Wednesday, November 7, 2012

ලෝකය වගෙම ජීවිතෙත් පුදුමයි!!!

මම ඉස්සෙල්ලම වැන්දෙ කාටද කියල මට මතක නැහැ...
අම්ම තාත්තට, ඉස්කෝලෙ ගුරුවරුන්ට, පන්සලේ හාමුදුරුවන්ට, ඒ ඇරුනම ඔය අම්මයි තාත්තයි "වඳින්න පුතේ" කියල කියන ඕනෙම වැඩිහිටියෙක්ට මම පුංචි කාලෙ මමත් වඳින්න ඇති...

වැඳීම ගැන මගේ අතීත මතකයෙ තියෙන එකම දේ අළුත් අවුරුද්දට වැඳීම ගැන ... මොකද ඒක හොඳ ආදායම් මාර්ගයක් අපේ පුංචි කාලෙ තිබුන, අවුරුදු දවසට අම්මටයි තාත්තටයි වඳින්න මමයි මල්ලියි බලාගෙන ඉන්නෙ නොඉවසිල්ලෙන්... වැන්දට පස්සෙ තමයි අළුත් අවුරුදු ගනුදෙනු හම්බෙන්නෙ... දෙන්නටම එකම ගණනක් දෙන්න ඒ දෙන්න වගබලාගත්තත් අවුරුදු නෑ ගමන් ගියාම සමහර වෙලාවට ඒක වෙනස් වුණා... දෙන්නම එක්ක නොගිහින් එක්කෙනෙක් එක්ක ගියොත් එක්කන් ගිය කෙනාට විතරයි නෙ සල්ලි ලැබුනෙ... ඒ ලැබෙන සල්ලි ගණන් කරල බලල වැඩි කාටද කියල බලන එක විනෝදයක් වගෙම ඒක ලොකු තරගයක් ...
මට ඉස්සෙල්ලම වැන්දෙ කවුද කියලත් මට අමතකයි, මම හිතන්නෙ ඒත් ඒ අපේ මල්ලි වෙන්න ඇති කියලයි, ගොඩක් වෙලාවට අවුරුදු දවසක වෙන්නත් ඇති... මට වෙන කවුරුත් වඳින්නෙ නැති නිසා මල්ලි වැන්දම මම එයාට රුපියලක් හරි දෙකක් හරි අළුත් අවුරුදු ගනුදෙනු විදියට දුන්නද කියලත් මට මතක නෑ...කොහොම වුණත් මම ඔය කිව්ව එකම සිද්ධියකදිවත් වැඳීමෙවත් වැඳුම් ලැබීමවත් ගැඹුර මම තේරුම් අරන් හිටියෙ නැහැ...

මම වැන්දෙ බොහොම යාන්ත්‍රිකව... එක්කො කවුරුහරි වඳින්න කිව් නිසා, නැත්නං කවුරුත් කරන නිසා...

ජීවිතේ පළමුවෙන්ම වැඳීමෙ ගැඹුර තේරුම් අරගෙන මම වැන්දෙ සරසවි ආචාර්යවරයෙකුට... එදා මම වැන්දෙ මට කවුරුත් කිව් නිසා නෙවෙයි, ඔහු වැඳුම් ලැබිය යුතුයි කියල මට හිතුන නිසා...


එහෙම හිතල තේරුම් අරගෙන වැඳල තිබුනට කෙනෙක්ගෙන් වැඳුම් ලැබීමෙ වගකීම මම ඊයෙ වෙනකම්ම තේරුම් අරන් තිබුණ නෑ... විශේෂයෙන්ම ගුරුවරයෙක් විදියට වැඳුම් ලැබීමෙ වගකීම ගැන...

මාසයකට ආසන්නව රජය අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් වෙනුවෙන් පවත්වාගෙන ගිය දේශන මාලාවක් ඊයේ හැන්දෑවෙ අවසන් වුණා...නොතේරුම්කමට වුන පුංචි පුංචි බාධාකිරීම් , කසුකුසු ඇරුණකොට ලොකු කරදරයක් නැතිව වගෙම, බොහොම උනන්දුවෙනුත් ඔවුන් මට සහයෝගය දුන්න නිසා, ඉගෙනගත්ත නිසා ඔවුන් එක්ක වැඩකිරිම ගැන මම කොහොමටත් හිටියෙ සතුටින්...

සියල්ල අවසන් කරල එන්න ලෑස්ති වෙද්දි ඒ එක දරුවෙක් ඇවිත් වඳිද්දි, ගල් ගැහුන මගේ හිතට ඉස්සෙල්ලම ආවෙ මම හරියටම බාරගත්ත වගකීම ඉශ්ට කළාද කියන ප්‍රශ්නෙ.. මම ඇත්තටම ඔවුන්ගෙන් වැඳුම් ලබන්න තරං අවංකව ඔවුන්ට ඉගැන්නුවද කියලයි මට හිතුනෙ...ජීවිතෙ කවදාවත් වැඳුම් ලැබීමෙ වගකීම තෙරුම් නොගෙන හිටි මම ඊයෙ දවසෙ එකම මොහොතකින් වැඳුම් ලැබීම කොයිතරම් වගකීමක්ද කියල තේරුම් ගත්තා...


ලෝකය වගෙම ජීවිතෙත් පුදුමයි!!!

17 comments:

  1. මම නං කාලෙකින් කාටවත් වැඳල නෑ. ඒ වගේම කෙනෙක් මට වඳිනකොට ටිකක් විතර අපහසුතාවයක් දැනෙනව.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඔව් ඔව් ඔය චූටි ළමයිව එහෙම එක්කරගෙන ආවම වඳින්න වඳින්න කියල වන්දවද්දි නං මටත් එහෙම හිතෙනව...

