Friday, November 2, 2012

ලෝකය මහා පුදුම තැනකි...

"ලෝකය මහා පුදුම තැනකි... නැත්තෝ කෑමට යමක්  සොයා සැතපුම් ගණන් ඇවිදින අතර ඇත්තෝ කෑම දිරවීමට සැතපුම් ගණන් ඇවිදිති..." මේක කියෙව්වෙ කොතනදිද කියල මතක නැති ඒත් ළඟදි දවසක කියවන්න ලැබුණ කතාවක්... මේක ආයෙම මතක් වුණේ අද උදේ පාන්දර එකසසයිස් කරන්න කියල හිතාගෙන පිට්ටනියෙ ඇවිදිද්දි...
පිට්ටනියෙ ඇවිදීම ශාරීරික වගෙම මානසික සහනයක්... තණකොළ පෑගි පෑගි ඇවිදීම හිතට අපූරු සහනයක් ගෙනාව... පයට වගේම... තණකොළ නොපෑගි ඇවිද්දත් ව්‍යායාම කෙරුණට හිතට සහනයක් ගෙන්නවගන්න නං අමාරුයි...
ලෝකය ආහාර අර්බුදයක ඉන්නව කියල මට මතක් වෙනව කෑම උයන්න ගනිද්දි නං, මගේ තරමින් ඒකට කරන්න පුළුවන් දේ අහක නොදාන්න උයන එක නිසා මම හැමවෙලේම ගණනට තමයි උයන්නෙ...
ඒ අස්සෙ ගොඩක් ප්‍රදේශවලට ගංවතුර ගලල... ඉහළ කොත්මලේ වාං දානවලු...
මේ ඔක්කොම අතරෙ බ්ලොග් පෝස්ට් එකක් දාන්න ගත්තෙ නං ඔය මුකුත් නිසා නෙවෙයි... බ්ලොග් එක වැහිලම යාවි කියල... දඩයක්කරයගෙ කතාව කියවද්දි මට හිතුණ, "කාලය මැව් වෙනසක අරුමේ" කියල..., මම ගොඩක් ආසාවෙන් බ්ලොග් කියවන්න, ලියන්න ගත්ත කාලෙ  මම කියවපු, ඊටත් පස්සෙ කාලෙක පටන්ගත්තම මම ගොඩක් රසවිඳපු අනිත් බ්ලොග් ලියවෙද්දි, මම කාලයෙ හිරවෙලා... බින්දි කියන්න වගේ ලියන මූඩ් එකක් එන්නෙ නෑ දැන් ලේසියකට...


කාලයෙ හිරවෙලා ගොඩාක් කල් ගතකළොත් මට කාලයෙන් මිදෙන්න බැරි වේවි... මම කාලයෙ මායා දැලෙන් සදහටම වැහිල යාවි කියල හිතෙන නිසා මම බ්ලොග් පෝස්ට් එකක් දානව අද කොහොම හරි කියල හිතිල මම ලියනව...
මම කවදක හරි කාලයෙ හිරවුණ කෙනෙක් ගැන චිත්‍රපටයක් බලල තියෙනව... කාලයෙ හිරවුණ ඔහුට අතීතයෙන් කොටසක් මග හැරුණ... ඔහුට ඔහුගෙ පියා එක්ක ගෙවන්න තිබුණ කාලය අඩු වුණා... ඔහු තමන්ගෙ ඒ කාලය ගන්න ලෝකය අතීතයට ගෙනියනන් නොයෙක් දේ කළත් ඔහුට අන්තිමේදි තමන්ගෙන් ගිලිහුණ කාලය ලබාගන්න බැරි බව පිළිගන්න සිද්ද වෙනව...
මටත් එහෙම වෙන්න කළියෙන් මම ආයෙත් කාලයත් එක්ක ඉස්සරහට යනව...

25 comments:

  1. Spy Kids 4: All the Time in the World(2011)

    ReplyDelete
    Replies
    1. නම කිව්ව එක හොඳා., youtube එකේ තියේ.. :)

      Delete
  2. තනිකම වේදනාව තමා නිර්මාණකරණයට මග එළි දල්වන්නේ...

