Thursday, November 15, 2012

පරිණාමය...


විසිවන සියවස අවසන් වන්නට තවත් වසර දහයක් දොළහක් පමණ ඉතිරිව තිබුණා. ලොරි මූණු මහමගින් සමුගෙන තිබුණත් එතැන හිමිකරගෙන තිබුණේ බස් ලෙසින් හැඳින්වූ වෑන්...
මහපාරට තාර දමා තිබුණත් ඒ තාර දැමුමට සාක්කි දුන්නේ පලින් පල ඉතිරිව තිබුණ නටබුන්... ලොකු නා ගහ පසුකර පොඩි නා ගහත් පසු කර ඈ සෙමෙන් ඉදිරියට එමින් හිටියා... නිතොරවම ඇදහැලෙන පොද වැස්ස ඒ වෙලාවෙත් ඇදහැලුනා... වෙහෙස නිසාවටත් වඩා...සුරතේ එල්ලී හිටි කුඩා දැරියගේ වේගයට සමවන්නට ඈ සෙමෙන් සෙමෙන් පියමැන්නා... වටපිට සියළු දේ කෙරෙහි යොමුවුන කුතුහලයෙන් යුත් දැරිය විටෙක කුරුල්ලෙක් ද තවත් විටෙක ගහකද පෙන්වමින් ප්‍රශ්න අසමින් ඈ සමග එන අතර තුරම, ඉඳහිට මලක්,කුඩා ගෙඩියක් කඩාගන්නටත් නැවතුනා...

--------------------------------------------------------
සාඩම්බර විසිඑක් වන සියවස එහි ආරම්භක දසවසර අවසන් කර අභිමානවත් දොලොස්වන වසරට ළඟාවුණා... කළු පැහැ තාර තීරුව වක ගැහෙමින් සිය ගමනාන්තය සොයා ඇදුනා... මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට ඉඩ දෙමින් ලොකු නා ගහ ලීමෝලට ගියා... පොඩි නා ගහ වට කරගෙන තාප්පයක් නැගුනා... කුඩා බුදුරුවක් සමගින්, දෙවිවරුත් එහි ලැගුම් ගත්තා...දොර දෙකේ බස් කළුපැහැ මාර්ගය ආක්‍රමණය කර තිබුණා...දැරියගේ ගමන් වේගයට සමවන්නට අදහසක් නොතිබුනෙන් දෝ, එදා මවගේ අතේ එල්ලී පයින් ඇවිද ගිය පාරේ දැරියකද අතින් ඇදගෙන ඈ ගමන් කරමින් උන්නා... 
පාර අද්දර ඉඳහිට බෝවිටියා මලක් පිපුණත්, දෙමළිච්චෙක්, මයිනෙක් ගී ගැයුවත් දැරියගේ අවධානය ඒ කරා යොමු නොවුණේ... ඇගේ වමතේ රැඳුන  යමක් නිසාවෙන්... එය අනේක විද නාද නගමින් උන් අතරම අතර මග දසුන් දෑසින් නොව, කාචයෙන් දකින්නට දැරිය පරිණාමයේ ඊළඟ පියවර වෙත රැගෙන යමින් උන්නා....

4 comments:

  1. මාර විදියට නේ වචන අමුණලා තියෙන්නේ.නියමයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. පොඩි කේස් එකක් තියනව චේජනා ...:(

    මේ දහනමවෙනි සියවස කියන්නෙ විසිවන සියවස වෙන්න ඕන නේද?...ඒ වගේම විසිවන සියවස කියන්නෙ විසීඑක්වන සියවස කියල නිවැරදි විය යුතුයි නේද?

    මේ අපි ඉන්නෙ විසි එක්වන සියවසේ දොලොස් වන වසරෙ....:) :)

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං... ගණන් වැරදියි
      ඔන්න හැදුවා රවි අය්යෙ...

      Delete
  3. Ela post..well done

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...