Saturday, January 12, 2013

Graduation


කූඩුවෙන් කුරුළු පැටව් ඉගිල්ලිලා යනව වගේ තවත් බැච් එකක් සරසවියෙන් මිදිල එළියට යනව... උන් ලොකු මිනිස්සු වෙලා මේ ලෝකෙට එකතු වෙන එක ගැන දැනෙන සතුට මැද්දෙම අපෙන් ඈතට යන එක ගැන දුකකුත් හිතට දැනෙනව...සරසවියට, දරුවන්ට හිත කොයිතරම් බැඳිල ද කියල දැනෙන්න මේ වගේ වෙලාවල් එන එකත් හොඳයි...

අනිත් අතින් ජීවිතේ ඒකාකාරී වෙනවට බොහොම අප්‍රිය කරන මට මේ ජීවිතේ ඒකාකාරී නොවෙන එකම හේතුවත් ඒ වේදනා දෙන වෙනසමයි...

සරසවි බිමේ නාමල් පිපෙනව... උන් ඔක්කොම අළුත් ලෝකෙට යන සතුටට...ඔක්කොටම රස්සාවල් ලැබිල... හෙට දවසෙ විවර වෙන අනාගත ලෝකෙ ගැන බලාපොරොත්තු අස්සෙන් උන්ගෙ ඇස්වලත් කඳුළු මල් පිපිල... අතහැරල අබිනික්මන් කරන අතීත මතක වෙනුවෙන්...

උන් ඈත් වෙලා ගියාට පිපෙන නාමල් අළුත් ලෝකෙට බයෙන් බයෙන් පය තියන තවත් උන් ටිකක් පිළිගනීවි... හැමදාමත් සරසවියත් අපේ ජීවිතත් උන් එක්ක අළුත් වේවි...

6 comments:

  1. මෙය කියවද්දි හිත තුල ඇති වූ ගෞරවනීය හැඟීම අකුරු කරන්න අපහසුයි.

    පුංචි මිණි කැට වඩාත් ඔපවත් කරන්න හැමදාම දිරිය ලැබේවා නගේ.

    ReplyDelete
  2. පුංචි ගුරුතුමී කාලයක් තිස්සෙ දන්න මටත් සංවේදී උනා මේ සටහන. කොච්චර ආදරේකින් ද මේ ලියල තියෙන්නෙ. හරිම ගෞරවයක් උපදින්නෙ මේ ගුරුමෑණියන් ගැන අපිට. ඒ වගේම ඇගෙ සෙවන ලබාපු ඒ දරුවන්ට සදා වාසනාවන්!

    ReplyDelete
  3. හරියට මල් යායක අලුත් මල් පිපෙනවා වගෙයි.. හැබැයි එහෙම හිතෙන්නේ දරුවන්ට ආදරේ අයට විතරයි..

    ReplyDelete
  4. කැම්පස් එකෙන් අවුට් වෙලා එනකොට නම් පුදුම දුකක් හිතුනේ. ඒත් අළුත් කට්ටියට ඉඩ දෙන්න එපැයි කියලා හිත හදාගෙන ආවා. :)

    ReplyDelete
  5. "අනිත් අතින් ජීවිතේ ඒකාකාරී වෙනවට බොහොම අප්‍රිය කරන මට මේ ජීවිතේ ඒකාකාරී නොවෙන එකම හේතුවත් ඒ වේදනා දෙන වෙනසමයි."

    දුකම සැපක් වේමය.!

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...