    දැන් ඉතින් මොන සැපද - බ්ලොග් මොටද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්,සැප වැඩි නිසාම කම්මැලි ගැහිල.

      Delete
  3. //මගේ තරමින් ඒකට කරන්න පුළුවන් දේ අහක නොදාන්න උයන එක නිසා මම හැමවෙලේම ගණනට තමයි උයන්නෙ..//

    අපිත් එහෙමයි... :D

    ReplyDelete
    Replies
    1. පමණට ඉවීම = ඉව්ව සේරම ගිල දැමීම

      Delete
    2. පමණට ඉවීම = ඉව්ව සේරම ගිල දැමීම
      ඒක කරන්නෙ ගොඩක් වෙලාවට අම්ම

      එක්කෙනාට උයද්දි ගණනට ඉවීම = චුට්ටක් මදිවීම

      Delete
  4. ඔවු.. අනිවාර්යෙන්ම චේජනා !
    කාලයත් එක්ක ඉස්සරහට එන්න.

    ReplyDelete
  5. කාලයත් එක්ක ඉදිරියට එන්න නංගි, කොහොමද ? හොඳින් වැඩ කටයුතු කෙරෙනවා නේද? වෙලාවක් ලැබුනොත් මේ පැත්තෙ ඇවිත් බලන්ට කෝ.

    http://piyumvila.blogspot.com/2012/10/blog-post_30.html

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තෙ නං ගොඩක් කාලෙකින් ආවෙ නෑ තමා අක්කෙ,

      Delete
  6. ඔව් හැබැට කල්පනා කරද්දි තමයි මේ ලෝකෙ කෙතාච්චර පුදුම තැනක්ද මේ ඉන්න ටිකේ ජීවත් වෙන්නේ හැමදම ඉන්නවා වගේ නේද කියල හිතෙන්නේ.

    ReplyDelete
  7. / "ලෝකය මහා පුදුම තැනකි... නැත්තෝ කෑමට යමක්  සොයා සැතපුම් ගණන් ඇවිදින අතර ඇත්තෝ කෑම දිරවීමට සැතපුම් ගණන් ඇවිදිති..." /

    පුදුම වෙන්ට එපෝ....ලෝකයාගෙ හැටි එහෙම තමයි..හෙහ්, හෙහ්, පරස්පර විරුද්ධයි....Contrast නැත්නම් ප්‍රතිවිරෝධය කියල කියන්නෙ ඒකටයි.දැන් මෙහෙම හිතන්නකො..ලෝකෙ හැමෝම කෑමට හොයාගන්ට සැතපුම් ගනන් ඇවිදිනවය එහෙම නැත්නම් ඒ හැමෝම කෑම දිරවන්ට සැතපුම් ගනන් ඇවිදිනවය කියල හිතන්ට...එහෙම උනොත් අන්තිම ඒකාකාරියි කියල හිතෙන්නෙ නැද්ද?...හැමෝම එකම විදිහට එකම දේ කරන්ට ගියාම....කෑම හොයන්ට හැතැම්ම ගානක් ඇවිදින මනුස්සයගෙ දෘෂ්ඨි කෝණයෙන් නම් මේ වැඩේ වැරදි වෙන්න පුළුවන්...එහෙම වෙන එක සාධාරණයි කියල මම කියන්නෙත් නෑ..ඒත් ඒ තමයි ලෝකෙ හැටි.

    මහ අමුතු ගතිගුන තියෙන විශ්වාස කරන්ට බැරි මනුස්සයෙකුට ඇයි අපි '' මිනිහ නම් අන්තිම ලෝකයා '' කියල කියන්නෙ?...හෙහ්, හෙහ්, ලෝකෙ කියන එකත් එහෙම තමයි....

