Thursday, September 23, 2010

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට...ගීත දෙකක්



කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රඳනා...
පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආදර තුසිතය වෙත වසනා...

නිදිසුව නොපතමි මා නෙත් හඳුනන සුපුරුදු සිහිනෙක නෙත සතපා
සිත මිස කය නැති ආදර බඹලොව රැජිනයි මාහද කිරුළ දරා

දොඩමලු නෙත් යුග කැටපත් පවුරේ රැඳි ගී පද එකිනෙක මුමුණා
නුපුරුදු කවි ලොව මා කවියෙකු කර ඔබ හිඳිනේ බිලිඳෙකු ලෙසිනා


අපරිමිත සෙනෙහසක සැහැල්ලු ආශ්වාදය හිතට දැනෙන මේ සිංදුව මම ආසම සිංදු අතරෙ තියෙන එකක්... මුලින්ම මේ සිංදුව රේඩියෝ එකේ අහපු දවසෙම මේ ගී පද ටික ලියාගන්න තරම් මේ ගී පද මගේ හිත ඇද ගත්ත...

මේ ගීතය කුමාරදාස සපුතන්ත්‍රී පදරචනයක්, රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනයක්, ශාලිත අබේවික්‍රම හා චන්ද්‍රලේකා පෙරේරා ගයන යුග ගීයක්...

අද උදේ ආපහු මේ සින්දුව අහන්න හිතිල සින්දුව හොයන්න පුරුදු විදියට ම කැටපත් පවුරකි කියල ගූගල් කරද්දී වික්ටර් රත්නායකයන්ගෙ ගීතයකුත් එතෙන්ට ආව, ඒකත් ඇහුවම ඒකෙත් මේ ගියට බොහෝම සමානකමක් දැනුන, වෙනස්කමුත් තිබුණත්...ගී දෙක ම ඒ නිසා මම මෙතනට එකතු කරනව.

ගී දෙකේ නිර්මාණ අතරෙ සම්බන්ධතාවයකුත් තියෙනව ද කියල මම දන්නෙ නම් නෑ... වික්ටර් රත්නායකයන් ගයන ගීයේ ගී පද හා තනු නිර්මාපකයන් සොයා ගන්නත් බෑ...

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට මා හද ආදර පද මවනා
පියකරු දසුනකි දෙනුවන් දිග ඇති සීගිරි අඟනක් නෙත ගැටෙනා

උකුලේ හැඩ ඇති සුන්දර සලුපිලි නාඹර පියයුරු මත තබලා
අග මෙහෙසියගේ රතඟිලිවල ඇති මල් මාලා තුනු අග අමුනා
සිප ගන්නම් ආ මග විමසා

රූබර නිතඹට ඉඩ දී පෙරලෙන පැද්දෙන රණ තිසරුන් සනසා
සිත්තර තෙලිතුඩ කළගුණ සිහිවී නෙත් යුග මත මහ වැසි මවනා
ඒ මුදු දැක සිත ගත නිවනා


ගී දෙකම සුන්දරයි... ඒවාට ආවේණික විදියට.... බොහෝ සමානයිත් ගී දෙක....

ඒත් තාමත් මගෙ හිත ඇතුළෙ ගැයෙන්නෙ නම්

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රඳනා...
පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආදර තුසිතය වෙත වසනා...  කියල ම තමයි....




12 comments:

  1. මටනම් මේ සින්දු මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  2. ඒක ඉතින් වෙන්න පුළුවන්, එක එක්කෙනාගෙ රස වින්දනය වෙනස් නෙ...

    ReplyDelete
  3. මම කැමතිම සින්දු දෙකක්. මමත් වැඩියෙන්ම කැමති උඩ සින්දුවට...

    ReplyDelete
  4. ම්ම්.. නියමයි.. මම වගෙම තවත් එක්කෙනෙක්...

    ReplyDelete
  5. මමත් මෙ සින්දු දෙකට ආසයි. සමහර අය මෙවාට ආසා නැහැ, සමහර අය ආසයි, තවත් කැමති සින්දුවකට තවත් කෙනෙක් ආසයි කියද්දි පුංචි සතුටක් දැනෙනවා නෙද, මම තනියම නෙමෙ කියන දෙත් දැනෙනවා

    ReplyDelete
  6. ඔව් රවා, බුද්ධි ඒ සින්දු දෙකට ආසයි කිව්ව ම මටත් ඔයා කිව් විදියට ම හිතුන මල්ලි

    ReplyDelete
  7. වික්ටර්ගෙ සින්දුවනම් මමත් සැහෙන කාලකින් තමයි අද ඇහුවේ.
    සින්දුවෙ ලින්ක් එක දැම්මට Thanks ...
    නිතරම අහන්නෙත්, අහන්නෙත් ශාලිත අබේවික්‍රමගේ සින්දුවනේ.
    මොකද මමත් මමත් වැඩියෙන්ම කැමති ශාලිතගේ සින්දුවට තමයි.

    -from 東京大学

    ReplyDelete
  8. වික්ටර්ගෙ සින්දුව මම එදාමයි මුලින්ම ඇහුවෙ,ඒක නිතර අහන්න ලැබෙන සින්දුවක් නොවුන නිසාමයි සින්දු දෙකම මට හිතුන හිතුන වෙලාවට ලේසියෙන්ම අහන්න මෙතන්ට එකතු කළේ...

    ReplyDelete
  9. වේජනා අක්කේ,මම අදමයි මේ සින්දු ඇහුවේ(මට හරි ලැජ්ජයි එහෙම කියන්න,ඒත් ඇත්ත කියන්න එපැ)ඇත්තටම lyrics වලින් මමත් වැඩිපුර කැමති උඩ එකට.මට හිතෙනවා පහල සින්දුව ශෘංගාරය වැඩි වගේ..භෞතික දේවල් ගැන වැඩිපුර කියවෙනවා වගේ.මට උඩින් තියෙන සින්දුවේ හරි සෙනෙහසක් ගැබ්වෙලා වගේ දැනෙනවා....

    ReplyDelete
  10. දෙවෙනි සින්දුව මමත් ඇහුවෙ ළඟදි නංගි, උඩ සින්දුව නම් මම ගොඩාක් කැමති සින්දුවක්.. ඒත් සින්දු දෙක දෙවිදියකට ලස්සනයි... අනිත් අතින් මට හිතෙන්නෙ මම පස්සෙ ඇහුවට මුලින් නිර්මාණය වෙන්න ඇත්තෙ වික‍්ටර් රත්නායකයගෙ සින්දුව කියල..

    ReplyDelete
  11. Yes this is one of the best written song.Meaning of the song is touching. Other thing is Shalitha has a unique voice.

    ReplyDelete
  12. oya meka dala awurudu 11kin ada wage dawsaka.. thanks man hoyagaththe methanin..

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...