      Delete
  2. අවුරුදු කාලෙ වැඳීම ගැන නම් මගෙත් අත්දැකීම ඔය වගේම තමා. ඒත් අපි වැඩිහිටියො වෙල දැන් ඉතිං වැඩේ තියෙන්නෙ නෑදෑ පවුල්වල ඇච්චො අවුරුද්දට වැන්ඳම උන්ට සල්ලි දෙන්නත් එපෑයැ.

    ReplyDelete
  3. නත්තලට අම්මා තාත්තට වඳිනවා.. අපි අම්මටයි තාත්තටයි වඳිනවා. මහගෙවල්වල ගිහින් අපි වැඩිහිටියන්ට වඳිනවා.. ඉඳහිට තෑගිත් ලැබෙනවා... මම පවුලෙ වැඩිමල් නිසා වැඩියෙන් වැඳුම් ලබන්නත් හැකි වුණා. ළමා සංවිධානෙ වැඩ කළ නිසා අදටත් කොහේ හරි ගියාම හමුවෙන ළමයි වඳින අවස්ථා තියෙනවා... ඒ වෙලාවට දැනෙන්නෙ අමුතුම හැගීමක්.වැඳුම් ලබද්දි ඒ එක්කම ලොකු වගකීමක් පැ‍වරෙනවා තමයි. වැදුමට සුදුසු කෙනෙක් විදියට ජීවත් වෙන එක...

    ReplyDelete
    Replies
    1. ම්ම්.. අන්න ඒක ගැන තමයි මේ... පුදුමෙ කියන්නෙ මට එදා වෙනකන් ඒක නොහිතුන එක..

      Delete
  4. අවුරුදු කාලේ නම් කියක් හරි හොයාගත්ත අපිත් . දැන් ඉතින් නිවාඩුවට ගිහින් එද්දී හැමෝටම වැඳලා එන්නේ . අවුරුද්දට වඳින එක ඇහුවම මට හිනා යන්නේ අපේ බනි කරපු වැඩක් මතක් වෙලා .

    එක අවුරුද්දක අපි එයාට කිව්වා අක්කට වඳින්න . වැඳලා ඉවර වෙලා හිටගෙන ඉන්නවා . හරි දැන් ඔයා මට වඳින්න කියල . අන්තිමට අක්කට වඳීන්න සිද්ද වුනා .

    ReplyDelete
    Replies
    1. අපේ මල්ලිත් ටිකක් ඔය වගේ, හැබැයි සල්ලි දෙන්න වෙන නිසා වෙන්නඇති මට වඳින්න නං කියල නෑ,,

      Delete
  5. ඇත්තටම එහෙම බොක්කෙන්ම කරපු වැදුම් පිදුම් නම් අඩු ඇති මගේ ජීවිතෙත්...

    ReplyDelete
    Replies
    1. ඒ උනාට එහෙම කරපුව විතරයි මතක...

      Delete
  6. බින්දිගෙ බනී තමයි බනී.
    මම නම් පවුලෙම වැඩිමලා නිසා හැමෝගෙන්ම වැඳුම් ලැබුවා. ඒ විදිහට ජීවත් උනා කියලත් සතුටක් තියෙනවා. කෙනෙක්ට කවමදාකවත් සැරෙන් කතා කරලා නැහැ. අදටත් ආයතනයේ ලමයි මාව බලන්න එන්නෙ , වැඳල යන්නෙ ඒ ගෞරවය නිසා කියල හිතෙන්නෙ. ඒක හරිම පුදුම දෙයක් තමයි චේජනා, කෙනෙක්ගෙන් වැඳුම් ලබන්නත් ඒ විදිහට ජීවත් වෙන්න ඕනේම තමයි.

    ReplyDelete
    Replies
    1. අක්කෙ ඔයා ස්වභාවයෙන්ම තැන්පත් ගතිගුණ තියෙන අර මව්වත් ගතිගුණ කියන්නෙ, අන්න ඒව තියෙන කෙනෙක් වෙන්න වගේ මට පේන්නෙ.., ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මම ඉස්සර තියා දැන්වත් එහෙම කෙනෙක් නෙවෙයි...

      Delete
  7. ඔබ ඔතැනට හෙමින් හෙමින් එන බවට පොඩි පහේ හැඟීමක් මට තිබුණා...
    ඔය දාල තියෙන පින්තූරෙ වගේ ඔබව දැක්කේ කාලෙකට ඉස්සෙල්ල - ඔබේ කැපවීම හරහා..

    සුභ පැතුම් නංගී...

    'අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
    සිව් රියනේ සිත සතුටින් නිදන්නට
    මිනිසෙකු විලස ඉපදුනු ඵල රකින්නට
    පුලුවනි මරණ මංචකයේ වුවද මට..

    දහදිය දියවුනේ නෑ මාලිගාවල
    කඳුලැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා මුල
    ගත හැඩි දැඩි වුනේ ළඳුවල කැලෑවල
    කරගැට මතුවුනේ නගුලට උදැල්ලට.. '

    හිතට සතුටුයි...!

    ReplyDelete
    Replies
    1. මේක ඉස්සෙල්ලම කියෙව්වම මගෙ ඇස්වලට කඳුළු ආවා...

      Delete
  8. මේ විස්තර කියවා ආඩම්බරයක් වගේම ලොකු සතුටක් හිතට දැනුනා.

    ලොව අඳුර දුරුකර ඈතින් එබී බලන සිහින් අරුණළු කදම්බයකින් බොහෝ දේ කරත හැකියි. සුබ පැතුම් නංගියේ.

    ReplyDelete
    Replies
    1. අය්ය ගොඩක් කාලෙකින්...

      Delete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...