    / මම ගොඩක් ආසාවෙන් බ්ලොග් කියවන්න, ලියන්න ගත්ත කාලෙ  මම කියවපු, ඊටත් පස්සෙ කාලෙක පටන්ගත්තම මම ගොඩක් රසවිඳපු අනිත් බ්ලොග් ලියවෙද්දි, මම කාලයෙ හිරවෙලා... බින්දි කියන්න වගේ ලියන මූඩ් එකක් එන්නෙ නෑ දැන් ලේසියකට... /

    ඒ ගැන එච්චර වද වෙන්න එපා නඟේ...හෙහ්, හෙහ්, එහෙම තමයි එව්වයෙ හැටි..කාලයක් බොහොම ආසාවෙන් උනන්දුවෙන් කරපුව පස්සෙදි එපා වෙලා යනව...ලියන්න ආයෙම මනෝභාවය (Mood) ආහම ලියන්න...එතෙක් අලස සුවය විඳිනු මැන.....

    ථින මිද්ධය කියල එකක් අහල තියද?....බුදු බණෙත් තියනව ඒ ගැන...අන්තිම කම්මැලිකම ඒ කියන්නෙ සරලව කිව්වොත්....ඒක බොහොම හොඳ ගුණාංගයක්...මමත් ඔය බොහෝ වෙලාවට ථින මිද්ධයෙ ඇලී ගැලී ඉන්නව....

    දැන් ඔයාට වැලඳිල තියෙන්නෙ වියුණු රචනා ථින මිද්ධය කියන රෝගය....ආයුර්වේදෙ ඕකට තියනව බෙහෙත්....ජාපාල ගුලි දෙක තුනක් ගහන්ට උදේම හිස් බඩ...අත්දුටුවයි. සත්තයි...හරි නොගියොත් මුදල් ආපසු හැරෙන තැපෑලෙං. :) :)

    ReplyDelete
    Replies
    1. මනෝ භාවය නො/එන්නම යන්න ගිහින්ද කොහෙද..

      මට වැඩියත්ම ඉරිසියා රවි අය්ය ගැන තමයි, දිගට දිගේ කතා ලියනව මදිවට ඒකට යටින් පිටු ගණන් කමෙන්ටුත් ලියද්දි....:D

      Delete
  8. අපොයි ලියන මුඩ් එක අත ඇරුණොත් ලේසි නැහැ පටන් ගන්න . ඒ වුනාට ඔයා පටන් අරන්නේ . දැන් තියෙන්නේ ලියාගෙන යන්න .

    ReplyDelete
    Replies
    1. තවම මූඩ් එක ඇවිත් නෑ නෙ. උවමනාව මිස... :(

      Delete
  9. අදමයි ආවේ.හොඳට ලියන බ්ලොග් එකක්.ජය
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  10. දිගටම ලියන්න..ජයම වේවා !!

    ReplyDelete
  11. ඉඳලා හිටලා හරි ලියන්න නංගී . . මේක ඇත්තෙන්ම ස්ට්‍රස් රිලීස් කර ගන්න හොඳම විනෝදාංශයක් . .

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා ලියන්න හිටියම තමයි මේ අලි කම්මැලිකම, හැබැයි දැන් දුකා අය්ය ලියනවත් හොඳටෝම අඩුයි... :(

      Delete
  12. මේ බ්ලොග් පිටුවට ආවෙ අදමයි.. මම ඔයා‍ටත් ප්රා ර්ථනා කරන්නෙ බින්දිට ප්රාෙර්ථනා කළා වගේම නිතර නිතර ලියන මූඩ් පහළ වෙන්න කියලයි.
    මමත් හරිම ආස‍ දෙයක් තමයි තණකොල පාග පාග නිදහසේ ඇවිදින එක. මුල්ම කියමනත් හිතට ගොඩක්ම දැණුනා. ඇත්තනෙ කතාව. දුප්පතුන්ගෙ දුක එන්න එන්නම වැඩි වෙන පාටක් තමයි පේන්නෙ.

    ReplyDelete
  13. අදමයි මේ පැත්තේ ආවේ...දිගටම ලියන්න..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...