද
දෙනෝ දහක් ඇස්
                                                 නෑ නෑ තනිවම

ලෝකය නැවතුනු එකම ඇසිල්ලක
ඔබේ දෑත් තුළ මොහොතක් ඉන්නට
මැදියම් රෑ සිහිනෙක ඔබ එනවද
කාටත් නොපෙනන
                                                     මගෙ ඇසිපිය යට

මගතොට රැඳි නෙත් දහක් කතාවෙන
අසම්මතේ පෙම්වතුන් නොවෙන්නට
හදවත දොරගුලු වසාදමන්නද
මොහොතක් කලියෙන්
                                                   ඔබ එහි සිරකර

9 comments:

  1. හදවත දොරඟුළු ඇරේවා
    පෙම් පැතුම් මල් පිපේවා
    සෙනෙහ දමින් බැඳේවා
    පෙම් සිහිනේ සැබෑවක්ම වේවා!

    ReplyDelete
    Replies
    1. හැම හීනයක්ම හැබෑ වෙනවනං... ?

      Delete
  2. @චණ්ඩි
    ඔයාගෙ කිවය මේ කවියට වඩා ලස්සනයි.යාළුවා ඒ වගේ ලියන්න.මම කිව්වෙ ඔයාගෙ එක හොදම නැහැ කියල නෙවෙයි.හැබැයි තව හොදට ලියන්න උත්සාහ කරන්න.

    ReplyDelete
  3. කල්ප කාලයක් එකම කතාවක්..
    කියන්නට මං බලන් උන්නත්..
    මෙතෙක් කලකට ඒ සවන්පත්..
    ඇසුවෙ නෑ එය මොහොතකටවත්..

    ReplyDelete
    Replies
    1. සවන්පත් මා යොමා හිටියත්..
      තොලග විකසිත සිනාවක් මිස...
      එකම වදනක් නුඹෙන් නොලදිමි
      කියනු මැන ඒ වරද කාගෙද?

      Delete
  4. මාර ලස්සනයි බං..කියල වැඩක් නෑ...සිංදුවකට කියාපු පද වැල....

    මට එක පාරටම මතක් උනේ මොකක්ද දන්නවද?

    කවුරුත් එන්නැති,
    කවුරුත් දන්නැති,
    මල් පෙති විසිරුණු මල්පාරේ,
    දවසක හමුවෙමු,
    හමුවී හිනැහෙමු,
    හිනැහී වැළපෙමු අපි ආයේ….

    ඒකෙ තනුවත් ගැලපෙනව ඔයාගෙ පදවැලට...

    හරි ඔන්න නොකිව්වයි කියන්නෙපා හරිය?..මේ සිකුරාද අපේ තියනව ක්‍රිකට් ටූනමන්ට් එකක්. ඒක ඉවර වෙලා තියනව පොඩි සාජ්ජයක්...මම ලිව්ව කොටසත් එකතු කරල ඔන්න මම කියනව මේ සිංදුව එතනදි....

    කිසිවෙකු නොදකින සෙනෙහස් හඟුලක්,
    ළයතුල සඟවා සිනාසුනෙමි මම,
    හද දොරගුළු හරිනෙමි රෑ මැදියම,
    ඔබේ සිනහ බිඳ,
    යලිත් දකින්නට,

    ReplyDelete
    Replies
    1. හැබැයි මෙහෙමයි...
      ඒක මටත් අහන්න ලැබෙන්න ඕනෙ...
      සාධාරණේ එහෙමයි... හරිය?... :D

      Delete
  5. සුසුම්
    කවි
    ගී
    සෙමින්
    මුමුණන
    ඔබේ
    තනි
    නොතනිය
    මකා
    ලසඳ
    කැල්මේ
    වෙළී
    එන්නම්
    මුවැත්තියෙ
    මා
    ඔබ
    සොයා
    ලොවේ
    කොයි
    කාටත්
    හොරෙන්

    ReplyDelete
  6. කොමන්ට් කිරීමේදී මතුවූ ප්‍රශ්ණයක් නිසා සටහනක් තැබීමට නොහැකි විය.

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...