Monday, November 26, 2012

ඉස්පිලි පාපිලි කොම්බුව හා යාලූ - සැඟවුණු කවිහිත හොයන්න ආවාලූ

 හෝඩියෙ තැන තැන තනියම උන් අකුරූ
එක එක අහුලා කවිපදවල ඇමිනූ
රැයේ දවාලේ දොඩමළු වී උන්නූ
කවිහිත හෙව්වා දවසක් දා අකුරූ

ඉස්පිලි පාපිලි කොම්බුව හා යාළු
කවිහිත හොයන්න එක් වී ආවාලූ
හැන්දෑ යාමෙක සැඟවෙද්දී අරුණූ
නැතිවුණු කවිහිත කොම්බුව දු‍ටුවාලූ


ඇහුවා හේතුව කවිහිත ගොළු ගැහුණූ
ත යන්න නි යන්න දැන් තනියක් නෑලූ
ඉස්පිලි පාපිලි අඳුනන්නත් බෑ ලූ
නිදිමත කවිහිත ඈනුම් ඇරියාලූ

කම්මැලි පිළිතුර ඇහුවම දුක හිතුණූ
කගචජ ටඩනණ මැලවෙනු ඇහැ ගැහුණූ
ක යන්න ව යන්නෙ ඉස්පිල්ලක් ඇමිනූ
ඉස්සර කවිහිත හිනැහී අලුතින් කවියක් කිව්වාලූ

14 comments:

  1. හරිම ලස්සනයි ... දිගටම ලියන්න ..

    ReplyDelete
  2. දුයන්න කයන්න ,තයන්න නියන්න
    පෑනට තින්ත දෙනවාලු
    ඉඳහිට සතුටට වුව කවි ලියන්න
    ඉඩක් සිතක් ඇතිවෙනවාලු

    ReplyDelete
  3. කවක් ලියු විට තව තව ලියන්න
    දවසම සිත කවි හා යාලු
    අත හැරුනොත් ඒ පෑන සොයන්නට
    හරිම කලක් ගත වෙනවාලු

    ReplyDelete
    Replies
    1. සුරතින් ගිලිහුනු පෑන හොයන්නට
      බොහොම කලක් ගතවිය යාළු
      එක හැන්දෑවක කොම්බුව දැක්කම
      කම්මැලි හිත කවි කිව්වාලූ

      Delete
  4. හිතට රස ගෙනෙන පද
    නෙතට බිඳු උනන වග
    දැන දැනත් බලමි මම
    කවිය නුබ අතින් ලිය උන

    ReplyDelete
  5. හරිම ලස්සනට පද අමුනා
    ලියනා පද වැල චේජනා
    සිතට සැනසුම් දෙවනා
    සතුටින් කියවන්න ආවා

    අයනු ආයනු අකුරු අමුණා
    ලියමු තව තව කවි ගොතලා
    නොමියෙන කවි සිත උපදවා
    ගෙවනු ජීවිත සතුට උපදවා

    නංගී, ගිය කමෙන්ටුවකට මා ලියූ දෙයකට පිළිතුර දැක්කේ අදයි. ඔබ වාගේම මම ත් ඒ කාලෙ එහෙම ගත කරපු අවස්ථා තිබුනා. මම ගොඩාක් ජීවිතය දකින්නට පටන් ගත්තේ අවුරුදු හතලිහත් පැන්නාට පසුවයි. අපි ගොඩාක් කරන දේ පෙනෙන්නෙ ඒ වයස ට ආවහමයි. ඒ මොකද තරුණ මදයෙන් අපි මත් වෙලා අනික් අය දිහා බලන්නෙ එහෙම නිසයි. ඔයා තව තව පන්නරය ලබන කොට ඒ දේ වටහා ගනීවි. ඔයාට ඉතම සංවේදී හිතක් තියෙනවා. ඒක ඔබට ලොකු ආභරණයක් වේවි. එය නැතිකරගන්න එපා. වාසනව සතුට පිරි අනාගතයක් සෙනෙහසින්ම පතනවා.

    ReplyDelete
  6. ඉවර ඇති වෙලාවක පියුම්විලටත් ගොඩ වන්න කො.
    http://piyumvila.blogspot.com/2012/11/3_26.html

    ReplyDelete
    Replies
    1. මම ගියා පියුම් විලටත්

      Delete
  7. nice poetry Nangi,
    Simply outstanding.

    露 from Ruhuna

    ReplyDelete
  8. අලුත්ම ආරක කවි පෙලක් .. අපූරුයි..

    ReplyDelete
  9. මට නම් ඔය කයනු ගයනු මයනු නයනු දැක්කම ටීචර් කණ මිරිකන හැටි මතක් වෙනවා...ඌහ්යි

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...